හැමදාම කන බත් වේලට අළුත් රසක්! විනාඩි 5ට ගෙදරදි හදාගන්න සුපිරි බත් වර්ග 5ක්.

මේ වගේම ඒව ඉතින් කලිනුත් කියල තියෙනව. හැබැයි හදල බලල, කාලා තියෙන්නෙ කවුද කියල නම් අපි දන්නෙ නෑ.

කොහොම වුණත්, කලින් කියපු දේවල් අප්ඩේට් කරන එක අපේ යුතුකමනෙ. අන්න ඒ නිසයි අපි කල්පනා කළේ, කාලෙකට පස්සෙ ආයෙත් අළුත් අළුත් රස ටිකක් ඔයාලට ගේන්න. විශේෂයෙන්ම ඔය හැමදාම කන රයිස් ඇන්ඩ් කරි එකට පොඩි වෙනසක් දෙන්න. මොකද එතකොට අමුතු ගතියකුත් තියෙනවනෙ. අනික එකක් හදා ගත්තොත්, ඔය බතට උයන එළවළු ජාති තුන හතරෙන් එකක් දෙකක් අඩුකර ගන්න බැරි කමකුත් නෑ.

එහෙනම් ට්‍රයි කරල බලන්නකො. අම්ම හරි, ගෙදර උන්දැ හරි මේ වැඩේට අදි මදි කරනව නම් නිවාඩු දවසක් අල්ලල ඔයාලට වුණත් පොඩි ට්‍රයි එකක් දාන්න පුළුවන්. හැබැයි ඉතින් එකක්! වැඩේට අත ගහන්න කලින් පුරුදු කාරයෙක් ළඟ තියාගන්න. නැත්නම් අඩුම කුඩුම ටික අපරාදෙ වෙන්න ඉඩ තියෙනව.

1. මීකිරි බත්

මේව ඇවිල්ලා අපේ පෞරාණික රෙසිපි. එ් වුණාට, අදටත් ඔය තිස්ස කතරගම පැත්තෙ ගියා නම් බලා ගන්න තිබ්බ හෙළයො, මීකිරිත් එක්ක බත් කන කෑම.

ඒත් අපි අද මේ කියන්න යන මීකිරි බත් එක නම් ඊට ටිකක් වෙනස්. මේක හදන්නෙ සුදු හාලක් තම්බල, මීකිරි එක්ක පදම් කරල තෙලට දාලා අරගෙන. ඒකෙදි මතක තියාගන්න පොඩි ඇට තියෙන හාල් ජාතියක් තමයි ගන්න ඕන. ඒ හැරුණාම මස්ටඩ් පොඩ්ඩකුත් ළඟ තියාගන්න ඕන.

මුලින්ම හාල් හුණ්ඩුවක් විතර තම්බල හොඳට ඇට වෙන් වෙන ගාණට නිවා ගන්න. ඊට පස්සෙ තව භාජනයකට තෙල් මේස හැඳි 2, 3ක් දාලා රත් වෙන අතරට මස්ටඩ් මේස හැඳි 2කුයි, සූදුරු තේ හැන්දකුයි දාන්න. ඒක බැදීගෙන එද්දි ඉඟුරු, සුදු ළූණු, අමු මිරිස්, කෑලි මිරිස් ටික එකතු කරල ලාවට බැදෙන්න අරින්න. සුවඳ ගහද්දි හීනියට ලියා ගත්තු කැරට්, ලීක්ස්, පිපිඤ්ඤා වගේ එළවළු ටිකක් එක්ක කොත්තමල්ලි කොළ චුට්ටකුත් එකතු කලා නම් වැඩේ හරි. අන්තිමට ඉතින් බත් ටිකයි, මුට්ටියක විතර මී කිරියි දාලා හිඳෙනකම් හැඳි ගාන්නයි තියෙන්නෙ. ලුණු පදම ඉතින් ඔයාලට බලල දාගන්න පුළුවන්නේ.

2. සාම්බාරු බත්

මේක නම් යාළු ඉන්දියන් කෑමක්. බාග වෙලාවට ඝන සුප් එකකුත් වගේ. හැබැයි රස නම් තියෙනව පංකාදු පහට.

මේ බත හදාගන්න විශේෂයෙන් ඕන කරන්නෙ මුරුංගයි, වට්ටක්කයි වගේ එළවළු තමයි. ඒ ටික හොයාගත්තට පස්සෙ හෝදල කරල පොඩියට කපල පැත්තකින් තියන්න. ඒ අතරට හාල් හුණ්ඩු භාගයක විතර සුදු බතකුයි, ඒ ප්‍රමාණයම වගේ පරිප්පු තැම්බුමකුයි හදාගන්නත් ඕන. ඔක්කොම ටික ලෑස්ති කර ගත්තට පස්සෙ කබලක් ලිපේ තියල වේළපු මිරිස්, සූදුරු, කොත්තමල්ලි ටිකක් බැදගන්න. බැදගෙන ඒක ග්‍රයින්ඩ් කරගන්නත් ඕන. ඊට පස්සෙ පෑන් එකකට තෙල් මේස හැඳි 2, 3ක් ලිපේ තියල ඒක රත් වීගෙන එද්දි මස්ටඩ් මේස හැන්දක්, වේළපු මිරිස්, කරපිංච, සුදු ළූණු දාලා පොඩ්ඩක් කර වෙන්න අරින්න. ලාවට කරවෙද්දි අර පොඩි යට කපාගත්ත එළවළුයි, තක්කාලියි එක්ක වතුර කෝප්පයක් දාලා තැම්බෙන්න අැරිය නම් වැඩේ ගොඩක් දුරට ඉවරයි. හැබැයි එළවළු තැම්බුනාම ඒකට සියඹලා මේස හැන්දකුයි අර බත් ටිකයි පරිප්පු ටිකයි එකතු කරල හිඳෙනකම් හැඳි ගාන්න. මේකෙත් ඉතින් ලුණු ඇඹුල් පදම නම් ඔයාලගෙ තමයි.

3. බටර් හතු බත්

ටිකක් වෙනස් බතක්. හැබැයි පොඩි දේවල් ටිකකින් සුපිරි රසක් හිටින්න හදා ගන්න පුලුවන් එකක්.

මේ බත හදාගන්න කලින් හතු ග්‍රෑම් 100ක් විතර අරගෙන පොඩියට කපල බටර් ද දා පෑන් එකක කර කර ගන්න ඕන. ඒ අතරට මතක ඇතුව ලුණු, ගම්මිරිසුත් එකතු කරන්න. කර වෙච්ච හතු ටික ලිපෙන් බාලා, හාල් හුණ්ඩු බාගයක විතර බතකුත් හදා ගන්න. අන්තිමට කරන්න තියෙන්නෙ අර බා ගත්තු හතු ටිකයි, බතුයි කලවම් කරල ඒකට කජු, ග්‍රීන් පීස් ටිකකු දාලා හීනියට ලියා ගත්තු ස්පයිස්ඩ් කුකින් චීස් හරි නැත්නම් කුකින් චීස් එක්ක මිරිස් කුඩු හරි එකතු කරල පොඩි වෙලාවක් බේක් කරගන්න එක. හැබැයි අවන් එකට දාලා හොඳට අවධානයෙන් ඉන්න වෙනව. මොකද චීස් ටික ගොඩක් දියාරු වුණොත් බත සවුත්තු වෙනවනේ…

4. චීස් චිකන් බත්

අහද්දිත් කටට කෙල උණනව නේ…

එහෙනම් බලා ගන්නකො. මේ බත හරියටම හදනව නම් ඉටෑලියන් සීසනින්ග් ඕන. ඒත් ඒව අපිට හදිස්සියට ගන්න නැති නිසා අපි මේක ශ්‍රී ලංකන් සීසනින්ග් පැත්තට බර කරමු. හැබැයි ඉතින් එහෙමයි කියල ලුණු ඇඹුල් රස තදට හිටින්න සීසන් කරන්න එපා. මොකද මේකට දාන චීස් එක්ක ඒ රස ගැලපෙන්නෙ නැති වෙනවනෙ. කොහොම හරි චිකන් ටික සීසන් කලාට පස්සෙ, ඒ චිකන් ටිකයි, සුදු හාල් හුණ්ඩුවකුයි, පොඩියට කපාගත්ත ලීක්ස්, කැරට්, ගෝවා, පිපිඤ්ඤා, නිවිතියි එකට දාලා තම්බ ගන්න. එතනදි බතේ වතුර නම් හොඳටම හිඳෙන්න ඕන. ඊට පස්සෙ රස්නෙ පිටින්ම බත, දීසියකට බාලා හීනියට ලියා ගත්තු ස්පයිස්ඩ් චීසුයි, අමු මිරිසුයි ඔලිව් ඔයිල් එක්ක කලවමක් හදල එකතු කරන්න තියෙන්නෙ. බත බාලා පොඩ්ඩක් නිවීගෙන එද්දි පිඟානකට බෙදා ගත්ත නම් ඉතින්… ගමකට කතහැකි ආයෙ.

5. බිත්තර බත්

ලේසියකට හිතෙන්නෙ නැති ඒත් හිතල හැදුවොත් බඩ පැලෙන්න කන්න පුළුවන් බතක්.

කරන්න තියෙන්නෙ හාල් හුණ්ඩුවක බතක් ලිපේ තියන ගමන් බිත්තර 5ක් කඩල ඒකට ලුණු, කෑලි මිරිස්, අමු මිරිස්, ගම්මිරිස්, හීනියට ලියාගත්තු ලූණු, කරපිංච, කැරට්, ලීක්ස්, බෝංචි, ගෝවා දාලා හොඳට ගහගන්න එක. ඊට පස්සෙ ඉදිච්ච බත හොඳට ඇට වෙන් වෙන්න පොඩි කරල දාන්න බිත්තර එකටම. දාලා ආයෙත් හොඳට ගහගන්න. ඊට පස්සෙ ඉතින් නෝර්මල් ඔම්ලට් දාන විදියට ලොකු පෑන් එකක හරි, තාච්චියක හරි දා ගන්න තියෙන්නෙ. මතක තියාගන්න ඔම්ලට් එක පිපෙනකම් හොඳට වහල තියන්න ඕන හරිද.

හැබැයි ඔය කොහොම කළත් බත කද්දි චිලී පේස්ට් චුට්ටක් ළං කර ගන්න නම් අමතක කරගන්න එපා. අඩුම තරමෙ මස් හොදි හරි. මොකද එතකොට තමයි බතේ ගතිය එන්නෙ.

ඒත් එහෙමත් මදි, මේ වගේ ඔයාල දන්න තව රෙසිපි තියෙනව නම් ඒවත් අපිට එවන්න ඕන. අපිත් ආසයි ඔය අළුත් අළුත් කෑම ජාති හදල රස බලන්න, ඔයාල වගේම!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide