ඇත්තම කතන්දර, චරිත පදනම් කරගෙන හැදුණු සිංහල චිත්‍රපට – I කොටස.

Titanic, A Beautiful Mind, Hotel Rwanda, The Wolf of Wall Street; ඇත්ත ම චරිත, කතන්දර පදනම් කරගෙන හැදුණු හොලිවුඩ් චිත්‍රපට මොනවද කියලා ඇහුවොත්, අපේ මතකයට අනිවාර්යෙන් ම එන සිනමාපට කීපයක් තමයි ඔය. ගොඩක් වෙලාවට මේ වගේ චිත්‍රපට අපේ මතකයේ හොඳින් ම රැඳෙන්නේ ඒකෙ අධ්‍යක්ෂණයේ තියෙන අපූරු බවවත්, එහි රංගන ශිල්පීන්ගේ දක්ෂතාවය නිසා විතරක් ම නෙවෙයි. “මේක ඇත්ත කතාවක් පාදක කරගෙන හැදුණු නිර්මාණයක්ය” කියන කාරණයට අපිව සංවේදී වෙන නිසයි. හැබැයි ඒ වගේ සමහර චිත්‍රපටවලින් ඇත්ත කතාවට හානි වුණු අවස්ථා වගේ ම, ඇත්ත කතාවට වඩා සිනමාපටයේ කතාව හොඳ වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි.

පිටරට සිනමාවේ එන මේ වගේ චිත්‍රපට ගැන වගේ ම, ඒවායේ පසුබිම් කතා ගැන හොඳ අවබෝධයක් තිබුණත්, ලංකාවේ රිදී තිරය හැඩ කරපු සත්‍ය කතා පදනම් කරගත්ත නිර්මාණ ගැන අපේ දැනුම සෑහෙන්න අඩුයි. අන්න ඒ නිසා අපි කල්පනා කළා ඇත්ත කතන්දර, එහෙමත් නැත්තන් චරිත පදනම් කරගෙන හැදුණු සිංහල චිත්‍රපට කීපයක් ගැන කතා කරන්න.

1. හාරලක්ෂය (1971)

Image Source : plesmiko.blogspot.com

හාරලක්ෂය කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුගය විදියට සැලකෙන 70 දශකයේ බිහිවුණු අති විශිෂ්ට නිර්මාණයක්. එදා මෙදා තුර සිංහල සිනමා ඉතිහාසයේ අපරාධමය කාරණා ඇසුරෙන් බිහිවුණු සිනමා පට අතරින් ඉහළ ම තැනක තියෙන මේ චිත්‍රපටයට පාදක වුණේ 1949 අවුරුද්දේදී සිදු වුණු දරුණු මංකොල්ලයක්. බත් පත රුපියලකට වඩා වැඩි නොවුණු ඒ කාලේ, ලක්ෂ 4ක් කියන්නේ සෑහෙන්න ලොකු මුදලක්.

මේ මංකොල්ලය සිදු වුණේ කොළඹ තුරඟ තරග පිට්ටනියේ. දන්න සිංහලෙන් කියනවනම් රේස් කෝස් එකේ. ගොඩක් සැලසුම් කරලා කරපු හොරකමක් වුණත්, වැඩි කල් නොයා මේකේ අග මුල හොයාගන්න පොලිසියට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි, කීපදෙනෙක් ට එල්ලුම් ගහට යන්නත් සිද්ධ වුණා.

ටයිටස් තොටවත්ත මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් නිම වුණු මේ සිනමාපටය තවත් හැඩ වුණේ ජෝ අබේවික්‍රම, රොබින් ප්‍රනාන්දු ,සෝමසිරි දෙහිපිටිය, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු , බුද්ධි වික්‍රම වගේ රංගන ශිල්පීන්ගෙන්.

2. මරුවා සමඟ වාසේ (1977)

Image Source : sarasaviya.lk

එල්ලුම් ගහට ගිය කෙනෙක්ගේ මිනිය ගොඩ අරගෙන, ඔහු මරණයට පත් වෙලා ඇති බවට සැක හැරලා තහවුරු කිරීමක් කරපු සිදුවීමක් අපේ අධිකරණ වෛද්‍ය ඉතිහාසයෙන් වාර්තා වෙන්නේ එක සැරයයි. ඒ 1975 අවුරුද්දේ අගෝස්තු 05 වැනිදා එල්ලුම් ගහට ගිය මරුසිරා හෙවත් සිරිපාලයි. මුළු රටක් ම බයෙන් අවුලවපු මරුසිරා ගැන මිනිස්සුන්ගේ හිතේ කම්පාවක් ඇති වුණේ මෙන්න මේ අවස්ථාවේදියි. මොකද නම් දරාපු අපරාධකරුවෙක්  වුණත්, ඔහු මරණයට අසීමිත විදියට බය වුණා. ඒ බය නිසා ම, එල්ලුම් ගහට යන්න නියමිත දවසට කලින් දා රෑ නිදි පෙති තොගයක්  බොන්නත් ඔහු පෙළඹුණා. පහුවෙනිදා උදේ ආගමික වතාවත් කරන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් බන්ධනාගාරයට වැඩම කරනකොටත් මරුසිරා මර නින්දේ. නින්දෙන් ඉඳිද්දී ම එල්ලුම් ගහට යවපු මරුසිරාගේ මිනිය එයින් පිටතට අරගෙන නැවත පරීක්ෂාවක් කරන්න තීරණය වුණේ ඒ නිසයි.

මරුසිරාගේ මේ කතාව 1977 අවුරුද්දේදී චිත්‍රපටයකට නැගුණා. ඒ ටයිටස් තොටවත්ත මහත්මයා අධ්‍යක්ෂණය කරපු “මරුවා සමඟ වාසේ” සිනමාපටයයි. විජය කුමාරතුංග, එඩී අමරසිංහ, විමල් කුමාර ද කොස්තා, සෝමසිරි දෙහිපිටිය වගේ රංගන ශිල්පීන් මේකේ චරිත නිරූපණය කළා.

3. සිරිපාල සහ රන් මැණිකා (1977)

Image Source : dinamina.lk

කලින් කියපු මරු සිරාගේ කතාව ම පාදක කරගෙන හැදුණු තවත් චිත්‍රපටයක් තමයි මේ. අසාධාරණය වෙනුවෙන් නිතරම කතා කරපු ඔහුට අවුරුදු 27ක් වගේ අඩු වයසකින් පොරකය නියම වෙන්නේ, පසුකාලීන ව ඔහු යොමු වෙලා ඉඳපු වැරදි මිත්‍රකම් සහ අපරාධ නිසයි.

ඒ කොහොම වුණත් මරු සිරා නොහොත් සිරිපාල තමන්ගේ බිරිඳ වුණු රන් මැණිකාට දැක්වුවේ අසීමිත ආදරයක්. ඔහු පෝරකයට යද්දී, රන් මැණිකාට පළමුවෙනි දරුවා ලැබිලා දවස් තුනයි. මරු සිරා එල්ලුම් ගහට යන්න කලින් දවසේ, තමන්ගේ හිතවත් ම මිතුරෙකුට රන් මැණිකා ව ආදරයෙන් රැක බලාගන්න කියලා ඉල්ලීමක් කරපු බවකුත් ඇය මෑතකදී කියලා තිබුණා.

Image Source : sarasaviya.lk

කෙසේ වෙතත්, මේ දෙන්නගේ ආදර කතාව ගැන කියවුණු “සිරිපාල සහ රන් මැණිකා” සිනමාපටය අධ්‍යක්ෂණය කළේ අමරනාත් ජයතිලක මහත්මයයි. රවීන්ද්‍ර රන්දෙණිය සහ මාලිනී ෆොන්සේකා වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් මෙහි මරු සිරා සහ රන් මැණිකාගේ චරිතවලට පණ පෙව්වා.

4. යකඩයා (1977)

Image Source : vodtv

“මරදන්කඩවල යකඩයා”; මේ නම රට පුරා ප්‍රසිද්ධ වුණේ කැකිරාවේ තැපැල් ස්ථානයේ වෙච්ච දරුණු කොල්ල කෑමක් නිසයි. කොල්ල කෑම විතරක් නෙවෙයි, ඒකෙ ස්ථානාධිපති වෙලා ඉඳපු තම්බයියා නම් පුද්ගලයාව මරණයට පත් කරපු මරදන්කඩවල යකඩයාගේ උපන් ගෙයි නම වෙන්නේ සාංචි ආරච්චිගේ ජිනදාස. නොපනත්කම්, අසාධාරණකම්වලට එරෙහිව කතා කරපු ජිනදාස, දාමරික වැඩවලට යොමු වුණේ තමන්ගේ පෙම්වතිය දෙවැනි ලෝක යුද සමයේදී ලංකාවේ ඉඳපු කාපිරි හමුදා අතින් දූෂණය වෙලා මරණයට පත් වුණු නිසා කියලත් කතාවක් තියෙනවා.

මරදන්කඩවල යකඩයා කියන නම පට බැඳුණු විදිය ගැනත් කතා බොහෝමයි. ඒ අතරින් වැඩිපුර ප්‍රසිද්ධ කතාව වෙන්නේ මනම්පිටියේදී ඔහු හා ගැටෙන්න ආව පුද්ගලයෙක් ව ඔහු යකඩ කූරක් නවා සිර කරපු කතාවයි. කොහොම වුණත් ඔහුට තිබුණු කාය ශක්තිය ගැන නම් කතන්දර නිරතුරුව ම පුවත්පත් වාර්තාවලින් දැකගන්න ලැබුණා.

ධනවතුන්ගෙන් සොරකම් කරන සල්ලි, දුප්පතුන්ට ලබාදුන් රොබින්හුඩ් ගණයේ වීරයෙක් වෙච්ච ජිනදාසගේ කතාව තමයි “යකඩයා” චිත්‍රපටයේ දැක්වුණේ. ගාමිණී ෆොන්සේකා මහත්මයා එහි නිරූපණය කරපු ජිනදාසගේ චරිතය, ලොකු ආන්දෝලනයකට ලක්වුණා. ඒකට හේතුව ඇත්ත ජිනදාස මස් මාංශ නොකන, දුම් පානය හෝ මත්පැන් නොබොන කෙනෙක් වීමත්, චිත්‍රපටයේ ජිනදාස ඒ සේරම කරන කෙනෙක් වීමත් නිසයි.

ගාමිණී ෆොන්සේකා මහත්මයා හැරුණා ම, රවීන්ද්‍ර රන්දෙණිය, ජෙනිටා සමරවීර, අනුලා කරුණාතිලක වගේ ප්‍රවීණ නළු නිළියන් රැසක් මේකේ රඟපෑවා. මේක අධ්‍යක්ෂණය කළේ නීල් රූපසිංහ මහත්මයායි.

5. පොඩි විජේ (1987)

පොළොන්නරුවේ පොඩි විජේ

වෙඩි නොවදින පොඩි විජේ

පොඩි විජේ ගැන කතා කරනකොට, අනිවාර්යෙන් ම අපේ මතකෙට එන දෙයක් තමයි ඇන්ටන් ජෝන්ස් මහත්මයා ගායනා කරන මේ බයිලා සිංදුව. ගොඩක් අය කියන විදියට පොඩි විජේ කියන්නේ තමන්ට වෙච්ච අසාධාරණකම් නිසා නොපනත්කම්වලට යොමු වුණු කෙනෙක් කියලයි. මොකද පවුලේ බර ගෙනියන්න රැකියා කීපයක නිරත වුණත්, ඒ හැම තැනදීම ගෙවුම් වෙනුවට ඔහුට ලැබුණේ ගැරහුම්. ඒ වගේ දේවල් නිසා දැඩි මානසික පීඩනයකට ලක් වුණු පොඩි විජේ හොරකමට නැඹුරු වුණා.

විවාහ වුණාට පස්සේ ඒ නරක පුරුදු අත හැරලා දාන්න තැත් කළත්, ඔහුගේ ගෝලබාලයින් ඒකට සූදානම් වෙලා හිටියේ නැහැ. කරුමෙකට වගේ ඔවුන් කරන හොරකම් මැරකම් පවා බැර වුණේ පොඩි විජේගේ ගිණුමටමයි.

Image Source : archives.dinamina.lk

තමන්ගේ දියණියගේ පළමුවෙනි උපන් දිනය දවසේ ම, සාදයක් පවත්වන ගමන් තමන් අලුතෙන් හදපු නිවසේ පදිංචියට යන්න පොඩි විජේ හිටියේ නොඉවසිල්ලෙන්. ඒත් ඊට නුදුරු වේලාවකදී කවුදෝ පිරිසක් ඒ අලුත් ගෙදරට ගිනි තබා තිබුණා. දාමරිකකම් අත හැරලා හොඳ මනුස්සයෙක් වෙන්න තිබුණු බලාපොරොත්තු සේරම හිතෙන පහ කරපු පොඩි විජේ, ගෙදර තිබුණු තුවක්කුවත් අරගෙන එළියට බැස්සා. ඔහුගේ පස්සෙන් පොලිසිය පන්නන්න පටන් ගත්තේ ඉන් පස්සෙයි.

ඔය ඇසුරෙන් නිර්මාණය වුණු නිශාන්ත ද අල්විස් මහත්මයාගේ පොඩි විජේ චිත්‍රපටය, සෑහෙන්න ජනප්‍රියත්වයක් ලැබුවා. ප්‍රධාන චරිතය වුණු පොඩි විජේගේ චරිතය නිරූපණය කළේ අමරසිරි කලංසූරිය මහත්මයයි. ඔහුගේ බිරිඳ යසවතීගේ චරිතය කළේ සබීතා පෙරේරා මහත්මියයි.

අවුරුද්ද මුල ම පරණ දේවල් කතා කරනවා කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වුණාට මේ හැම සිනමා නිර්මාණයක් ම අපේ රිදී තිරයේ ස්වර්ණමය සලකුණු තියපු උසස් ගණයේ නිර්මාණ බව අමතක කරන්න හොඳ නැහැ. තවත් මේ වගේ චිත්‍රපට කීපයක් ම තියෙනවා. ඒ ගැන ඉස්සරහ දවසක කතා කරන්නම්කො.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide