ආයුබෝවේවා! සිබිල් නැන්දේ,…; අනූ වසරක් සමරන සිබිල් වෙත්තසිංහ.

"කිසි දවසක කුඩයක් දැකලා නැති කොස්ගම කිරි මාමා නගරයේ මිනිස්සු කුඩ ඉහලාගෙන යනු දැක තමන්ද කුඩයක් මිල දී ගැනීමට කල්පනා කළා. නගරයෙන් කුඩයක් මිල දී ගත් කිරි මාමා රෑ බෝ වී ගමට ගියේ, උදෑසනම කුඩය ඉහලාගෙන ගොස් ගම් වැසියන් පුදුම කරවන අදහසින්. මේ අතරේ ගමේ කඩයට ගොඩවුණු කිරි මාමාගේ කුඩය නැතිවෙන්නේ හිතා ගන්නවත් බැරි අන්දමෙන්. මේ නිසාම තවත් කුඩ කිහිපයක් වරින් වර ගෙන ආවත් ඒ කුඩ ද පෙර පරිදිම අස්ථානගතවෙන්නේ කිරි මාමා පුදුම කරවමින්. වැඩේ හරි යන්නේ නැති තැන කිරි මාමා අපූරු උපායක් යොදන්නේ කුඩ නැතිවෙන්න හේතුව හොයන්නයි."

Image Source : nation.lk

මතකද, “කුඩ හොරා” ව? ලංකාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකයක් ම ආදරයෙන් වැළඳගත්ත අපේ කුඩ හොරා ගැන කතා කරද්දී, අපට අනිවාර්යෙන් ම සිහිපත් වෙන තවත් කෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, මේ කුඩ හොරාගේ කතාව බොහොම රසවත් විදියට අපට කියපු, සිබිල් වෙත්තසිංහ නැන්දා.

සිබිල් නැන්දා අපේ ළමා ලෝකයේ වීරවරියක්. ඒ විතරක් නෙවෙයි, පරම්පරා ගණනක් කලාවෙන් දිරිමත් කරපු ආදරණීය චරිතයක්. ලංකාවේ ගම් දනව්වකට පයක්වත් නොතියපු අපේ පොඩ්ඩෝ, ගම්මානේ සිරියාව, ඒ ගහ කොළ, ඇල දොළ, සතා සීපාවන් සහ ගැමි සබඳකම් ගැන හිතින් මවාගත්තේ, සිබිල් නැන්දා අපට කියපු කතාවලින්. ඇය ඇඳපු සිතුවම්වලින් ඒ ලෝකය දකින්නත් අපට හැකියාව ලැබුණා. ඉතින් ඒ සිබිල් නැන්දා ඊයේ දවසේ ඇගේ 90වැනි ජන්ම දිනය සැමරුවා. අපේ ජීවිතවල අමරණීය මතකයන් ගොඩක් එකතු කරපු ඇය ගැන පුංචි සටහනක් තියන්න අපි කල්පනා කළේ ඒකයි.

ගිංතොට ඉස්කෝලේ පුංචි සිබිල්

1928 අවුරුද්දේ ඔක්තෝම්බර් 31 වෙනි දවසේ, ගිංතොට ගෙදරක පුංචි කෙල්ලක් ඉපදුනා. සහෝදර සහෝදරියන් හතරදෙනෙක්ගේ පවුලක තුන්වැනියා විදියට උපන්න මේ කෙල්ලට ලැබුණු නම “සිබිල්”. අවුරුදු 4 සම්පූර්ණ වෙද්දී ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ඇතුළත් කෙරුණා. හැබැයි වැඩි කාලයක් මේ ඉස්කෝලෙට යන්න පුංචි සිබිල්ට පුළුවන් වුණේ නැහැ. ඒ තමන්ට හුරුපුරුදු ගම අත හැරලා, පවුල පිටින් ම කොළඹ නගරේ පදිංචියට එන්න ඇයට සිද්ධ වුණු නිසා.

තමන්ගේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීමේ බලාපොරොත්තුවක් සිබිල්ගේ  දෙමාපියන්ට තිබුණා. ඒ නිසා ම සිබිල් ව ඇතුළත් කෙරුණේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට.

ගමෙන් වෙන්වෙලා ආවත්, සය අවුරුදු දැරියක් විදියට තමන් දැකපු ගමේ සිරිය, ඒ ලෙන්ගතුකම් පුංචි සිබිල්ට අමතක වුණේ නැහැ. රටක්, ලෝකයක් ආදරය කරන, පරම්පරා ගාණකට අමතක නොවන සිහිවටන රැසක් දායාද කරපු දයාබර සිබිල් නැන්දා බවට පත් වෙන්න ඇයට අඩිතාලම වැටුණේ එතැනින්.

අවුරුදු හතරේ ඉඳන් බිත්ති පුරා අඟුරු කෑල්ලෙන් චිත්‍ර ඇඳපු පුංචි සිබිල්ගේ කලා හැකියාව ඔප් නැංවෙන්න ගත්තේ බම්බලපිටියේ ඉස්කෝලේ ඉගෙනගන්න කාලෙ දි. පාඩම් වෙලාවේදිත් ඔය පොත් පිටක් අරගෙන චිත්‍රයක් බලි කුරුටු ගාපු නිසා වේවැල් කසාය කාපු වේලාවලුත් අනන්තයිලු. ඒත් පසු කාලෙක දි චිත්‍ර සම්බන්ධ දේවල්වල දි සිබිල් ඉස්කෝලෙට නැතුව ම බැරි කෙනෙක් වුණා.

සිබිල්ගේ කලා හැකියාව හොඳින් ම දැක්කේ ඇගේ පියායි. ඒ වෙනුවෙන් ඇයට ඉඩ හසර සලසන්න ඔහු හැම වෙලාවේ ම කටයුතු කළා. ලංකා කලා සංගමය විසින් පවත්වපු චිත්‍ර ප්‍රදර්ශනයකට ඇගේ චිත්‍රයක් ඉදිරිපත් වෙන්නෙත් එහි ප්‍රතිඵලයක් විදියට. පහළොස් හැවිරිදි සිබිල් ඇඳපු මේ චිත්‍රය, ඒ ප්‍රදර්ශනය නරඹන්න ආව එච්. ඩී. සුගතදාස මහත්මයාගේ විශේෂ අවධානයට යොමු වුණා. ඒ වෙද්දී නවමග අතිරේක කියවීම් පොත් පෙළේ සම්පාදකවරයා විදියට කටයුතු කළේ ඔහු, එහි පස් වැනි ශ්‍රේණියේ පොත්වලට චිත්‍ර අඳින ලෙසට සිබිල් ට ආරාධනා කළා. තමන්ගේ ජන්ම හැකියාව වෘත්තීමය තත්ත්වයට ගේන්න ඇයට හැකියාව ලැබුණේ එයින්.

වෘත්තීමය කලා ජීවිතය

නවමග අතිරේකේ චිත්‍ර අඳිමින් ඉඳපු සිබිල්, ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදිනියක්‌ බවට පත්වෙද්දී ඇයට අවුරුදු 19ක් සපිරුණා විතරයි. අවුරුදු 28ක් ඇය ලේක්හවුස් ආයතනයේ සේවයේ නිරත වුණා. මේ විදියට ඇරඹුණු ඇගේ කලා ගමනට අද වෙද්දී අවුරුදු 70කට කිට්ටු කාලයක් ගත වෙලා. ඒ දශක හතේ හැම දවසක් ම ගෙවුණේ ළමයින් උදෙසා චිත්‍ර, කතාන්දර නිර්මාණය කරන්නයි.

කාලයක් තිස්සේ තරුණ සිබිල්ගේ නිර්මාණ රසවිඳපු ජනතා පත්‍රයේ ප්‍රධාන උප කර්තෘ වූ ධර්මපාල වෙත්තසිංහ මහත්මයා, තමන්ගේ පුවත්පතට ළමා නවකතාවක් ලියා දෙන මෙන් ඇගෙන් ඉල්ලා සිටියා. අපි අර කලින් මතක් කරපු “කුඩ හොරා” ඇගේ අතින් ලියවුණේ ඒකෙ ප්‍රතිඵලයක් විදියටයි. මේ කතාවට ලැබුණු ඉහළ ප්‍රතිචාර නිසා ම, ඒ පුවත්පතට දිගින් දිගට ම ළමා කතන්දර ලියන්නත්, චිත්‍ර අඳින්නටත් ඇයට අවස්ථාව ලැබුණා. පසු කාලීන ව ඇය විවාහ වුණෙත් තමන්ව ඒ විදියට දිරිමත් කරපු ධර්මපාල වෙත්තසිංහ මහත්මයා සමඟයි.  

Image Source : hi.lk

1982 අවුරුද්දේ ජපානයේ පැවැත්වුණු පොත් චිත්‍ර ශිල්පීන්ගේ තරගයක් වෙනුවෙන් කුඩ හොරා ළමා කතාව ඉදිරිපත් කරපු සිබිල් නැන්දා ට, ලෝකයෙන්ම තෙවැනි ස්ථානය ලැබුණේ හැමදෙනාගේ ම පැසසුම් මධ්‍යයේයි. ඉන්පස්සේ මේ පොත ජපන් බසටත් පරිවර්තනය වුණා. 1987 දි ජපානයේ පළවුණු ජනප්‍රිය ම විදෙස් ළමා කතාව වුණෙත් “කුඩ හොරා” කතාවයි. මේ පොතට ලැබුණු ආදරය මෙතැනින් නැවතුණේ නැහැ. නෝර්වේ, ස්‌වීඩනය, ඩෙන්මාර්කය, ‌අමෙරිකා එක්සත් ජනපදය, කොරියාව, පිලිපීනය, චීනය වගේ රටවල් 12ක භාෂාවන්වලට මේ පොත පරිවර්තනය වුණා.

සිබිල් නැන්දාගේ කතන්දර හැම එකකට ම වගේ පදනම් වුණේ ගමක ඉඳපු සය හැවිරිදි පුංචි කෙල්ලක් විදියට ඇය දැකපු, විඳපු අත්දැකීම්. 2003 අවුරුද්දේ හොඳම සැලසුම සහිත ළමා පොතට හිමි සාර්ක් සම්මානය ලැබුණු “දුවන රැවුල” ළමා කතාවත් එහෙම එකක්. පොල් ලෙලි කර්මාන්තයේ නිරත වෙලා උන්නු සිබිල්ගේ ලොකු අම්මාගේ ගෙදර ගැවසුණු සිබිල්, වේලෙන්නට දාපු පොල් ලෙලි දැක්කේ කොහුවලින් හැදුණු මහා යෝධයෙක්ගේ රැවුලක් විදියට. ඉතින් ඔන්න ඔය යෝධ කොහු රැවුල ගැන මතකය තමයි  “දුවන රැවුල” කතාවට පාදක වුණේ.

කුඩ හොරාගෙන් පස්සේ සිබිල් නැන්දා ලියපු ළමා පොත් ගණන 250කට අධිකයි. සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙන් ම මේ පොත් රචනා වීම තවත් විශේෂත්වයක්.

අවුරුදු 90ක් වයසැති සිබිල් නම් මේ සිත්තර අම්මා දැන් සිවු දරු මවක්. ඒ විතරක් නෙවෙයි, මුනුබුරු මිණිබිරියන් පස් දෙනෙක්ගේ අත්තම්මා කෙනෙක්. ඒත් ඇය තවමත් කලා කටයුතුවලට සමුදීලා නැහැ. අදටත් ලස්සන චිත්‍ර අඳින ගමන් කතන්දර ගොතන්නට ඇය සමත් වෙලා තියෙනවා. මේ දිනවල ජපානයේ ප්‍රකාශයට පත්වෙලා තියෙන "අපූරු රිදී ගස" ඇගේ අලුත් ම ළමා කතා පොතයි. ළඟදී ම ලංකාවේ අපටත් මේ කතාව රස විඳින්න ලැබේවි.

අවුරුදු පහළොවේ පටන් සිබිල් නැන්දා ඇඳපු ලස්සන චිත්‍ර කීපයක් අඩංගු චිත්‍ර ප්‍රදර්ශනයක් ඔක්තෝම්බර් 31 සහ නොවැම්බර් 1 (ඊයේ සහ අද) කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේ පැවැත්වෙනවා. “ආයුබෝවේවා! අනූවට පා තබන සිබිල්” යනුවෙන් නම් කරලා තියෙන මේ ප්‍රදර්ශනයේ කලින් සඳහන් කරපු "අපූරු රිදී ගස" සහ සිද්ධාර්ථ චරිතයේ වැදගත් අවස්ථා අඩංගු කරලා නිර්මාණය කරපු චිත්‍ර පෙළකුත් අන්තර්ගතයි.

අපට සිබිල් නැන්දාගේ චිත්‍රයක් අඳුනගන්න,ඒක ළඟින් ඇගේ නම සඳහන් කරලා තියන්න ඕනේ නැහැ. චිත්‍රය දැකපු ගමන් අපි දන්නවා මේක ඇන්දේ සිබිල් නැන්දා කියලා. ඒ තරම් අනන්‍යතාවයක් සිබිල් නැන්දාගේ චිත්‍රවල තියෙනවා.

ගතින් වසර 90ක් වුණත්, සිබිල් නැන්දා කියන්නේ තමන් සිතින් තවමත් අර ගමේ ජීවත් වෙන සය හැවිරිදි පුංචි කෙල්ල බවයි. මේ තරම් අපූරු ළමා කතන්දර, සිතුවම් නිර්මාණය කරන්න ඇයට තවමත් පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි. ඉදින් යුග ගණනක් අනුස්මරණය කරන්නට තරම් මිහිරි මතක ගොන්නක් අපට ලබාදුන් සිබිල් නැන්දේ, ඔබට ආයු බොහෝ වේවා!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide