මස් මාළු කටේ තියන්නැති අයට! රු. 500ට රස වෑහෙන ‘වෙජි කෑම’ කන්න කියාපු තැන් 8ක්.

ඔන්න යාළු මෙදා පාර අපෙනුත් මික්ස් ග්‍රිල් එකක්.

හැමදාම කට්ටියට දෙන්නෙ, ‘එක කෑමක්’ ලෙසටම කන්න කියාපු තැන් ලිස්ට් එකක්නෙ. ඒ නිසා, මෙදා පාර අපි හිතුවා, ‘එක වර්ගයක කෑම තොගයක්’, ලෙසටම කන්න කියාපු තැන් ලිස්ට් එකක් ඔයාලට කියන්න.

ඒ කිව්වේ… අපේ මේ ලිස්ට් එකේ තියෙන්නෙ,

‘වෙජි යාළුවන්ට’,

අතේ තියෙන ගාණට,

හිතේ හැටියට,

බඩ කට පිරෙන්න,

බර්ගර්, සබ්මැරීන්, පීසා, සමෝසා, උණු උණු කොත්තු කන්න කියාපු කඩ ටිකක්.

ආ.. ඒක නෙවෙයි, වැඩේට ආරම්භයක් ගත්තෙ වෙජිටේරියන්ස්ලගෙන් කියල, මීට් ෆෑන්ස්ල තරහ ගන්න එපා. ඔයාලටත් ගැලපෙන සුපිරි කඩ ටිකක් ළඟදිම කියන්නම්කෝ…

1. බර්ගර්

My Burger

කටට රසට බර්ගර් හැදෙන්නෙ වැඩි හරියක්ම චිකන් බීෆ්වලින් වුණාට මොකද, මෙන්න තියෙනව වෙජිවලිනුත් සුපිරියට බර්ගර් හදන කඩයක්. යන්න තියෙන්නෙ නුගේගොඩ හයිලෙවල් පාරෙ පාලම පහුකරගෙන මහරගම පැත්තට. හංදියෙ ඉඳන් උපරිම මීටර 100ක් ඇති, බලන්න දකුණු පැත්ත.

ආ… අන්න එතන තමයි.

විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ වෙජි බර්ගර් එකේ, පැටි එක නම් වෙජිද කියල හොයා ගන්න බැරි තරමට රසයි. රස පදමට ගැඹුරු තෙලේ බැදල, පොඩි සැර ගතියක් හිටින්න ගම්මිරිස් පොඩ්ඩක් එහෙමත් දාලා, චීස් බේරි බේරි මේසෙට එද්දි, බලන් ඉන්න ඕන කෙනෙක්ගෙ කටට කෙළ උනන ගානයි. අනික ලොකු සලාද කොළයක්, තක්කාලි පෙත්තක් එහෙමත් තියෙනවනෙ. ගාණත් රු. 170ක් වගේ නිසා පොකට් එකටත් ඒ හැටි අවුලක් නෑ.

Royal Burger

කොහොමද සුපිරි වෙජි බර්ගර් එකක්, රු. 120ක් වගේ අඩු ගාණකට මේසෙට එද්දි?

හැබැයි ඉතින් හන්දැ වරුව අල්ලල හැව්ලොක් ටවුන් පැත්තට, යන්න වෙනව. මොකද රෝයල් බර්ගර් එක තියෙන්නෙ හරියටම රෝයල් ඉන්ස්ටිටියුට් එක ඉස්සරහනෙ.

මෙයාලගෙත් වෙජි පැටි එක හොඳ හැටි ගැඹුරු තෙලේ බැදල නිසා එළවළු රසකට එහා ගිය, සුපිරි රසක් තමයි තියෙන්නෙ. ඒකත්, රු. 50ක් දීලා එක්ස්ට්‍රා චීස් ටිකක් දාගත්තාම තවත් මරු. කරස් ගාලා හැපෙන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, රස පදමට ගැලපෙන සෝස්, මයොනීස් එහෙමත් ඕන හැටියට ගන්න පුළුවන්නෙ. බඩගින්නෙ තරම බලල, ඩබල් වෙජි බර්ගර් වුණත් ඕඩර් කරන්න පුළුවන් නිසා තවත් වාසියි ඉතින්.

2. කොත්තු

Chop Chop

දෙන්නෙක්ට ඇති වෙන්න

චීස් බේරෙන්න

රොටි, ඉඳි ආප්ප ඕන ජාතියකින් වෙජි කොත්තු ගන්න කියාපු කඩේ.

තියෙන්නෙ බොරැල්ල කාසල් ස්ට්‍රීට් එකෙයි, ටවුන්හෝල් ඔඩෙල් ෆුඩ් කෝට් එකෙයි. මෙයාලගෙ කොත්තු, ඔයාලට ඕන තැනකට ඩිලිවර් කර ගන්න පුළුවන් නිසා තවත් වාසියි.

එළවළු කොත්තු නාමෙන් මාළු මිරිස්, කැරට්, ලීක්ස්වලට විතරක් සීමා නොවුණු චොප් චොප් වෙජි කොත්තුවෙ තියෙන විශේෂත්වය තමයි රස පදමට රම්පෙ කරපිංච, ළූණු කොළ, ළූණු වගේම හොඳ හැටි සැර ගතිය තියෙන්න අමු මිරිස් එහෙමත් දාන එක. ඒ හැරුණාම, මෙයාලා චීස් කියල දාන්නෙත් ඇත්ත චීස් නිසා, රස තවත් වැඩියි.

හැබැයි ඉතින්, වෙජි කොත්තුවක්, රු. 360කට…

3. පීසා

Arthur’s Pizza

මවුන්ට් පැත්තෙ වෙජි පීසා හොයන කට්ටියට නම්, ආතර් අයියගෙ පීසා කඩේම තමයි. මොකද රු. 900ට බඩ පැලෙන්න, රසම රස වෙජි පීසා, වර්ග දෙකකින් කන්න පුළුවන්. එකක් වෙජි සරටා. ඒකෙ තියෙන්නෙ මෂ්රූම්, කැප්සිකම්, ළූණු, මොසරැල්ලා චීස්. අනික මාගරිටා. ඒකෙ තියෙන්න තක්කාලි, බැසිල් කොළ, මොසරැල්ලා චීස්. ඒ හැරුණාම ආතර් අයියා ලඟ චීස් හතරක්, වෙටා නිවිති කියල සුපිරිම වෙජි පිසා දෙකකුත් තියෙනව. හැබැයි ඒවයෙ ගණන් යන්නෙ රු. 1100-1200 අතරෙ.

කොහොම වුණත් මේ පීසාවල රස පංකාදු පහට තියෙන නිසා වෙජි යාළුවන්ට නම් මසුරන් වටීවි.

Domenico’s

වෙජිටේරියන් පීසාම ජාති 7කින්. පිස්සු හැදෙනව නේ. ඒකත් හැම එකක්ම වගේ රු. 900-1100යි යන්නෙ. දෙන්නෙක්ට මදි නොකියන්න තියෙන නිසා, ලොවෙත් පාඩු නම් නෑ. තිඹිරිගස්යාය පාරෙ තියෙන මේ සුපිරි පීසා කඩේ, වෙජි පීසා අතරින් වැඩියෙන්ම නැගල යන්නෙ වෙජිටේරියන් එකයි, සිස්ලියා එකයි තමයිලු. ටිකක් ගණන් වුණාට මෙයාලගෙ ෆෝර් චීස් පීසා එකත් සුපිරිම භාණ්ඩෙ. මොකද චීස් වර්ගම 4ක්නෙ. ඒ හැරුණාම ඉතින් සාමාන්‍ය වෙජි වැඩ මාගරිටා, පෝලෝස්, පෙස්ටෝ එහෙමත් මෙතන තියෙනව.

එහෙනම් ලෑස්ති වෙන්නකො, අද හෙටම හැන්දැකරේ අල්ලල, ඩොමිනිකෝස් වෙජි වැඩ කිඩ ටිකක් රස බලන්න යන්න.

4. සමෝසා

Indian Chaat Corner

වැල්ලවත්ත ඉන්ඩියන් චාර්ට් කෝනර් එකේ සමෝසා කිව්වාම කොලොම්තොටේ කරක් ගහන හුඟ දෙනෙක් දන්නව. මොකද රු. 40-60 වගේ ගාණකට රස වෑහෙන, සමෝසා රස බලන්න, ගොඩක් තැන් නෑනෙ.

මෙයාලගෙ පියෝ වෙජි සමෝසා තමයි රසම. විශේෂයෙන්ම චිලි ටොමැටෝ, සෝස් එක්ක. උණු උණුවෙ මේසෙට එද්දි ගමකට කතහැකි. ඒ හැරුණාම පන්ජාබ් සමෝසා එහෙමත් තියෙනව. ඒකට නම් අර කොළ පාට සම්බල් එකකුයි, රතු පාට සම්බල් එකකුයි එහෙමත් එනවනෙ. නැතත් ඉතින් චාර්ට් කෝනර් සමෝසා නම්…, නිකම් වුණත්!

5. සබ්මැරීන්

Dinemore

බොරු සෝබන, අනම් මනම් ටෝක් ඕන නෑනෙ. කටට රහට, අපිට ගැලපෙන සබ්මැරීන් එකක් කනව නම් ඩයින්මෝර් තමයි ඉතින්. හැම ජාතියක් වගේම මෙයාලගෙ වෙජි සබ් එකත් පංකාදු පහයි. එක්ස්ට්‍රා චීස් පාරක් දාලා ගත්තාම රස තවත් වැඩියි. තක්කාලි, සලාද කොළ, ළූණු, ඔලිව් වගේ එළවළු 5, 6ක් මික්ස් වෙලා එන මේ ඩයින්මෝර් සබ් එකක, ගාණත් රු. 410ක් වගේ නිසා පොකට් එකටත් එ් හැටි අවුලක් නෑ. හැරත් ලුණු, ගම්මිරිස් ටිකක් එකතු කරල රස පදහ හදා ගන්නත් ඇහැකි නිසා, බඩ කට පිරෙන්න කන්නත් පුළුවන්නෙ.

Paan Paan Sandwich Bar

කොල්ලුපිටිය, ඇල්ෆ්‍රඩ් හවුල්වල තියෙන පාන් පාන් එකත්, වෙජි සබ්මැරීන් කන්න නියම තැනක්. එකම අවුල තියෙන්නෙ, ඒකෙ වෙජි මදි එක තමයි. සලාද, තක්කාලි, ලීක්ස් හැරුණාම ඉතිරිය බැලන්ස් වෙන්නෙ ඔලිව්වලින්. හැබැයි රස පදමට එන්න දාන ක්‍රීම් වර්ග දෙක තුනක් නිසා අමුතු ගතියක් නැත්තෙත් නෑ. අනික ගාණත් රු. 350ක් වගේ නිසා ලොකු අවුලකුත් නෑනෙ.

ඒ හැරුණාම ඉතින්, කටට රහට වෙජි ෂවර්මා කන්න, ඔය ඇරබියන් නයිට්ස් වගේ තැන් එහෙමත් තියෙනව.

හ්ම්ම්… ඒවත් හැරුණාම….. ඔයාලා දන්න අපි නොදන්න කඩ තමයි ඉතින්.

ඔන්න එහෙම කඩ තියෙනව නම් අපිට කියන්න ඕන හොඳද. එතකොට අපේ වෙජි යාළුවොන්ට ගොඩක් සතුටු හිතේවිනෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide