යාපනේ රස කෑම ගෙදරදී ම හදමු; යාපනේට ආවේනික කෑම රෙසිපි – II.

මුහුදෙන් වටවෙච්ච පොඩි දූපතක් වුණත්, පළාත්, දිස්ත්‍රික්ක අල්ලගෙන අපේ කට්ටිය කයිවාරු ගහන හැටි දැක්ක ම වෙලාවකට පුදුමත් හිතෙනවා. ඕකට කියන්නේ ප්‍රාදේශීය මානසිකත්වය කියලනේ. ලෝකේ වටේ රවුමක් ගහලා ආවත් ඕවා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් එක අතකට තමන් හැදුණු වැඩුණු ගම රට ගැන ආඩම්බර වෙන එක හිනාවෙන්න කාරණාවකුත් නෙවෙයි.

ඔය ප්‍රාදේශීය හැඟීම ගැන කතා කරද්දී අනිවාර්යෙන් ම මතක් කරන්න ඕනේ දෙයක් තමයි ඒ ඒ පැතිවල හැදෙන කෑම බීම ටික. මාතර අය ආඩම්බරෙන් කතාකරන මාළු ඇඹුල් තියල, තංගල්ලේ තෝර මාළු ඔළු කරිය, මීගමුවේ කළුවට උයපු ඉස්සෝ කරිය ආදී වශයෙන් ගම්වලට ආවේණික වුණු කෑම බීම තොගයක් ලංකාවේ නන් දෙසින් දැකගන්න පුළුවන්. සාඩම්බර දකුණු ලකේ කෑම ගැන ආටිකල් එකක් අපි මේ පහුගිය දවසකත් කළා. ඒ විතරක් නෙවෙයි, යාපනේ ගෙවල්වල හැදෙන අපූරු කෑම රෙසිපි කීපයකුත් අපි විස්තර කළා ඔයාලට මතකත් ඇති. අද කියන්න යන්නෙත් අපේ ගෙදර කුස්සියෙදී ම හදාගන්න පුළුවන් අන්න ඒ වගේ රස ම රස යාපනේ කෑම කීපයක් ගැන.

1. මුරුංගාකායි කරිය

Image Source : archanaskitchen.com

මේක මේ අමුතු කෑමක් නම් නෙවෙයි. අපි ගෙදරදොරේ හදන මුරුංගා කරිය, යාපනේ තාලෙට හදන විදිය තමයි මේ කියන්න යන්නේ.

මුලින් ම මුරුංගා ටික අරගෙන තරමක කෑලිවලට කපාගන්න. ඔය ගමන් ම රටලූණු ගෙඩි බාගෙකුයි, අල ගෙඩියකුයිත් කෑලි කරගන්න. ගාගත්ත පොල් කුඩු කෝප්ප බාගයකින් දියකිරියි මිටිකිරියි හදලා, පැත්තකින් තියන්න. දැන් සාස්පානක් අරගෙන ඒකට දියකිරි ටිකයි, වතුර කෝප්ප හතරකුයි දාගන්න. කපාගත්ත එළවළු (මුරුංගා, අල, රටලූණු) ටිකත් මේකට ම දාලා, කරි පවුඩර් (ඔය කරි පවුඩර් එක හදාගන්න විදිය අපි කලින් ආටිකල් එකේදී කතා කළා) සහ මිරිස් කුඩු ටිකකුත් එකතු කරන්න. එළවළු ටික ඉදීගෙන එද්දී, අර මිටිකිරි ටිකත් මේකට කලවම් කරන්න ඕනේ. රස බලලා ලුණු ඩිංගකුත් දාගන්න. ඊටපස්සේ තවත් විනාඩි පහක් විතර තැම්බෙන්න අරින්න. උණුඋණු පිට්ටු, ඉඳිආප්ප එක්ක කන්න මේ මුරුංගකායි කරිය පංකාදු පහයි.

2. වෙන්ධයා කුලාම්බු

Image Source : srilankancuisine.wordpress.com

මේ කෑම හදන්නේ උළුහාල්වලින්. ඒ නිසා මේස හැඳි දෙකකට විතර අල්ලන උළුහාල් ටිකක් විනාඩි 10ක් විතර පෙඟවෙන්න දාන්න ඕනේ. ඊටපස්සේ ඒ ටික වතුර බේරෙන්න තියන්න. රත්වෙච්ච තෙල් ටිකකින් උළුහාල් ටික බැදලා, තව තෙල් ටිකකුත් එකතු කරන ගමන් කරපිංචයි, රටලූණු ගෙඩියකුයි කෑලි කපලා එකතු කරගන්න. ලූණු ටික රන්වන් පැහැ වුණාට පස්සේ, සියඹලා මිරිකලා හදාගත්ත ජූස් කෝප්ප බාගෙකුයි, පොල් කිරි කෝප්ප බාගෙකුයි දාලා කලවම් කරන්න. ඒ අතරේ ම, පදම අනූව කරි පවුඩර් සහ ලුණුත් එකතුකරගන්න. දැන් පොඩ්ඩක් ගිනි දැල්ල වැඩි කරලා, විනාඩි 5 – 10 අතර කාලයක් හොඳින් පිසගන්න. ඉන් පස්සේ, තවත් පොල් කිරි කෝප්ප බාගයක් මේකට එකතුකරලා, විනාඩි පහක් වගේ ඉදෙන්න අරින්න. හප්පච්චියේ! පිට්ටු බම්බුවකට වුණත් වග කියන්න පුළුවන් මේ කුලාම්බුවත් එක්ක.

3. පුලි කන්ජි 

Image Source : eelamflavour.com

උණක් හෙම්බිරිස්සාවක් ආවම සුප් බොන්න කියලා සුද්දා අපට පුරුදු කළ බව හැබෑව. හැබැයි යාපනේ ඇත්තන්ට ඔය දවස්වලට පිහිට වෙන්නේ පුලි කන්ජි තමයි. මේකට සුප්වල යාපනේ වර්ෂන් එක කියලා කිව්වත් වරදක් නැහැ. මේ කියන රෙසිපියෙන් ගෙදර ඉන්න හතරදෙනෙක්ට රස ම රස පුලි කන්ජි කන්න පුළුවන්.

කෝප්ප පහකට වගේ අල්ලන වතුර ප්‍රමාණයක් (හයක් වුණත් අවුලක් නැහැ) ලිප තියලා රතු හෝ සුදු හාල් කෝප්ප බාගයක් ඒකට ම දාලා ඉදෙන්න අරින්න. වතුර නටාගෙන එනකොට සුද්ද කරපු ඉස්සෝ, කපාගත්ත සුදුලූණු බීක් දෙකක්, සහ රතුලූණු ගෙඩි දහපහළොවක් එකතු කරගන්න. බතයි, ඉස්සෝ ටිකයි පිසුණාට පස්සේ, අමු මිරිස් කරල් හතර පහකුයි, මුරුංගා කොළයි, සියඹලා පේස්ට් තේ හැන්දකුයි දාලා, රස අනූව ලුණුත් එක්කාසු කරන්න. ඊටපස්සේ හොඳට කලවම් කරලා ටික වෙලාවක් තැම්බෙන්න අරින්න. දැන් ඔන්න පුලි කන්ජි එක ලෑස්තියි. සාමාන්‍යයෙන් මේක පිළිගැන්වෙන්නේ දෙහි බෑයකුත් එක්ක. මොකද දෙහි යුෂ ටිකකුත් එකතු වුණා ම මේක තවත් රසවත් වෙනවනේ.

4. ඔඩියල් කූල්

Image Source : serendib.btoptions.lk

තල් පිටි අහලා තියෙනවා නේද? ඔඩියල් කූල් කියන්නේ තල් පිටි ප්‍රධාන කරගෙන හැදෙන කෑමක්. ලංකාවේ තැන් කීපයක ම තියෙන කට්පහම් අවුට්ලට්වලින් මේවා ගන්න පුළුවන්. හැබැයි තල් පිටි හොයාගන්න නැති වුණාට දුක් වෙන්න එපා. ඒවා වෙනුවට කෝන් පිටි පාවිච්චි කරලත් ඔඩියල් කූල් හදන්න පුළුවන්. පොඩ්ඩක් ලොකු අඩුමකුඩුම ලැයිස්තුවක් තියෙන නිසා මුලින් ම ඒ ටික ලියාගන්නකෝ එහෙනම්.

තල් පිටි කෝප්ප 1

කපාගත් එළවළු මිශ්‍රණයක් (මුරුංගා, මෑකරල්, කොස් ඇට, වම්බටු හැම එකෙන් ම 100g ගණනේ)

කපාගත් මාළු මිශ්‍රණයක් (ඉස්සෝ, දැල්ලෝ, කකුළු මාළු හැම එකෙන් ම 100g ගණනේ)

තම්බාගත් සහල් කෝප්ප ½

වියළි මිරිස් කරල් 5 – 10

සූදුරු මේස හැඳි 1

ගම්මිරිස් මේස හැඳි 1

කහ තේ හැඳි ½

සියඹලා සාරය කෝප්ප ½

මුලින් ම සූදුරු, වියළි මිරිස් සහ ගම්මිරිස් කුඩු එකට මිශ්‍ර කරලා ග්‍රයින්ඩ් කරගන්න. එළවළු සේරම ටික වෙනම තම්බන ගමන්, තවත් භාජනයක් අරගෙන මාළු ටිකත් තම්බගන්න. වෙජි කෙනෙක් නම් ඔය මාළු ටික නොදා මේ කෑම එක හදාගන්න පුළුවන්. ඊටපස්සේ මාළු මිශ්‍රණයයි, එළවළු මිශ්‍රණයයි එකට එකතු කරලා වතුර ලීටරයකුත් දාන ගමන් සියඹලා සාරයත් එක්කාසු කරන්න. වතුර නටාගෙන එද්දී තමයි අර තල් පිටි ටික දාන්න ඕනේ. හැබැයි එක පාරට ම නෙවෙයි, ටිකෙන් ටික. ඉන්පස්සේ තම්බගත්ත සහල් ටිකත් මේකට ම දාගන්න ගමන්, අර ග්‍රයින්ඩ් කරපු කුළුබඩු මිශ්‍රණයයි, කහයි, පදම අනූව ලුණුයි එකතු කරන්න. තවත් මිනිත්තු කීපයක් ඉදෙන්න ඇරලා ලිපෙන් බාගන්න. මේ රෙසිපියට අනූව ඔඩියල් කූල් එකක් හදාගත්තොත්, හත් අටදෙනෙක්ට වුණත් බඩ පිරෙන්න කන්න ඇහැකි.

5. කස්සාවා තුවයියල්  

Image Source : srilankancuisine.wordpress.com

ඔය කස්සාවා කියන්නේ මඤ්ඤොක්කා අලවලට දෙමළ භාෂාවෙන් කියන නමනේ. මේ රෙසිපියෙන් කියන්නේ යාපනේ කුස්සිවල හැදෙන රස ම රස මඤ්ඤොක්කා කරියක් ගැන.

පොත්ත ඇරපු මඤ්ඤොක්කා ගෙඩියක් කෑලි කපලා, ලිපේ සාමාන්‍ය දැල්ලෙන් තම්බගන්න. තැම්බුණු මඤ්ඤොක්කා ටික ලිපෙන් බාලා පැත්තකින් තියන්න. දැන් වියළි මිරිසුයි, ලුණුයි වංගෙඩියේ දාලා හොඳින් කොටාගන්න. රතු ලූණු ගෙඩි ටිකකුත් මේකට එකතු කරන ගමන්, හීන් සීරුවේ මඤ්ඤොක්කා අල ටිකත් දාලා හොඳින් කොටන්න. මඤ්ඤොක්කා ටිකත් පොඩිවෙලා මිරිස් ටිකත් එක්ක හොඳට මිශ්‍ර වුණාට පස්සේ අර කට්ලට් හදනවා වගේ ගුලි හදාගන්න. අපි සාමාන්‍යයෙන් කන්නේ මඤ්ඤොක්කා අලේ ලුණු මිරිස්වල තවරාගෙන වුණත්, මේ විදියට කද්දී ලුණු මිරිස්වල රස අඩුවක් නැතුව දැනෙනවා.

හැමදාම එක ම විදියට කෑම කාලා එපා වෙලා නම්, ඉඳලා හිටලා මේ වගේ කෑමකුත් හදලා බලන්නකෝ. වෙනසකටත් එක්ක හොඳයිනේ. හදලා බලලා අපටත් ඒවායේ රස කොහොමද කියන්න අමතක කරන්න එපා හොඳද.

කවරයේ පින්තූරය : sangam.org
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Indulge in the North Indian themed ‘Delhi Bound’ at Harbour Court, The Kingsbury.

Ambience This restaurant offers a sophisticated yet warm ambience, with soft lighting. The bright colored

Highlights Kamu

Caterers for your events 2024

Written by Fathima Rukaiya, When planning an event, finding the perfect catering spot can be

Highlights Kamu

Top Burger Joints of 2024

Written by Fathima Rukaiya, Who doesn't adore a juicy, mouthwatering burger? But finding the ideal

Highlights Kamu

Ramada Colombo: Break Your Fast in Style with a Luxurious Iftar

Written by Shamrina CIt’s that holy month of the year again for all Muslims around

Highlights Kamu

A blissful evening at The Sheraton Colombo

https://www.tiktok.com/@yamusrilanka/video/7350182026114338050 Nestled in the heart of Colombo, the Sheraton Colombo hotel epitomizes luxury and sophistication.

Highlights Kamu

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Trending.

RTC Magic Million Cup promises racing excitement

The Magic Million Cup 2024, hosted by RTC Nuwara Eliya, and powered by HPSL is

Trending

Layards Wharf by Food Studio opens its doors with exclusive dining experience for guests

Food Studio proudly introduces its third food court at Havelock City Mall, offering a distinctive

Trending

Royal Turf Club Nuwara Eliya Governor’s Cup showcased exciting wins

The hills of Nuwara Eliya came alive to the cheers as jockeys vied for winning

Trending

Hayleys Leisure Training Academy Celebrates Its Second Graduation Ceremony at Amaya Lake, Dambulla

The Hayleys Leisure Training Academy, a pioneering initiative by Hayleys Leisure, held its second graduation

Trending

RTC GOVERNOR’S CUP RACE RESULTS SHEET

RACE 01 : HPSL SUPER CHALLENGE TROPHY  PLACE HORSE  NAMEOWNER JOCKEY TRAINER1st Place ZULU  FANTASYMr. & Mrs.Edwards Akash Agrawal S.D.Mahesh2nd Place STREET CAT Mr.Hasanga Jayaratne

Trending

Introducing the Claw: MSI’s First Handheld Gaming Device Powered by Intel Core™ Ultra Processor

As AI technology continues to make waves globally, MSI, a leading laptop brand, has adeptly

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide