ගමේ රහට! රු. 150ට බඩ පැලෙන්න බත් කන්න නියම ‘මාතර බත් කඩ’ 8.

මතකෙයි ඉස්සරම, දවල් කෑම වෙලාවට බත් කඩ හොය හොය දුවද්දි

“ඒ.. මේක මාතර බත් කඩයක් නෙවෙයි බං. තව ටිකක් ඉස්සරහට ගිහින් බලමුකො”

මාතර බත් කඩයක් සෙට් වෙනකම්ම ඇවිදිනව. ඇයි ඉතින් රු. 80ට 100ට, කටට රහට, බඩ පැලෙන්න බත් කන්න තියෙන එකම තැනනෙ.  

හැබැයි, කාලෙත් එක්ක ඔය සීන් එක යට ගියා කිව්වොත් හරි. මොකද ‘මාතර බත් කඩේ’ නම හිට් වෙන්න ගත්ත අනික් පැත්තට හැම හන්දියක් ගාණෙම හරි හතු පිපෙන්න වගේ මාතර බත් කඩ ඇරෙන්න පටන් ගත්තනෙ. කොටින්ම කියනව නම් ඔරිජිනල් කඩයි, හොර කොපියි වෙන් කරල අඳුන ගන්න බැරි වෙන තරමට. ඉතින් මිනිස්සු රැවටිලා, බත් කන්න ගොඩ වෙලා, කෑම අවුල් ගියාට පස්සෙ බැන බැන එළියට බැහැලා ගියේ ආයෙ මාතර බත් කඩ හතර මායිමක එන්නෙ නෑ කියන අදහසින්.

අනේ අවාසනාවන් කියන්නෙ, ඒකෙන් මේකෙන් පාර වැදුනෙ ඔරිජිනල් මාතර බත් කඩ ටිකට. සමහර කඩ වැහෙන්න පවා ගිය තරම්. බේරුනානම් බේරුනේ වැඩේ කොලිටියටම කරගෙන ගියපු කඩ ටික විතරයි.

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ අතීත රස මතක වලට පණ පොවන්නත් එක්ක මේ වෙද්දි ජයටම කරගෙන යන මාතර බත් කඩ ටිකක් ඔයාලට මතක් කරල දෙන්න.

එහෙනම් කියවල බලන්නකො. හිතට ඇල්ලුවොත්, යන එන වෙලාවක් බලල ගොඩ වෙලා, බඩ කට පිරෙන්න කන්න බැරියැ.

1. Matara Bath Kade (Maharagama)

ප්ලේස් එක තියෙන්නෙ මහරගම හයිලෙවල් එකෙන් ඇල්හේන පාරට හැරෙද්දිම වගේ. මාතර බත් කඩේ වුනාට මේක හුඟ දෙනෙක් දන්නෙ රතු කැකුළු බත් කඩේ කියල. එහෙමයි කියල මෙයාල ලඟ සුදු බත් නැතුව නෙවෙයි. හැබැයි එකක් මතක තියාගන්න මෙතන බීෆ්, පෝර්ක් නම් නෑ. ඒත් පංකාදු පහට හැදෙන මාළු ඇඹුල් තියල් එකක් නම් තියෙනව. මෙයාලගෙ චිකන් කරියත් සුපිරි. හොඳ සැරට, තුන පහ රස එහෙමත් ගාණට. රස පදමට කිරි දාලා හදපු ව්‍යංජන 4ක් එක්ක බැදපු මිරිස් කරලක්, පපඩමක් එහෙමත් බත් එකට එකතු වුනාම ඉතින්… ඇත්තටම රු. 120-150ට නම් ලොවෙත් පාඩු නෑ.

2. Matara Bath Kade (Dehiwala)

කඩේ පොඩි වුනාට වැඩේ සුපිරි. කෑම ටික හැදෙන්නෙ ගෙදරමයි. ඒ නිසාම උදේ, දවල්, රෑ තුන් වේලම වුනත් රස බලන්න පුලුවන්. අවාසනාවට මෙතනත් පෝර්ක් නම් නෑ. හැබැයි පට්ට රස චිකන් කරියකුයි, මාළු කරියකුයි තියෙනව. ඒ හැරුනාම ඉස්සො, දැල්ලො කරි, ඩෙවල් එහෙමත් ගන්න පුලුවන්. හැබැයි කටගැස්මට පපඩම් පමණයි. මිරිස් තිබ්බත් එහෙමත් වෙලාවක තමයි. මොනව වුනත් දෙහිවල, කවුඩාන පාරට හැරෙන්න ඔන්න මෙන්න, ගාලු පාරෙ පිහිටල තියෙන මේ මාතර බත් කඩෙත් කෑම ටික නම් නියමම ගමේ රහ තමයි. හැරත්, ගණනුත් රු. 100-130 නිසා පොකට් එකටත් ගාණක් නෑනෙ.

3. New Matara Ratu Kelkulu Bath Kade (Maharagama)

අද කාලෙ රු. 80ට 120ට බත් කන්න කඩයක් තියෙනව කිව්වාම පුදුමයි නේ. පුදුම වෙන්න දෙයක් නෑ යන්න මහරගම, නාවින්න, පරණ කොට්ටාව පාරෙ තියෙන රතු කැකුලු බත් කඩේට. නියම ගමේ රහට බත් වේලක් බඩට දාගන්න කියාපු තැන. විශේෂයෙන්ම, මෙයාලගෙ එළවලු ව්‍යංජන ටික නම් පංකාදු පහයි. වට්ටක්කා මාලුව, පොලොස් ඇඹුල එහෙම කාපු තාක්කල් රස මතක හිටින තරම්. බැදපු මාළු, මිරිස් මාළු, චිකන් කරි හැරුනාම සමහර වෙලාවලට මෙයාලා ලඟ කිරි මාළුත් තියෙනවලු. කොහොම වුනත් උදේ, දවල්, රෑ තුන් වේලටම වුනත් කටට රහට බත් වේලක් රස බලන්න, මහරගම පැත්තෙ උදවියට නම් ඉතින් නම් නිව් මාතර බත් කඩේ තමයි.

4. Matara Bath Kade (Dehiwala)

දෙහිවල, පැපිලියාන පාරෙ විජිත පාරට හැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි මුණ ගැහෙන මේ මාතර බත් කඩෙත් අතේ තියෙන ගාණට රයිස් ඇන්ඩ් කරි පාරක් දාන්න නියම ප්ලේස් එක. හැබැයි මෙයාලගෙ කෑමවල ගමේ රහ නම් ඒ හැටියටම නෑ. සමහර විට තෙල් ටිකක් වැඩිපුර පාවිච්චි කරන නිසා වෙන්නත් පුලුවන්. කොහොම වුනත් කෑමවල සැර ගතියයි, කුළු බඩු රසයි නම් නියම ගාණට තියෙනව. චිකන්, බිත්තර, මිරිස් මාළු එක්ක රස මෑකරල් තෙල් දැමුමක්, අල, පරිප්පු කරියක් නැත්නම් වට්ටක්කා ව්‍යංජනයක් එක්ක වුනත් හිතේ හැටියට බත් කන්න පුලුවන්. විශේෂයෙන් කියන්න ඕන මෙයාලගෙත් කෑමවල ගණන් යන්නෙ රු. 100-130 අතරෙ.

5. Matara Ratu Kekulu Bath Kade (Slave Island)

හිතේ හැටියට වාඩි වෙලා, හායි හූයි කිය කිය දවල් කෑම වේලට රස බලන්න, යන්න කොම්පඤ්ඤවීදියෙ මැලේ ස්ට්‍රීට් පැත්තට. ගමේ ටයිප්ම නොවුනට මෙතන කෑම ටික නම් පංකාදු පහයි. තෙල් ගතිය පොඩ්ඩක් විතර තිබුනට මොකද රස පදමට තුනපහ, පොල් කිරි එහෙම දාලා හදන නිසා ව්‍යංජනවල රස සෑහෙන්න හොඳයි. විශේෂයෙන්ම බීට් ව්‍යංජනය, බෝංචි කරිය, ටොපේ ටොප්. ඒ හැරුනාම චිකන්, මාළු, බිත්තර කරිවල රස, සැර එහෙමත් නියම ගාණට. ඒත් බැදපු මාළු එක නම් හරියන්නෙ කටගැස්මට තමයි. කොහොම වුනත් රු. 120-150ට බඩ පැලෙන්න කන්න පුලුවන් නිසා අවුලක් නම් ඇත්තෙම නෑ. වැඩේ කියන්නෙ මෙතන බීෆ්, පෝර්ක් තියෙනවද කියල අපිට හොයා ගන්න බැරිවුනානෙ. ඔන්න ඒක හොයල කියන එක ඩේලි කස්ටමර්ස්ලට බාරයි.

6. Matara Malidu Bath Kade (Borella)

හැංගිලා තිබ්බට මොකද හෙයාගෙන ගිහින් කෑවත් පාඩු නැති කඩයක්. උදේ, දවල්, රෑ ඕන කෑම වේලක් රු. 100-130ට කන්න මරු තැන. බීෆ්, පෝර්ක් නම් නෑ. හැබැයි ඒ අඩුපාඩුව පුරවන්න පුලුවන් සුපිරි මාළු කරියක් තියෙනව. ඒ හැරුනාම මෙයාලගෙ චිකන් එකත් කටට සැරට තෙල් ටිකක් දාලා එහෙම හදල තියෙන නිසා රස කර කර කෑ හැකි. එළවළු ව්‍යංජන අතින් ගත්තොත් හිටපු ගමන් බහින පළාමැල්ලුමයි, මෑ කරල් තෙල් දැමුමයි, පොලොස් මාලුවයි තමයි නියම. ලුණු ඇඹුල් පදම වගේම කිරි රසත් හොඳට තියෙනව. විශේෂයෙන් කියන්න ඕන මලිඳු කඩේ මොනව නැතත් බැදපු මිරිස්, පපඩම් ටික තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ. අනික හිතේ හැටියට අඩුපාඩු ඉල්ලගෙන කන්නත් පුලුවන්නෙ.

7. Matara Ratu Kekulu Bath Kade

කොහුවල හංදියෙන් පොලිසිය පැත්තට හරවනවත් එක්කම වංගුවෙ හැංගිලා තියෙනව තවත් මාතර බත් කඩයක්. ඒකෙත් නම රතු කැකුළු බත් කඩේ. ඔන්න මෙතන කෑම ටික නම් සෑහෙන්න දුරට ගමේ රහට තියෙනව. තෙල් එහෙමත් තරමක් අඩුවෙන් තමයි පාවිච්චි කරන්නෙ. එතකොට මිරිස් තුනපහ ටිකයි, ලුණු ඇඹුල් ටිකයිත් ගෙදර හැදෙන ව්‍යංජනවල ගාණටම. විශේෂයෙන් කියන්න ඕන මේ මාතර කඩෙත් පොලොස් ඇඹුලයි, වට්ටක්කා මාලුවයි නම් මරේ මරු. ඒ හැරුනාම ඉතින් චිකන්, මාළු කරි, බැදපු මාළු, බිත්තර කරිවල රසත් නියමෙට තියෙනව. පොදුවෙ ගත්තම මෙයාලගෙ කෑමවල සැර ගතිය ටිකක් අඩුයි. ඒත් බැදපු මිරිස් කරලක් පපඩමක් එකතු කරගත්තාම ඒ අවුලත් හරි යනව. අනික කෑමවල ගණනුත් රු. 120-150 වගේ යන්නෙ.

8. Matara Bath Kade

ඩී. එස්. එකේ ස්විමින්ග්පූල් කම්පෙලක්ස් එක ඉස්සරහ පාරෙන් අනික් පැත්ත බැලුව නම් ඔන්න තියෙනව මාතර බත් කඩේ. කෑම ටික හොඳ සැරට කන්න පුලුවන් කඩයක්. ගමේ රහටම නැති වුනාට මොකද හොඳට ලුණු ඇඹුල් ඇතුව හැදෙන එළවලු ව්‍යංජන ටිකක් තමයි මෙයාල ලඟ තියෙන්නෙ. බිතතර, කුකුල් මස්, මාළු අතරට හිටපු ගමන් මෙයාලා ඉස්සො, දැල්ලො එහෙමත් එකතු කරනව. හැබැයි ඌරු මස්, හරක් මස් නම් පැත්ත පලාතක නෑ. කොහොම වුනත් ව්‍යංජන 4ක් එක්ක පපඩමක්, බැදපු මිරිස් කරලක්, කුකුල් මස් කරියක් දාපු බත් එකක් මෙයාලා ලඟ වෙන්නෙ රු. 150ක් වගේ.

ඔය ටික හැරුනාම ඉතින් අපිට මගහැරුනු තවත් මාතර බත් කඩත් ඕන තරම් තියෙන්න පුලුවන්නෙ. අන්න ඒවා අපිට කියන එක ඔයාලගෙ යුතුකම. විශේෂයෙන්ම නිතර දෙවේලෙ පාර තොටේ රස්සාව කරන අපේ යාළුවන්ටත් උදව්වක් විදියට, හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide