කටට සැරට උණු උණුවෙන්! විනාඩි 5ට ගෙදරදිම හදාගන්න ස්නැක්ස්, බයිට්ස් 5ක්.

මේ දවස්වල හැන්දෑ ජාමෙට වැටෙන වැස්සට තෙමීගෙන ගෙදර යද්දි, නැත්නම් වැස්සත් එක්ක එන සීතල අල්ලල, ගුලි වෙලා ගෙදරට ගොඩ වෙද්දි කොහොමද උණු උණූ තේ එකක් එක්ක කටට සැරට හදාපු පොඩි ස්නැක් පාරක් හම්බවුණොත්. නිකම්… රොටි, වඩේ වගේ දෙයක්. පංකාදු පහයි නේ… ආයෙ රෑ කෑම නැතත් කමක් නැති තරම්. හැබැයි ඉතින් එහෙම හම්බවෙන රොටි වඩේවල මොකක් හරි වෙනසක් තිබුණොත් නම් තවත් මරු. මොකද එතකොට හැමදාම කන රසට එහා ගියපු රසක්නෙ රස බලන්න තියෙන්නෙ. ඒකත් අලුත්ම කෑම ටිකක් වුණොත් පංකාදු පහයි.

ඒත් අවුල තියෙන්නෙ එහෙම අළුත් කෑම ලේසියට පාසුවට හොයා ගන්න නෑනෙ. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ ඔය ගෙදර උදවියටත්, අනිත් අයටත් නිකම් ඉන්න වෙලාවට හදල බලන්න පොඩි පොඩි ස්නැක්ස් ටිකක් කියන්න. එතකොට කාට කාටත් සෙට් වෙලා බඩ කට පුරවගන්න පුළුවන්නෙ. හැරත් ඔය අඩියක් ගහන උදවියට එමෙත් පාවිච්චියට ගන්න බැරි කමක් නෑනෙ, නේ…

1. දයියා මඤ්ඤොක්කා

උණු උණු ප්ලේන්ටියක් ගහන ගමන් රස බලන්න කියාපු කෑමක්. අනික හදන්නත් හරි ලේසියිනෙ. මුලින්ම කරන්න තියෙන්නෙ මඤ්ඤොක්කා අලයක් අරගෙන ඇඟිලි පුරුකක් විතර සයිස් කෑලිවලට කපල ලුණු, කහ දාලා හොඳ හැටි තම්බ ගන්න එක. ඒ අතරට පෑන් එකකට තෙල් ටිකකුත් රත් කරගන්න. තෙල් ටික රත් වීගෙන එද්දි අබ, සුදු ලූණු, කරපිංච එක්ක හීනියට ලියාගත්තු කොච්චි ටිකක්, කූනිස්සො ටිකක්, ලූණු ටිකක් එහෙමත් දාලා පොඩ්ඩක් බැදගන්න ඕන. ඒ ටික බැදීගෙන එද්දි ලොකුවට කපාගත්තු මාළුමිරිස්, හීනියට ලියාගත්තු ලීක්ස්, කැරට් ටිකක් එක්ක බිත්තරයකුත් කැරලි වෙන්න දාලා, සුවඳ පදම එද්දි මොනව හරි සෝස් ටිකකුත් දාන්න. අන්තිමට තම්බ ගත්තු මඤ්ඤොක්කා ටික දාලා කලවම් කරල ගත්ත නම්… පංකාදු පහයි කියයි.

2. බැටර්ඩ් කඩල

ෂප්පේ… හැදුවොත් එකපාරක් ඉල්ලයි කට්ටිය හැමදාමත්. සත්තයි, ඒ තරම් රසයි. කරන්න තියෙන්නෙ ලොකු ඇට කඩල ටිකක් තම්බල අරගෙන බැටර්ඩ් මික්ෂර් එකක දාලා බේක් කරගන්න එක. හැබැයි ඒකෙදි බැටර්ඩ් මික්ෂර් එකට ගලේ අඹරපු කොච්චි ටිකකුයි, කූනිස්සො කුඩු ටිකකුයි දාන්න අමතක කරන්න එපා. මොකද ඒකෙන් එන රස වෙන කිසිම එකකින් ගන්න බෑ. අනික බිත්තර සුදුමදයි, බටරුයි දාලා බීට් කරද්දි බටර් ටිකක් වැඩිපුර හරි නැත්නම් චීස් ටිකක් හරි දාන්න. මොකද හදිස්සියෙවත් බිත්තර සුදුමද වැඩි වුණොත් ක්‍රිස්පි ගතිය වැඩි වෙන්නවනෙ. එතකොට කඩලවල රසට සෙට් වෙන්නෙ නෑනෙ.

3. මික්ස් පොල් රොටි

නිකම් පොල් රොටි හදන එකේ කවදාවත් හිතුවද ඕකට පොලුත් එක්ක වෙන මොනව හරිත් දාලා බලන්න ඕන කියල. නෑ නේ…? ඒකනෙ කියන්නේ. එහෙනම් මීට පස්සෙ පොල් රොටි හදන්න පිටි අනන්න කලින් හදාගන්න පොඩි උම්බලකඩ බැදුමක්. හැබැයි තෙල් ටිකක් අඩුවෙන් දාලා. අනික ලූණු, සුදු ලූණු, කරපිංච, හීනියට ලියාගත්තු මිරිස් කෑලි එහෙමත් හොඳට බැදෙන්න ඕන. ඒත් උම්බලකඩ ගොඩක් බැදෙන්න අරින්න එපා. ලාවට බැදුණාම ඇති. කොහොම හරි අන්තිමට පිටි මිශ්‍රණයත් එක්ක උම්බලකඩ බැදුම දාලා අනලා රොටී පුච්චන්නයි තියෙන්නෙ. ආයෙ ඉතින්… කට්ට සම්බෝල ‘ඕන නෑ’ කියයි.

4. රෝස් පාන් ඩෙවිල්

හදන්නම දෙයක් නැති වෙලාක! ඔන්න එනව චූන් පාන් මල්ලි. දැන් මොකද කරන්නේ…?

නිකම් බොරුවට රෝල්ස් පැටිස්වලට සල්ලි වියදම් නොකර ගන්න හොඳ කර වෙච්ච රෝස් පාන් ගෙඩි දෙකක්. අරගෙන කර වෙච්ච ටික අයින් කරල ඇඟිලි පුරුකක් සයිස් විතර කෑලිවලට කපාගන්න. ඊට පස්සෙ ඒ ටික ලාවට පෑන් ෆ්‍රයි පාරක් දාගන්නයි තියෙන්නෙ. ඒ අතරට තෙල් ටිකක් ලිපේ තියල ඉඟුරු, සුදු ලූණු, අබ, කරපිංච, කෑලි මිරිස් ටිකක් බැදෙන්න අරින්න. බැදුම හරියාගෙන එද්දි අර පාන් ටික හොඳ හැටි බිත්තර සාරුවල දවටල තෙලට දාන්න. දාලා පොඩ්ඩ අඩි අල්ලගෙන එද්දි සෝයා සෝස් ටිකක්, ලොකුවට ලියාගත්තු මාළු මිරිස්, බී ලූණු ටිකක් එහෙමත් එකතු කරන්න ඕන. ඊට පස්සෙ ඉතින්… බයිට් එකට නතිං!

5. ක්‍රිස්පි ලූණු

මේං බයිට් කිව්වලු. ඔය අනම් මනම් ෆ්‍රයිස් ජාති සේරම පරාදයි. කරන්න තියෙන්න පොඩි වැඩ ටිකක්. බී ලූණු ගෙඩියක් අරගෙන එක පැත්තකින් කැපුමක් දාලා පෙති වෙන් කරගන්න. ඒ අතරට භාජනයකට බිත්තර සුදුමද, බටර්, ගලේ අඹර ගත්ත කොච්චි ටිකක්, ලුණු එහෙම දාලා බීට් කරලා පේස්ට් එකක් හදා ගන්න ඕන. පස්සෙ ලූණු පෙති ටික ඒකෙ දවටල බේක් කරගන්නයි තියෙන්නෙ. හැබැයි මේසෙට යවද්දි නම් දිගට පළපු අමු මිරිස් කරලක් සෝස් ටිකක් අමතක කරන්න එපා. මොකද ඒකෙන් තමයි ගතිය එන්නෙ.

හැබැයි ඒ අතරට මේ වගේ අළුත් අළුත් කෑම ගැන ඔයාලට අයිඩියා තියෙනව නම් ඒවත් අර සෝස් දීසියත් එක්ක අපේ මේසෙට එවන්න. මොකද අපිත් ආසයිනෙ ඔය වගේ ඒවා හදල කන්න.  

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide