ළඟදී බඳින්නද ඉන්නේ? වෙඩිමට ගැලපෙන බජට් එකක් හදාගන්න වටින කියන කාරණා 5ක්.

මේ දවස්වල මොනවා හිඟ වුණත් වෙඩින්වලින් නම් අඩුවක් පාඩුවක් නැහැ. ඒ තරමට මඟුල්. පහුගිය මාසවලත් අපි වැඩිවැඩියෙන් ඒ ගැන කතා කළෙත් ඒකමයි.

මේ දවස්වල තියෙන ආර්ථිකෙත් එක්ක හැමෝට ම සුපිරි වෙඩින් ගන්න බැහැනේ. මොකද හත් අතට ණය වෙලා මඟුලක් කෑවොත්, ඊට පස්සේ වෙන්නේ මැරෙනකම් ඒ ණය ගෙවන්න. සමහර වෙලාවට කසාදෙ දික්කසාදෙන් ඉවර වෙන්නත් ඕවා හේතුවෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා ගාණට මිම්මට හදපු වෙඩින් බජට් එකක් තියෙන එක සෑහෙන්න වටිනවා. අන්න ඒ නිසා තමයි අපි කල්පනා කළේ මඟුලයි පොකට් එකයි දෙකම බේරගන්න පුළුවන් විදියේ වෙඩින් බජට් එකක් නිවැරදි ව හදාගන්න හැටි කියන්න.

1. සල්ලි ටික ගණින්න

‘වෙඩින් එකට මෙච්චර ගාණක් වියදම් කරනවා’ය කියලා දළ අදහසක් ඔයාලට දැනටමත් ඇති. ඒ නිසා මුලින් ම බලන්න ඕනේ මේ වෙද්දී අතේ තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරක්ද කියන එක. මුලින් ම බලන්න තමන් මේ වෙනකොට ඉතුරු කරලා තියෙන සල්ලි ප්‍රමාණය කීයක්ද කියලා. හැබැයි ඉතුරු කරපු හැම සතේ ම මේ වැඩේට පාවිච්චි කරන්න බැහැනේ. ඉස්සරහට තව වැඩ කොච්චරක් කියලා තියෙනවද? හදිසියේ ලෙඩක් දුකක් හැදුණා; ඒවටත් සල්ලි තියාගන්න එපැයි. ඒ නිසා අන්න ඒ වගේ වියදම් සේරම අයින් කරලා, ඉතුරු වෙන මුදල් ගාණ විතරක් මෙතැනදී සලකලා බලන්න ඕනේ.

ඊටපස්සේ බලන්න අද ඉඳලා ඔයාලා දෙන්නගේ පඩියෙන් කොච්චර ප්‍රමාණයක් වෙන් කරන්න පුළුවන්ද කියන එක. ඇත්තම කිව්වොත් වෙනම බැංකු ගිණුමක් හදලා, පඩියෙන් වෙන් කරන මුදල් ටික ඒකට එක්කාසු කරන්න පුළුවන් නම් සෑහෙන්න ලේසියි. අපි හිතමු පඩියෙන් 10%ක් මේ වැඩේට ඇති කියලා. අන්න ඒ මුදල මාස් පතා අර කිව්ව වෙඩින් ගිණුමට දාන්න. මේකත් ගණන හදලා වෙනම ලියාගන්න.

සාමාන්‍යයෙන් මේ වගේ උත්සවයක් එද්දී අම්මලා තාත්තලා ඇතුළු පවුලේ උදවිය උදව්වට එනවනේ. මොකද මේක මුළු පවුලට ම විශේෂ වෙන උත්සවයක්. සමහර දෙමාපියෝ මේකට මුදල් එකතු කරන්න ගන්නේ තමන්ගේ ළමයා පොඩි වයසේ ඉද්දීමයි. අන්න ඒ වගේ පවුලෙන් ලැබෙන මුදල් හදල් ප්‍රමාණයත් මෙතැනදී එකතු කරලා බලන්න ඕනේ.

2. වියදම් ටික ඇස්තමේන්තු කරන්න

දැන් හදාගන්න තීරු හතරකට බෙදුව පුංචි වගුවක්. පළමුවෙනි තීරුව වෙන් වෙන්නේ වියදම් වර්ගයට (Types of Expenses). ඊළඟ එක ඇස්තමේන්තු (Estimated) කළ වියදම්වලට. තුන්වැන්න වෙනස් කරන ලද (Modified) වියදම්. අන්තිම තීරුව නියම (Actual) වියදම්.

ඇස්තමේන්තු කළ වියදම් තීරුව පිරවෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් වෙඩින් එක ගන්න වෙඩින් හෝල් එකක්, බියුටීශියන් කෙනෙක්, ෆොටෝග්‍රැෆර් කෙනෙක්, වෙඩින් බෑන්ඩ් එකක් හොයද්දී අපි දන්නා කියන අයට කතා කරලා ඒ ගැන විස්තර අහනවනේ. එහෙමත් නැත්තන් ඕවයේ වෙබ්සයිට්වලින් බලනවා. මෙන්න මේ විදියට අපි එකතු කරගත්ත වියහියදම්වලට අදාළ දැනුම සේරම ඇතුළත් වෙන්නේ ඇස්තමේන්තු කළ වියදම් තීරුවේ.

මේ වියදම් ලැයිස්තුව බැලුව ම, අපේ බජට් එකට ගැලපෙන විදියේ වෙඩින් හෝල්, වෙඩින් බෑන්ඩ් වගේ දේවල් ටික වෙන් කරගන්න පුළුවන්නේ. ඒවා පොඩ්ඩක් ලකුණු කරගන්න. ඊටපස්සේ ඒ අදාළ පාර්ශවවලට කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න ඕනේ. මොකද ඕවයේ ගණන් හිලව් කාලෙත් එක්ක වෙනස් වෙනවා. සමහර වෙලාවට බෑන්ඩ්වල අය පවා ගණන් කියන්නේ වෙඩින් එකට එන සෙනඟ ප්‍රමාණය, තියෙන හෝටලය අනූවයි. අනික සමහර බියුටීශියන්ලට පුළුවන් අපේ බජට් එකට සරිලන විදියට වැඩේ කරලා දෙන්නත්. ඊළඟට සමහර ෆොටෝග්‍රැෆර්ස්ලා ළඟ ප්‍රී-වෙඩින් ෂූට් එකයි, වෙඩින් ෂූට් එකයි දෙක ම කරන පැකේජ් තියෙනවා. ඒ නිසා මේ හැමෝට ම කතා කරලා වැඩි තොරතුරු දැනගන්න. ඒ දැනගත්ත දේවල්වලට අනූව මේවයේ ගණන් වෙනස් වෙනවනම්, අන්න ඒවා ටික වෙනස් කරන ලද වගු තීරුවට ඇතුළත් කරන්න. මතක ඇතුව ඒවා වෙනස් වෙන්නේ ඇයි කියන එකත් පුංචි නෝට් එකක් දාලා තියාගන්න.

නියම වියදම් තීරුවට එන්න ඕනේ නිවැරදි ම විදියට ගණනය කරපු වියහියදම් ලැයිස්තුවයි. සමහර වෙලාවට හිතවත්කම්, දැන හැඳුනුම්කම් නිසා මේ වියදම්වල අඩුවීම් වෙන්න පුළුවන්. ඒ නැත්තන් ටැක්ස් ජාති, ඇඩ්වාන්ස් පේමන්ට්, ටිප් කතා නිසා වියදම වැඩි වෙන්න පුළුවන්. ඒවා එකතු කරලා, හෝ අඩු කරලා හරියට නූලට ම ගෙවන්න ඕනේ මුදල හදාගෙන ඒ ටික මේ වගු තීරුවට දාන්න. මේ සේරම වැඩ ඉවර වුණා ම, මුළු බජට් එකෙන් 10 – 15% වගේ අතර ගණනක් අමතර වියදම් විදියට වෙන් කරන්නත් අමතක කරන්න එපා. වෙඩින් කාඩ් යවන්න යන තැපැල් ගාස්තු, ගමනාගමන ගාස්තු ආදී දේවල්වලට තමයි ඒ ටික.

3. සර්ප්‍රයිස්වලට ලෑස්ති වෙන්න

කවුරු මොනවා කිව්වත් මේක අරුම පුදුම රටක්නේ. ඒ නිසා ඔය කොයි දෙයක් වුණත් නූලට ලියාගත්තට හිටපු ගමන් කොහෙවත් නැති වියදමක් ඕකට එක්කහු වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඔන්න ඕවට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඔය වෙඩින් ඉන්ඩ්ස්ට්‍රි එකේ ඉන්න සමහර අය කැමති නෑ ඕනේ ම දෙයක් ගැන ඕනෙවට වඩා අහන එකට. ඊළඟට දින, වෙලාවල්  සම්බන්ධ ගැටළු නිසා තෝරගන්න හෝල් එකේ පෙරළියක් එන්නත් පුළුවන්. වෙඩින් කාඩ් එකේ බර වෙනස් වුණොත්, තැපෑලෙන් යවනකොට යන මුදල එහාට මෙහාට වෙන්නත් පුළුවන්. ඔය වගේ නා නා ප්‍රකාර දේවල් නිසා අපි හදාගත්ත බජට් එකේ වෙනස්කම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒවා දැකලා, මානසික ව වැටිලා, ඔළුව විකාර කරගන්න හොඳ කාලයක් නෙවෙයි මේක. ඒ නිසා මේ වගේ සිදුවීම් සාමාන්‍ය බව මුලදී ම මතක තියාගන්න. මෑතකදී විවාහ වුණු අය එහෙම ඉන්නවනම්, එයාලට ඇහැකි තමන්ගේ යාළුවන්ට මේ සම්බන්ධයෙන් පොඩි අවවාද අනුශාසනා ටිකක් එහෙම දෙන්නත්.

4. සල්ලි ඉතුරු කරගන්න ක්‍රමයක් හොයාගන්න

හරි, නිකමට හිතමු අපි ඕවර් බජට් යන පාටක් තියෙන්නේ කියලා. ඒකට පිළියම් විදියට කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ගෙස්ට් ලිස්ට් එකේ වෙනස්කම් ටිකක් කරන එක. නෑයෝ වේවා, යාළු හිත මිත්‍රාදීන් වේවා තමන්ගේ මේ විශේෂ දවසේ ළඟින් ම ඉන්න ඕනේ කියලා හිතන උදවියට අනිවාර්යයෙන් මේ ලැයිස්තුවේ අඩංගු වෙන්න ඕනේ. දුරින් සම්බන්ධතා තියාගෙන ඉන්න අයට නම් පවුල් පිටින් එන්න නොකිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ පවුල්වල ප්‍රධානියෝ දෙන්නා ආවත් ඇති.

ගෙස්ට් ලිස්ට් එක අඩු කරලා වැඩේ ගොඩදාන්න බැරි නම් ඊළඟට කරන්න තියෙන්නේ වෙඩින් එක ගන්න තැන වෙනස් කරන්න පුළුවන්ද බලන එක. ලංකාවේ දැනට තියෙන වෙඩින් හෝල් දහස් ගාණක් අතරින්, අපට හිතට අල්ලන වෙඩින් හෝල් තියෙන්නේ එකක් විතරක් වෙන්න බැහැනේ. පොඩ්ඩක් ඇවිදලා කරලා, කලින් ගාණට වඩා අඩු මුදලකට හොඳ වෙඩින් හෝල් එකක් හොයාගන්න ඇහැකිද බලන්න.

අපේ කේන්දර, නැකත් පලහිලව් එක්ක වෙඩින් එකට සීසනල් දවසක් තෝරාගන්න එක කරන්න ටිකක් අමාරුයි. හැබැයි මේ වැඩේ කරොත් සෑහෙන්න ගාණක් අතේ ඉතුරු වෙන වැඩක්. විශේෂයෙන් ම අවුරුද්ද අගදී කොළඹින් පිට තියෙන හුඟක් හෝටල්වලින් ඩිස්කවුන්ට් හම්බෙනවා. ඒ නිසා මේක හනිමූන් එකට යන ගාණ අඩු කරගන්නත් නියම චාන්ස් එකක්.

මඟුලක් කාලා ලංකාවේ කට්ටියක් ලෝක වාර්තාවකුත් තිබ්බා ඔයාලට මතකත් ඇතිනේ. 2013 අවුරුද්දේ වුණු මේ මංගල්ලෙට දෙවන මනාලියෝ ම 126ක් හිටියා. ඉතින් ගිනස් පොතට යන්න බලාපොරොත්තුවක් නැත්තන්, ලාස් ගණන් කට්ටිය මේ වැඩේට ඕනේ නැහැ. දෙවන මනාල මනාලියෝ විදියට තමන්ට විශ්වාසවන්ත, හිතවත් එක්කෙනෙක්, නැත්තන් දෙන්නෙක් හිටියාම හොඳට ම ඇති නේද? මොකද දෙවන මනාල මනාලියන් විතරක් නෙවෙයි, මල් කුමාරයන් කුමාරියන් දාන කරාබුවේ, ටයි පටියේ ඉඳන් හැම පුංචි දේට ම වියදම් කරන්න වෙන්නේ ඔයාලගේ අතින්.

ඉස්සර පෝරුවෙන් බහිද්දී ඇඳපු ඇඳුම පිටින් ම ගෙදරින් පිටවෙන්න අපේ මනාල මනාලියෝ පුරුදු වෙලා හිටියා. හැබැයි දැන් ඒක දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. පෝරුවට නගින්නේ එක ඇඳුමකින්. කෑම කන්නේ තව ඇඳුමකින්. ඊළඟට මධු සමයට යන්න තවත් එකක් අඳිනවා. මේ සේරම දේවල්වලින් වෙන්නේ අතේ තියෙන සල්ලි ටික හිඳෙන එක. හොඳ ම දේ තමයි මේ වැඩේ එක ඇඳුමකට සීමා කරන එක. එහෙම කළා කියලා තමන්ගේ තත්ත්වයේ අඩුකමක් පේන්නේ හෝ වරදක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ගොඩක් දේවල් අපේ අය සල්ලි විසි කරන්න හදාගත්ත පුරුදුනේ

අඩු බජට් වෙඩින් එකකට වැදගත් වෙන තවත් කාරණා බොහොමයක් තියෙනවා. ඔය හුස්මට ම මේ ආටිකල් එකත් කියවලා බලන්නකෝ.

5. වගකීමෙන් වියදම් කරන්න

අපි හිතමු වෙඩින් සාරිය, එහෙමත් නැත්තන් සූට් එක ගන්න ගියා කියලා. ඔන්න තියෙනවා රුපියල් 50000ට හරි ලස්සන සාරියක් (නැත්තන් සූට් එකක්). ඇඟට හොඳට ගැලපෙනවා. ඊට එහාපැත්තේ තියෙනවා රුපියල් 55000කට තවත් එකක්. ඒකෙ මීට වඩා පොඩ්ඩක් සුකුරුත්තන් වැඩියි. මැටීරියල් එකත් වෙනස්. දැන් ඔය මුලින් බලපු සාරිය ගන්න ගියාට මොකද, හිත තියෙන්නේ ගාණ වැඩි එකේ. හැබැයි අතේ තියෙන ගාණෙන් ගන්න පුළුවන් ගාණ අඩු සාරිය විතරයි. ඒ වුණාට ක්‍රෙඩිට් කාඩ් එකත් පර්ස් එකේ තියෙනවා. ඉතින් මොකද කරන්නේ?

ආයේ හිත හිත ඉන්න දෙයක් නෑ. මුලින් බලපු රුපියල් 50000 සාරිය අරගෙන ගෙදර යන්න. වැඩිපුර 5000ක් ගෙවලා අනිත් සාරිය ගත්තා කියලා වෙඩින් එක දවසට අමුතු එළියක් වැටෙන්නේ නැහැ. උදේ පාන්දර ම කවුරුවත් ඇවිදින් “අනේ ඔයාගේ සාරියේ/සූට් එකේ ගාණ කීයද?” කියලා අහන්නෙත් නැහැ. වෙඩින් එක කියන්නේ අපි කාගේත් ජීවිතේ විශේෂ දවසක් බව හැබෑව. හැබැයි ඒක එක දවසක වැඩක්. රුපියල් 5000ක් වුණත් වැඩිපුර වියදම් කරන එක තේරුමක් නැහැ. ඒ නිසා ක්‍රෙඩිට් කාඩ් එක අතේ තියෙන පලියට දකින දකින දේට වියදම් කරන්න යන්න එපා. මොකද ඕකේ ණය ගෙවන්න වෙන්නෙත් ඔයාලටමනේ. ඔහොම ඉතුරු කරගන්න සල්ලි ටික දෙන්නා දෙමහල්ලන්ගේ ඉස්සරහට ගත වෙන්න තියෙන ජීවිතේ වැදගත් දේකට ආයෝජනය කරන්න පුළුවන්නේ.

වෙඩින් එකක් ගන්න අදහස තිබුණට කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බැරි අයට මේ සටහන වැදගත් වේවි කියලා අපි හිතනවා. ඔය ප්‍රී-වෙඩින් ෂූට් එකක් ගැන එහෙම අදහසක් ගන්න කැමති උදවිය මේ ලිපියත් කියවලා බලන්නකෝ. බජට් වෙඩින් ගැන තව අදහස්, උදහස්, යෝජනා, චෝදනා එහෙම තියෙනවනම් ඒවත් අපට කියන්න. අද හෙට බඳින්න එන්න අපේ යාළුවන්ටත් ඒක වැදගත් වේවිනේ.

කවරයේ පින්තූරය : dailymail.co.uk
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide