ගං ඉවුරක වන පියසක දිය ඇල්ලක පහසේ! නිවාඩුව ගතකරන්න කියාපු හෝටල් 7ක්.

ඔන්න යාළු ආයෙත් එනව සතිඅන්ත නිවාඩුවක්. හැබැයි ඉතින් මෙදා පාර කඳු නගින වැඩ නම් ඒ හැටි ලේසි වෙන්නෙ නෑ. මොකද තද වැස්ස එක්ක පොර බදන්න වෙනවනෙ. අනික ඇඩ්වෙන්චර් යාළුවන්ටත් සෑහෙන්න පාඩුයි. මොකද ගංගා ඇල දොළ වතුර පාර සැර වුණාම ජීවිත අවදානම වැඩියිනෙ. වැඩේ කියන්නෙ එහෙමයි කියල අවුරුද්ද අන්තිමේ එන නිවාඩුවක් අත ඇරලත් බෑ.

අන්න ඒ නිසයි අපි කල්පනා කළේ ඔය ඇඩ්වෙන්චර්, කෑම්පින්ග් වැඩ කරන, නොකරන කොයි කාටත් හොඳ හැටියට වීක්එන්ඩ් එක බැලන්ස් කරගන්න ක්‍රමයක් දෙකක් කියන්න. ඒකත් එසේ මෙසේ නෙවෙයි හොඳ සුවපහසුවට ඉඳගෙන, රස කෑම බීම ටිකක් කාලා ෂපාන් එකේ දවසක් දෙකක් ගත කරල එන්න පුළුවන් වෙන්න. එහෙමයි කියල ඔය ලොකු ලොකු ගණන් වල වැඩ අපේ නෑනෙ. සියල්ල අතේ තියෙන ගාණට, නැත්නම් කට්ටියත් එක්ක කතාවෙලා ගාණක් දාගෙන වගේ තමයි.

හරි හරි, ඒවයින් මේවයින් වැඩක් නෑ. දැන් කට්ටියත් එක්ක ඔය පහළින් තියෙන පොඩි පොඩි හෝටල්, කොටේජ් ටික බලන්නකො, මෙදා සැරේ වස්සාන කාලය ගත කරන්න ගැලපෙනවද කියල. හැබැයි ඉතින් හිත ගියොත් නම් අනිවා සනික බුකින්ග් තමා හොඳ්!

1. Catamaran Lagoon House, Thangalla (077 3620194)

බෝට්ටු ගෙදරක දවසක් ගතකරල හැන්දෑ වෙද්දි ගං ඉවුරට බහින්න. ඉවුරට බැහැලා ගිනි මැලයක් ගහගෙන සිංදුවක් කියන්න, පොඩි අඩියක් ගහන්න, රස බයිට් එකක් රෑ කෑම වේලක් කන්න, කියාපුම තැන මෙන්න. ඒ විතරක් නෙවෙයි අපූරු බෝට්ටු සවාරි යන්න, උදේ පාන්දරට කලපුව වටේට රවුම් ගහන කුරුල්ලන්ගෙ හැඩ බලන්නත් නියමම තැනක්. කරන්න තියෙන්නෙ තංගල්ල, නෙටොල්පිටියෙ රැකව කලපුව පැත්තට යන එක තමයි. ගිහින් කාගෙන් හරි ඇහුව නම් හරියටම තැන පෙන්නයි. හැබැයි ඉතින් යන්න කලින් බුකින්ග් එකක් දාලා යන්න අමතක කරන්න එපා, හොඳද.

2. Royal River Risort, Kithulgala (0112 732755)

දිය ඇල්ලක් උඩ හදපු කාමරයක බැල්කනියට වෙලා සොබාදහමෙ ආශ්වාදය හිතේ හැටියට විඳගන්න කවුද ආස නැත්තෙ? අන්න ඒ නිසයි අපි කල්පනා කළේ කිතුල්ගල, කොට්ටම්පිටියෙ තියෙන රෝයල් රිවර් රිසෝට් එක ගැන ඔයාලට කියන්න. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ කිතුල්ගල කිව්වාම ඉතින් රාෆ්ටින්ග්, කැන්යොනින්ග් වගේ වැඩ කොහොමත් තියෙනවනෙ. ඒ හැරුණාම විශේෂයෙන් මෙයාල ළඟ තියෙනව සවාරි, කෑම්ප් ෆයර් නයිට් වගේ ඒවත්. කට්ටිය කියන විදියට නම් රිවර් රිසෝට් එකේ කෑම බීම එහෙමත් ගමේ රහට තියෙනවලු. ඒ නිසා බඩ පැලෙන්න, හිත පිරෙන්න කන්නත් පුළුවන්.

3. The Farm Resort, Dikoya (077 6956520)

සීතල පැත්තක අපූරු රැයක් ගත කරන්න කියාපු තැනක් තමයි දික්ඔය ෆාර්ම් රිසෝට් කියන්නෙ. පිහිටල තියෙන්නෙ කාසල්රිජ් වැව් ඉස්මත්තෙ. ඉර බැහැගෙන යන හැන්දෑවට, කුරුලු කීචි බීචියෙන් පිරුණු උදෑසනට ෆාර්ම් රිසෝට් වටපිටාවෙ මැවෙන සුන්දරත්වය නම් ඇස් අදහාගන්නත් බැරි තරම්. ඒ විරතක් නෙවෙයි රෑ ජාමෙට තේ වත්තෙ පොඩි රවුමක් දාන්න යද්දි හම්බුවෙන සත්තු විශේෂත්, ලේසියකට වෙන තැනකින් බලා ගන්න ලැබෙන්නෙ නෑ. මෙයාලගෙත් කෑම බීම, සර්විස් එක එහෙම නම් පංකාදු පහයිලු.

4. Thuduwa Camp, Udawalawa (0475 679771)

උඩවලව, රන්කෙත්ගමේ කිරිඉබ්බන් වැව් ඉවුරෙ පිහිටල තියෙන සුපිරිම නේචර් රිසෝට් එකක් තමයි තුඩුව කෑම්ප් එක කියන්නෙ. අලි ගහන කැලේ, උකුසු රාජාලි දඩයම් මාන බලන නිල් අහස් කුසේ, දර කොටන් ගානට කිඹුල්ලු ඉන්න ගංගා වැව් ඉවුරු දිගේ හිතේ හැටියට සෆාරි කරන්න කියාපු තැන. ඒ විතරක් කිරිඉබ්බන් වැවේ බෝට්ටු සවාරි යන්නත් ඔයාලට පුළුවන්. කොහොම වුණත් මෙතන වැව් මාළු කරියක්, හේන කොරටුවෙ එළවළු මාළු ටිකක් එක්ක ගමේ රහට බත් ටිකක් නම් අනිවා. අනික හැන්දෑ ජාමෙට හෝටල් මිදුලට සෙට්වෙලා ගිනි මැලයක් අටවගෙන පොඩි අඩියක් ගහන්න, සිංදුවක් කියල විනෝද වෙන්නත් පුළුවන්නේ.

5. Kithulgala Adventure Camp (077 2335051)

වැස්ස කාලෙ, ඇඩ්වෙන්චර් වැඩ වලට සෙට් වෙනවද නැද්ද කියන එක ඔයාලා තීරණය කරන්න. හැබැයි සෙට් වුණත් නැතත් කෑම්ප් සයිට් එක පැත්තෙ යන එකනම් මග අරින්න එපා. මොකද මේ දවස්වල කැලණි ගං මිටියාවත හරි හැඩයි. කුරුලු කැලේට කිට්ටු වට පිටාව නිසා හැන්දෑවට කෙසේ වෙතත් උදේට හරි ලස්සනයි. හැරත් සුදු පෙණ කැටි වීසි කර කර රළ පාර පහළට ගලාගෙන යන හැටි බලන් ඉන්න එකෙත් අමුතුම ගතියක් තියෙනවනෙ. අපි ඔය කිව්වට ඉතින් වතුරට බය නැති අයට රාෆ්ටින්ග් පාරකට සෙට් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් මෙතන හැන්දෑවට කෑම්ප් ෆයර් පාර්ටියක් නම් ෂුවර්. ඔය ගියපු අය කියන්නෙ, මෙයාලගෙ කෑම බිම එහෙමත් පංකාදු පහට තියෙනව කියල.

6. Eagles Nest Cabanas, Thangalla (077 5842086)

රැකව කලපු ඉවුරෙ පිහිටපු තවත් ලස්සන කබානා සෙට් එකක්. කැලේ කොලේ, සතා සීපාවා ඒ හැටි ගැවසුණේ නැති වුණාට කුරුල්ලො බලන්න නම් කියාපු තැන. අනික මරු බෝට්ටු සවාරියක් යන්නත් සෙට් කරනගන්න පුළුවන්. කොහොම වුණත් ඊගල් නෙස්ට් එකේ හැන්දෑවට තියෙන ගතිය නම් කියල නිම කරන්න බැරි තරම්. කොටින්ම කියනව නම් හුදකලාව පොඩි මනෝ පාරක් ගහගෙන ඉන්න නියමම ප්ලේස් එක. අනික ලන්තෑරුම් එළියෙ රෑ කෑම වේල රස බලන්න, නැත්නම් රස සීෆුඩ් බයිට් එකක් එක්ක අඩියක් ගහන්න එහෙමත් පුළුවන්නේ.

7. The Waterfall Villas, Thalawakele (071 9729729)

එක පැත්තකින් ඩෙවොන් ඇල්ල, අනික් පැත්තෙන් සෙන්ට් ක්ලෙයාර් ඇල්ල. හිතා ගන්න පුළුවන්නේ ඒ දෙක මැද්දෙ පිහිටපු හෝටලයක තියෙන සුන්දරත්වය. උදේ පාන්දරට තමයි වෝටර්ෆෝල් විලාස්වල ලස්සන හොඳටම තියෙන්නෙ. මොකද තලවකැලේ කඳු අතරින් ඉර එළිය වැටෙද්දි, ඒ හිරු කිරණ අතරින් පුංචි පුංචි කුරුල්ලො එහා මෙහා පියාඹද්දි!, වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. ලොකු බෑවුමකට වෙන්න තැනින් තැන එක පේළියට පිහිටපු මේ විලා සෙට් එක දිහා ඈතින් බලද්දිත් අමුතුම ගතියක් තියෙනව. කොහොම වුණත් මේවයෙ ඇතුළත අලංකරණය ලී වලින් කරල නිසා කොහොමත් ලස්සනයි. හැන්දෑ ජාමෙට කෑම්ප්ෆයර් පාර්ටි නැති වුණාට, තරු පිරිච්ච අහසක් යට එළිමහනෙ රෑ කෑම වේල ගන්න එහෙමත් පුළුවන්.

ඒක නෙවෙයි, මේ වගේ තව හැංගිච්ච හෝටල් තොගයක් ලංකාවෙ තියෙනව. ලස්සන පැතිවල, ලස්සන දර්ශන තලවල, කොටින්ම කියනව නම් ගියාම එන්න හිතෙන්න නැති වගේ තැන්. වැඩේ කියන්නෙ ඒව හොයා ගන්න මාර ගේමක් දෙන්න එපැයි. ඉතින් ඔයාලා දන්න තැනුත් අපිට කියනව නම් සෑහෙන්න වටිනව. මොකද මේ නිවාඩුවට නැතත් ඊළඟ නිවාඩුවට හරි අල්ලල යන්න බැරියැ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide