කෑම වේලට අළුත් රසක්! ගෙදරදි ලේසියෙන්ම හදාගන්න කියාපු සුපිරි කෑම ජාති 7ක්.

ඇවිදින්න විතරක් නෙවෙයි කටට රහට කන්න යන්නත්, තැන් ගොඩා..ක් පහුගිය අවුරුද්දක් තිස්සෙ අපි ඔයාලට කිව්වනෙ. හැබැයි ඔය අතරට ගෙදර දොරේ නිතර දෙවේලෙ හැදෙන කෑම වේල රසවත් කරගන්නත්, මරු වැඩ කිඩ ටිකක් අපි ඔයාලට කිව්ව. මතකද දන්නෙ නෑ?

ඉතින්, හෙමින් සැරේ ගෙවෙනෙ මේ අවුරුද්ද අන්තිම දවස් ටිකේ අපි කල්පනා කලා ඒ කෑම අතරින් හොඳම ඒව ටිකක් ලැයිස්තුවකට දාලා ඔයාලට ආයෙත් මතක් කරල දෙන්නෙ. මොකද ලබන සතියෙ එන ලෝන්ග් වීක්එන්ඩ් එකෙත් ගෙදරට වෙලා ඉඳගෙන කකා බිබී ඉන්න ආස යාළුවොත් ගොඩක් අපි අතරෙ ඉන්නවනෙ. නේ…!

1. බැටර්ඩ් තෝර, පරා වෙනුවට බැටර්ඩ් ‘කොහිල පෙති’

හරි ලේසි වැඩක්. ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ මහත කොහිල අලයක් ගන්න එක. ඊට පස්සෙ ඒක ඇඟිලි පුරුක් කාලක විතර ඝනකම තියෙන විදියට පෙති කපා ගන්න ඕන. ඒ පෙති ටික හෝදල භාජනයකට දාන ගමන්, ඒකට එකතු කරන්න කහ, බැදපු තුනපහ, මස් කරි පවුඩර්, අබ පේස්ට්, ගම්මිරිස් තේ හැන්ද ගාණෙ. හැබැයි මිරිස් කුඩු නම් හැඳි 2ක් වත් දාන්න. ලුණු වතුරත් කෝප්ප භාගයක් විතර එකතු කරන්න. එකතු කරල මිශ්‍රණය හොඳට අතගාලා පැයකට එහා පැත්තෙ පදම් වෙන්න තියලා මාළු පෙති දවටල බදින විදියට බැද ගන්නයි තියෙන්නෙ. ෆුල්ම වෙජිටේරියන් නොවන කට්ටියට පුළුවන් දැවටුමට බිත්තර සාරු වුණත් උපයෝගී කරගන්න. මොකද එතකොට රස ඩබල් වෙනවනෙ. කෙසේ වෙතත් සීයට දාහක් ඔට්ටුයි, නොකියා දුන්නොත් කවුරුත් හොයා ගන්නෙ නෑ මේ කොහිල කියල.

2. පාන් කොත්තු

මේකත් මරු අයිටම් එක. ආයෙ, ගමකට කතහැකි හරියට හදාගත්තොත්. අනික මේක හදන්න යන්නෙත් පොඩි වෙලාවයි. මොකද මුලින්ම, පාන්, අඟලෙ අඟලෙ කෑලිවලට කඩා ගන්න ඕන. ඊට පස්සෙ පෑන් එකකට තෙල් ටිකක් රත් වෙන්න තියල, පාන් කෑලි ටික දාලා ලාවට ෆ්‍රයි කරගන්න ඕන. ඒ අතරට මැටි වළඳකට තෙල් ටිකක් ලිපේ තියල ඒකට අබ, රම්පෙ කරපිංච, සුදු ලූණු, ලූණු ටිකක් දාන්න. හැබැයි වැඩිය කර වෙන්න දෙන්න එපා. කර වෙන්න, ඔන්න මෙන්න තියෙද්දි බිත්තරයක් (කැමති අයට මස් මාළු ඕන දෙයක්), ගම්මරිස්, කෑලි මිරිස්, ලුණු ටිකක් දාලා, කැරලි වෙනකම් හැඳි ගා ගන්න. රස පදම බලල සෝස් ටිකක්, චිලී පේස්ට් ටිකක් එහෙමත් එකතු කළාට කමක් නෑ, බිත්තර මික්ෂර් එක හරියද්දිම පාන් ටික දාලා හොඳ හැටි කලවම් කරන්න නම් අමතක කරන්න එපා. කොහොම කළත් අන්තිමට පොඩ්ඩක් කරවෙන්න ඇරලා, කොත්තුව බාන්න. අායෙ ඉතින් බඩ පැළෙන්න කන්න පුලුවන්.

3. කෙසෙල් බඩ මාළුව

මේක ටිකක් අමාරු වැඩක්. මොකද කෙහෙල් බඩ හොයා ගන්න ටිකක් අමාරුයිනෙ. බාග වෙලාවට පොළේ එහෙමත් ෂුවර් කරන්න බෑ. හොයා ගන්න අමාරු වුණාට මේක හදා ගන්න ඒ හැටි අමාරු නෑ. කරන්න තියෙන්නෙ කෙහෙල් බඩේ හීනියට ලියාගන්න එක. ඊට පස්සෙ ඒකට ලුණු, කහ, මිරිස් කුඩු, අමු තුනපහ, ගලේ අඹරපු බැදපු පොල්, අබ, ගොරක, සුදු ලූණු ගුලියක් එකතු කරල හොඳට අතගා ගන්න ඕන. එහෙම කරල, ටිකක් වෙලා පදම් වෙන්න තිබ්බත් කමක් නෑ. කොහොම හරි, මිශ්‍රණය මැටි ඇතිලියක තියල, බාගයක් විතර වතුර දාලා තම්බ ගන්න. තැම්බිලා, වතුර හිඳීගෙන එද්දි හීනියට ලියා ගත්තු ලූණුයි, දියකිරියි දාන්න. දියකිරිත් නටාගෙන එද්දි තමයි මිටිකිරි එකතු කරන්නෙ. හැබැයි මිටිකිරි නම් ඒ හැටි නටන්න දෙන්න එපා. මොකද කැටි ගැහුණොත් ලෙඩේනෙ. අනික, ඇතිලිය බාලත් ටිකක් වෙලා හැඳි ගාන්න හොඳද.

4. ලෙමන් චිකන් රයිස්

ඉස් ඉස්සෙල්ලාම කියල ගන්නකො සුදු සම්බා හාල්  ටිකක්. ඒක ලිපේ තියල, කහ හැඳි කාලක්, ලුණු, ඔලිව් ඔයිල් මේස හැන්දක් දාලා බත හදාගන්න. ඊට පස්සෙ පෑන් එකකට තව ඔලිව් ඔයිල් මේස හැන්දක් දාලා මුද්දරස් පලම්, ග්‍රීන් පීස්, සුදු ළූණු මේස හැන්ද ගාණෙ වගේ එකතු කරල තෙල් දාගන්න. ඒ අතරට, ඒකටම බිත්තර 2කුත් එකතු කරන්න ඕන. ඔය අතරට ඉදුණු බත, තෙල් දැමුමට දාලා කලවම් කරල පැත්තකින් තියන්න. බත පැත්තකින් තියෙද්දි ගන්න අඟලෙ විතර කෑලි වලට කපපු චිකන් ටිකක්. ඒ චිකන් ටික සෝයා සෝස් මේස හැන්දයි, ගම්මිරිස් කුඩු තේ හැන්දයි, ලුණු, බිත්තරයක් දාලා හදාගත්තු මිශ්‍රණයක පදම් කරගන්න. පදම් වුනාට පස්සෙ, චිකන් කෑලි ටික කෝන් පිටිවල දවටල බැද ගන්න.

රයිස් එකට හරියන ලෙමන් සෝස් එක හදාගන්නෙ මෙහෙමයි. ඔලිව් ඔයිල් මේස හැඳි 2ක් ලිපේ තියල ඒකට සුදු ළූණු තේ හැන්දක්, චිකන් ස්ටොක් කෝප්පයක්, දෙහි යුෂ කෝප්ප කාලක්, සීනි තේ හැඳි දෙකක් දාලා උකු වෙනකම් හැඳිගාන්න. රස පදම ආවට පස්සෙ ලිපෙන් බාලා, චිකන් එකත් එක්ක බතට මික්ස් කරන්න.

ඊට පස්සෙ ඉතින් අපි කියන්න ඕන නැතිවෙයි!

5. කරවල සම්බෝලය

ෂහ්!, මතක් වෙද්දිත් කටට කෙළ උනනව. ව්‍යංජන නැතත්, බතක් කන්න කියාපු සම්බෝලෙ. හදාගන්නත් ඒ හැටි අමාරු නෑ. කරන්න තියෙන්නෙ කට්ට කරවල කෑල්ලක් අරගෙන, හෝදල කරල හීනියට ලියා ගන්න එක. ඊට පස්සෙ ඒ ටික කබලෙ දාලා බැද ගන්න. දර අඟුරු අස්සෙ දාලා පුච්ච ගන්න පුළුවන් නම් තවත් හොඳයි. කරවල කෑලි එහෙම බැදෙද්දි, භාජනයක් අරගෙන ඒකට පොල් බෑයක විතර මිටි කිරියි, ලියා ගත්තු ලූණු, අමු මිරිස්, කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණුයි දාලා මිශ්‍ර කරන්න. ඒ මිශ්‍රණයට පුච්චපු කරවල කෑලි ටික දාලා හොඳ හැටි අතගා ගත්ත නම් සම්බෝලෙ හරි. හැබැයි රස පදමට දෙහි ඇඹුල් ටිකක් එකතු කරන්න නම් අමතක කරන්න එපා.

6. කොල්ලු මාලුව

වේලක් කෑවොත් හේනක් කොටයි කිව්වලු!. ඒ තරම් හයිය කෑම එක. හදාගන්න ඕන කරන්නෙ හුණ්ඩුවක විතර කොල්ලුයි, කුස්සියෙ තියෙන සාමාන්‍ය තුනපහ, අඩුම කුඩුම ටිකයි විතරයි. හැබැයි කොල්ලු ටික රැයක් එළිවෙනකම් වතුරෙ දාලා තියන්න ඕන. පහුවෙනිදට පොතුඇරලා, පියලි වෙන් කරල අරගෙන වතුරයි, ලුණු චුට්ටකුයි දාලා මැටි ඇතිලියක තම්බ ගන්න. වතුර හිඳීගෙන එද්දි දියකිරි එකතු කරලා, ඒ එක්කම වගේ ලුණු, රම්පෙ කරපිංච, අමු තුනපහ, කහ කුඩු, ගම්මිරිස්, මිරිස් කුඩු, උමබලකඩ කෑල්ලක් එහෙමත් එකතු කරල බාගෙට හිඳෙන්න අරින්න. ඒ අතරට වෙනමම ඇතිලියකට තෙල් ටිකක් ලිපේ තියල, ලූණු, සුදුලූණු, අමු මිරිස් දාලා තෙම්පරාදුවක් හදාගෙන, ඒකට කොල්ලු ටික එකතු කරල මිටි කිරෙන් හින්දල ගත්ත නම්… වැඩිය ඕන නෑ, බත් පිඟන් දෙකක් වගේ! ගින්නක් නැතුව ගිලියි.

7. බ්ලැක් පෝර්ක් වගේද බ්ලැක් අළු කෙහෙල්

මුලින්ම අළු කෙහෙල් ගෙඩිය පොතු ඇරලා හරස් අතට 4ට කපන්න. ඊට පස්සෙ ඒ කෑලි ආයෙ දික් අතට 4ට කපන්න. දැන් අඟලෙ අඟලෙ කුට්ටි වගේනෙ තියෙන්නෙ. ඒ කුට්ටි ටික ගැඹුරු තලේ ලාවට බැද ගන්න. බැදල ඉවර වුණාට පස්සෙ කුට්ටි ටික ඇතිළියකට දාලා බැදපු තුනපහ, මස් කරි පවුඩර්, ගම්මිරිස් තේ හැන්ද ගානෙ එකතු කරගන්න. ඒ එක්කම අබ, සුදු ළූණු, ගොරක, බැදපු පොල් ඇඹරුම් තේ හැන්දකුයි මිරිස් කුඩු තේ හැඳි 2කුයි එකතු කරලා ලුණු කුඩු තේ හැඳි භාගයක් එක්ක වතුර කෝප්ප 4කුත් දාලා ලිපේ තිබ්බ නම් හරියටම හරි. හොද්ද හිඳීගෙන එද්දි, වෙනමම තාච්චියකට පොල් තෙල් මේස හැඳි 4ක්, රම්පෙ, කරපිංච අඩුම කුඩුම ටික දාලා තෙලට දාලා ගත්ත නම් පංකාදු පහයි ආයෙ.

තව ඔය වගේ කෑම ගොඩක් අපි කිව්ව. එතකොට… නොකියපු අළුත් කෑම සෙට් එකකුත් අළුත් අවුරුද්ද දිහාවට කියන්නයි හිතන් ඉන්නෙ. ඒ නිසා දිගමට අපිත් එක්ක ඉන්න ඕන හොඳද යාළුවො!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide