වීක්එන්ඩ් එකට අපූරු සවාරියක්! නිවාඩුවක් ගතකරන්න කියාපු සුපිරි සොබාදම් හෝටල් 8ක්.

ආයෙ ඉතින්, දැන්ම ප්ලෑන් කළොත් තමයි. මොකද, මෙදා පාර වීක්එන්ඩ් එකට…!

පවුලේ අයත් එක්ක යන්න හිතාගෙන ඉන්න අයට වුණත්, ආදරණීයයන් එක්ක යන්න ප්ලෑන් කරන අයට වුණත් නිදහසේ ඇවිදල කරල, සතා සිපාවා, ගහකොළේ ආස්වාදයත් හිතේ හැටියට විඳගෙන එන්නයි තියෙන්නෙ. ඒ හැරුණාම ඉතින් සීතල වතුර ටිකක් නාලා, කටට රහට කෑම ටිකක් කාලා, හැන්දෑවට පොඩි ගිනි මැලයක් ගහගෙන සිංදුවක් එහෙමත් කියල විනෝද වෙන්නත් පුළුවන්. එතනින් ගියාම ඉටිපන්දම්, ලන්තෑරුම් එළියෙ රෑ කෑම වේලක් ගන්න, සුවපහසු රැයක් ගත කරන්නත් ආයෙ කියාපුම තැන් තමයි. හැබැයි ඉතින් දැන්ම කෝල් එකක් දීලා බලන්න වේවි. මොකද වීක්එන්ඩ් නේ…

1. The Ark Villa, Mathugama

(077 3428940)

කුළුඳුල් හිරු කිරණ මීදුම් වළා අතරින් ඇවිල්ල කොළ පාටින් දිදුලන වන පියස හැඩ කරන අපූරුව, තොර තෝංචියක් නැති කුරුල්ලන්ගෙ හඬ, ඒ අපූර්වත්වයට ගේන රිද්මය, නිදහසේ විඳගන්න ආසයිද?

එහෙනම් යන්න මතුගම, කෝපිවත්ත-උතුම්ගම පාරෙ පිහිටල තියෙන ආර්ක් විලා එකට. ගස් මුදුන්වලිනුත් උඩට වෙන්න, පුංචි කඳු ගැටයක බෑවුමේ හදල තියෙන මේ හෝටලයෙ ලස්සන දෙගුණ තෙගුණ වෙන්නෙ ඒකෙ තියෙන සුපිරි විව් එක නිසා. බිත්ති ඔක්කොම වීදුරුවලින් හදල බිමයි වහළයි විතරක් ලීවලින් හෙවිලි කරපු මේ හෝටලයෙ ලස්සන හිතා ගන්න පුළුවන්නේ? ආරංචියෙ හැටියට නම් මේකෙ කෑම බිම එහෙමත් හොඳයිලු.

2. Rain Forest Eco Lodge, Deniyaya

(076 6919233)

දෙනියාය, විහාර හේන, එන්සෙල් තේ වතු යායෙ කඳු බෑවුමකට වෙන්න හදල තියෙන රේන් ෆොරස්ට් ඉකෝ එකත් වන අරණක සුන්දරත්වය, සුව පහසුව ඉඳගෙන විඳගන්න කියාපු තැනක්.

මුලුමනින්ම වීදුරු බිත්තිවලින් හැඩ කරල තියෙන ඉකෝ ලොජ් හෝටලයෙ සිවිලිම වගේම කාමර බිම් හදල තියෙන්නෙත් ලීවලින්. ඒ විතරක් නෙවෙයි හෝටලයෙ අනිත් ඉදිකිරීම් එහෙමත් සෑහෙන්න දුරට ලීවලින් ම කරල තියෙන නිසා, ගතට හිතට දැනෙන ඉකෝ අත්දැකීමක් ගන්න පුළුවන්. හිතේ හැටියට හොඳ වතුර ටිකක් නා ගන්න ස්වභාවික නාන තටාක එහෙමත් මේ වට පිටාවෙ ඕන තරම් තියෙනව. ඒ වගේම තමයි මෙතන කෑම බීම ටිකත් පංකාදු පහට තියෙනව.

3. Kithul Kanda Resort, Meepe

(0115 960300)

ලොකු දුරකට නොගිහින්ම අපූරු සොබාදම් අත්දැකීමක් ගන්න, යන්න මීපෙ කිතුල් කන්ද රිසෝර්ට් එකට. ලීවලින්, මැටිවලින් හැඩ දාලා හදපු, පිටිසර ගතියක් නැති වුණාට, මේ හෝටලේ විව් එක නම් පිටිසර ගමක වගේමයි. මොකද, ස්විමින්ග් පූල් එක හතර වටේටම පේන්නෙ අවිස්සාවේල්ලෙන් එපිට කිතුල්ගල කඳු පන්තිය. එතකොට කාමරවලටත්, කොළ පාටින් දිදුලන අවට කැලේ කොලේ, හරි ලස්සනට පේනව. මේ හරියෙ සතා සීපාව නම් ඒ හැටි නෑ. ඒත් කුරුල්ලො නම් එමටයි. කටට රහට හැදෙන ඕන තාලෙක කෑමක් කන්න වගේම, පවුලේ අය එක්ක හොඳ හැටි විනෝද වෙන්නත් මෙතන කියාපු තැන.

4. Jungle Resort, Ella

(077 7352352)

කිරිඳි ඔයේ සුන්දරත්වය කැටි කරල හදපු ඇල්ල නගරයෙ තියෙන සුන්දරම නවාතැනක්. පිහිටල තියෙන්නෙ ඇල්ල, වැල්ලවාය පාරෙ 16 කණුව හංදියට කිට්ටු වෙන්නෙ. පාර අයිනට වෙන්න නම් නෙවෙයි, ටිකක් කැලේ ඇතුළට වෙන්න.

මුලුමනින්ම වගේ ලීවලින් හදපු මේ හෝටලයත් කාර්යය බහුල ගතියෙන් මිදෙන්න කියාපු තැන. මොකද ආලින්දය පාමුලින් කඩා හැලෙන සුන්දර දිය ඇල්ලයි, කිරිඳි ඔයේ සැඩ පාරයි කිසිම ඉවක් බවක් නැතුව හිත හොරා ගන්නවනෙ. ඒ විතරක් නෙවෙයි වතුරත් එක්ක සෙල්ලම් කරන්න බය නැති කට්ටියට ඇල්ල ජන්ගල් රිසෝට් එකේ, කරන්න වැඩ ඕන තරම් තියෙනව. දිය ඇලි නගින්න, වතුරට පනින්න, ඔරු පදින්න, ඒ විතරක් නෙවෙයි හිතේ හැටියට රස කෑම රස බලන්නත් මෙතන මරු.

5. Jungle Beach Resort, Trincomalee

(0265 671000)

කැලේ ඉඳන් වෙරළෙ සුන්දරත්වය අත් විඳින්න විතරක් නෙවෙයි වෙරළෙ ඉඳන් කැලේ සුන්දරත්වය අත් විඳින්නත් කියාපු හෝටලයක් තමයි කුච්චාවෙලි, ජන්ගල් බීච් රිසෝට් එක. ලීවලින් හදල පිදුරු හෙවිලි කරපු ලස්සන ගෙවල් ටිකක් තමයි මෙතන තියෙන්නෙ. කෑම බීම, සුවපහසුකම් ටිකත් ටොප් එකටම තියෙනව මෙතන. සැප්තැම්බර්, නොවැම්බර් කාලවලට කුච්චාවෙලි වෙරළ තීරය කුරුලු හඬින් රැව් දෙද්දි වට පිටාවෙ සුන්දරත්වය නම් කියල නිම කරන්න බැරි තරම්. දන්නවද?

6. Gaga Bees, Thissamaharama

(071 6205343)

තිස්සමහාරාම සඳගිරි ගම කියන්නෙ යාල මායිමට කිට්ටුව. කොහොමද අලි,කොටි,වලස්සු මැද්දෙ ගං ඉවුරක නයිටක් ගහද්දි. ගිනි මැලයක් ගහගෙන, සිංදුවකුත් කියාගෙන, රස කෑම ටිකකුත් බඩට දාගෙන ඇති පදමට විනෝද වෙලා එන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන ගඟ බීස් හෝටලයෙ කාමර හදල තියෙන්නෙ හරියට බිම් පැල් වගේ, මැටි ගාලා, පොල් අතු හෙවිලි කරල එහෙම. හැබැයි හරිම සුව පහසුයි. අනික පැල්පත්වලින් වට වුණු ලස්සන පූල් එකකුත් තියෙනව. හවස් ජාමෙට ලන්තෑරුම් එළිවලින් අාලෝකමත් වුණාම තමයි ගඟ බීස්වල ලස්සන හොඳටම පේන්නෙ.

7. Forest Lodge, Galkadawala

(077 3732855)

රියල් වනගත අත්දැකීමකට යමුද හබරණ කැලේ පැත්තට. හැබැයි හබරණ ඉඳන් ගල්කඩවල් වැව් ඉස්මත්තට යන්න ඕන. හරිම ලස්සන නවාතැනක්. අලි ගහන කැලේ, සතා සීපාවා, කුරුලු කොබෙයියො එක්ක හුදෙකලා වෙන්න, වැවේ ඔරු පදින්න, හැන්දෑ ජාමෙට ගිනිමැල, බාබකියු පාර්ටියක් දාන්න කියාපු තැන. මේ නවාතැනෙත් ඉදිකිරීම් කටයුතු කරල තියෙන්නෙ ලී, මැටි, ගඩොල්වලින්. ඒ නිසා හරිම ගැමි ගතියක් තමයි තියෙන්නෙ. එහෙමයි කියල කිසි දේකින් අඩුවක් නම් නෑ. කෑම බීම වගේම සර්විස් එකත් නියමෙට තියෙනව. ලස්සන දර්ශන පථයක පිහිටපු උඩු පැලක් එහෙමත් තියෙන නිසා උදෙන්ම නැගිටල එතනට ගියා නම් හිතේ හැටියට රිලැක්ස් වෙන්නත් පුළුවන්.

8. Maluu Maluu Resort, Pasikuda

(0657 388388)

ගොඩ දෙනෙක් දන්න කියන තැනක්. හරිම නිස්කලංක, පුළුල් වෙරළ තීරයක පිහිටපු හෝටලයක්. සුව පහසුව, කෑම බීම ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ, සුපිරිම තමයි. විශේෂයෙන් කියන්න ඕන මාළු මාළු හෝටලයෙ තියෙන ලස්සන ගැන. ලීවලින් තමයි හදල තියෙන්නෙ. හැබැයි වහලට පිදුරු හෙවිලි කරල නෑ. නිල් කැටේට පේන පාසිකුඩා මුහුදු තීරය අගෝස්තු, සැප්තැම්බර් කාලවලට ස්නෝකෙල් කරන්න, ඩයිවින් කරන්න වගේම ස්ර්ෆින් කරන්නත් කියාපු. රතු පාට වුණු ක්ෂිතිජය දිහා බලාගෙන හවස් ජාමෙට ගිනි මැලයක් ගහගෙන පොඩි පාටියක් දාන්න මාළු මාළු හෝටලය නම් කියාපු තැන.

ඒ හැරුණාම ඉතින් ඔය කොයි කොයි හෝටල්වලිනුත් ඔයාලට එක එක පැකේජ් හම්බුවෙන්න ඉඩ තියෙනව. විශේෂයෙන්ම සෆාරි, බෝට් රියඩ් වගේ ඒවා.

අනික අපි මෙතන නොකියපු, ඔයාලා දැනටමත් ප්ලෑන් කරපු හෝටල් එහෙමත් තියෙන්න පුළුවන්නෙ. ඉතින්, අපේ යාළුවන්ට දැන ගන්නත් එක්ක ඒවා කමෙන්ට් කළා නම් තමයි තවත් හොඳ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide