හෙළ සිනමාවේ මැකී ගිය රිදී රේඛාව; ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අද්විතීය චිත්‍රපට 10ක්.

කඩවුණු පොරොන්දුවෙන් ආරම්භ වුණු ලංකාවේ සිනමා වංශ කතාව, ඉන්දියානු වට්ටෝරු සම්ප්‍රදායේ අච්චුවෙන් මුදාහරින්නට කටයුතු කළ, සිංහල සිනමාවේ රිදී රේඛාව මැකී ගියේ පහුගිය ඉරිදා දවසේදීයි. අවුරුදු 99ක් ආයු වැළඳූ ඔහු තමන්ගේ ජීවිතයෙන් අඩ සියවසක් ම කැප කළේ ලංකාවේ රිදී තිරය වෙනුවෙනුයි.

ඔහු නමින් ලෙස්ටර් ජේම්ස් පීර්ස්. චිත්‍රපට අධ්‍යක්ෂණය, තිර රචනය වගේ ම, නිෂ්පාදනය යන අංග සියල්ලෙන් ම තමන්ගේ හැකියාව පෙන්වපු ඔහුගේ නික්ම යාම, කලාවට ආදරය කරන බොහෝ දෙනෙක් සසල කරවන්න සමත් වුණා. වාණිජ පරමාර්ථය ම බලා නොගෙන ඔහු කරපු නිර්මාණ, තවත් දශක ගණනාවකට රස විඳින්නට පුළුවන් ඒවායි.

ඉතින් ඔහු සිතුවම් කළ චිත්‍රපට අතරින් කීපයක් ගැන කතා කරන්න අපි කල්පනා කළේ ඒ නිසයි.

1. රේඛාව (1956)

ඕලු නෙළුම් නෙරිය රඟාලා – කිකිණි හඬට වලා නගාලා

රිදී තොටිල්ලේ මල් ඇතිරිල්ලේ – මගේ කුඩා ඔරුව හබල් ගා

යමු නැළවිල්ලේ..

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ

ෂහ්! කොහොම අමතක කරන්නද මේ ගීතය? මේ ගීතය කොච්චර අපට සමීපයිද කිව්වොත්, අදටත් මේකේ තනුව ඇහෙද්දී අපට මතක් වෙන්නේ ගඟ මැද්දෙන් බෝට්ටුව පැදගෙන යන ගමන් සින්දු කියන නිමල්ගේ (ආනන්ද වීරකෝන් මහත්මයා) රූපරාමු ටික. ලංකා සිනමා ඉතිහාසය අලුත් මගකට යොමු කරපු රේඛාව චිත්‍රපටිය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ සිනමා දිවියේත් නව පිටුවක් පෙරළපු බව නොරහසක්. මොකද කිව්වත් වගේ ඒ කාලේ ලංකාවේ තිබුණේ ඉන්දියානු සිනමා ආභාසය ගත්ත චිත්‍රපටනේ. පැය 2,3 චිත්‍රපට ශාලාවල ඕවා බලපු රසිකයන්ට, රේඛාව දිරවගන්න එකත් පොඩ්ඩක් විතර අමාරු වුණා.

ස්ටුඩියෝ එකක් රහිතව එළිමහනේ රූපගත කරපු පළමුවෙනි සිංහල චිත්‍රපටිය වෙන්නෙත් රේඛාවයි. ගම්බද ජනතාව අතරේ තියෙන පුරාවෘත්ත, විශ්වාසයන් පාදක කරගත්ත කතා තේමාවක් මේ සිනමාපටයේ තිබුණා.

2. ගම්පෙරළිය (1963), කලියුගය (1982), යුගාන්තය (1983)

ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය; මාර්ටින් වික්‍රමසිංහයන් අතින් ලියවුණු සිංහල සාහිත්‍යයේ විශිෂ්ටත ම තුන් වැදෑරුම් නවකතාව විදියට හැඳින්වෙන්නේ මේ කතා මාලාවයි. ග්‍රාමීය පරිසරය, නාගරීකරණය වෙන හැටි, ඒ හේතුව නිසා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙන හැටි පරම්පරා තුනක් ඔස්සේ දිගහරින්න මේ කතාවට පුළුවන් වුණා. පොතින් අපි දැන අඳුනගත්ත ඒ චරිතවලට පණ ලැබුණේ  ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ඒ ඇසුරින් අධ්‍යක්ෂණය කරපු සිනමාපට තුනෙනුයි.

1964දී පැවැත්වුණු පළමුවෙනි සරසවි සිනමා උපහාර උළෙලෙන් ම හොඳම අධ්‍යක්ෂවරයාට හිමි ත්‍යාගය දිනාගන්න ගම්පෙරළිය චිත්‍රපටියට හැකි වුණා. ඒ විතරක් නෙවෙයි, මේ සිනමාපටය තුන්වැනි මොස්කව් සිනමා උළෙලට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබීමත් විශේෂත්වයක්.

3. දෙලොවක් අතර (1966)

60 දශකයේ දැකගන්න ලැබුණු ධනවත් පන්තියේ හැඟීම් දැනීම් ගැන කියාපෑමේ බලාපොරොත්තුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා නිර්මාණය කරපු දෙලොවක් අතර චිත්‍රපටය, සරසවි සම්මානයෙන් පිදුම් ලබපු තවත් සිනමාපටයක්. රිය අනතුරක් කර පලා යන කොළඹ පොහොසත් පවුලක තරුණයෙකුත්, ඔහුගේ පැළැන්තියේ අභිමානය සහ හෘද සාක්ෂිය අතර ඇති වෙන ගැටීමත් මේ කතාවෙන් පෙන්නුම් කෙරුණා.

ටෝනි රණසිංහ මහත්මයා මෙහි නිරූපණය කරපු නිශ්ශංකගේ චරිතය බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණු එකක්. ප්‍රංශ නවරැල්ලේ ආභාසය ලද චිත්‍රපටයක් විදියටත් ගොඩක් අය මේ චිත්‍රපටය ගැන මතවාද කළත්, මහාචාර්ය සිරි ගුණසිංහයන් සඳහන් කළේ නූතන ලාංකික සිනමාවේ ආරම්භය මෙය බවයි.

4. ගොළු හදවත (1968)

කරුණාසේන ජයලත් මහත්මයා ලියපු ගොළු හදවත, ඒ කාලේ පෙම්වතුන්ගේ බයිබලය වගේ. ආදරය විඳපු, නොවිඳපු හැමෝම මේ කතාවේ එන දම්මිගෙයි, සුගත්ගෙයි ආදර කතාවට පෙම් බැන්දා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා මේ ඇසුරින් නිර්මාණය කරපු ගොළු හදවත චිත්‍රපටයටත් ලැබුණේ ඒ හා සමාන ම ජනප්‍රියත්වයක්.

පහු කාලවලදී ලංකාවේ ලේඛකයෝ පැල් බැඳගෙන ප්‍රේම කතා ලිව්වත්, ගොළු හදවතට තරම් පාඨයන්ට සමීප වෙන්න ඒ කිසිම පොතකට හැකියාවක් ලැබුණේ නැහැ. සිනමාපටය තුළින් එහි චරිතවලට ලැබුණු ජීවයත් ඒකට හේතුවක්.

5. නිධානය (1972)

සිංහල සිනමාවේ විශිෂ්ටතම චරිතාංග නිරූපණය රැගත් චිත්‍රපටය මොකක්ද කියලා ඇහුවොත්, බොහෝ දෙනාගේ පිළිතුර වෙන්නේ “නිධානය” යන්නයි. තිර රචනය, කැමරාකරණය, සංස්කරණය, සංගීතය, කලා අධ්‍යක්ෂණය, වේශ නිරූපණය වගේ හැම අංගයක් ම එක වගේ විශිෂ්ට තත්ත්වයෙන් ඉදිරිපත් වුණු මේ සිනමාපටය, ජී.බී සේනානායක මහත්මයා ලියපු කෙටි කතාවක් ඇසුරින් බිහි වුණු එකක්.

නිධානයක් ගැනීමේ බලාපොරොත්තුවෙන් තමන්ගේ බිරින්දෑ වන අයිරින් ව බිල්ලට දෙන විලී අබේනායකගේ පසුතැවිල්ල මේ කතාවට පාදක වෙලා තිබුණා. ඇත්තට ම තමන්ගේ නිධානය වන්නේ අයිරින් ම බව තේරුම් ගන්නකොට, ඔහු හුඟක් ප්‍රමාද වැඩියි.

ලංකාවේ විතරක් නෙවෙයි, ජාත්‍යන්තර වශයෙනුත් මේ සිනමාපටය පිදුම් ලැබුවා. ඉතාලියේ වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ දී ලැබුණු රජත සිංහ සම්මානය (SILVER LION OF ST. MARK), කොරියාවේ 4 වැනි පූසාන් අන්තර් ජාතික චිත්‍රපට උලෙළේ 20 වැනි සියවසේ ආසියාවේ නිර්මාණය වූ හොඳම චිත්‍රපට 13 න් එකක් බවට නම් වීම, ඒ සම්මාන අතරින් කීපයක්.

6. මඩොල් දූව (1976)

නිර්භීතකමත් එක්ක එකතු වුණු උපාලිගේ මුරණ්ඩුකම, ජින්නාගේ යටහත් පහත්කම, පසුව ඔවුන්ට එකතුවෙන හින්නි මහත්තයාගේ කම්මැලිකම, මේවා අපේ ජීවිතේ කොටස් බවට පත් වුණේ මඩොල් දූව කතා පොතත් එක්ක. අන්න ඒ කතාව ජීවමාන කරන්න, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ඒ ඇසුරින් හදපු “මඩොල් දූව” චිත්‍රපටයට පුළුවන් වුණා. ඔහු අධ්‍යක්ෂණය කරපු ප්‍රථම ඊස්ටන් වර්ණ චිත්‍රපටය වුණෙත් මේකමයි. සැවෝයි සිනමා ශාලාවේ දින 70 ක්ද, ලිඩෝ සිනමා ශාලාවේ දින 80 ක් ද පෙන්වා ආදායම් වාර්තා බිඳ හෙලන්න තරම් මේ සිනමාපටය සමත් වුණා.

7. අහසින් පොළොවට (1978)

දොස්තර සරත් විවාහ වෙලා හිටියේ විනීතාත් එක්ක. ඒත් දරුවා ලැබෙන්න අමාරු වුණු මොහොතේදී, ඇය ළඟින් ඉන්න ඔහු ඉදිරිපත් වුණේ නැහැ. අවාසනාවකට වගේ විනීතා දරු උපතේදී මිය යනවා. ඉන්පස්සේ සරත් ළඟ හොල්මන් කරන ඔහුගේ ම හෘද සාක්ෂියත් එක්ක ජීවත් වෙන්න ඔහුට සිද්ධ වෙනවා.

මේ සිංහල සිනමාවේ ස්වර්ණමය වකවානුව විදියට හැඳින්වෙන 70 දශකයේදී තිරගත වුණු තවත් අපූරු සිනමා කාව්‍යයක්. කයිරෝ අන්තර් ජාතික සිනමා උළෙලේදී තුන්වන ලෝකයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගන්න වගේ ම, මෙරට මුල්ම ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඇතුළු සම්මාන රාශියක් ලබාගන්න මේ සිනමාපටයට හැකියාව ලැබුණා.

8. බැද්දේගම (1980)

'' උණුසුම් වාතය ද , දූවිලි ද, වියලී පොඩිවී ගිය දඩු පත්ද පිසගෙන ආ වන ගද ගම පුරා පැතිර සිටියේය. හැම දෙසින්ම උතුරු, නැගෙනහිර, දකුණු, බස්නාහිර යන සිව් දෙසින්ම ඈත නිල්වන් කදුවැටිය දක්වාද මෑත මහ මුහුද දක්වාද පැතිරී ගිය මහ වනයෙහිමය ගමෙහි මුල හා අගද වූයේ. ගම වනයෙන් ම පන් ගැනී වනයෙන් ම කෙළවර වූයේය. වනය, ගම වට කරගෙන ගමට ඉහළින් ද වැඩෙමින් ගම තදබද කරගෙන සිටියේය. ගෙමිදුල් හා එළිමහන් තැන් අකුල් කරගෙන මැටි ගෙවල් මිරිකාගෙන මංපෙත් අවුරා ගෙන වනය හාත්පසින්ම වැඩුණේය.”

ලෙනාඩ් වුල්ෆ් ලියපු, ඒ.පී.ගුණරත්නයන් පරිවර්තනය කරපු “බැද්දේගම” පොත කියවලා තියෙනවනම්, බැද්දේගම ගැන චිත්‍රයක් මැවෙන්න මේ වචන පෙළම ඇති. ඒ නැතත්, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ බැද්දේගම සිනමාපටය බැලුව කෙනෙක්ට, මීට සමාන ම රූපරාමු පෙළක් මතක් වෙනවා ඇති. සිළිඳු, පුංචි මැණිකා, බබුන්, හින්නි හාමි, සහ කර්ලිනා හාමි වගේ චරිත අපට තවතවත් සමීප කරවන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබුණා.

හොංකොං කලර්මූවී ලැබ් ආධාරයෙන් සංස්කරණය කරපු බැද්දේගම, මුලට ම දැකගන්න ලැබුණේ  මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදීයි. කෑන්ස් සිනමා උලෙළේ දි පවා තිරගත කරන්න තරම් අනර්ඝ බවක් මේ චිත්‍රපටයෙන් දැකගන්න ලැබුණා.

9. වෑකන්ද වලව්ව (2002)

ලංකාවේ අධ්‍යක්ෂකවරයෙක්ගේ චිත්‍රපටයක් මුලට ම Academy Awards උලෙළක් සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ 2002 අවුරුද්දේදී. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ වෑකන්ද වලව්ව සිනමාපටයයි.

රුසියානු ගත්කතුවරයෙක් වුණු ඇන්ටන් චෙකොව්ගේ The Cherry Orchard යන නාට්‍යය ලංකාවේ ධනවත් පැළැන්තියේ පවුලක කතාවකට අපූරුවට මුහු කරන්න දරපු තැතක් විදියට මෙහි කතන්දරය හඳුවන්න පුළුවන්. 2003 වසරේ පැවැත්වුණු කෑන්ස් සිනමා උලෙළේදීත් මේ සිනමාපටයට විශේෂ අවධානයක් ලැබුණා.

10. අම්මාවරුනේ (2006)

හිතුමතේ කසාදයක ගිය ප්‍රේමලතා, මහණ දම් පුරණ කස්සප, හමුදාවට බැඳෙන සාලිය, මේ හැම දෙයක් දිහා ම අසරණ ව බලාගෙන ඉන්න සුමනාවතී නම් වැන්දඹුවගේ විලාපය බොහොම හැඟුම්බර විදියට අර්ථකථනය කරන්න අම්මාවරුනේ චිත්‍රපටයට පුළුවන් වුණා. අඩ සියවසක තමන්ගේ සිනමා ජීවිතයෙන් විශ්‍රාම යන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා තීරණය කළේත් මේ සිනමාපටයෙන් පස්සෙයි.

ලංකා සිනමා පුරාවෘත්තයේ ස්වර්ණමය සලකුණු තියපු ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණ අතරින්, දහයක් පමණක් අපි මේ විදියට තෝරාගත්තේ හුඟක් අමාරුවෙන්. මොකද ඔහු කරපු බොහොමයක් සිනමාපට රසිකයන්ගේ නොමද ආකර්ෂණයට ලක් වුණා.

ලංකාවේ චිත්‍රපට කලාව ඉන්දියානු රාමුවෙන් මුදාගන්න අතරේ ලෙස්ටර් ජේම්ස් තමන්ගේ ම කියලා එක ම විදියේ සිනමා රාමුවකට කොටු වුණු වගක් දැකගන්න ලැබුණත්, සිනමාව වෙනුවෙන් ඔහු කරපු අනූපමය මෙහෙය හැමදාටත් අගය කළ යුතුමයි.

හෙළ සිනමාවේ මහා ඇදුරාණනි, ඔබට සුබ ගමන්!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide