කටට රහට අළුත් කෑම ටිකක්! ගෙදරදි ලේසියෙන්ම හදාගන්න කියාපු සුපිරි කෑම ජාති 7ක්.

අවුරුද්දෙ පළවෙනි දවසෙම කට්ටිය දස අතේ කල්පනා කරන්න ඇති නේ මොනවද හදන්නේ… කියල. ඒකනෙ කියන්නේ… අපේ පරණ ලැයිස්තුවක් බැලුව නම් පහුගිය දවස් ටිකේ කෑම මේස වලට පැහැදිලි වෙනසක් කරන්න තිබුණා. ඒකට කාරි නෑ… හැරත් ඒව හොයා ගන්නත් අමාරුයිනෙ. හැබැයි ඉතින් එහෙමයි කියල වැඩේ අල්ලල දාන්නත් බෑ.

මොකද කියන්නෙ කට්ටියත් එක්ක අද රෑ කෑම මේසෙටවත් කරමුද පොඩි වෙනසක්?

ඔන්න අහගන්නකො. පල්ලෙහායින් තියෙනව අපි ගිය අවුරුද්දෙ කියපු සුපිරිම කෑම අතරින් හොඳ හැටි නැගල ගියපු රෙසිපි ටිකක්. ඒ අතරට ගමේ ගොඩ් කෑම වගේම බටහිර පන්නයෙ කෑමත් දෙක තුනක්ම තියෙනව. එතකොට ඔයාලට කැමති විදියට තෝරගෙන්නත් පුළුවන්නේ. අනික හැන්දෑවට කට්ටිය වැඩ ඇරිලා ගෙදර එද්දි පොඩි සප්‍රයිස් එකක් එහෙම දෙන්නත් පුළුවන්නේ, නේ…

1. අළු කෙසෙල් ලෙලි සම්බෝලය

ටොප් ගමේ කෑම එක. රතු බතටත් වඩා සුදු බතට තමයි හොඳටම ගැළපෙන්නෙ. හදන්නත් ඒ හැටි අමාරු නෑ.

අළු කෙහෙල් උයන්න කලින්, පොතු ගහල ලෑස්ති කරනවනේ. අන්න ඒ පොතු ටික අරගෙන, හොඳට හෝදල කරල, හීනියට ලියාගන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ ගැඹුරු තෙලේ බැදගන්න ඕන. ඒ අතරට තක්කාලි, බී ලූණු, අමු මිරිස්, උම්බලකඩ දාපු සම්බෝලයකුත් හදා ගන්න ඕන. බැදපු අළු කෙහෙල් ලෙලි ටිකේ තෙල් බේරුණාට පස්සෙ සම්බෝලෙට, දාලා කලවම් කරල ගත්ත නම් හරි. හැබැයි මතක ඇතුව, හොඳ හැටි ඇඹුල තියෙන්න දෙහි ගෙඩියක් දාන්න.

2. බිත්තර මාළු මිරිස්

කට්ටිය කට ඇරගෙන බලන් ඇති මේ මොකක්ද මේ කියල.

ලොකු වෙනසක් නෑ. වෙනදට ඔයාලා නොසෑහෙන්න මහන්සිවෙලා මාළු මිරිස් පිරවුමට හදන අල, සැමන්, කැරට්, ලූණු තෙල්දැමුම වෙනුවට මෙදා පාර බිත්තරයක් කෑලි කරලා දාගන්නයි තියෙන්නෙ. හැබැයි මතක ඇතුව අබ, ලූණු, මිරිස්, ගම්මිරිස්, ලුණු දාන්න. ඒ හැරුණාම ඉතින් සෝයා සෝස් ටිකක් එහෙමත් දැම්මට කමක් නෑ. කොහොම හරි මාළු මිරිස් කරලට බිත්තර පුරවද්දි, කරලෙ මැද සම්පූර්ණයෙන්ම හිස් කරගන්න. මොකද, නැත්නම් සැර වැඩි වෙන්න ඉඩ තියෙනව. අන්තිමට ඉතින් සුපුරුදු පරිදි දවටල, ගැඹුරු තෙලේ බැදල රස බලන්නයි තියෙන්නෙ.

3. චීස් දැල්ලො

ආයෙ සෙල්ලම් කෑම නෙවෙයි හොඳේ. රියල් ශ්‍රීලංකන් චයිනීස්.

දැල්ලා අරගෙන මැද්ද සුද්ද කරල හොඳට හෝදල කහ, ගම්මිරිස්, ගොරක මික්ෂර් එකක ටිකක් පදම් වෙන්න තියන්න. තියල හීනියට ලියපු කැරට්, ලීක්ස්, ලූණු, ලුණු, ගම්මිරිස් ටිකකුයි මොසරැල්ලා චීස් ටිකකුයි එකට දාලා කලවම් කරපු මික්ෂර් එකක් ලෑස්ති කරගන්න. පස්සෙ දැල්ලගෙ එක පැත්තක් ටූත් පික් එකක් ගහල වහල අනික් පැත්තෙන් මික්ෂර් පුරවන්න. පුරවල ඉවර වෙලා, අනික් පැත්තටත් ටූත් පික් එකක් ගහල සීල් කරගත්ත නම් බය නැතුව ගැඹුරු තෙලේ බැදගන්න පුළුවන්. ඊට පස්සෙ ඉතින්, තෙල් බේරෙන්න තියලා කපල ගන්නයි තියෙන්නෙ. බයිට් එකට එහෙම…

4. පොලොස් සොසේජස්

ගමේ ගොඩේ, නගරෙ යා කරන මරු කෑමක්. හදන්නෙ පොලොස් වලින්. ඉස්සෙල්ලම පොලොස් කෑලි ග්‍රෑම් 500ක් වගේ අරගෙන හොඳට තම්බල, පොඩි කරගන්න එක. ඊට පස්සෙ ඒකට කඩල පිටි ග්‍රෑම් 150ක් වගෙයි, බිත්තරයකුයි දාලා කලවම් කරගන්න ඕන. ඒ අතරට තෙල් ටිකක් රත් වෙන්න තියල රම්පෙ කරපිංච, මිරිස්, ගම්මිරිස් ටිකක් තෙල් දාගෙන, පොලොස් මිශ්‍රණයත් ඒකටම දාලා ගත්ත නම් හරි. හැබැයි, බාන්න කලින් ලුණු බලන්නත් මතක තියාගන්න ඕන. අන්තිමටම මේ මිශ්‍රණයෙන් ටික ටික අරගෙන රෙදි කෑලි වලට දාලා සොසේජස් හැඩේට හදල, ටොපිය වගේ දෙපැත්ත ගැට ගහල, හුමාලයෙන් තම්බගන්න තියෙන්නෙ.

ඊට පස්සෙ ඉතින් ඔය සොසේජස් වලින් දාන ඕන වැඩක් මේකෙනුත් දැම්මහැකි. බැදල නම් එහෙමයි, ඩෙවිල් නම් එහෙමයි…

5. ස්කොච් එග්

ෂප්පේ… මතක් වෙද්දිත් කටට කෙළ උනන කෑමක්. හදන්නත් ඒ හැටි අමාරු නෑ. මුලින්ම ඔයා ආස කරන මස් ජාතියක් අරගෙන කටු අයින් කරල හොඳට අඹර ගන්න. ඊට පස්සෙ ඒකට හීනියට ලියාගත්තු පාස්ලි කොළ, රස පදමට ලුණු ගම්මිරිස් එකතු කරල රොටියක් වගේ තැටියක හරි ලෑල්ලක හරි තුනී කරගන්න. ඒ රොටිය මැද්දට තම්බපු බිත්තර තියල, සම්පූර්ණයෙන්ම වැහෙන විදියට එකින් එක ඔතාගන්න. ඔතාගෙන ෆ්‍රීසර් එකේ පැයක් එක හමාරක් තියන්න ඕන. බිත්තරේ හොඳහැටි ගල් වුණාට පස්සෙ ෆ්‍රීසර් එකෙන් එළියට අරගෙන නිවෙන්න ඇරලා බිත්තර සාරු, බිස්කට් කුඩුවල තවරල ගැඹුරු තෙලේ බැදල ගන්න.

මේකෙ රසත් එක්ක… ෆ්‍රයිඩ් රයිස්, බිරියානි පිඟානකට එහෙම ගේමක් නැතුව වග කිව්වහැකි ඉතින්.

6. වැටකොළු ලෙලි ඩෙවිල්

වෙජිටේරියන්ලට කියාපු ඩෙවිල් එක.

මුලින්ම කරන්න තියෙන්නෙ වැටකොළු ලෙලි ටික හෝදල ඇඟිලි පුරුකක සයිස් එකට විතර කපාගන්න එක. ඊට පස්සෙ තෙල් ටිකක් ලිපේ තියල අබ, රම්පෙ කරපිංච, ලූණු, සුදු ලූණු දාලා ලාවට කර කරගන්න. ඒ එක්කම කෑලි මිරිසුයි, ලුණුයිත් දැම්ම නම් හොඳයි. ඒ ටික බැදී ගෙන එද්දි කපා ගත්තු වැටකොළු ලෙලි ටික දාලා පොඩ්ඩක් තෙල් අල්ලන්න දෙන්න. අන්තිමට මාළු මිරිස්, කැරට් කෑලි ටිකකුයි, ඕනම නම් බිත්තරයකුත් එකතු කරල බාගන්න පුළුවන්. ඔය අතරට ඉතින් රස වැඩි වෙන්න, ඔය සෝයා සෝස්, රස කාරක මොනව හරි එකතු කළත් කමක් නෑ.

7. කොච්චිකන්

කොට කරල නම කිව්වට මොකද මේකෙ හරි නම කොච්චි චිකන්. කොටින්ම කිව්වොත් මේක එක පාරක් කෑවොත් දෙපාරකට හරි වගේ තමයි. මොකද සෑහෙන්න සැරයිනෙ.

මේ වැඩේට කටු නැති චිකන් ඕන කරනව. එහෙම චිකන් පළුවක් අරගෙන වෙන් නොවෙන්න පෙති ගහගන්න. ඒ කිව්වෙ එක පැත්තකින් කට අරින්න පුළුවන් විදියට වගේ. සාමාන්‍ය සයිස් චිකන් පළුවක ඒ විදියෙ පෙති 2ක් 3ක් ගහන්න පුළුවන්. එහෙම ගහල චිකන් පළුව පැත්තකින් තියල, තම්බපු අල ගෙඩියක්, බැදපු ලූණු ටිකක්, ලුණු, ගම්මිරිස්, අඹරපු කොච්චි තොගයක්, සැර අඩු කරගන්න ඕන නම් හීනියට ලියපු මොසරැල්ල චීස් ටිකක් එහෙමත් එකතු කරල මික්ෂර් එකක් හදාගන්න. හදාගෙන අර පෙති මැද්දට පුරවල, චිකන් පළුවෙ වටේ ටූත් පික්වලින් අමුණ ගන්න. ඊට පස්සෙ මද ගින්දරේ පෑන් ෆ්‍රයි කරගන්න තියෙන්නෙ. කට්ටිය කියන විදියට නම් මේක බේක් කරලත් කන්න පුළුවන්ලු.

තව ඉතින් ඔය වගේ ටොප් කෑම සෙට් එකක්ම තියෙනව. හිමින් සැරේ වීක්එන්ඩ් එක දිහාව අල්ලල මතක් කරන්නම්. මොකද අළුත් අවුරුද්දෙ නෑදෑයො යාළුවො එහෙම එන්න ඉඩ තියෙනවනෙ. එතකොට කෑම මේසෙ නියමෙට තියෙන්න එපැයි නේ…!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide