හැමදාම බත් කන එකේ.. ගෙදරදි හදාගෙන රස බලන්න කියාපු කොත්තු ජාති 5ක්.

නිකම් රෑට කඩවල් ගාණෙ ගිහින් කොත්තු කාලා බඩයි ඇඟයි දෙක ම සවුත්තු කරගන්න එකේ නරකද ගෙදර දි ම කොත්තුවක් හදාගත්තොත්. අනික ඒක ඇඟටත් හොඳයිනෙ. අනික ගෙදර අයටත් ලොකු වෙනසක් වේවි. ඊටත්, මතක ඇති කාලෙක කුස්සියට ගියපු නැති ඔයාලා එක පාරට කුස්සියට බැහැලා සුපිරි කෑමක් හැදුවා කියන්නේ… කස්ටියම කොරනෙ ඉතින්.

එහෙනම් ඔන්න පල්ලෙහායින් තියෙනව ගෙදර තියෙන අඩුම කුඩුම වලින් කොහොමද රස කොත්තු ටිකක් හදාගන්නෙ කියල. කියවල බලල වැඩේට බහින්නකො එහෙනම්. හැබැයි හදලා කෑවා වගේ නෙවෙයි, අපිටත් රස පදම ගැන කියන්න ඕන හොඳද.

1. පාන් කොත්තු

මේකට හරියන්නෙ පෝරණු රෝස් පාන් තමයි. මොකද ඒවනෙ හොඳ හයියට, රසට තියෙන්නෙ. පාන් කොත්තුවෙ දි මුලින් ම කරන්න තියෙන්නෙ රෝස් පාන් ගෙඩියක් හරි දෙකක් හරි පොඩියට ම කපාගෙන පෑන් එකකට බටර් ටිකක් දාලා පොඩ්ඩක් පෑන් ෆ්‍රයි කරගන්න එක තමයි. හැබැයි ඒ අතරට ලීක්ස්, කැරට්, මාළු මිරිස්, ලූනු, සුදු ලූනු, කරපිංච, ඉඟුරු, ගම්මිරිස්, කෑලි මිරිස් ටිකත් ලෑස්ති කරගන්න ඕන. පාන් ටික ෆ්‍රයි වේගෙන එන කොටම… තාච්චියකට තෙල් පොඩ්ඩක් රත් වෙන්න තියල ඒකට බිත්තරේ කැරලි වෙන්න දාගන්න. ඒ එක්කම එළවළු ටිකයි මිරිස්, ගම්මිරිස්, ලුණු අඩුමකුඩුම ටිකයිත් දාගත්ත නම් වැඩේ හරි. අන්තිමට කරන්න තියෙන්නෙ ඉතින් බැදුම සුවඳ ගහගෙන එද්දි පාන් ටික දාලා හොඳට කලවම් කරලා පොඩ්ඩ කරවෙනකොට බාලා මේසෙට යනව එක.

2. කඩල කොත්තු

මෙව්වත් හරි රස ඒවා හොඳේ!

හැබැයි කඩල ටික හොඳට තැම්බෙන්න ඕන. නැත්නම් වැඩේ සවුත්තු වෙනව.

කොහොම හරි හොඳට තැම්බිච්ච කඩල ටික බටර් ටිකක් එක්ක පෑන් එකක ළාවට ෆ්‍රයි කරගන්න ඕන. හරියට, ෆ්‍රයි වුණා නොවුණා ගානට. ඒ අතරට ලූනු, අමු මිරිස්, කැරට්, ලීක්ස් ටිකකුත් හීනියට ලියල තියාගන්න. කඩල ටික සුවඳ ගහගෙන එද්දි තාච්චියකට තෙල් ටිකක් දාලා, ඒකටත් බිත්තරයක් කැරලි වෙන්න දාලා මිරිස්, ගම්මිරිස් ලුණු පදමත් එක්ක එළවළු ටික එකතු කරලා පොඩ්ඩ මැලවෙද්දි කඩල ටික දාලා කලවම් කරල ගන්නයි තියෙන්නෙ. හැබැයි මතක තියාගන්න මේකෙදි සෝයා සෝස්, නැත්නම් ඔය කොත්තුවලට දාන මොනව හරි සෝස් වර්ගයක් එකතු කරන්න පුළුවන් නම් තවත් හොඳයි.

3. මඤ්ඤොක්කා කොත්තු

මේකත් හදන්නෙ කඩල කොත්තු වගේමයි. හැබැයි වැඩිපුර කොච්චි ටිකක්, පොල් ටිකක් එහෙම පාවිච්චි කරන්න වෙනව.

මුලින්ම කරන්න තියෙන්නෙ මඤ්ඤොක්කා ටික හොඳට තම්බ ගන්න එක. ඊට පස්සෙ අර කඩලවලට කළා වගේම වගේ ම මඤ්ඤොක්කා ටිකත් බටර් දාලා පෑන් එකේ ෆ්‍රයි කරගන්න ඕන. ෆ්‍රයි කරද්දි පොඩ්ඩක් අඩි ඇල්ලුවට එහෙම කමක් නෑ. කොහොම හරි ඒ අතරට කොත්තුවට අවශ්‍ය එළවළු, මිරිස් අඩුමකුඩුම ටිකත් ලෑස්ති කරගත්ත නම්, මඤ්ඤොක්කා බාද්දිම වගේ තාච්චියකට තෙල් ටිකක් රත් කරලා බිත්තරයක් කැරලි කරගන්න තිබ්බා. ඒ අතරට මතක තියාගන්න හීනියට කපපු පොල් කෑලි ටිකකුයි, කොච්චි කරල් ටිකකුයිත් තාච්චියට එකතු කරන්න. ඒවත් ළාවට බැදුණ නම් රස ඩබල්. කොහොම හරි අන්තිමට එළවළු ටිකයි මඤ්ඤොක්කා ටිකයි එකතු කරලා පොඩ්ඩ කරවෙන කොට බාගන්නයි තියෙන්නෙ.

4. අළු කෙහෙල් කොත්තු

ගොඩදෙනෙක් නොකෑවට මොකද, මේ විදියට අළුකෙහෙල් හැදුවොත් නම් හැමෝම කයි.

මුලින් ම කරන්න තියෙන්නෙ නියපොත්තක සයිස් එකට විතර අළු කෙහෙල් කෑලි කපලා ඒවා ගැඹුරු තෙලේ බැදගන්න එක. හැබැයි බැදලා ඉවර වෙලා ලුණු, මිරිස් ගම්මිරිස් කුඩු, දෙහි දාලා ටික වෙලාවක් පදම් වෙන්න තියෙන්න ඕන. ඔන්න ඊට පස්සෙ අර කලින් කොත්තු හැදුවා වගේ ම තාච්චියකට තෙල් ටිකක් රත් කරගෙන බිත්තරයක් කැරලි වෙන්න දාලා හීනියට ලියාගත්ත ලූනු, සුදු ලූනු, ලීක්ස්, කැරට්, මාළු මිරිසුත් එකතු කරගන්න. ඒ එක්කම කෑලි මිරිස්, සෝයා සෝස් වගේ දෙයකුත් එකතු කරගත්ත නම් මරු. කොහොම හරි අන්තිමට අළු කෙහෙල් ටිකත් එකතු කරලා පටස් ගාලා බා ගන්නයි තියෙන්නෙ. ඒත් එකක් මතක තියාගන්න. මේ කොත්තුව නම් අඩි අල්ලන්න තියන්න එපා. මොකද එතකොට රස අවුල් යන්න ඉඩ තියෙනව.

5. සෝයා කොත්තු

මේකත් මරු කොත්තුව. හැබැයි ටිකක් වෙනස් රසක්.

මේකෙ දි මුලින් ම කරන්න ඕන සෝයා අරගෙන ලුණු ටිකක් දාලා හොඳට තම්බ ගන්න එක. ඊට පස්සෙ ඒවා දෙකට කපන්න ඕන. දෙකට කපපු සෝයා කෑලි බටර් දාලා හොඳට පෑන් එකේ ෆ්‍රයි කරගන්න. ඒ අතරට එළවළු අඩුමකුඩුම ටික ලෑස්ති කරගෙන… තාච්චියකට තෙල් ටිකක් රත් වෙන්න තියන්න. තෙල් ටික රත් වෙද්දි මුලින් ම බිත්තරයක් කැරලි වෙන්න දාලා ලූනු, සුදුලූනු, කරපිංචා, මිරිස් ගම්මිරිස් ටිකත් එකතු කරන්න. ඒ ටික සුවඳ ගහගෙන එද්දි එළවළු ටිකයි අර සෝයා ටිකයිත් එකතු කරන්න. හැබැයි එකක් මතක තියාගන්න මේකෙදි නම් සෝයා සෝස් හරි ඔය කොත්තුවලට මොනවම හරි සෝස් එකක් එකතු කරන්න. නැත්නම් සෝයා එකෙන් හරි හැටි රස එන්නෙ නැතිවෙයි.

කොහොම වුණත් අවසාන වශයෙන් මතක තියාගන්න මේ කොත්තුවලට බිත්තර විතරක් නෙවෙයි චිකන්, සැමන් එතකොට ඔය සීෆුඩ් ජාති, නැන්නම් ඕනම මස් ජාතියක් වුණත් එකතු කරන්න පුළුවන්. එතකොට ඉතින් රසත් ඩබල්, ඊටත්… සන්තෝසෙත් ඩබල්නෙ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide