සති අන්තේ කෙටි නිවාඩුවට, කළුතර පැත්තෙන් රවුමක් යමුද? කළුතර අවට බලන්නම ඕනේ තැන් 7ක්.

හප්පේ! මේ අවුරුද්දේ තරම් ලෝන්ග් වීකෙන්ඩ් තිබුණු අවුරුද්දක් තවත් නැති තරම්. දවස් තුන හතරේ ට්‍රිප් යන්න පුළුවන් සයිස් එකට නිවාඩු තිබුණනේ. හැබැයි ආයේ ඉතින් එහෙම චාන්ස් එකක් හම්බෙන්නේ ලබන මාසේ අග තමයි. ඉතින් එතකම් ගෙදරට වෙලා ඉන්නද කල්පනාව? ඔය සති අන්තේ දවස් දෙක අල්ලලා යමුකෝ පොඩි සවාරියක්!

අපේ සමහරුන්ගේ අදහසක් තමයි පරිසරයේ ලස්සන රස විඳින්න, ඇළක දොළක බැහැලා නාන්න, වෙල් එළියක දුවලා පැනලා නටන්න නම් කොළඹින් පිටට යන්න ඕනෙයි කියන එක. හැබැයි ඇත්ත ම කිව්වොත් ඕවා සේරම කරන්න කොළඹ අවට තැන් කීපයක් ම තියෙනවා. මේ තැන්වලට එක වරුවෙන් ගිහින් එන්නත් පුළුවන් නිසා තවත් ලේසියි. උදාහරණයක් විදියට ගන්නකො කළුතර. තමන්ගේ වාහනෙකින් යනවා නම් කොළඹ ඉඳලා පැය එකහමාරේ දුර. ඒ වුණාට කොච්චර නම් දේවල් බලා කියාගන්න පුළුවන් නගරයක්ද? අන්න ඒ නිසා තමයි අපි කල්පනා කළේ සති අන්තේ නිවාඩුවට වුණත් ගිහින් එන්න පුළුවන් කළුතර අවට තියෙන ලස්සන තැන් කීපයක් ගැන ඔයාලට විස්තරයක් කියන්න.   

1. තුඩුගල ඇල්ල 

කළුතර දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන ම තැන්වලින් එකක් තමයි මේ. කොළඹ පැත්තේ ඉඳලා එනවා නම්, කළුතර – කටුකුරුන්ද – මතුගම පාර – තුඩුගල හන්දිය හරහා මේ ඇල්ලට යන්න පුළුවන්. හොරණ ඉඳන් එන කෙනෙක්ට නාර්තුපාන – තොබුවන හරහා තුඩුගලට එන්න හැකියාව තියෙනවා. තුඩුගල හන්දියට ඇවිත් වීල් එකක් ගත්තොත්, එතැන ඉඳලා යන්නේ රු.250යි. ඊටපස්සේ ආයෙත් රබර් වත්තක් මැදින් මීටර් 400ක් වගේ ඇවිදගෙන යන්න ඕනේ. 

හෙක්ටයාර 400ක වගේ භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙන තුඩුගල ඇල්ල අවට පරිසරය හරි ම දැකුම්කළුයි. රබර් කිරි කපන ගැමියන් වගේ ම, අත්තෙන් අත්තට පැන පැන යන රිලා, වඳුරන් එහෙමත් මේ හරියේ දැකගන්න පුළුවන්. ලංකාවේ කුඩා ජල විදුලි බලාගාර ආරම්භ කරපු මුල් කාලෙ දි, තුඩුගල ඇල්ල ආශ්‍රිතවත් ජල විදුලි බලාගාරයක් හැදුණලු. තුඩුගල රබර් කම්හලටත් බලය සපයපු මේ විදුලි බලාගාරය 70 ගණන්වලදී වැහිලා ගිහින්. තුඩුගල ඇල්ල ආශ්‍රිත මේ වත්ත මුලින් අයිති වෙලා තිබිලා තියෙන්නේ සුද්දෙක්ටලුනේ. ඒ සුද්දගේ ගරාවැටුණු ගෙදරත් මෙතැන දැකගන්න පුළුවන්. 

තුඩුගල ඇල්ල සමහරු හඳුන්වන්නේ “ඇල්ල උඩ ඇල්ල” කියලා. මොකද මේක හැදිලා තියෙන්නේ මහල් දෙකකින්. පහළ මහල තරණය කරලා තමයි උඩ මහලට යන්න ඕනේ. හැබැයි ලිස්සන ගල්කුළු උඩින් ඔය ගමන යනවට වඩා, එතැන ම තියෙන කැලෑවෙන් උඩ මහලට යන එක ඇඟට ගුණයි.  මේ මහල් දෙකේ ම නාන්න පුළුවන් විදියට හැදුණු තටාක දෙකක් තියෙනවා. හැබැයි ඩිංගක් විතර උඩ හරියේ වතුර පාර සැරයි. ඔය තැන් දෙක ම නැතත්, දිය ඇල්ලේ පහළ කෙළවරේ පහුවෙන බම්බු පාලම කිට්ටුව තවත් නාන තොටුපළක් තියෙනවා. 

වතුර ටිකක් නාලා, පොඩි සින්දු කෑල්ලක් එහෙම කියන ගමන් ලංකාවට ආවේණික පක්ෂි විශේෂ, ගස් වර්ග සහ සත්තු එහෙමත් තුඩුගල ඇල්ල ආශ්‍රිත මේ පරිසරයේදී දැකගන්න පුළුවන්. 

2. රිච්මන්ඩ් කාසල් මැදුර

Image Source : serendib.btoptions.lk

ශ්‍රී ලංකාවේ ටජ් මහල විදියට හඳුන්වන්න පුළුවන් රිච්මන්ඩ් කාසල් මැදුර තියෙන්නේ දකුණු කළුතර නගර මධ්‍යයේ ඉඳන් කිලෝමීටර 3ක් විතර රට ඇතුළට වෙන්න. කළුතර ඔරලෝසු කණුවෙන් වම් පැත්තට හැරිලා, පලාතොට හන්දියට ගිහින්, පලාතොට-කෙත්හේන පාර දිගේ යද්දී මුණගැහෙන භික්ෂු විවේකාරාමය පහු කරගෙන යනකොට “රිච්මන්ඩ් කාසල්” කියලා ගහපු ලොකු නාම පුවරුවක් දැකගන්න පුළුවන්. මෙතැන ඉඳලා ආයෙත් මීටර් 500ක් වගේ ඇවිදගෙන යන්න වෙනවා. ඒ පොල් වත්තක් මැදින් වැටුණු පාරක් මැදින්. අවුරුදු ගාණක් ගෙවිලා ගියත්, කළු ගඟ මායිමේ පුංචි කඳු ගැටේක මුදුනේ හදලා තියෙන රිච්මන්ඩ් කාසල් මන්දිරයේ තියෙන තේජස් ගතිය අදටත් අඩු වෙලා නැහැ.

1910 අවුරුද්දේ තමයි රිච්මන්ඩ් කාසල් මැදුර නිර්මාණය වෙන්නේ. ඒ එවකට කළුතර දීසාව භාරව ඉඳපු මහ මුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ අනුදැනුම යටතේ. ඔහුට මේ වගේ මන්දිරයක් හදන්න ආසාවක් පහළ වෙලා තියෙන්නේ ඉන්දියාවේ සංචාරයකට ගිය වෙලාවක දැකපු මහරාජා කෙනෙක්ගේ මහා මන්දිරයක් නිසා. ඒ වගේ ම, තමන් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉඳපු තරුණියගේ පවුලේ අයව පුදුම  කරවන්නත් ඔහුට ඕනේ වෙලා තිබුණා. 

මේ මන්දිරය හදන්න ගොඩක් අමුද්‍රව්‍ය ගෙන්නුවේ පිටරවල්වලින්. ලංකාවෙන් පාවිච්චි වුණේ  හුණු, වැලි සහ කළුගල් විතරයි. ඒ හැරුණා ම ස්කොට්ලන්තයෙන් ගෙන්වපු උළු, ගඩොල්, කිරිගරුඬ, එංගලන්තයෙන් ගෙන්වපු රවුම් තරප්පු සහ සිවිලිම් තහඩු, බුරුමයේ රැන්ගුන් නුවරින් ආව තේක්ක ලීවලින් මේ මන්දිරය හැඩ වුණා. ස්වාභාවික සිසිලස ගෙතුළට ගලාගෙන එන විදියට හදපු කවුළු, මැද මිදුලේ ඇති වතුර ගලන සිංහ කට ආදී සුවිශේෂී ගෘහ නිර්මාණ ලක්ෂණ මේ මැදුරේ ඇති තරම් දැකගන්න ලැබෙනවා.

අවාසනාවකට වගේ ආතර් මුදලිතුමාගේත්, ඔහුගේ බිරිඳ වුණු ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර මැතිණියගේත් ආදර කතාව අවසාන වෙන්නේ සතුටු කඳුළුවලින් නෙවෙයි. දරුවන් අහිමිකම නිසා ඔවුන් සිටියේ සෑහෙන්න දුකෙන්. රිච්මන්ඩ් කාසල් ගෙවත්තේ අඹලා තියෙන පොඩි දරුවන්ගේ රූපවලින්වත් ඒ කාන්සිය නැති කරගන්න ඔවුන්ට නොහැකි වුණා. සූරියබණ්ඩාර ළමාතැනී තමන්ගේ සේවකයෙක් එක්ක අනියම් සම්බන්ධයක් පටන්ගන්නේ ඔය අතරමයි. ඒ නිසා මුදලිතුමාත් ඇයත් විරසක වුණා. ඔන්න ඔය වගේ රසවත් ඉතිහාසයක් තියෙන රිච්මන්ඩ් කාසල් මදුර, කළුතර යන ගමනකදී අනිවාර්යෙන් ම බලන්න යන්න ඕනේ තැනක්. 

3. පාහියන්ගල ලෙන

 

මීට අවුරුදු 1600කටත් ඉහත අතීතෙදී ලංකාවට ආව චීන ජාතික ෆාහියන් භික්ෂුවගේ දේශාටන වාර්තා, ඒ කාලෙදී ලංකාවේ තිබුණු තත්ත්වය ගැන අපට හරි අපූරුවට කියා පෑවා. උන්වහන්සේ ලැගුම් ගත්තාය කියලා කියන පාහියන්ගල, කළුතර පැත්තේ සවාරියක් යන කෙනෙක් අනිවාර්යෙන් ම දැක බලාගන්න යන්න ඕනේ තැනක්. 

පාහියන්ගල ලෙන පිහිටලා තියෙන්නේ යටගම්පිටිය හරියේ. ඒ කියන්නේ බුලත්සිංහල ටවුමේ ඉඳන් කිලෝමීටර 5ක විතර දුර. ඉතිහාසය කියන විදියට මෙහෙ තියෙන ගුහා අවුරුදු 37,000ක් විතර පරණයි. ආසියාවේ තියෙන විශාල ම ස්වාභාවික ගල් තලාව විදියටත් පාහියන්ගල ප්‍රසිද්ධයි. පහසුවෙන් ම මිනිස්සු 3000ක් විතර මේ ගුහාවල රඳවන්න පුළුවන්ලු. පාහියන්ගල මානවකයාත් කාලයක් ජීවත් වුණු මේ ගුහා සමූහයේ කැණීම්වලින් අවුරුදු 37,000ක් විතර පරණ මිනිස් ඇටකටු, සතුන් දඩයම් කරන්න පාවිච්චි කරපු ආයුධ වගේ දේවල් කීපයකුත් හොයාගන්න ලැබුණා. 

හැබැයි මේ අවුරුද්දේ ආව දරුණු නාය යෑම් නිසා පාහියන්ගල ලෙන් ආශ්‍රිත පරිසරය නොසෑහෙන්න විනාශ වුණා. ඒ නිසා මාස කීපයක ඉඳන් සංචාරකයන්ට මෙහි දොරටු වැහිලා තියෙන බවයි ආරංචිය. 

4. බෝධිනාගල ආරණ්‍යය 

කළු ගං මිටියාවතේ, දොඹගස් කන්ද රක්ෂිත වනාන්තරයේ හැංගිලා තියෙන ලස්සන ආරණ්‍යයක් තමයි මේ. මේක තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය පැත්තට කිට්ටුව. මෙතැනට ළඟා වෙන්න නම්, කැලෑවක් මැදින් වැටුණු පාරක් දිගේ ගමන් කරන්නත් වෙනවා. පුදුම ලස්සන පරිසරයක් මේ අවටින් දැකගන්න පුළුවන්. කුරුලු කොබෙයියොත් එමටයි. තැනින් තැන පිහිටි ලෙන් ඇතුළේ භාවනානු යෝගීව වැඩවසන භික්ෂූන් වහන්සේලා 20 – 25ක් වගේ මේ ආරණ්‍යයේ ඉන්නවා. හැබැයි උන්වහන්සේලා පිටතට වැඩම කරන්නේ දානය පිරිනමන වෙලාවට විතරයි. ඉන්පස්සේ නැවතත් ඔවුන් තමන්ගේ වනගත කුටිවලට වැඩම කරනවා.

5. කළුතර බෝධිය 

Image Source : sundayobserver.lk

දකුණු කළුතර නගර පේන මානයට ආවත් ඇති; කිරි සුදු පාටින් බබළන කළුතර චෛත්‍ය රාජයා දුරට වුණත් දැකගන්න පුළුවන්. ඉස්සර කළුතර පන්සල  ප්‍රසිද්ධ වෙලා තිබුණේ ගංගාතිලක විහාරය විදියට. අවුරුදු 2320කටත් වඩා පරණ අතීතයක් තියෙන කළුතර පන්සලේ බෝධිය අයත් වෙන්නේ, ලෝකයේ පැරණිත ම වෘක්ෂය විදියට හැඳින්වෙන ශ්‍රී මහා බෝධියේ දෙවන අංකුර පෙළටයි. පරෙවි, කෝකිල, තිසර වගේ සංදේශ කාව්‍යන්ගේත් මේ බෝධිය ගැන හරි අපූරු විදියට වර්ණනා කරලා තියෙනවා. උඩ මළුවේ තියෙන මහා චෛත්‍යයේ තියෙන එක විශේෂත්වයක් තමයි වන්දනාකරුවන්ට චෛත්‍යය ඇතුළට ගිහින් තමන්ගේ වන්දනා කටයුතු කරන්න ඉඩ තිබීම. චෛත්‍ය කුහරයට ගමන් ගන්න පුළුවන් විදියට හදලා තියෙන ලංකාවේ එක ම චෛත්‍ය රාජයා විදියටත් මෙය නම් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, පහළ මළුවේ උතුරු පස බුදු මැදුර, පහළ මළුවේ චෛත්‍යය, පහළ මළුවේ දකුණු පස බුදු මැදුර, චෛත්‍ය කුහරයේ ඇති කුඩා වෙහෙර, සක්මන් මළුව, යටි බිම් හරස් මග ආදී වශයෙන් බලන්න දේවල් බොහොමයක් මේ කළුතර පන්සල් පරිශ්‍රයේ තියෙනවා. 

6. කළුතර සිරිකුරුස දේවස්ථානය  

දකුණු කළුතර පහු කරගෙන ගාලු පාර දිගේ කටුකුරුන්ද පැත්තට යනකොට පාර අයිනෙන් ම මුණගැහෙන කළුතර සිරිකුරුස දේවස්ථානය, කළුතර වගේ ම, ඊට පිට පළාත්වලත් ඉන්න කතෝලික බැතිමතුන් බොහොමයකගේ ජනාදරයට ලක් වුණු තැනක්. දකුණු කළුතර ඔරලෝසු කණුවේ ඉඳලා හරියට ම කිලෝමීටරයක් වගේ ඇති. ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ සලකුණු මේ දේවස්ථානය පුරා ම විද්‍යාමාන වෙනවා.

7. අසෝකාරාම පන්සල 

Image Credits : Anuradha Piyadasa

මේකත් අවුරුදු 150කටත් වඩා පරණ පන්සලක්.1870 ගණන්වල කළුතර එතනමඩල ප්‍රදේශයට හාමුදුරුවරු කණ්ඩායමක් වැඩම කළා. උන්වහන්සේලා නවාතැන් ගත්තේ කළු ගඟ ආශ්‍රිතව තිබුණු කැලෑබද ප්‍රදේශයකයි. ගැමියන්ගේ දාන මාන පිළිගන්න අතරේ, ඔවුන්ට ධර්මය දේශනා කරන්නත් මේ භික්ෂූන්වහන්සේලා කටයුතු කළා. සත් ගුණවත්, ධනවත් පුද්ගලයෙක් වුණු එලියස් ප්‍රනාන්දු, මේ විදියට බණ අහන්න ආව පුද්ගලයක් අතරින් කෙනෙක්. ඔහු මේ හාමුරුවන්වහන්සේලාගේ ධර්මය හමුවේ සෑහෙන්න පැහැදීමකට ලක් වුණා. අසෝකාරාම පන්සල ඉදි කරන්න ඔහු මුල් වුණෙත් ඒ නිසාමයි. ඉතින් ඒ කාලේ හදපු මේ පන්සලේ මුල්  ගොඩනැඟුම්, චිත්‍ර අතරින් සමහර දේවල් අදටත් ඒ විදියට ම දැකගන්න ලැබෙනවා.

ලොකු වියපැහැදමකින් තොරව, සති අන්තෙක පුංචි ට්‍රිප් එකක් ගිහින් එන්න කළුතර අවටින් තියෙන නියමම තැන් ටිකක් තමයි මේ. අනික පොඩ්ඩන්ට මේවයින් එහෙම ඉගෙන ගන්නත් කරුණු කාරණා බොහොමයි. 

ඉතින් කළුතර අවට ඔයාලා දන්න තවත් මේ වගේ ලස්සන තැන් දන්නවනම්, අපට කමෙන්ට් එකක් දාගෙන ම යන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide