සුද්දා ඇවිත් හදලා දුන්නු, ඒත් දැන් හොයාගන්නවත් නැති, ලංකාවේ බලකොටු ගැන අපූරු කතන්දර 10ක්.

ලංකාව කියන්නේ අවුරුදු 2500කටත් වඩා පරණ අතීතයක් තියෙන රටක්නේ. රජවරුන්ගෙන් පටන්ගත්තම, විදේශ ආක්‍රමණ, නිදහස ලැබීම දක්වා තියෙන අපේ ඉතිහාසය ගළපගන්න ලංකාවේ තැනින් තැන තියෙන නටබුන් ටික ම සාක්කි. රාජධානි, පන්සල්, පල්ලි විතරක් නෙවෙයි, බලකොටුත් මේ නෂ්ටාවශේෂ අතරේ තියෙනවා. ඔය බලකොටු අතරින් සමහරක්, අපේ රජවරු සතුරු ආක්‍රමණවලින් ආරක්ෂා වෙන්න හදපුවා. ඉතිරි සේරම හැදිලා තියෙන්නේ යටත් විජිත සමයේ පාලන කටයුතු කරගෙන ගියපු පෘතුග්‍රීසි, ලන්දේසී සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් අතින්.

යටත් විජිත කාලේ හැදුණු ඒ වගේ බලකොටු කීපයක් ගැන විස්තරයක් අපේ බුද්ධික පහුගිය දවසක කතා කළා ඔයාලට මතකත් ඇති. පොඩි පොඩි බිඳවැටීම් කීපයක් හැරුණා ම, වාරකන් රැල්ලෙන් ලස්සනට හැඩ වෙනවා විතරක් නෙවෙයි, ඉස්සර තිබුණු තේජස් ගතිය මේවයින් අදටත් අඩුවක් නැතුව බලාගන්න ඇහැකි. ඒත් විවිධ හේතු නිසා, මේ වෙද්දී සම්පූර්ණයෙන් ම බිඳ වැටිලා ගිය, බලකොටුවක් තිබුණද කියලා සේයාවක්වත් නැති තැනුත් ඔය අතරේ තියෙනවා. අපි අද කියන්න යන්නේ අන්න ඒ වගේ බලකොටු දහයක් ගැන විස්තරයක්.

1. කළුතර බලකොටුව

Image Source : defonseka.com

කළුතර බලකොටුව හැදුණේ 1622දී. ඒ වෙද්දී ලංකාවේ පාලනය අල්ලාගෙන උන්නු පෘතුග්‍රීසි තමයි මේක ඉදි කිරීම පටන්ගත්තේ මෙතැන තිබුණු ගංගාතිලක විහාරය කඩා බිඳ දැම්මට පස්සෙයි. හැබැයි ඊට ටික කාලෙකට පස්සේ, පළමුවෙනි රාජසිංහ රජතුමා මේ බලකොටුව අල්ලාගත්තා. ඒත් වැඩි කලක් ගියේ නැහැ. මේ බලකොටුව ආයෙත් පෘතුග්‍රීසි පාලනයට නතුවුණා. 1655දී මේක ලන්දේසීන් විසින් අල්ලාගත්තේ, එක වෙඩිල්ලක්වත් පත්තු කරන්න ඉඩ තියලා නෙවෙයි. ඔවුන් කළුතර බලකොටුව තවත් දියුණු කළේ උස පවුරු සහ අට්ටාල එක්කාසු කරමින්. මේ සඳහා ඒ කාලේ ඉඳපු ලන්දේසි ආණ්ඩුකාරවරයා නෙදර්ලන්තයෙන් ම ගෙන්වපු අඩුමකුඩුම පාවිච්චි කළා කියලා තමයි ආරංචිය.

Image Credits : Chathura Anuradha Subasingha

කොහොමින් කොහොමහරි ඉංග්‍රීසින් ලංකාවට ආවට පස්සේ කළුතර බලකොටුවේ බලය අයිති වුණේ ඔවුන්ටයි. අද වෙද්දී නම් ගංගාතිලක විහාරයේ හෝ කළුතර බලකොටුවේ කිසිම සලකුණක් මෙතැනින් දැකගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට, 1960 ගණන්වල ඉදිවුණු සුප්‍රසිද්ධ කළුතර විහාරය දැක බලාගන්න පුළුවන්.

2. අරන්දොර බලකොටුව

Image Source : amazinglanka.com

අරන්දොර තියෙන්නේ කුරුණෑගල නාරංගොඩ හරියේ. 1665දී පෘතුග්‍රීසින් මේ පැත්තේ බලකොටුවක් හැදුවා. ඔවුන් ඒක පාවිච්චි කළේ කෑම්ප් එකක් විදියට. ඊටපස්සේ ආව ලන්දේසීන්ටත් මේක ආරක්‍ෂිත ස්ථානයක් වුණා. හැබැයි ඊට අවුරුදු 15කට පස්සේ නුවර රාජධානියේ රජකම් කරපු දෙවැනි රාජසිංහ රජතුමා මේ බලකොටුව අත්පත් කරගත්තා. ඒ විතරක් නෙවෙයි, ඒ වෙද්දී එතැන ඉඳපු ලන්දේසීන් ව තමන්ගේ සිරකරුවෝ බවටත් පත් කරගත්තා. ලන්දේසි නායකයන් දිගින් දිගට ම තමන්ගේ පිරිස ව නිදහස් කරන්න කිව්වත්, රජතුමා නෙවෙයි ඒවා කනකට ගත්තේ. ඔවුන් මේකට විරෝධය පෑමක් විදියට මඩකලපු, කොඩ්ඩියාර්, කල්පිටි වරායන් සේරම වහලා දැම්මා. අද වෙද්දී නම් මේ බලකොටුවේ සේයාවක්වත් පේන්න නැහැ.

3. හංවැල්ල බලකොටුව

Image Source : en.wikipedia.org

සීතාවක රාජධානියේ රජකම් කරපු මායාදුන්නේ රජතුමා හංවැල්ලේ බලකොටුවක් හදන්න තීරණය කළේ ඒ වෙද්දී ලංකාව ආක්‍රමණය කරලා ඉඳපු පෘතුග්‍රීසින්ගෙන් සහ කෝට්ටේ රාජධානියෙන් තමන්ගේ ප්‍රදේශයට පහරදීම වලක්වන්නයි. හැබැයි 1597දී හංවැල්ල පෘතුග්‍රීසි ග්‍රහණයට ලක් වුණා. පෘතුග්‍රීසීන් තමන්ගේ ගෘහ නිර්මාණ ශිල්පය යොදාගෙන මේ බලකොටුව දියුණු කළා.

Image Credits : Hunukiri Arachchige Janaka Chandima

ඊටපස්සේ ලංකාවට ආව ලන්දේසීන් මේ බලකොටුව තවත් ශක්තිමත් කළා. 1786දී මේකේ පාලනය නතු වුණේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට. ඒ කාලේ හත්වෙනි එඩ්වර්ඩ් කුමාරයා ලංකාවට ඇවිදින් හිටවපු කොස් ගහ, අදටත් මෙතැන දැකගන්න පුළුවන්. ඒ අසල ම තියෙන ගල් බංකු දෙකේ තමයි ඕක සිටුවන උත්සවයට ආව අමුත්තෝ වාඩිවෙලා හිටියෙත්.

Image Source : booking.com

කොහොම වෙතත්, හංවැල්ල බලකොටුවක් තිබුණු බවට සාක්කි විදියට තියෙන්න ඔච්චරයි. මොකද අද මෙතැන තියෙන්නේ රෙස්ට් හවුස් එකක්නේ.

4. මැණික්කඩවර බලකොටුව

Image Source : amazinglanka.com

ගලපිටමඩ, මැණික්කඩවර ප්‍රදේශය ආශ්‍රිතව පෘතුග්‍රීසි බලකොටුවක් තිබුණු බවට අදට තියෙන එකම සාක්කිය වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හිටවලා තියෙන බෝඩ් ලෑල්ල විතරයි. පෘතුග්‍රීසින් තමයි මේ බලකොටුව හැදුවෙත්. ලන්දේසීන්ගේ ආගමනයත් එක්ක මේක විනාශ වීම පටන්ගත්තා.

5. රත්නපුර බලකොටුව

Image Source : wikiwand.com

ගාල්ලෙන් කොළඹට ගොඩ බැහැපු පෘතුග්‍රීසින් අරන්දර,රුවන්වැල්ල හරහා ඇවිදින් රත්නපුර නගරය අල්ලාගත්තා. රත්නපුර මහ සමන් දේවාලය කඩා බිඳ දැම්ම ඔවුන් මෙතැන බලකොටුවක් ඉදි කළා. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ට වන්දනා මාන කරන්න පුළුවන් විදියට කතෝලික පල්ලියකුත් හැදුවා. ඒක හැඳින්වුණේ ශාන්ත සැල්වදෝර් පල්ලිය නමින්. ඒත් නුවර රජකම් කරපු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා රත්නපුර නගරය අත්පත් කරගත්තේ, පෘතුග්‍රීසින් හදපු බලකොටුව සහ පල්ලිය විනාශ කරමින්. ඒ වෙනුවට මහ සමන් දේවාලය ආයෙත් ඉදි වුණා.

ඊටපස්සේ ආවේ ලන්දේසීන්ගේ කාලේ. 1658 වෙද්දී පෘතුග්‍රීසි පාලනයේ තිබුණු සේරම තැන් ටික තමන්ගේ යටතට ගන්න ඔවුන්ට හැකියාව ලැබුණා. රත්නපුර නගරයේ පාලනය අපට තවත් සැරයක් අහිමි වුණේ මෙන්න මේ වෙලාවේ. පෘතුග්‍රීසි හදපු බලකොටුවේ නටබුන් මතින් තමන්ගේ ම කියලා බලකොටුවක් හදන්න ඔවුන්ට පුළුවන් වුණා. ඉතිහාසේ සඳහන් වෙන විදියට, මේ බලකොටුව කළුතර තිබුණු එකට සමානයිලු. සෙබළුන් රඳවන්න, බඩු ගබඩා කරන්න වගේ ම, ලන්දේසීන්ගේ පාලන කාර්යාලයක් විදියටත් මේක පාවිච්චි වුණා. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුකාරවරගේ නිල නිවසක්, රෝහලක්, පල්ලියක්, උසාවියක්, ඇතුළු තවත් කාර්යාල ගණනක් මේ බලකොටුව ඇතුළේ තිබුණා. අද වෙද්දී මේවයින් ඉතුරු වෙලා තියෙන්නේ 1864දී බ්‍රිතාන්‍යයන් අලුත්වැඩියා කරලා හදපු පොලිස් ස්ථානයයි, කච්චේරියයි විතරයි. මේ කච්චේරියේ සමහර ගොඩනැගිලි පරණ බලකොටුවේ තිබුණු ඒවායි.

6. මුලතිව් බලකොටුව

Image Source : wikipedia.org

මුලතිව් බලකොටුව හැදුවේ ලන්දේසීන්. ඒ 1715දී. මුලින් ම තිබුණේ නිකන් ම ලීයෙන් හදපු පොඩි ඉදි කෙරුමක්. කාලය ගත වෙද්දී මේක ගලින් නිම කරපු ලොකු බලකොටුවක් බවට පත්වුණා. බ්‍රිතාන්‍ය ආගමනයත් එක්ක මුලතිව් බලකොටුව තවත් දියුණු වුණා. ඔය පොඩි ගල් තාප්ප කෑල්ල හැරෙන්න, වර්තමානයේ නම් මේක තිබුණු බවටවත් කිසිම සලකුණක් පේන්න නැහැ.

7. කයිට්ස් දූපත් බලකොටුව

Image Source : wikipedia.org

යාපනය ආශ්‍රිත මුහුදේ තියෙන දූපත් සමූහය ගත්තම, ඒ අතරින් විශාල ම දූපත වෙන්නේ කයිට්ස් දූපතයි. 1629 කාලයේදී මෙතැන ඉදිවුණු බලකොටුවෙන් අද දැකගන්න ලැබෙන්නේ ගල්වලින් හැදුණු පොඩි ගොඩනැගුමක් විතරයි. ඉතිහාසේ සාක්කිවලට අනූව නම් මේක අට්ටාල හතරකින් යුතු, අශ්ව ලාඩමේ හැඩය ගත්ත බලකොටුවක්. 1651දී මේ බලකොටුව  අතහැර දැමුණා. ලන්දේසීන් යාපනේ අල්ලගත්තට පස්සේ වුණත් ඒක භාවිතා වුණේ නැහැ.

9. කොඩ්ඩියාර් බලකොටුව

Image Source : wikipedia.org

මහාවංශයයි, චූලවංශයයි කියන විදියට, කොඩ්ඩියාර් ඇතුළු ත්‍රිකුණාමලය ආශ්‍රිත ප්‍රදේශය පාලනය වෙලා තියෙන්නේ නුවර රාජධානියෙන්. ඒත් පෘතුග්‍රීසීන් ලංකාවට අල්ලගත්තට පස්සේ, නුවර රජකම් කරපු රජතුමන්ලා වැටුණේ සෑහෙන්න ලොකු අමාරුවක. ඊට ටික කාලෙකට පස්සේ ලංකාවට ගොඩබැහැපු ලන්දේසීන්ගේ උදව්ව ඉල්ලන්න එවකට නුවර සිංහාසනේ ඉඳපු සෙනරත් රජතුමා තීරණය කළේ ඒ නිසයි. කොඩ්ඩියාර් බොක්කේ දකුණු පැත්තේ බාගෙට හදමින් තිබුණු පෘතුග්‍රීසි බලකොටුව විනාශ කරමින්, තමන්ගේ ම කියල බලකොටුවක් හදන්න ලන්දේසීන් කටයුතු කළා. මේකට සෙනරත් රජතුමාගේ පූර්ණ සහයත් ලැබුණා.

හැබැයි අද ඔය පැත්තේ ගියොත් දැකගන්න ලැබෙන්නේ කොඩ්ඩියාර් බොක්කයි, ඒ අසල තියෙන මුහුදයි විතරයි. මේ බලකොටුවක් තිබුණු වගක්වත් දැකගන්න ලැබෙන්නේ නැහැ.

10. මැක්ඩොවල් බලකොටුව

Image Source : amazinglanka.com

බ්‍රිතාන්‍යයන් ලංකාවේ මැද නගරවල හදපු සීමිත බලකොටු අතරින් එකක් විදියට මැක්ඩොවල් බලකොටුව හඳුන්වන්න පුළුවන්. මේක හැදුණේ 1803දී. එතකොට නුවර සිංහල හමුදාවයි, බ්‍රිතාන්‍ය හමුදාවයි අතර සැරට ම යුද්ධ යන කාලේ. මේකට ඔය නම ලැබුණේ, ඒ සටන් මෙහෙයවපු ජෙනරාල් මැක්ඩොවල් නිසයි. 1848 ඇතිවුණු සුප්‍රසිද්ධ මාතලේ කැරැල්ලෙන් මේ බලකොටුව ලංකාවේ අයගේ පාලනයට යටත් වුණා. ගොන්ගාලේ ගොඩබණ්ඩා සහ වීර පුරන් අප්පු තමයි ඒ සටන්වල මූලිකත්වය ගත්තේ.

බලකොටුවට ඇතුල්වෙන ගේට්ටුවයි, තාප්ප කීපයකුයි හැරුණා ම, අද මේ මැක්ඩොවල් බලකොටුවේ ඉතුරුවුණු තවත් දේවල් නැහැ. ඕවයින් වට වෙලා තියෙන බිම දැන් පාවිච්චි වෙන්නේ සොහොනක් විදියට.

ලොකුවට දෙයක් දැකගන්න නැතත්, නිකමට හරි මේ පැතිවලින් ගියොත් ඔය බලකොටුවල නටබුන් ටික බලාගෙන එන්න. මොකද අපේ ඉතිහාසේ වෙච්ච සිද්ධි ගැන ඉගෙනගන්න ඕවා තරම් හොඳ තවත් දේවල් නැති තරම්නේ.

කවරයේ පින්තූරය : travelfootprint.lk
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide