යටවෙන්න කලින් කියවන්න: ගංවතුරක් ආවොත් බේරෙන්නෙ මෙහෙමයි.

අවුරුද්දේ ඒ කාලේ අායෙත් ඇවිල්ලා. මේ ලියන මොහොත වෙද්දි ලංකාවේ කොහෙවත් ලොකු ගංවතුර තත්ත්වයක් නැති වුණත් මේ ඉදිරි දවස් කීපයේ එන වැස්සත් එක්ක වෙන අවුරුදුවල වගේ ම ගොඩක් පැතිවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් තියෙනවා. ඉතිං හැමදාම වගේ වෙන්න ඕන දේවල් ටික වුණාට පස්සෙ කලබල වෙන්නෙ නැතුව දැන් ඉඳන් සූදානම් වුණොත් මේ වගේ තත්ත්වයක දි සිද්ධවෙන්න පුළුවන් ජීවිත සහ දේපල අවධානම අවම කරගන්න පුළුවන්.

Photo: Oxfam International

ඔයාවත් යටවෙයිද?

පහුගිය අවුරුදු කීපය ඇතුලත ගංවතුරට අහුවුණු කට්ටිය නම් දන්නවා තමන් ඉන්න පැත්තට ගංවතුරක් එන්න තියෙන අවධානම මොන වගේද කියලා. ඊට අමතර ව ලොකු ගංගා, ඇළදොළ කිට්ටුව වගේ ම වැව් සහ ජලාශවල පිටාර ගේට්ටුවලට පහළින් ඉන්න අයත් මේ ගැන අවධානයෙන් ඉන්න ඕන. ටීවී සහ රේඩියෝවලට අමතර ව නිතර ම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ ඒගොල්ලන්ගෙ DEWN අනතුරුහැඟවීම් ගැන ඇහැ ගහගෙන ඉන්න එක හොඳයි.

Tweets by dmcdewn

ඒ වගේ ම හදිස්සි අවස්ථාවක දි 117ට කතාකරලත් එයාලගෙන් විස්තර ගන්න පුළුවන්.

ඔයා ඉන්නෙ නායයාමේ අවදානමක් තියන පැත්තක නම් ඒ ගැනත් සැලකිල්ලෙන් ඉන්න වෙනවා.

ගලන්න වගේද?

උඩ කියපු මොන විදියකින් හරි, ඔයා ඉන්න පැත්තටත් වතුර එනවා කියල දැනගත්තොත් මෙන්න මේ දේවල් තමයි කරන්න තියෙන්නෙ.

  • ගෑස්, කරන්ට් ඕෆ් කරන්න

මේන් කරන්ට් ස්විච් එක ඕෆ් කරන්න. ගෑස් සිලින්ඩර් එහෙමත් ලිපෙන් ගලවලා තියන්න. ඒ වගේ ම ගෙදර තියෙන විදුලි උපකරණත් වතුරට යටවෙන්නෙ නැති උස තැනකින් ගෙනිහන් තියන්න.

  • වටින දේවල් ටික බේරගන්න

ගෙදර තියෙන රත්තරන් බඩු වගේ වටිනාකියන දේවල් වගේ ම උප්පැන්න සහතික, විවාහ සහ අධ්‍යාපනික සහතික, පාස්පෝට්, ඉඩම් ඔප්පු, පවුලෙ අයගෙ ෆොටෝ, පොත්පත් වගේ දේවලුත් ආරක්ෂිත තැනකින් ගෙනිහින් තියන්න.

වාහනත් පුළුවන් තරම් වතුරට යට නොවන තැනක නවත්තල තියන්න.

  • වයසක අයයි සත්තුයි

වයසක අය වගේ ම ගෙදර ඇතිකරන සත්තුත් කල් ඇතුව ආරක්ෂිත තැනකට ගෙනිහන් දැම්මා නම් ලේසියි. එහෙම නැත්නම් හදිසියක දි ඒ අයව අරන් යන විදියක් කල්ඇතුව කල්පනාකරලා බලන්න.

  • අහළ පහළ අය

ඔයා මේ ගැන දැනුවත් වුණාට අහළපහළ ඉන්න හැමෝම එහෙමයි කියල අපට කියන්න බෑනේ. ඒ නිසා අහළ පහළ ඉන්න අයවත් මේ දේවල් ගැන දැනුවත් කරන්න.

බඩු ලිස්ට් එක

මෙන්න මේ වගේ දේවල් ටිකක් කල්ඇතුව එකතුකරල තියාගත්තොත් මේ වගේ හදිසි අවස්ථාවක දි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

  • රබර් බෝට්ටු සහ ආරක්ෂිත ඇඳුම්
  • ටෝච් එකක්
  • අමතර බැටරි
  • ෆෝන් එකේ බැටරි චාජ් කරන්න පවර් බෑන්ක් එකක් හෝ කීපයක්
  • හදිසියක දි උදව් ඉල්ලන්න විසිල් එකක්
  • අත්‍යවශ්‍ය දේවල් එක්ක ප්‍රථමාධාර පැක් එකක්
  • වතුර බෝතල් සහ පැකට්/ ටින් කරපු කෑම වර්ග
  • වතුර නොයන විදියට පැක් කරපු ඇඳුම් සහ පොරවන රෙදි වගේ දේවල්
  • සබන්, ටූත්පේස්ට්, සැනිටරි පෑඩ් වගේ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය
  • පොඩි ළමයි ඉන්නව නම් එයාලට අවශ්‍ය කිරි, බෝතල් වගේ දේවල්

ගැලුවට පස්සෙ

  • ගංවතුරට අහුවුණොත් එහෙම මෙන්න මේ දේවල් ටික මතක තියාගන්න.
  • ගංවතුරට බහින්න එපා. මොකද පලාතේ තියෙන හැම දෙයක්ම හෝදගෙන එන හින්දා මේ වතුරෙන් ලෙඩ රෝග ගොඩක් හැදෙන්න පුළුවන්. ඒ නිසා පුළවන් තරම් වතුර ඇඟේ ගාගන්නෙ නැතුව ඉන්න බලන්න. විශේෂයෙන් පොඩි අයට ගංවතුරෙ සෙල්ලම් කරන්න දෙන්න එපා.
  • වතුර පාර සැර නම් වාහනේකින් හෝ පයින් ඒ හරහා යන්න ට්‍රයිකරන එක ගොඩක් අවධානම්.
  • වතුරට බහින්න ම ඕන නම් වීදුර කටු, යකඩ කෑලි වගේ දේවල්වලට කකුල් කැපෙන එක සහ කකුල් වතුරෙ ගෑවෙන එක අවම කරන්න බූට් දෙකක් පාවිච්චි කරන්න
  • ගංවතුර බැහැලා ගියත් අදාළ ආයතනවලින් කියනකල් ආපහු යන්න එපා.
  • ගංවතුර බැස්සට පස්සෙ ගෙවල්දොරවල්වලට වෙලා තියෙන අලාභහානිවල ෆොටෝ ටිකක් ගහගන්න. විශේසයෙන් ඉන්ෂුවරන්ස් එකක් එහෙම ක්ලේම් කරන්න තියනව නම් මේව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

Yamu Guide.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide