මෙහෙම ගිහින් මිනිස්සු බස්වල යන එක වර්ජනය කරයිද?.

ඩීසල් මිල වැඩිවීමත් එක්ක බස් ගාස්තුත් අද (16) ඉඳන් 6.56%කින් වැඩිවෙනවා. ඒත් මේ වැඩිකරපු ගාණ මදි කියන පුද්ගලික බස් හිමියන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් බස් ස්ට්‍රයික් එකක් කරන්න තීරණය කරලා. ඒගොල්ලො ඉල්ලන්නෙ 20%කින් බස් ගාස්තුව වැඩිකරන්න කියලා. ඇත්තටම බැලුවොත් මේ පාර ඉන්ධන මිල වැඩිවීමෙ දි ඔටෝ ඩීසල් මිල 15%කින් විතරත්, සුපර් ඩීසල් මිල 8%කින් විතරත් වැඩිවෙලා තියෙනවා.

හැම අවුරුද්දෙම වගේ මේ බස් ගාස්තු සංශෝධන, බස් වර්ජන කතාව ආවත් ලංකාවේ ගොඩක් දෙනෙක් තුළ මෙහේ බස් සර්විස් එක ගැන නම් කිසිම පැහැදීමක් නෑ. පොල් පටවනව වගේ පටවන එකේ ඉඳන්, කොස්දොස්තරල කතාකරන, හැසිරෙන විදිය, තැන්තැන්වල විනාඩි ගණන් නවත්ත නවත්ත කොටකොටා යන එක, අනිත් බස් එක්ක රේස් යන එක, ටිකට්, ඉතුරු සල්ලි දෙන්නෙ නැති එක වගේ ම කණ පැලෙන්න දාන බස් මියුසික් වගේ ඒවා ලංකාවේ බස්වල යන අයට නම් එදිනෙදා අත්දකින්න ලැබෙන සාමාන්‍ය දේවල් වෙලා. යුරෝපේ, ඕස්ට්‍රේලයාවේ එහෙමත් නැත්නම් සිංගප්පූරුවෙ මට්ටමට යන එක කොහොම වුණත් මේ මූලික අවුල් ටිකවත් විසඳගන්න ලංකාව ට්‍රයි කරන බවක්වත් අපට නම් පේන්නෙ නෑ. හැමෝම තමන්ට පුළුපුළුවන් විදිය කාර් එකක් බැරි නම් මෝටර් සයිකල් කට්ටක් හරි අරන් යන්න ට්‍රයි කරන එක තමයි කරන්නෙ.

Photo: Sailing Nomad

ඒත් වැරදිලා හරි, කාට හරි ඕන නම් මේ බස් සිස්ටම් එක මීට වඩා ටිකක් විධිමත් කරන්න, ඒකට මොකද කරන්න ඕන?

ප්‍රයිවට් එපා!

පුද්ගලිකරණය කියන වචනෙ පවා ලංකාවේ ගොඩක් අයට වහ කදුරු වගේ වුණාට ලංකාවේ වගේ ප්‍රයිවට් බස් සිස්ටම් එකක් නම් ලෝකේ කොහෙවත් නැතුව ඇති. සාමාන්‍යයෙන් ඕනම ක්ෂ්‍රේතයක පුද්ගලික අංශයේ තරගකාරිත්වයක් ඇතිවුණාම මිල අඩුවෙලා සේවාවේ ගුණාත්මක බව වැඩිවෙන එක තමයි වෙන්නෙ.

හැබැයි ක්ෂේත්‍ර කීපයක් තියෙනවා මේ තරගකාරිත්වය මේ විදියට ක්‍රියාත්මක කරන්න බැරි. ඒවට කියන්නෙ නැචුරල් මොනොපොලි; ඒ කියන්නෙ ඒවා ස්වභාවයෙන් ම ඒකාධිකාරයක් තියෙන ක්ෂේත්‍ර. මගී ප්‍රවාහනය කියන්නෙත් මේ වගේ ක්ෂේ්‍ත්‍රයක්.

විදුලිය, නල ජලය වගේ ම මගී ප්‍රවාහනය කියන්නෙත් මේ වගේ නැචුරල් මොනොපොලියක්. සාමාන්‍යයෙන් වෙළඳපොළ තරගකාරිත්වයෙ දි ඔයා කොත්තු කඩයක් දැම්මොත් මට පුළුවන් ඊට වඩා අඩුවට, ඊට වඩා රසට කොත්තු විකුණන තවත් කඩයක් දාන්න. මේ විදියට තව තව අය කොත්තු කඩ දාලා තරකාරිත්වය වැඩි වෙද්දි හොඳ කොත්තුවක් අඩු මිලට දීලා තමන්ගෙ බිස්නස් වැඩිකරගන්න තමයි හැමෝම ට්‍රයි කරන්නෙ. මේ කරගකාරිත්වය නිසා අන්තිමේ හොඳ නිෂ්පාදනයක් අඩුම මිලට කන්න පාරිභෝගිකයාට පුළුවන් වෙනවා.

Photo: seoul0730

නැචුරල් මොනොපොලි කියන්නෙ යටිතල පහසුකම්වල තියෙන සීමිතකම හෝ වෙනත් සීමාවක් නිසා මේ විදියෙ තරගකාරිත්වයක් පවත්වගෙන යන්න අමාරු ක්ෂේ්‍ත්‍ර. උදාහරණයක් හැටියට නල ජලය බෙදන්න නම් හැම පාරකම වතුර පයිප්ප එලන්න ඕන. විදුලිය දෙන්න නම් හැම තැනම කරන්ට් වයර් අදින්න ඕන. ඉතින් සමාගම් කීපයක් තරගකාරී ව විදුලිය හෝ වතුර බෙදන්න ගියොත් ඒ හැමෝට ම වෙනවෙන ම වතුර බට එලන්නයි, ලයිට් කණු හයිකරන්නයි වෙනවා. මේක ප්‍රායෝගික නෑ.

මගී ප්‍රවාහනයත් මේ වගේ. සාමාන්‍යයෙන් එක බස් රූට් එකක බස් දුවන්නෙ කාලසටහනකට. ඒ කියන්නෙ හැම විනාඩි පහකට හෝ දහයකට සැරයක් (පැය බාගයක්, පැයක් වෙන්නත් පුළුවන්) තමයි බස් එකක් පිටත්වෙන්නෙ. ඉතිං කොත්තු ගද්දි අපි කැමති කඩේට ගිහින් කොත්තු ගත්තට අපි ගමනක් යද්දි අපි කැමති බස් එකක් පාරවල්වල ට්‍රැෆික් වැඩිවෙන නිසා.

ඉතිං ලංකාවෙ තියෙන ප්‍රයිවට් බස් සිස්ටම් එකේ දි, ලාබය වැඩිකරගන්න නම් එයාලට කරන්න තියෙන එක ම දේ තමයි මග කොටකොටා ගිහින් හරි, ඉස්සරහින් යන බස් එකත එක්ක රේස් ගිහින් හරි පොල් පටවනව වගේ වැඩි වැඩියෙන් මිනිස්සු බස් එකට පටවගන්න එක. මේක මේ ඩිසයින් එකේ ම තියෙන අවුලක්!

කෙරෙන විදියක් කතා කළොත්…

සාමාන්‍යයෙන් ලෝකේ ගොඩක් රටවල කරන්නෙ එක ප්‍රදේශයක් හෝ රූට් එකකට බදු දෙන එකයි. මේක ටෙන්ඩර් හෝ වෙනත් විදියට වෙන්න පුළුවන්. එතකොට ඒ කාල සීමාව සඳහා ඒ නිශ්චිත නීතිරීති, කාල සටහන් අනුව බස් දුවන එක තමයි එයාලගේ ජොබ් එක. මේකෙ දි තමන්ගෙ බස් එකට වැඩිපුර සෙනග දාගන්න තනි තනි බස් අතර තරගයක් හැදෙන්නෙ නෑ. මොකද ඒ රූට් එකේ කොහොමත් දුවන්නෙ එක ම සමාගමේ බස් නිසා මිනිස්සු කොයි බස් එකට නැග්ගත් සමාගමට එන්නෙ එකම ආදායම. අනිත් එක තමයි මෙහෙම එක ආයතනයක වගකීම යටතේ දුවද්දි මේවයේ ප්‍රමිතිය පාලනය කරන්න ලේසියි. මොකද මොකක් හරි අවුලක් වුණොත් මුළු සමාගමේ ම ටෙන්ඩර් එක ගැලවෙන්න පුළුවන් නිසා.

ඇත්තට ම 1950 ගණන්වලට කලින් ලංකාවෙත් තිබ්බෙ මේ වගේ සිස්ටම් එකක් තමයි. ඒත් බණ්ඩාරනායකගේ ජනසතු ප්‍රතිපත්තියත් එක්ක මේ සමාගම් ඔක්කොම කුණු කොල්ලෙට ආණ්ඩුවට අරන් ලංගම හැදුවා. ආණ්ඩුවලට බිස්නස් කරන්න බෑ කියල එකට ජිවමාන උදාරහණයක් බවට අන්තිමේ දි ලංගමය පත්වුණා කියල අපි කවුරුත් දන්නවා.

Photo: Buses of Sri Lanka Transport Board (SLTB)

1977 ජේ. ආර්. ගෙ ආණ්ඩුව ආපහු මගී ප්‍රවාහනය පුද්ගලික අංශයට බාරදෙන්න තීරණය කළත් 1950 ගණන්වලට කලින් බස් කොම්පැනි කරපු ඊබට් සිල්වා වගේ අය ආපහු අර වගේ අවදානමක් අරන් මේකට සල්ලි යටකරන්න කැමතිවෙලා නෑ; මොකද ආණ්ඩු මාරුවෙනවත් එක්ක ආපහු තමන්ගෙ කොම්පැනිය නැතිවෙයි කියන බයට. සමහර විට ඒකත් හේතු වෙන්න ඇති මෙහෙම තනි තනි අයිතිකාරයො යටතේ ප්‍රයිවට් බස් පටන්ගන්න.

ගිය නුවණ (බස් දාලවත්) අද්දන්න පුළුවන්ද?

පිළිවෙළකට තිබුණු එක අවුල් කරන්න  එක රැයින් පුළුවන් වුණාට ඒක අාපහු පිළිවෙළ කරන එක ඒ තරම් ලේසි නෑ. මොකද අද වෙද්දි මේ ප්‍රයිවට් බස් ව්‍යාපාරයෙන් ජීවත්වෙන විශාල පිරිසක් වගේ ම ඒක වටේ හැදුණු ලොකු සංස්කෘතියකුත් තියනවා. ඉතිං මේක ආපහු පරණ තත්ත්වයට ගන්න එක ටිකක් නෙවෙයි සෑහෙන අමාරු වැඩක්.

හැබැයි අමාරුවෙන් හරි මේක කරගත්තොත් මේ දැන් තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙන්න පුළුවන්.

තනිතනි බස් එක වැඩිපුර ආදායම් හොයන්න දඟලන්නෙ නැති නිසා නියමිත් කාලසටහනකට, මග කොටන්නෙ නැතුව බස් දුවවන්න පුළුවන්. එතකොට රේස් යන්න ඕනත් නෑ. අනිත් එක ලොකු සමාගමක් යටතේ වැඩකරද්දි පාරිභෝගිකයොත් එක්ක සුහද ව ගනුදෙනු කරන විදිය. ආචාරශිලිත්වය වගේ දේවල් ගැන දේවකයන්ට හොඳ පුහුණුවක් දෙන්නත් පුළුවන්: නිකං කල්පනා කරල බලන්න, සුපර් මාකට්වල වැඩකරන කට්ටිය බස් කොන්දොස්තරල වගේ කස්ටමර්ස්ලගෙ ඇඟට කඩාපනින්නෙ නෑනෙ. ඒ වගේ ම ඔය දැන් සෑහෙන කාලයක් තිස්සෙ ට්‍රයි කරන කාඩ් සිස්ටම් එක හරියට ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. දැනට ඕක හරියන්නෙ නැත්තෙ හැම බස් එකේ ම කාඩ් මැෂිම නැති එක සහ ඉතුරු සල්ලි ඉල්ලුවත් ඇඟට පනින ජාතියෙ කොන්දොස්තරලට කාඩ් දික්කරන්න මිනිස්සුන්ගෙ තියෙන බය නිසානේ.

මීට අමතර ව දුර ඉඳන් එන බස් කොළඹ වගේ ලොකු නගරවලට ඇතුල්වෙන එක නවත්තලා කොට්ටාව, පෑලියගොඩ වගේ තැන්වල දුරගමන් සේවා බස් නැවතුම්පළවල් හැදුව නම් නගර සීමාව ඇතුළත ගමනාගමය අර කලින් කීව විදියේ මෙට්රෝ බස් සර්විස් එකකට බාරදෙන්න පුළුවන්. දුර ගමන් සේවාවලට නම් (දැනුත් තියනව වගේ) ටිකට් බුක් කරලා එහෙම බස් දුවවන්න තනි තනි අයට වුණත් ඉඩ දෙන්න පුළුවන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide