සීත සෘතුවේ සොබාදහමට තුරුලු වෙන්න! දවසක් ගත කරන්න කියාපු අපූරු වනගත නවාතැන් 8ක්.

නත්තල් නිවාඩුව කිව්වාම ඉතින් අපේ අය දහසක් දේ ප්ලෑන් කරනවනෙ. සමහරු පාර්ටි දානව. සමහරු රට රටවල්වල ඇවිදින්න යනව. ඒ අතරට සමහරු ඔහේ නිකම්ම ඉන්නව. කොහොම වුණත් අපිට සෙට් වෙන අපේම සෙට් එකකුත් ඉන්නවනෙ නත්තල් නිවාඩුවටත් ට්‍රැවල් කරන්නම ප්ලෑන් කරන. අන්න එයාලට අපි කල්පනා කළා පොඩි සපෝට් එකක් දෙන්න.

නිකම් නෙවෙයි, බෝනස් එහෙම හම්බුවෙලා අතමිට ටිකක් සරු වෙච්ච එකේ දවසක් දෙකක් ගත කරල එන්න කියාපු වනබද හෝටල් ටිකක් කියන්න. පවුල් වෙලා ඉන්න අයට නම් ඉතින් වැඩේ ටිකක් ප්ලෑන් කරන්න වෙයි. ඒත් යාළුවොත් එක්ක රවුම් ගහන අයට නම් ඒ හැටි අවුලක් නෑ. හැබැයි මතක ඇතුව දැන්ම බුකින්ග් ටික දාන්න. දාලා, කැලේ කොලේ රවුම් ගහන්න ඕන කරන බඩු මුට්ටු, විශේෂයෙන්ම ඔය කැමරා වගේ දේවල් එහෙමත් ලෑස්ති කරගන්න.

මොකද සීතල වසන්තයෙ, සොබාදහමෙ මැවෙන අපූරු රටා මතක ගොන්නට එකතු කරගන්න එපැයි.

1. Galapita Eco Lodge (Buttala/ 0117 911835)

බුත්තල; ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අලි විමානෙ. මේ ලස්සන ඉකෝ ලොජ් එක පිහිටල තියෙන්නෙත් ඒ අලි විමානෙ මැද්දෙ. හැබැයි සෑහෙන්න ආරක්ෂිතයි. කොහොම වුණත් මැටියෙන් හදපු මේ බිම් පැලේ දවසක් ගෙවනව කියන්නෙ ඇත්තටම නියම අත්දැකීමක්. හොඳට මිරිස්, තුනපහ දාලා හදපු රස කෑම වේලක් එහෙමත් රස බලන්න පුළුවන්. විශේෂයෙන්ම මස් ජාති, වැව් මාළු එහෙම. ඒ හැරුණාම ඉතින්, හැන්දෑ ජාමෙට කෑම්ප් ෆයර් එකක් එහෙමත් දැම්මහැකි.

2. Mountain Villa (Riverstone/ 072 2229696)

හීතලේ ඉන්න කියාපු හෝටල්. සුවපහසුව නම් එහෙමයි, විව් එක නම් එහෙමයි. සොබාව සෞන්දර්යයෙනුත් අනූනයි. මේක තනිකර කළු ගලින් හදපු හෝටලයක්. හැබැයි ජනෙල්, උළුවහු, සීලිම් තියල තියෙන්නෙ ලී වලින්. වටේටම කඳු පන්ති වලින් වටවුණු මේ හෝටලය පාමුලින් පුංචි දිය පාරකුත් ගලාගෙන යන නිසා නා කියාගන්න, ජල ක්‍රීඩා කරන වැඩ වලටත් හරිම ලේසියි. කට්ටිය කියන විදියට මෙතන කෑම බීම නම් තරමක් හොඳයිලු. හැබැයි සර්විස් එක ගැන ලොකු තක්සේරුවක් නෑ. 

3. Seyana Eco Lodge (Lankagama/ 077 1518019)

සිංහරාජ වන පියසෙ තියෙන සුන්දරත්වය, වැඩි හරියක්ම මේ දවස්වල කුරුල්ලො බලන්න එහෙම නම් කියාපු. අනික දෙපා, සීපා වගේම සර්පයොත් සෑහෙන්න ඉන්නවනෙ. ඒ නිසා, මේ පැත්තෙ ලස්සන බලනව වගේම රිසර්ච් වැඩකට යන එකත් සෑහෙන්න හොඳයි. හැබැයි ඒ කොහොම ගියත්, නවාතැන් ගන්න යන්න නෙළුව, ලංකාගම සෙයානා ඉකෝ ලොජ් එකට. ගිං ගඟ අයිනෙ, බ්‍රාහ්මණ ඇල්ල පෙනෙන නොපෙනෙන මානයෙ, මැටියෙන් හැදුව වගේ තියෙන හරි අපූරු තැනක්. උළුවහු, දොර ජනෙල් වගේම වහලයත් ලීයෙන් හදල නිසා රස්නයක් නම් දැනෙන්නෙම නැති ගානයි. අනික ගමේ කෑම ටිකක් රස බලන්න, හැන්දෑවට ගිනිමැල පාටියක් දාන්නත් මරු ප්ලේස් එක. 

4. Plummy Dale Moated Cabana (Tissamaharamaya/ 071 974 6330)

තිස්ස, මහසෙන්පුර, යෝධ වැව් ඉස්මත්තෙ ඉදිකරල තියෙන ප්ලමි ඩේල් කබානා ටිකත් සුපිරි වයිල්ඩ් අත්දැකීමකට නියමයි. ඒක ලී තට්ටුවක් උඩ ගහපු ලොකු ටෙන්ට් එකක්. පිදුරු වහලයකින් හෙවණ වෙලා, වට පිටාවෙ ගස් කොළන්, සතා සීපාවගෙන් හැඩ වෙලා තමයි තියෙන්නෙ! ඝන කැලේ, අලි විමානෙ, රැයක් ගත කරන්න, ඉර බැහැගෙන යන හැන්දෑවක, ගිනිමැල බාබකියු පාර්ටියක් දාලා විනෝද වෙන්න වගේම උදෙන්ම නැගිට්ටොත් සෆාරි යන්නත් මෙතනට යන ඔයාලට පුළුවන්. ඒ හැරුණාම ඉතින් කෑම බීම ටිකත් ටොප් එකටම තියෙන නිසා බය වෙන්න දෙයක් අවුලක් නෑ. 

5. Meena Ella Cottage (Hakgala/ 077 4171117)

නුවර එළිය, සීතාඑළිය පාරෙ හක්ගල උද්‍යානය කිට්ටුව තමයි මේ ලස්සන කොටේජ් එක පිහිටල තියෙන්නෙ. මේකෙත් ඇතුළත නිර්මාණකරණය එහෙම පිටින්ම ලී. අපූරු උද්‍යානයක් එහෙමත් තියෙනව. හොට් වෝටර් වගේ පහසුකම් එහෙමත් තියෙන නිසා සීතල දේශගුණයට බයවෙන්න ඕනත් නෑ. දවල් තිස්සෙ වට පිටාවෙ ඇවිදල, කටට සැරට, උණුඋණුවෙ කෑම ටිකක් කාලා…, හැන්දෑවට පොඩි ෂොට් එකක් එහෙම දාන්න ලෑස්ති කර ගත්ත නම් සුපිරි ෆන් එකක් ගන්න පුළුවන්. 

6. The Tea Cottages Resort & Spa (Nawalapitiya/ 0545 700 700)

පට්ට ලස්සන හෝටලයක්. පිහිටල තියෙන්නෙ නාවලපිටියෙ, හරියටම දිඹුල-නාවලපිටිය පාරෙ ග්‍රීන්වුඩ් වතු යායෙ. මේකත් ලී වලින් තමයි හදල තියන්නෙ. වතු යායක් මැද්දෙ වුණාට කැලෑ ගතිය එහෙම හොඳ හැටි තියෙන නිසා, සතා සීපාවා කුරුලු කොබෙයියන්ගෙනුත් අඩුවක් නෑ. හැරත් හිමිදිරි හිරු කිරණ ගස් අතරින් ඇවිල්ල හෝටලේ බැල්කනිය එළිය කරද්දි හරිම ලස්සනයි. පුංචි ලස්සන පූල් එකක් එහෙමත් ටී කොටේජ් එකේ තියෙනව. කෑම බීම එහෙමත් සෑහෙන්න හොඳයි. වැඩි හරියක්ම, හිතේ හැටියට ඇවිදින්න කරන්න, විනෝද වෙන්න, කඳු නගින්න එහෙමත් මේ පැත්තෙ තියෙන නිසා තනියම ආවත් පාඩු නැති ගමනක්.

7. Taylors Hill (Delthota/ 0817 201 115)

මේක තියෙන්නෙ නුවර. ගලහ, දෙල්තොට පට්ටියගම වතු යායෙ. ටේලර්ස් හිල් කිව්වාම ගොඩ දෙනෙක් දන්නවත් ඇති. තනිකරම කළු ගල්වලින් හදපු ලස්සන බංගලාවක්. සුව පහසුව අතිනුත් සෑහෙන්න හොඳයි. අපූරු පූල් එකක් එහෙමත් තියෙනව. ඒ වගේම තමයි කෑම බීම, බයිට්වල එහෙමත් රස මරු.

මේ අවට වතු යායත් හරිම ලස්සනයි. ඈතට යනකම්ම නිම්නය වගේ පිහිටල තියෙන නිසා උදේ පාන්දරින්ම නැගිට්ට නම්, ලස්සන කැලෑ තලයක ආශ්වාදය හිතේ හැටියට විඳ ගන්න පුළුවන්. කුරුලු කොබෙයියන්ගෙ කීචි බීචියෙන් වගේම ලස්සන සමනල්ලුන්ගෙනුත් වට පිටාව පිරිලා ගිහින්. ඇවිදින්න කරන්න, බයිසිකල් පදින්න යන්න එහෙමත් තැන් සෑහෙන්න තියෙනව. වැඩේ කියන්නෙ මෙයාලගෙ ගණන් හිලව් හොයා ගන්න බැරි වුණ එක තමයි. පොඩ්ඩක්, දන්න කෙනෙක් ඉන්නව නම් අපිටත් කියන්න හොඳ්.

8. Nature Village (Matugama/ 077 757 1460)

මේ කොටේජ් එක නම් පිහිටල තියෙන්නෙ එහෙම පිටින්ම කැලේ ඇතුළෙ. මතුගම, පන්නිල-හල්වල පාරෙ, ලොකු තේ වත්තක් මැද්දෙ. උස අට්ටාල හදල ඒවයෙ ඇඳන්, පුටු මේස දාලා, කළුගල් වලින් බිම් කාමර හදල ඒවයෙ පොල් අතු හෙවිලි කරලා, හරිම ලස්සනයි. විශේෂයෙන්ම කියන්න ඕන මේ හැම කාමරයක්ම පරිසරයට නිරාවරණය වෙන නිසා කැලෑ ගතිය හොඳ හැටි ඇඟට දැනෙනව. වෙන මොනව නැතත් ගමේ රහට කෑම ටිකක් කන්නයි, රෑ ජාමෙට ගිනි මැලයක් ගහගෙන විනෝද වෙන්නයි නම් නේචර් විලේජ් කියාපු තැන.

ඒ හැරුණාම ඉතින් තව ඔය වගේ වනගත හෝටල් තියෙනව. ඒත් ඒවයෙ ගාණ වැඩියිනෙ. හෙට අනිද්දම තවත් ජන්ගල් වැඩ ටිකකට කියාපු පොඩි පොඩි තැන් ටිකක් අපි ඔයාලට කියන්නම්කො. නත්තල් නිවාඩුවෙ නැතත් වෙලාවක් අල්ලල යන්න බැරියැ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide