කොළඹ වටේ කරක් ගහන කෙනෙක්ට කන්න ලැබෙන කොත්තු වර්ග 17ක්.

කොළඹ ජීවත් වෙන උදවියට කොත්තු කියන්නේ තමන්ගේ දෙවැනි ආහාරය වගේ එකක්. රෑට විතරක් නෙවෙයි, සමහරු දවල්ට කන්නෙත් කොත්තු. ඕකට වැඩියත් ම හේතුව වෙලා තියෙන්නේ කොත්තු ගන්න ළඟපාත ඕනේ තරම් තැන් තියෙන එකයි. අනික ගණනුත් අඩුයි. ගුණේ කෙසේ වෙතත් බඩ පිරෙනවත් එක්කනේ. ඉතින් ඔච්චර ජනප්‍රිය වෙලා තියෙන කොත්තුව ගැන සින්දු පවා ලියැවිලා තියෙන එක අහන්නත් දෙයක්ද.

දැන් අවුරුද්දකට වගේ කලින් අපේ ඉමාඩ්නුයි, බුද්ධිකයි දෙන්නා එක්කාසු වෙලා කොළඹ තියෙන කොත්තු ජාති ගැන පොඩි සටහනක් දැම්මා. ඒ ටිකයි, මෑතකදී හඳුන්වලා දුන්නු අලුත් කොත්තු ටිකයි එක්කාසු කරලා අපි හැදුවා තව ලිස්ට් එකක්. කියවල ම බලන්නකෝ.

1. මසාලා කොත්තු

කොහොමද රතට රතේ දිලිසෙන මේ කොත්තුවෙන් කටක් කන්න ඇත්තන්? උණු ප්ලේන්ටියකුත් තියෙනවනම් තවත් මරු. මසාලා කොත්තුවේ තියෙන විශේෂත්වය තමයි ඒකෙ තියෙන ස්පයිසි ගතිය.කටට සැරට කොත්තුවක් කන්න කැමති උදවියට එකෙන් ම ගැලපෙන්නේ මේක තමයි. ඔය පිලාවුස් එකක් පැත්තේ ගියෝතින් කාලා බලන්නකෝ. හොඳ නැගලා යන මසාලා කොත්තුවක් ඒවයේ තියෙනවා. මතක ඇතුව මේකට උඩින් දෙහි බෑයකුත් මිරිකලා කන්න. එතකොට මසාලා රසට නියම කික් එකක් එනවා. ඕනේ නම් මේකට ම චීසුත් දාලා ගන්න ඇහැකි. ප්ලාසා හෝටලේ තමයි ඒ චීස් මසාලා කොත්තුව තියෙන්නේ.

2. චීස් කොත්තු

ගොඩක් වෙලාවට චීස් කොත්තු එන්නේ චිකන් චීස් කොත්තු විදියට. හැබැයි ඉතින් කඩේට කිව්වොත් ඕනේ මසක් දාලා ඕක හදලා දෙනවා. හැබැයි පෝක් දාලා වැඩේ වරද්දගන්න එපා. මොකක්දෝ හේතුවක් නිසා පෝක් චීස් කොත්තුව එච්චර හරි යන්නේ නැහැ. ගොඩක් වෙලාවට හැපි කව් චීස් කෑල්ලක් දෙකක් එක්ක, එළකිරි බෝතල් බාගයක් වගේ දාලා තමයි චීස් කොත්තුව හදන්නේ. ඒ නිසා රොටිය මෘදු වෙනවා විතරක් නෙවෙයි, චීස් රස හොඳට දැනෙනවා. අහ්! කොමන්ස් එකේ තියෙනවා චීස් සෝස් එකක් උඩින් වක්කරලා හදන චීස් කොත්තුවකුත්. මේකත් මරු.

3. පලන්දි කොත්තු

පිස්සු හැදෙන රසක් තියෙන කොත්තුවක් තමයි මේකත්. සුපිරියට ම හැදෙන්නේ කොල්ලුපිටියේ ප්ලාසා හෝටලේ. ඉස්සර මීකිරි දාලා ගැහුවට මොකද දැන් මේකේ තියෙන්නේ චීස්. හැන්දට ගත්ත ම අර හොඳට හදපු පැස්ටා එකක වගේ උණු චීස් බේරෙනවා. ලාජ් පෝෂන් එකේ පලන්දි කොත්තුවට රෝසට් කරපු කුකුළෙක් ම දානවා. ඒ නිසා චිකන් රස ඕනේ තරම්. දෙන්නෙක්ට නෙවෙයි, තුන්දෙනෙක්ට වුණත් බඩකට පුරවගන්න මේක ඇති.

4. ඉඳි ආප්ප කොත්තු

සාමාන්‍ය කොත්තුව හැදෙන්නේ රොටිත් එක්ක වුණාට, මේකට පාවිච්චි වෙන්නේ ඉඳි ආප්ප. ඒ නිසා රොටි කොත්තුවල තරම් බරක් දැනෙන්නේ නැහැ බඩට. කැමති මසක් මාළුවක් එක්ක ගහපු මේ කොත්තුව චොප් චොප් කොත්තු එකෙන් කොත්තු ගන්න ඇහැකි.

5. ඩොල්පින් කොත්තු

අයියෝ නෑ, නෑ; මේ ඩොල්පින් මාළුවලින් හදන කොත්තුවක් නෙවෙයි. නම කොහොම හැදුනද කියලා හිතාදන්න බැරි වුණත්, මේකට යොදාගන්නේ නම් පරාටා රොටි. තඩි රොටි කෑලි එක්ක, චිකන් එකතු කරලා ගහන ඩොල්පින් කොත්තුව දෙහිවල ස්ටාර් හෝටලෙන් වගේ ම කොල්ලුපිටියේ ප්ලාසා හෝටලෙන් ගන්න පුළුවන්. ඒ නැත්තන් හවස් වරුවක් අල්ලලා හල්ෆ්ස්ඩොර්ප් ස්ට්‍රීට් එක පැත්තේ ගිහින් එන්නකෝ. මේ කොත්තුවත් ගොඩක් ස්පයිසි. මොකද කෑලි මිරිස් එහෙම නොසෑහෙන්න දානවනේ. හොඳ සැරට හදපු චිලී පේස්ට් එකකුත් දෙනවා.

ප්ලාසා හෝටලේ හැදෙනවා තව චීස් මසාලා ඩොල්පින් කොත්තු කියලා එකකුත්. අර කලින් කිව්ව චීස් මසාලා කොත්තුවට පරාටා දාලා තමයි මේක හදන්නේ.

6. පාන් කොත්තු

පාන් කොත්තු කියන්නේ ගෙදරදී වුණත් හදාගන්න පුළුවන් ජාතියේ එකක්. හැබැයි ඒ වැඩේ කරන්න කම්මැලි නම්, පොඩ්ඩක් ළඟ පාත තියෙන පිලාවුස් එකකින් අහලා බලන්නකෝ. හැබැයි පාන් ගෙඩියකුත් අරගෙන යන්න හොඳේ. ඊටපස්සේ කැමති මසක් දාලා කොත්තුව ගහගන්න ඇහැකි.

7. පිට්ටු කොත්තු

ඉස්සර කොල්ලුපිටිය සෙවන් එලෙවන් එකේ තිබුණු ප්‍රසිද්ධ කොත්තුවක් මේක. හැබැයි ඒක වැහිලා ගියත් හරි පිට්ටු කොත්තුවක් රස බලපු කාලපයක් මතක නැහැ. ගොඩක් වෙලාවට අල්ලලා යන්නේ බීෆ් පිට්ටු කොත්තුව තමයි. මනි පිට්ටු දාලා හදන මේ වගේ රස බීෆ් පිට්ටු කොත්තුවක් කන්න තැනක් දන්නවනම්, පොඩ්ඩක් අපටත් කියන්න.

8. ආප්ප කොත්තු

හැමදාම ලුණු මිරිසත් එක්ක දෙසාබාන ආප්පේ වෙනුවට, ආප්ප කොත්තුවක් කමුද? අපි රස බලලා තියෙන හොඳම ආප්ප කොත්තුව ගහන්නේ මිස්ටර් කොත්තු එකෙන්. ඔයාල තව දන්න තැන් තියෙනවනම් දාන්නකෝ කමෙන්ට් එකක්.

9. වොෆල් කොත්තු

ඔය සේරම කොත්තු ජාතිත් කෑව කියමුකෝ, කාලා තියෙනවද වොෆල් කොත්තුවක්? මේක තමයි මෑතකදී කොළඹ කොත්තු රවුමට එකතු වෙච්ච අලුත් ම කොත්තුව. මරදානේ ෆුඩ් ස්ටේෂන් එකේ තියෙනවා “ද වොෆල් ඉන්ක්” කියලා තැනක්. වොෆල්වලට ම වෙන් වෙච්ච මෙතැන තමයි මේ කොත්තුව හැදෙන්නේ. අපටත් තවම මේකේ රස බලන්න බැරි වුණා. ඔයාලා පොඩ්ඩක් මේ පැත්තට ගියොත් කාලා බලලා අපටත් විස්තරේ කියන්න ඕනේ හොඳද.

ඉතින් මේ කිව්ව කොත්තු ජාති ටික, එක එක මස් මාළු වර්ග එක්ක ගන්න පුළුවන්. ඒ වගේ කීපයක් තමයි මේ.

10. පෝක් කොත්තු

ඉස්සර නම් පෝක් කොත්තු ගන්න රත්මලාන, මහරගම, බොරලැස්ගමුව, නාවල වගේ පැතිවලට යන්න ඕනේ. ඔය නාවල සෝලිස් එකේ එහෙම තියෙනවා නියම පෝක් කොත්තුවක්. හැබැයි දැන් කාලෙක ඉඳන් කොල්ලුපිටියේ ප්‍රනීත එකෙත් හැදෙනවා කියන්නකෝ නියම පෝක් කොත්තුවක්. පට්ට ම රසයි. කෙලින් ම තියෙන්නේ මස් එක. බෙහෙතකටවත් නෙවෙයි තෙල් කෑල්ලක් හම්බවෙන්නේ.

11. ක්‍රැබ් කොත්තු

සාමාන්‍යයෙන් කකුළුවෝ කියන්නේ කොත්තුවකට පොඩි කරලා දාන්න පුළුවන් ජාතියක් නෙවෙයිනේ. මොකද තඩි කට්ටක් තියෙනවනේ. හැබැයි චොප් චොප් කොත්තු කට්ටියට ඕක කජ්ජක් නෙවෙයි. ලස්සනට කකුළු කොත්තුව හදන මේ කට්ටිය කොත්තුව සරසන්නෙත් කකුළු කට්ටෙන්.

12. බීෆ් කොත්තු

බීෆ් කනවනම්, පොකට් එකත් බේරගෙන කොත්තුවක් කන්න ආස අයට හොඳට ම ගැලපෙන්නේ මේ බීෆ් කොත්තුව. පිලාවුස් විතරක් නෙවෙයි, ඔය පාර තොටේ තියෙන ඕනේ ම කොත්තු කඩේකින් මේක ගන්න පුළුවන්. චිකන් වගේ නෙවෙයිනේ, බීෆ් කියන්නේ හැමෝම කන්න හොයන ජාතියක් නෙවෙයි. ඒ නිසා ම තමයි බීෆ් කොත්තුවල ගාණත් අඩු. අනික මදි නොකියන්න බීෆ් කෑලිත් එකතු කරනවා.

13. කිරි මාළු කොත්තු

ෂහ්! මතක් වෙද්දීත් කටට කෙළ උනනවා. තඩි කිරිමාලු කෑලි එක්ක හැපෙන මේ කොත්තුවට ගොරකාවලින් එක ඇඹුල් ගතියෙන් දැනෙන්නේ මාර කික් එකක්. කෙලින් ම යන්න කොල්ලුපිටියේ ඌව හෝටලේට. ඒක තමයි මේකට කියාපු පොට්‌ එක.

14. ප්‍රෝන් කොත්තු

චොප් චොප් කොත්තු එකේ හැදෙනවා සුපිරි ප්‍රෝන් කොත්තුවක්. තඩි ඉස්සෝ ගොඩකුත් දාලා ගහන මේ කොත්තුවට උඩින් රවුමට කපපු ළූණු ටිකක්, තක්කාලි පෙත්තක් වරදින්නේ නැහැ. ඒ නිසා හරි ම රිෆ්‍රෙෂින් ගතියකුත් තියෙනවා.

15. මට්න් කොත්තු

මේකත් මිස්ටර් කොත්තුලගේ ම වැඩක්. හැබැයි මේ හදිසියේ යන්න ලෑස්ති වෙන්නෙපා. හිස් අතින් තමයි හැරිලා එන්න වෙන්නේ. මොකද හැමෝම මට්න් කන්නේ නැහැනේ. ඒ නිසා කලින් ඕඩරයක් දැම්මොත් තමයි මේ උදවිය මට්න් කොත්තුව හදන්නේ. හැබැයි මොනවා වුණත් මේ කොත්තුවත් පංකාදු පහයි ඈ!

16. නෝ කාබ් කොත්තු

රොටි වෙනුවට බිත්තර දාලා හදන මේ නෝ කාබ් කොත්තුව තියෙන්නේ කෑම සූත්‍ර එකේ. පිටි ගිලින එක අමතක කරලා, පොඩ්ඩක් ඇඟට ගුණ විදියට කොත්තුව කන්න ඕනේ නම්, මේක හොඳ විකල්පයක්.

17. වෙජි කොත්තු

මස් මාළු නොකන අපේ ඇත්තන්ගේ බඩ කට පුරවන්න ඉන්න මිත්‍රයා තමයි මේ. ඔය වටේ පිටේ තියෙන ඕනේ ම කොත්තු කඩේකින් ගන්න ඇහැකි. මස් මාළු නැති පාඩුව මකන්න ලීක්ස්, තක්කාලි, අල, ළූණු, කැරට් වගේ එළවලුවලින් මේ කොත්තුව සම්පූර්ණ වෙනවා.

මේ හැරුණා ම බිත්තර කොත්තු, මාළු කොත්තු වගේ ජාතිත් තියෙනවා. ඕවත් ඔය ඕනේ ම කොත්තු කඩේකින් ගන්න ඇහැකි. හැබැයි ඉස්සර තිබුණු කොස් කොත්තු එහෙම නම් දැන් හොයාගන්නවත් නැහැ. අපට මඟහැරුණු තවත් කොත්තු වර්ග තියෙනවනම්, දාන්නකෝ අපට කමෙන්ට් එකක්. අපට විතරක් නෙවෙයි, අපේ යාළුවන්ටත් දැනගන්න ඇහැකිනේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide