ලන්දේසින්ගෙ ලම්ප්රයිස් ලංකාවෙන්!; රු. 500ට අඩුවෙන් ලම්ප්රයිස් රසබලන්න කියාපුම තැන් 6ක්.

කටට රහට, රස පදමට කුළුබඩු දමාපු සුපිරි බත් එකක් කන්න ආසයිද? එහෙනම් ඉතින් ලම්ප්රයිස් ම තමයි. ඇත්තටම මේ ලම්ප්රයිස් අපිට පුරුදු වෙන්නෙ ලන්දේසීන් ගෙන්. ඒත් එයාලගෙ ක්‍රමයට මික්ස් මීට්වලින් මේසෙට එන ඔරිජිනල් ලම්ප්රයිස් නම් ලංකාවෙ හොයා ගන්න සෑහෙන්න අමාරුයි. මොකද අපේ අය ඒ වෙනුවට තම්බල බැදපු බිත්තරෙයි, සීනි සම්බෝලයයි එකතු කරලනෙ.

කොහොම වුණත් චිකන්, පෝර්ක්, බීෆ්, සී ෆුඩ් වගේ එක එක රසවලින් හැදෙන අපේ ම ලම්ප්රයිසුත් නරක ම නෑ. බටු මෝජුවයි, බිත්තරෙයි, මස් ව්‍යංජනයයි, ලම්ප්රයිස්වලටම ආවේණික කූනිස්සො මැල්ලුමයි… ඒ හැරුණාම කට්ලට් එකක් එහෙමත් තියලා, වෙනස්ම රසකින් තමයි මේසෙට එන්නෙ.

අන්න ඒ නිසයි අපි කල්පනා ක‌ළේ  හිතේ දුකක් නැතුව, බඩ පිරෙන්න ඔරිජිනල් ලම්ප්රයිසුයි, අපේ ලම්ප්රයිසුයි දෙක ම කන්න, කියාපු කඩ ටිකක් ඔයාලට කියන්න. එහෙනම් හිත හිත ඉන්න එපා හොඳද. අද හෙටම යන්න. ගිහින් කාලා බලලා… අපිටත් කියන්න, හරිය!

1. The Leaf Lamprais

දැනට අපි හොයාගෙන තියෙන සුපිරිම ලම්ප්රයිස් එක. හැබැයි මේක කන්න, යන්න බෑ. ගෙන්නගෙන තමයි කන්න වෙන්නෙ. මොකද මේක ගෙදර හදල බෙදා හරින ලම්ප්රයිස් එකක්නෙ. කොහොම හරි මේවා අපේ ඔෆිස් එකට ගෙන්නගෙන තිබු‌ණෙ චන්දන. එයා කියපු විදියට නම්… ‘ලීෆ් ලම්ප්රයිස්’ කොයි එකත් පංකාදු පහයිලු. වෙජි, චිකන්, මික්ස් මීට් කියල වෙනසක් නෑලු. තුනේම රස පදමට හදාපු වම්බටු පැහියයි, අළු කෙසෙල් මැල්ලුමයි, ෆ්‍රිකැඩල් එකයි තියෙනවලු. ඒ හැරුණාම චිකන් එකත් මදි නොකියන්න තුන පහ රස පදම් කරල, හොඳට ලුණු ඇඹුල් එහෙම දාලා හදල නිසා තලුමරමර කන්න පුළුවන්ලු. ඊටත් මික්ස් මීට් එකේ එහෙම චිකන්, පෝර්ක්, බීෆ් තුන ම සුපිරියට ම තියෙනවත් එක්කලුනෙ.

2. Sugar Bistro & Wine Bar

ගෝල් ෆේස් ‘ක්‍රෙස් කැට්’ එකේ තියෙන සුගර් බිස්ට්‍රෝ එකේ ලම්ප්රයිස් එකත් පංකාදුයි. හැබැයි ටිකක් ගණන්. රු. 500-800 වගේ වෙනව. ඒත් එතන වෙජි එකේ ඉඳන්, චිකන්, බීෆ්, පෝර්ක්, මික්ස් මීට් වගේ හැම ජාතියක් ම තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ. අනිත් කාරණය තමයි ගාණෙ හැටියට ලම්ප්රයිස් එක අවුලකුත් නෑ. මොකද ඔරිජිනල්ම ලන්දේසි රෙසිපියටනෙ හදල තියෙන්නෙ. විශේෂයෙන්ම කුළුබඩු පවා එහෙන් ම ගෙන්නල. හැරත් ඉතින් රයිස් එකේ සයිස් එකත් හොඳයිනෙ.

3. The Regent Cafe

ඔරිජිනල් ලම්ප්රයිස් කන්න තවත් කියාපු තැනක්. තියෙන්නෙ බොරැල්ල, කින්සි පාරෙ. හැබැයි මෙතන නම් ලම්ප්රයිස් එක ජාතියි තියෙන්නෙ. ඒක චිකන්. ඒත් ඒකෙ තම්බල බැදපු බිත්තරයයි, බටු පැහියයි, අළු කෙසෙල්, ෆ්‍රිකැඩල් අඩුමකුඩුම ටිකත් ගාණට තියෙනව. විශේෂයෙන් ම කියන්න ඕන, මෙයාලගෙ චිකන් එක එහෙම පංකාදු පහට තියෙනව. චිකන් කෑල්ලත් සෑහෙන්න ලොකුයි. ඊටත්, වැඩේ කියන්නෙ බත් එකත් පට්ට රසයි කියන්නකො. ආයෙ, හොදි ඕන්නෑ… කන්න හොඳද! අනික ඒකෙ ගාණත් රු. 500යි නිසා පොකට් එකටත් ලොකු අවුලක් නෑ ඉතින්.

4. The Fab

ශ්‍රී ලංකන් ලම්ප්රයිස් කිව්වාම ගොඩක් ම ප්‍රසිද්ධ ඔය ෆැබ් එකේ ලම්ප් රයිස් එකනෙ. කොළඹ වටේ ඕන ෆැබ් එකකින් ඒ ලම්ප්රයිස් ගන්න පුළුවන්. ඇත්තටම එයාලගෙ ලම්ප්රයිස් එකේ තියෙන විශේෂත්වය තමයි ලංකාවෙ අපිට හරියන විදියට පොඩ්ඩක් මිරිස් ගම්මිරිස් රසවල්, තුනපහ අඩුමකුඩුම රසවල් ඉස්මතු කරල ව්‍යංජන ටික හදන එක. විශේෂයෙන්ම මස් එකයි, බටුමෝජු, අළු කෙසෙල් එකයි එහෙම. ඒ හැරුණාම ඉතින් ෆැබ් ලම්ප්රයිස් එකට එන තම්බල බැදපු බිත්තරෙත් වැඩිපුර වෙලාවක් බැදල නිසා… ඒකෙත් අමුතුම ගතියක් තියෙනවනෙ!

5. Don’s Deli

බම්බ, මරීන් ඩ්‍රයිව් එකේ තියෙන තවත් සුපිරි ලම්ප්රයිස් කඩයක්. ඉංග්‍රීසි නම වුණාට මෙයාලා ළඟත් තියෙනව ඔරිජිනල් ලන්දේසි ලම්ප්රයිස්. විශේෂයෙන් ම මෙයාලගෙ ෆ්‍රිකැඩල් එක එහෙම සෑහෙන්න රසයි. හොඳ පදමට කුළුබඩු ටික එකතු කරල, ලාවට ගැඹුරු තෙලේ බැදලා… ඒ හැරුණාම මස් එකත් සුපිරි. මස් ටික මුලින්ම තෙලේ බැදල තමයි තුනපහ පදමට උයල තියෙන්නෙ. ඊටත් ඒ බැදපු බිත්තරේ! පංකාදු පහයි ඈ… එකම අවුල තියෙන්නෙ සයිස් එක ටිකක් මදි එක තමයි. ඒත් ඉතින් අතේ වත ඇති දාට නම් අවුලක් ම නෑ…

6. Town House by & Co.

මෙන්න තියෙනව අනිත් ප්ලේස් එක, කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් එකේ. සෑහෙන්න පොෂ් ප්ලේස් එකක්. හැබැයි රු. 500ට සුපිරි ශ්‍රී ලංකන් ටයිප් ලම්ප්රයිස් එකක් කන්න කියාපු තැන. හොඳට මිරිස් තුනපහ දාලා පදම් කරපු ලොකු චිකන් කෑල්ලක් එක්ක ඇඹුල් පදමට හැදුණු බටු පැහියක්, රස වෑහෙන අළු කෙසෙල් මැල්ලුමක්, බැදපු බිත්තරයක්… එතකොට අර බැදපු පොල් මැල්ලුම වගේ එක! නියමයි ඈ… අනික හොඳ සුවපහසුවට ඉඳගෙන කන්නත් පුළුවන්නෙ ඉතින්.

තව ඉතින් ඔය වගේ කඩ කීපයක් තියෙනව. ඒත් ඒවයෙ ගාණ ටිකක් වැඩියි. ඒ නිසා අතේ තියෙන ගාණට රස ලම්ප්රයිස් කන්න අළුත් කඩ ටිකක් හොයා ගන්නකම්… මේ ටිකෙන් කාලා බලන්න හොඳේ! හැබැයි ඒ අතරට ඔයාලා දන්න කියන ඒව තියෙනව නම් ඒවා අපිට කියන්න. එතකොට වැඩේ ලේසියිනේ…!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide