සේල්! සේල්!! සෙල්!!! අඩු ගාණට හිතේ හැටියට ෂොපින් කරන්න;මෙන්න බ්ලැක් ෆ්‍රයිඩේ සේල් 11ක්.

මේ දවස්වල ෆේස්බුක් එක පැත්තේ ගියොත් හෝ ගාලා ප්‍රොමෝට් වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි “බ්ලැක් ෆ්‍රයිඩේ සේල්”. මහ සිකුරාදා නම් අහලා තියෙනවා, ඒ වුණා ට මොකද්ද මේ කළු සිකුරාදා?

බ්ලැක් ෆ්‍රයිඩේ කියන්නේ අපට අමුතු දෙයක් වුණාට, ඇමෙරිකාව වගේ රටවල්වලට සෑහෙන්න සාමාන්‍ය දෙයක්. එයාලගේ Thanksgiving සැමරුම නිමිති කරගෙන පැවැත්වෙන, වට්ටම් විශාල ගණනක් එක්ක පැවැත්වෙන අවුරුද්දේ ලොකුම සේල් දාමය විදියට මේ බ්ලැක් ෆ්‍රයිඩේ හඳුන්වන්න පුළුවන්. නොවැම්බර් මාසේ අග තමයි ඒවා ගොඩක් ඒවා පැවැත්වෙන්නේ.

Thanksgiving නැති වුණත්, ලංකාවෙත් දැන්දැන් බ්ලැක් ෆ්‍රයිඩේ සේල් හරි ජයට තියෙනවා. අපට දැනගන්න ලැබුණු ඒ වගේ සේල් කීපයක් ගැන විස්තර ටිකක් තමයි මේ.

Kelly Felder's

හැඩට වැඩට අඳින්න කැමති ගෑනු ළමයින්ට කියාපු ම තැන්වලින් එකක්නේ මේ Kelly Felder's කියන්නේ. උසස් තත්ත්වයේ නිමාවක් තියෙන, අලුත් ම විලාසිතාවේ ගවුම්, බ්ලවුස්, ස්කර්ට්, කලිසම් වගේ ඇඳුම් ගණනාවක් මේ අය ළඟ තියෙනවා. ඔන්න Kelly Felder's එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක පටන්ගත්තේ ඊයේ (23) දවසේ. නොවැම්බර් 26 වෙනිදා වෙනකම් පැවැත්වෙන මේ සේල් එකේ වාසි සෑහෙන්න ගොඩක් තියෙන බවයි ආරංචිය. බ්ලවුස් රු.600 – 1000 අතර මුදලකටත්, ගවුම් රු.1000 – 1500 අතර මිලකටත් විකිණෙනවා. ඒ වගේ ම කලිසම් රු.1500ක් වගේ ගණනකට මිලදී ගන්න පුළුවන්. කොළඹ 3, කොළඹ 7, නුගේගොඩ සහ නුවර තියෙන Kelly Felder's අවුට්ලට් හතරෙන් ම මේ වාසි ටික ගන්න පුළුවන්.

The Three By TPV

ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි, ගෙදර දොරේ වටපිටාව හැඩ කරන්න පුළුවන් විදියේ චිත්‍ර, සැරසිලි වගේ දේවලුත් තියෙන The Three By TPV, එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක පටන්ගන්නේ අද (24). නොවැම්බර් 26වෙනිදා වෙනතුරු පැවැත්වෙන මේ සේල් එකෙන් හැම ඩෙනිම් ඇඳුමකට ම 30%ක වට්ටමක් ගන්න පුළුවන්. හැබැයි මේ වාසිය ගන්න ලැබෙන්නේ බම්බලපිටියේ ශාඛාවෙන් විතරයි. ගාල්ලේ තියෙන ස්ටෝර් එකේ මේ සේල් එක පැවැත්වෙන්නේ නැහැ.

Girly Day

ලෝකේ ම ප්‍රසිද්ධ MAC, Kylie, Lime Crime, Huda, NYX වගේ උසස් වර්ගයේ මේකප් බඩු ලංකාවට ගෙන්වන Girly Day එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක ඊයේ (23) පටන්ගත්තා. නොවැම්බර් 26 වෙනිදා වෙනකම් එයාලගේ සේරම රූපලාවන්‍ය භාණ්ඩ 15%ක වට්ටමක් ඇතුව මිලදී ගන්න පුළුවන්. 0776733783 නොම්මරේට කතා කරලා මේ ගැන වැඩි විස්තර දැනගැනීමේ හැකියාවකුත් ඔයාලට තියෙනවා.

Daraz.lk

ලංකාවේ තියෙන ලොකු ම ඔන්ලයින් ෂොපින් වෙබ්සයිට් අතරින් එකක් වන Daraz.lk, ඇඳුම් පැළඳුම්, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය, ලී බඩු ආදී වශයෙන් නිෂ්පාදන ගණනාවක් විකුණනවා. ඔන්න නොවැම්බර් 20 – 27 දක්වා පැවැත්වෙන මෙයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එකෙන් 85% දක්වා වට්ටම් සහිතව මේ දේවල් මිලදී ගන්න පුළුවන්ලු.

SkyFi Gallery

බම්බලපිටියේ මැජෙස්ටික් සිටි එකේ තියෙන SkyFi Gallery එක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ හොඳ තත්ත්වයේ පැළඳුම් ගන්න පුළුවන් තැනක් විදියට. ඔරලෝසු, හෑන්ඩ් බෑග්, සන්ග්ලාස්, පර්ස් විතරක් නෙවෙයි, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ පවා මේ අය ළඟ තියෙනවා. මේ කට්ටිය එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක පටන්ගත්තේ 20 වෙනිදා. නොවැම්බර් 24වෙනිදායින් ඉවර වෙන මේ සේල් එකෙන් 30%ක වට්ටම් ඇතිව ඒ නිෂ්පාදන මිලදී ගන්න හැකියාව තියෙනවා.

Red Dot Geek

ඔන්න කොමික් බුක් ආසාවෙන් කියවන අයට නියම චාන්ස් එක. ලංකාවේ මුලට ම හදපු කොමික් බුක් ස්ටෝර් එක විදියට හැඳින්වෙන Red Dot Geek, එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක පටන්ගත්තේ අද (24) උදේ 9.30ට. අද හවස 7.30 වෙනතුරු මේ සේල් එක පැවැත්වෙනවා. ඇක්ෂන් ෆිගර්ස් සහ ග්‍රැෆික් නවල්ස්වලට 10%ක වට්ටමක් ලබා දෙනවා වගේ ම, තවත් විශේෂ වාසි රැසක් මේ සේල් එකේ තියෙනවා.

Uptown Kandy

නොවැම්බර් 19 – 26 දවස් ඇතුළත ලිබර්ටි ප්ලාසා එකේ Uptown Kandy එකට ගියොත් එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එකට සහභාගී වෙන්න පුළුවන්. ගවුම් සියල්ල අලෙවි වෙන්නේ රු.1300ට. ඒ වගේ ම බ්ලවුස් ඕනේ ම එකක් රු.800කට වගේ මිලයට ගන්න ඇහැකි.

CoolKidz Baby & Kids Store

පොඩ්ඩන්ට සෙල්ලම් බඩු ගන්න කියාපු ම තැනක්නේ මේ CoolKidz Baby & Kids Store ෂොප් එක. ඒ කට්ටියගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එකත් පටන්ගන්නේ අද (24). 70%ක් දක්වා වට්ටම් සහිතව අද දවස ඇතුළත මේ සෙල්ලම් බඩු මිලදී ගන්න පුළුවන්.

Avirate

උසස් තත්ත්වයේ කාන්තා ඇඳුම් පැළඳුම්වලට ලංකාවේ තියෙන සුපිරි ම තැන් අතරින් එකක් තමයි මේ. අද (24) ආරම්භ කරපු Avirate බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක පැය 24ක් පැවැත්වෙනවා. හැබැයි ඔන්ලයින් ස්ටෝර් එකෙන් විතරයි ඕඩර් කරන්න පුළුවන්. කොල්ලුපිටියේ හෝ කොළඹ 7 තියෙන ෂෝ රූම්වලින් මේ වාසිය ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් 40%ක වට්ටම් මේ අය ලබා දීලා තියෙනවා.

The Fish Stop

මාළු ඇති කරන එක අපේ ගොඩක් දෙනාගේ විනෝදාංශයක්නේ. ඉතින් The Fish Stop කියන්නේ හැම තැනින් ම ගන්න නොලැබෙන ජාතියේ විසිතුරු මාළු වර්ග විකුණන ෂොප් එකක්. නොවැම්බර් 23 පටන්ගත්ත එයාලගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එක නොවැම්බර් 30වෙනිදා වෙනකම් පැවැත්වෙනවා. හැබැයි හැම මාළුවට ම නම් වට්ටම් නෑ. කළු පාට උන්ට විතරක් 10%ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා.

Bookdepository

ඔන්න පිස්සුවෙන් වගේ පොත් කියවන අපේ පොත් ගුල්ලන්ට නියම චාන්ස් එක. Bookdepository කියන්නේ එංගලන්තේ පාදක කරගෙන ගොඩ නැගුණු පොත් සඳහා ම වෙන්වුණු ඔන්ලයින් ෂොපින් වෙබ්සයිට් එකක්. මෙදා සැරේ මේ අයගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් එකෙන් 20% – 50% දක්වා වට්ටම් ගණනාවක් සහිතව පොත් ගන්න පුළුවන්.

තවත් මේ වගේ බ්ලැක් ෆ්‍රයිඩේ සේල් ගැන දන්නවනම්, අපට කමෙන්ට් එකක් දාගෙන ම යන්නකෝ හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide