අන්ධකාර අහස යටින් මහ මුහුද දිගේ ඇදෙන නෞකාවලට පාර පෙන්වන ලංකාවේ ලස්සන ම ප්‍රදීපාගාර 7ක්.

ශ්‍රී ලංකාව ඉපැරණි මුහුදුබඩ වෙළඳ මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක්. යුරෝපයට අවශ්‍ය කරපු චීනයේ නිෂ්පාදිත පට පණු සේද පිළි එහෙම ප්‍රවාහනය කරපු දීපාන්තර මහා මාර්ගය හෙවත් සේද මාවතේ කොටස්කරුවෙක් වීමෙන් ම මේ බව මැනවින් පසක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉන්දියන් සාගරයේ මධ්‍යගත ව තියෙන දූපතක් වීම නිසා, ක්‍රිස්තු පූර්ව පළමුවෙනි සහස්‍රයේ මැද භාගයේ ඉඳල ම විදේශ රටවල් ගණනාවක් එක්ක වෙළඳ සම්බන්ධතා පවත්වපු බවට සාධක පරණ ලියකියවිලි බොහොමයකින් හඳුනාගන්න පුළුවන්.

වෙළඳ මධ්‍යස්ථානයක් විදියට ලංකාවට තිබුණු තැන යටත් විජිත සමයේදී තවතවත් දියුණු වුණා. රට වටේ ම මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රදීපාගාර බිහිවෙන්න පටන්ගත්තේ ඒකෙ ප්‍රතිඵලයක් විදියට. අද GPS තාක්ෂණය තිබුණට, ඉස්සර රාත්‍රියේ මුහුද දිගේ ඇදෙන බෝට්ටු, නෞකාවලට පාර කිව්වේ මේ ප්‍රදීපාගාරවලින් නිකුත් වුණු එළිවලින්.

ඔන්න ඔය විදියට ලංකාවේ හැදුණු මුළු ප්‍රදීපාගාර ගණන 25ක්. හැබැයි ඕවයින් මේ වෙද්දී ක්‍රියාත්මක වෙන්නේ 14ක් විතරයි. මේවයේ බහුතරයක් ඉදි වුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. අද වෙද්දී මේවා බොහොමයක පාලන කටයුතු සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින්. තවත් කීපයක් තියෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නඩත්තු වෙන. ඉතින් මේ 25ම ගැන එක ආටිකල් එකකින් කියන්න අමාරුයිනේ. ඒ නිසා මේ අතරින් වැදගත් ම සහ රසවත් විස්තර තියෙන ප්‍රදීපාගාර කීපයක් ගැන කතා කරන්න අපි හිතුවා.

1. බාබේරියන් ප්‍රදීපාගාරය

මේ ප්‍රදීපාගාරය එක පිහිටලා තියෙන්නේ බේරුවල, බාබේරියන් දූපතේ. බෝට්ටුවෙන් යනවනම් බේරුවල ඉඳන් විනාඩි දහයේ දුර. මේ දූපතේ හතරෙන් තුනක් ම වගේ වැහිලා තියෙන්නේ පොල්, අඹ, අරලිය ගස් සහ තණකොළවලින්. ඒ සේරම අතරින් ඉහළට මතුවෙලා පේන මේ බාබේරියන් ප්‍රදීපාගාරය දුරට වුණත් හරි අපූරුවට දැකගන්න පුළුවන්. පසුබිමෙන් ඉර බැහැගෙන යන වෙලාවට මේ දර්ශනය තවත් හැඩයි. මේක ඉදිවුණේ 1890දී. උස මීටර් 46ක් වෙනවා. හවස 6.30 ඉඳන් උදේ 6.30 දක්වා ආලෝකය නිකුත් කරන මේ ප්‍රදීපාගාරය, ලංකාවේ තියෙන අන්තර්ජාතික ප්‍රදීපාගාර හතරෙන් එකක්. මේකේ කටයුතු දිනපතා කරගෙන යන්න පස්දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් මාරුවෙන් මාරුවට වැඩ කරනවා.

2. මඩකලපුව ප්‍රදීපාගාරය  

මඩකලපු ටවුමේ ඉඳලා කිලෝමීටර් කීපයක් බාර් පාර දිගේ යනකොට මුණගැහෙන මඩකලපු ප්‍රදීපාගාරය මීටර් 28ක උසකින් යුතුයි. 1913දී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් හදපු මේ ප්‍රදීපාගාරය, උතුරු නැගෙනහිර යුද්ධ කාලෙදී අතහැරලා දැමුණා. 2004 අවුරුද්දේ ආව සුනාමියෙන් මඩකලපුව නගරයට අලාභ හානි වුණත්, ප්‍රදීපාගාරයට ඒ තරම් කරදරයක් වුණේ නැහැ. යුද්ධය අවසන් වීම නිසා ඇතිවුණු සාමකාමී තත්ත්වය නිසා, දැන් ආයෙත් ප්‍රදීපාගාරයේ කටයුතු සාමාන්‍ය විදියට සිද්ධ වෙනවා.

3. දෙවුන්දර ප්‍රදීපාගාරය

ලංකාවේ පහළ කෙළවර වන දෙවුන්දර තියෙන මේ ප්‍රදීපාගාරය, මුළු දකුණුලකට ම ආඩම්බරයක්. රැළි පෙරළෙන මුහුදයි, පොල් ගස් යායයි මැද්දෙන් දිස්වෙන මේ ප්‍රදීපාගාරය රාත්‍රියට විතරක් නෙවෙයි දවාලටත් හරි ම ලස්සනයි. ඉස්සර මෙතැන තිබුණා කියන්නේ විෂ්ණු දේවාලයක්. හැබැයි පෘතුග්‍රීසි සමයේදී ඒක විනාශ වෙලා තියෙනවා. හැබැයි මේ බිමේ ම තියෙන විහාරය නිසා, අදටත් ඇසළ මාසය අල්ලලා පැවැත්වෙන දෙවුන්දර පෙරහැර බලන්න දේශීය විදේශීය බැතිමතුන් එනවා.

1889දී තමයි මේ ප්‍රදීපාගාරය ඉදිවුණේ. නාවික සැතපුම් 28ක් දක්වා දුරකට ආලෝකය විහිදුවන්න සමත්කම් දක්වන දෙවුන්දර ප්‍රදීපාගාරය දැනට ලංකාවේ උස ම ප්‍රදීපාගාරය (54m) විදියටත් නම් දරලා තියෙනවා. මේකේ හැඩය අෂ්ටාස‍්‍රයක් වගේ. ජනප්‍රිය බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරයෙකු වුණු සර් ජේම්ස් නිකොලස් ඩග්ලස් මහත්මයාගේ සංකල්පනාවකට අනූව, මේ ප්‍රදීපාගාරය හැදුණේ ස්කොට්ලන්තය සහ කෝන්වෝල් ප්‍රදේශවලින් ගෙන්වපු කිරිගරුඬවලින්. තරප්පු 196ක් නැග්ග ම තමයි ප්‍රදීපාගාරයේ මුදුනට යන්න පුළුවන් වෙන්නේ. අමාරුවෙන් හරි නැගගත්තොත්, මෙතැන ඉඳන් සුන්දර දකුණු පළාතේ අපූරු දර්ශනයක් දැකගන්න හැකියාව ලැබෙනවා. හැබැයි ඔය මොනවා කරන්නත්, වරාය අධිකාරියේ අවසරය ලබාගෙන ඉන්න ඕනේ.

4. මහා රාවණා හා කුඩා රාවණා ප්‍රදීපාගාර

Image Source : blissimagesfinland.photoshelter.com (මහා රාවණා කොටුව ප්‍රදීපාගාරය)

බැලූ බැල්මට ම පේන්නේ මහ මුහුද මැද්දේ ඉදි කරලා තියෙන කණු දෙකක් වාගේ. ඒත් හරියට ම බැලුව ම තමයි මුහුදේ ගිලිලා තියෙන ගල් පර දෙකක් උඩ තමයි මේක හදලා තියෙන්නේ කියලා. යාල රක්ෂිත මායිමේ ඉඳලා ගත්තොත් කිලෝමීටර් 13ක විතර දුරක් මේවට තියෙනවා. දෙවුන්දර ප්‍රදීපාගාරය හදපු සර් ජේම්ස් නිකොලස් ඩග්ලස් මහත්මයාගේ තවත් නිර්මාණ දෙකක් විදියට මේ මහා රාවණා හා කුඩා රාවණා ප්‍රදීපාගාර හඳුන්වන්න පුළුවන්.

Image Source : divesrilanka.com (කුඩා රාවණා කොටුව ප්‍රදීපාගාරය)

මුලින් ම ඉදි වුණේ මහා රාවණා ප්‍රදීපාගාරයයි. ඒ 1873දී. ඊට අවුරුදු පහකට වගේ පස්සේ තමයි කුඩා රාවණා ප්‍රදීපාගාරය හැදුණේ. මේ ප්‍රදීපාගාර දෙක තියෙන හරිය කිමිදුම්කරුවෝ අතරත් ගොඩක් ප්‍රසිද්ධයි. ඔය “ඊඩ්න්ගේ උද්‍යානය” කියලා හඳුන්වන අලංකාර ගල් පරය තියෙන්නෙත් මේ හරියේනේ. 1961දී ආතර්. සී. ක්ලාක් මහත්මයා ඇතුළු කිමිදුම්කරුවන් කණ්ඩායමක් මේ මහා රාවණා පරය පාමුල තිබුණු පරණ සබ්මැරීන් එකක සුන්බුන් හොයාගත්තා. පසුකාලීනව එතුමා ලියපු “මහා කොරල් පරයේ නිධානය (Treasure of the Great Reef)” කතා පොතෙත් මේ ගැන සඳහන් වුණා.

5. කෝවිලන් තුඩුව ප්‍රදීපාගාරය

Image Source : secretlanka.com

පෝක් සමුද්‍ර සන්ධිය කිට්ටුව ලංකාවේ උතුරු වෙරළේ ලංකාවට අයිති දූපතක් වෙන කරෙයිතිවු දූපතේ පිහිටලා තියෙන කෝවිලන් තුඩුව ප්‍රදීපාගාරයේ එළිය, මුහුදේ සැතපුම් 11ක් වගේ දුරක තියෙන බෝට්ටුවකටත් දැකගන්න පුළුවන්. 1916දී ඉදි වුණත්, උතුරේ යුද්ධය ආරම්භ වීමත් එක්ක, මේකේ වැඩ කටයුතු අඩාල වුණා. මොකද මේක ඒ කාලේ අල්ලාගෙන හිටියේ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන්. ලංකාවේ හමුදාවන් කරෙයිතිවු දූපත අත්පත් කරගත්තත්, සාමාන්‍ය ජනතාවට යුද්ධය අවසාන වනතුරු මේක බලන්න යාමේ හැකියාව තිබුණේ නැහැ. හැබැයි දැන් නම් වරායේ අවසරය ලත් ඕනෙම කෙනෙකුට කෝවිලන් තුඩුව ප්‍රදීපාගාරය බලන්න යන්න ඇහැකි.

6. ගාල්ල ප්‍රදීපාගාරය

Image Source : secretlanka.com

“Pointe de Galle Light” හෙවත් “ගාලු තුඩුවේ ආලෝකය” නමින් හැඳින්වෙන ගාලු ප්‍රදීපාගාරය පිහිටලා තියෙන්නේ ගාල්ල කොටුව ඇතුළේ. අවාසනාවකට වගේ අද අපට දකින්න ලැබෙන්නේ 1848දී ඉදිවුණු ඔරිජිනල් ප්‍රදීපාගාරය නෙවෙයි. මොකද ඒක 1936දී ගින්නකින් විනාශ වුණා. අද අපි දකින ගාල්ල ප්‍රදීපාගාරය හැදුණේ 1940දී. දසදහස් ගණනේ දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්ත මේ ප්‍රදීපාගාරය මීටර් 26ක උසකින් යුතුයි.

7. තලෙයිමන්නාරම ප්‍රදීපාගාරය

Image Source : slam.lk

පරණ තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරය දැක්ක ම නම් ඇත්තට ම දුක හිතෙනවා. ඌරුමලයි ප්‍රදීපාගාරය විදියටත් හැඳින්වෙන මේකේ අද වෙද්දී දකින්න ලැබෙන්නේ යකඩෙන් හැදුණු ආකෘතියක් විතරයි. මේ වෙනුවට ඉදිවුණු අලුත් තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරය හැදිලා අවසන් වුණේ 1915දී.

Image Source : wikipedia.org

මීටර් 19ක් උසින් යුතු මේ ප්‍රදීපාගාරය යුද්ධයේ බලපෑම නිසා කාලයක් අක්‍රීය ව තිබුණා. ඒත් දැන් අවසර ලත් ඕනෙම කෙනෙක්ට මේක බලන්න එන්න පුළුවන්කම තියෙනවා.

ප්‍රදීපාගාරයක් කියන්නේ සාමාන්‍යයෙන් අපි විනෝද ගමනක් යද්දීවත් ගොඩවෙන්න හිතන තැනක් නෙවෙයි. මොකද හුඟක් අය හිතන්නේ මේවා ඔහේ හිටවලා තියෙන ලයිට් කණු කියලනේ. ඉතිහාසයේ කාරණා එක්ක මේවයේ තියෙන බැඳීම ගැන අපේ අයට කිසිම අදහසක් නැහැ. අන්න ඒ නිසා ම තමයි මේ විස්තර ටික අපි ඔයාලට කිව්වේ. ඉතින් ඊළඟ සැරේ ට්‍රිප් එකක් එහෙම යනකොට, මේවත් බලල ම එන්නකෝ හොඳද.

කවරයේ පින්තූරය : bestoflanka.com
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide