තොටිල්ල පදවන අතින් රාජ්‍ය කරවූ ශ්‍රී ලාංකීය කාන්තාවන් 6 දෙනෙක්.

2018 අවුරුද්දේ ලෝක කාන්තා දිනය යෙදිලා තියෙන්නේ අදටයි. සමාජයට කාන්තාවන්ගෙන් සිද්ධවෙන මෙහෙය, ඔවුන්ගේ අයිතිවාසිකම්, ඔවුන්ට වෙන අසාධාරණකම් ගැන ලෝකයක් ම එක්කාසු වෙලා කතා කරන්න තමයි හැම අවුරුද්දේ ම මාර්තු 8 වෙනිදා වෙන් වෙන්නේ. ඉතින් මෙවර මේ දිනය සැමරෙන්නේ 107 වැනි වතාවට. මෙදා සැරේ ලෝක කාන්තා දිනය ලංකා දේශපාලන ක්ෂේත්‍රයටත් විශේෂයි.  

ලංකාවේ ව්‍යවස්ථාදායකයේ කාන්තා නියෝජනය සීයට විසිපහක් දක්වා ඉහළ අගයකට නැංවීමේ ප්‍රතිපත්තිමය එකඟතාවයක් ගැන පහුගිය මාස කීපයක කාල වකවානුව ඇතුළේ අපට අහන්න ලැබුණා. මේකේ පළමුවෙනි පියවර ක්‍රියාත්මක වුණේ මෑතක දි පැවැත්වුණු පළාත් පාලන ඡන්දයේදී. එහිදී කාන්තා නියෝජිත ප්‍රතිශතය 25%ක අගයකට ගේන්න උත්සහයක් දියත් වුණා. ඇතැම් ප්‍රායෝගික ගැටලු නිසා මේ උත්සාහය සීයට සීයක් සාර්ථක නොවුණත්, ආරම්භයක් විදියට ඒ ගත්ත පියවර ගැන අපි අගය කළ යුතුමයි.

කොහොමත් කාන්තාවන්ට දේශපාලනය ඇතුළේ දීලා තියෙන තැන ගැන කතාකරද්දී, ලංකාවේ තියෙන වාතාවරණය ගැන අපට සෑහෙන්න සතුටු වෙන්න පුළුවන්. මොකද ලෝකයේ ප්‍රථම අගමැතිනිය පවා බිහිවුණේ අපේ රටින්. ඒ වගේ ම සර්ව ජන ඡන්ද බලය ලංකාවේ කාන්තාවන්ට ලැබුණේ 1931 අවුරුද්දේ ආව ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ඒත් අපේ රට යටත් විජිතයක් බවට පත් කරගෙන ඉඳපු බ්‍රිතාන්‍යය තමන්ගේ රටේ කතුන්ට ඒ වරම ලබා දුන්නේ 1918දී. ඉතින් ඔය අවුරුදු දෙක අතරේ තියෙන පරතරයයි, රටවල් දෙකට ලෝකයෙන් ලැබිලා තියෙන පිළිගැනීමයි ගැන සලකලා බැලුවාම, එවන් කාලෙකත් ලංකාවේ කාන්තාවන්ට දේශපාලනයෙන් දීලා තියෙන ස්ථානය ගැන අපි සන්තෝෂ විය යුතුයි.

ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තියපු කාන්තාවන් ගැන කතා කරද්දී, අපේ ඔළුවට එන චරිත බොහොමයි. අන්න ඒ අතරින් තෝරගත්ත 6 දෙනෙක් ගැන කතා කරන්න, අද දවස යොදාගන්න අපි කල්පනා කළා.

1. ඇඩ්ලින් මොලමුරේ

Image Source : archives.dinamina.lk

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ ලංකාවේ පිහිටවපු රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වුණු මන්ත්‍රීවරු අතරින් රුවන්වැල්ල ආසනයට තේරී පත්වුණේ මීදෙණිය අධිකාරම්තුමායි. ඔහු ඊට කලින් ව්‍යවස්‌ථාදායක සභාවේ උඩරට සිංහල මන්ත්‍රීවරයකු විදියටත් කටයුතු කරලා තිබුණා. හැබැයි ඔහුගේ හදිසි අභාවය නිසා, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සේවය කරන්න ඔහුට පුළුවන් වුණේ මාස හතරක කාලයක් පමණයි. අපි මේ කියන ඇඩ්ලින් මොලමුරේ මහත්මිය, ඔහුගේ දියණියයි.

කාන්තා සමිති ඇතුළු තවත් සංගම් කීපයක ඉල්ලීම නිසා, පියාගෙන් හිස් වුණු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පුටුව පුරවන්නට පැවැත්වෙන ඡන්දයේ නියෝජිතයෙක් වෙන්න ඇය තීරණය කළා. පියාගෙන් වගේ ම, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති විදියට කටයුතු කරපු ඇගේ සැමියාගෙන් ලැබුණු දේශපාලන පන්නරයත් ඒ තීරණය ගැනීමට හේතුවක්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම අතුරු මැතිවරණයට සහභාගී වුණු පළමුවෙනි සහ එකම කාන්තාව වුණේ ඇයයි. මේ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්ත ඇඩ්ලින් මොලමුරේ මහත්මිය රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වුණු ප්‍රථම කාන්තාව විදියටත් නම් දරනවා.

දෙවැනි දෙවන රාජ්‍ය සභා මැතිවරණයෙන් ඇය පරාජය වුණත්, 1947දී සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ හඳුන්වා දුන් උත්තර මන්ත්‍රී මණ්‌ඩලයට පත්වූ ප්‍රථම කාන්තාව විදියට ඇය දේශපාලන ඉතිහාසයට එක් වුණා. 1961 දක්‌වා උත්තර මන්ත්‍රී මණ්‌ඩලයේ මන්ත්‍රීවරියක් ලෙසට කටයුතු කළ අය එහි උප සභාපතිනිය බවට පත් වුණේ 1955 දී. ලංකා පාලන තන්ත්‍රයේ කාන්තා නියෝජනයට මුල පුරපු ඇය, දේශපාලන ක්ෂේත්‍රයේ අමිල සේවයක් ඉටු කරන්න සමත් වුණා.

2. ෆ්ලොරන්ස්‌ සේනානායක

Image Source : silumina.lk

1903 අවුරුද්දේ මොරටුව රාවතාවත්තේ උපත ලබපු ෆ්ලොරන්ස්‌ සේනානායක තදබල දේශපාලන පසුබිමක් ඇති අයෙක් නෙවෙයි. ඒත් 1947දී සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පැවැත්වුණු ප්‍රථම මැතිවරණයෙන්, ලංකා පාර්ලිමේන්තුවට පත්වුණු පළමුවෙනි කාන්තාව බවට පත් වෙන්න ඇයට පුළුවන් වුණා. ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් අය තරග කළේ කිරිඇල්ල ආසනයටයි. ඇය මේ ජයග්‍රහණය ලැබුවේ . කේ. ඩබ්ලිව්. චන්ද්‍රසේකර, ඒ. ඊ. බී. කිරිඇල්ල, එච්. ඒ. ජී. කලාටුවාව, බී. ඇස්‌. රාමචන්ද්‍ර,ඒ. ඇම්. ඇස්‌. ඇල්. පතනිමුහන්දිරම් වැනි තරගකරුවන් 6 දෙනෙක් අතරින් වීමත් විශේෂත්වයක්. ඒත් 1952දී පැවැත්වුණු දෙවන මහා මැතිවරණයේදී ඒ. ඊ. බී. කිරිඇල්ල මහතා හමුවේ පරාජය වෙන්න ඇයට සිද්ධ වුණා.

3. කුසුමසිරි ගුණවර්ධන

Image Source : parliament.lk

පාර්ලිමේන්තු ආසනයක්‌ සඳහා නිතරගයෙන් පත් වුණු පළමුවෙනි මන්ත්‍රීවරිය විදියට දේශපාලන ඉතිහාසයට එකතු වුණේ කුසුමසිරි ගුණවර්ධන මහත්මියයි. ඇය කීර්තිමත් වාමාංශික දේශපාලන නායකයෙකු වුණු පිලිප් ගුණවර්ධන මහත්මියගේ බිරිඳයි.

1947 අවුරුද්දේදී පැවැත්වුණු පළමුවෙනි මැතිවරණයේදී, “අත” ලකුණින් තරග කරපු පිලිප් ගුණවර්ධන මහත්මයා වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණත්, ඡන්ද පෙත්සමක් හේතු කරගෙන තමන්ගේ ආසනය අහිමි වුණා. ඒ නිසා 1948 වසරේ පැවැත්වුණු අතුරු මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම සිද්ධ වෙද්දී, ඒ සඳහා ඉදිරිපත් වෙලා හිටියේ කුසුමසිරි ගුණවර්ධන මහත්මිය විතරයි. අවිස්‌සාවේල්ල ආසනයේ නව මන්ත්‍රීවරිය ලෙස ඇය නිතරගයෙන් පත් වුණේ අන්න ඒ විදියට.

ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරපු ඇය පාර්ලිමේන්තුවට පිවිසි දෙවැනි වාමාංශික මන්ත්‍රීවරිය විදියටත් ඉතිහාසයේ සඳහන්. 1952 දෙවන මැතිවරණයේ දීත් එහි තරගකාරියක් වුණු ක්‌ලෝඩා ජයසූරිය පරදවා, වැඩි ඡන්ද 956 ක් ලබාගෙන දෙවැනි වරටත් පාර්ලිමේන්තුවට පිවිසෙන්න ඇයට පුළුවන්කම ලැබුණා.

4. විවියන් ගුණවර්ධන

Image Source : dinamina.lk

විවියන් ගුණවර්ධන මහත්මිය ඉතිහාසයේ සඳහන් වෙන්නේ අධිරාජ්‍ය විරෝධී අරගලය මුවහත් කරන්නට සමත් වුණු නායිකාවක් විදියටයි. මොකද ඇය ඉපදුණේ ලංකාව විදේශික බලපෑම්වලට යටත් වෙලා තිබුණු කාලෙකදී. ලංකාවේ සමාජය, ස්‌වභාෂා සංස්‌කෘතිය, ගොවිතැන, වාරිමාර්ග ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් මේ කාලය තුළ දි වෙනස් වෙලා තිබුණා. ඇය හැදුණේ වැඩුණේ 1818 කැරැල්ල, 1848 කැරැල්ල ආදී නිදහස් අරගල ගැන කතන්දර සහ තමන්ගේ මාමාවරුන් වුණු පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන වගේ අයගේ සාකච්ඡාවලට සවන්දෙමිනුයි. ඒ නිසා ම, “ඉංග්‍රීසීන් පන්නල රට නිදහස්‌ කර ගන්න ඕනෑ” ය කියන හැඟීම පුංචි විවියන්ගේ හිතේ පැලපදියම් වෙලා තිබුණේ.

පළමුවැනි ලෝක යුද්ධයෙන් මියගිය අධිරාජ්‍යවාදී රටවල සොල්දාදුවන්ගේ පවුල්වලට ආධාර සඳහා පටන්ගත්ත පොපිමල් ව්‍යාපාරය ගැනත්, ඊට එරෙහිව දේශීය දිළිඳු ජනයාට ආධාර කිරීමට ලංකාවෙන් අරඹපු සූරිය මල් ව්‍යාපාරය ඇයට අහන්න ලැබුණෙත් ඇගේ මාමලා දෙන්නගෙන්. ඔවුන්ගේ අඩි පාරේ ගිය විවියන් මේ සූරිය මල් ව්‍යාපාරයට තමන්ගේ සහයෝගය දැක්වූවා. ඒ වගේ ම, ඇය සමසමාජ පක්ෂයට බැඳුණේ නිවසට හොරෙන් රු.25ක පක්ෂ සාමාජික ගාස්තුවක් ගෙවමිනුයි.

අධිරාජ්‍යවාදයට එරෙහිවීම ගැන පැවැත්වුණු දේශනවලින් තමන්ගේ දැනුම දියුණු කරගත්ත ඇය, 1936දී පිලිප් ගුණවර්ධන, ඇන්. ඇම්. පෙරේරා වැනි අයගේ මැතිවරණ ජයග්‍රහණයන් සඳහාත් කටයුතු කළා. ඇගේ සැමියා වුණේ අධිරාජ්‍ය විරෝධී අරගලයේ නියමුවකු වූ ලෙස්‌ලි ගුණවර්ධන මහත්මයායි.

කාලය ගත වෙද්දී නිදහස් අරගලයේ නියැලෙන අය එකින් එකාට සිර දඬුවම් නියම වෙද්දී, ලෙස්‌ලි ගුණවර්ධන ව අල්ලාගන්නටත් පොලිසිය මාන බලන බව විවියන් ට දැනගන්නට ලැබුණා. තමන්ගේ සැමියාත්, සිව් හැවිරිදි දියණියත් අරගෙන ඉන්දියාවට යන්නට ඇය කටයුතු කළේ ඒ නිසයි. ඉන්දියන් ජාතික නිදහස්‌ සටනට සහය දුන් ඇය, නිදහස සඳහා පළ කරන පුවත්පතක ජනමාධ්‍යවේදිනියක් විදියටත් කටයුතු කළා.

පසු කාලීන ව ලංකාවට ආ ඇය කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියක් විදියට වසර 12ක කාලයක් සේවය කළේ, කොළඹ සිටින දුගී දුප්පත් ජනතාවට පවා සෑහෙන්න සේවයක් ඉටු කරමිනුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදියට වගේ ම, උප ඇමතිවරියක් විදියටත් ඒ සේවය තව දුරටත් ගෙනියන්න ඇයට පුළුවන්කම ලැබුණා. විසිවැනි සියවසේ ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම සටන්කාමී කාන්තාව විවියන් ගුණවර්ධන බවට සඳහන් වෙන්නෙත් රට වෙනුවෙන් ඇය කළ ඒ අභීත සේවය නිසයි.

5. සිරිමාවෝ බණ්ඩාරනායක

Image Source : thefamouspeople.com

ලංකාවේ ප්‍රථම අගමැතිනිය වගේ ම, ලෝකයේ පළමුවෙනි අගමැතිනිය විදියට දේශපාලන ඉතිහාසයට එකතු වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය උපත ලැබුවේ 1916දී. අවුරුදු 50 වෙද්දී ලංකාවේ රජ කිරුළ දරන බවට ඇයගේ නැකත් පත්තරය කියවපු බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරලා තිබුණා.

ඒ රජ කිරුළට පළමුවෙනි පියවර වැටුණේ ඇගේ සැමියා වුණු එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහත්මයාගේ අභාවයත් සමඟයි. ඔහුගෙන් හිස් වුණු පුටුව පිරවූ ඇය තුන් වරක් රට පාලනය කළා. 1960දී සෙනට් මන්ත්‍රීවරියක් විදියට අගමැතිකමට ආ ඇය, ඉදිරි මාස තුන ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැද ලොව පළමුවෙනි අගමැතිනිය වන්නට සමත් වුණා. ඒ වගේ ම, පොදු රාජ්‍ය මණ්ඩලයීය අග්‍රාමාත්‍ය සමුළුව, යුගෝස්ලෝවියාවේ නොබැඳි සමුළුව ආදියට ලංකාව නියෝජනය කරමින් සහභාගී වුණෙත් මේ මැතිනියමයි.

චීනය හා ඉන්දියාව අතර දේශ සීමා අරගලය විසඳීමට වගේ ම, රුසියාව, පෝලන්තය වගේ ප්‍රබල සමාජවාදී රටවල්වල නායකයන් හමුවෙන අතරේ, 1964 පොදු රාජ්‍ය මණ්ඩලයීය කයිරෝ සමුළුවට යන්නටත් ඇය කටයුතු කළා. අපේ රටට අහිමි වෙන්නට ගිය උතුරේ කච්චතිව් දූපත යළිත් අපට ලබාගන්නට අත්සන් කළ ශාස්ත්‍රී ගිවිසුම, ඇගේ තවත් සේවාවන් අතරින් එකක්.

වලව් පන්තියේ උපත ලැබුණත්, හැම පැලැන්තියක ම සිටින මිනිසුන්ගේ දුක තේරුම් ගන්නට ඇය සමත් වුණා. ස්වශක්තිය ගැන මිනිසුන්ගේ විශ්වාසය ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් විදෙස් ආහාර සීමාකර, ලංකාවේ වගා සංග්‍රාමයක් ඇති කළත්, එය සමාජයේ බහුතරය දුටුවේ වැරදි අදහසක් විදියටයි. ඒ නිසා ම 1977 අවුරුද්දේ මැතිවරණයෙන් ඇය පරාජය වුණා.

කාන්තාවක් නිසා ම සමාජයෙන් ඇයට එල්ලවුණු තාඩන පීඩන එමටයි. එහි ප්‍රතිඵලයක් විදියට ඇගේ ප්‍රජා අයිතියත් අහිමි වුණා. ඒත් 1948 අවුරුද්දේදී ලංකාව ලබපු නාමමාත්‍රික නිදහස, සැබෑ නිදහසක් බවට පත් කරන්නට සමත්වුණු ඇය ව අදටත් ලංකාවේ මිනිසුන්ට අමතක වෙලා නැහැ.

6. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

Image Source : presidentsoffice.gov.lk

තමන්ගේ මව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අඩි පාරේ යමින් දේශපාලනයට පිවිසුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය උපත ලැබුවේ 1945දීයි. ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපති, හතර වන විධායක ජනාධිපති මෙන්ම ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය වන්නේත් ඇයමයි.

නිදහස් පක්ෂ කාන්තා කමිටුවේ සාමාජිකාවක් විදියට දේශපාලන දිවිය ආරම්භ කරපු ඇය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයකු ලෙසත්, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සභාපති ලෙසත් පසු කාලීනව කටයුතු කළා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතහැර දැමූ ඇය තමන්ගේ සැමියා වුණු විජය කුමාරතුංග මහතාගේ ශ්‍රි ලංකා මහජන පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවට ඇය පත් වුණේ ඉන් පස්සෙයි. ඒත් ඔහුගේ හදිසි අභාවයෙන් පසුව එංගලන්තයේ ලෝක ආර්ථික සංවර්ධන පරීක්ෂණ ආයතනයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වුණා.

1991 වසර දක්වා එංගලන්තයේ සේවය කරපු ඇය, බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමතිනිය ලෙස දිවුරුම් දුන්නේ 1993දී. ඉන් පස්සේ පොදුජන එක්සත් පෙරමුණු රජයේ අගමැතිවරිය වන්නට ඇය සමත් වුණා. 17 ක එක්සත් ජාතික පක්ෂ පාල‍නය නිමා කරමින් 1994දී තිබුණු ඡන්දය ඇය ජයගත්තේ, ලංකාවේ පළමුවෙනි ජනාධිපතිනිය බවට පත්වෙමිනුයි. ඇය දෙවරක් ම එම ධූරයේ කටයුතු කළා.

එවකට ලංකාවේ පැවති ජනවාර්ගික ගැටලුව නිරාකරණය කරන්නට සාකච්ඡා සහ යුදමය ක්‍රියාමාර්ග ගත් නිසා ම 1999 අවුරුද්දේදී ඇයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. ඇගේ දකුණු ඇසේ පෙනීම පවා ඇයට අහිමි වුණේ ඒ හේතුවෙනුයි. චන්ද්‍රිකා මැතිනියගේ පාලන කාලය අවසන් වුණේ 2005දී පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපති ප්‍රමුඛ පාර්ලිමේන්තුවෙනුයි.

ලෝකයක් වුණත් දණ නමන හැම උතුමෙක් ම, ආගමික නායකයෙක් ම, පාලකයෙක් ම කවුරුන් හෝ මවකගෙන් උපත ලබපු අයෙක්. ඉතින් “තොටිල්ල පදවන අත රාජ්‍ය කරවයි” කියන කාරණය ඒ හැටියෙන් ම ඔප්පු කරවපු මේ කාන්තාවන්, ලංකාවේ සෑම සියලු කෙනෙක්ගේ ම ආදරයට, ගෞරවයට නිරන්තරයෙන් ම පාත්‍ර වෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide