වීක්එන්ඩ් එකේ අපූරු සවාරියක්! රු. 9000ට අඩුවෙන් රැයක් ගත කරන්න කියාපු නවාතැන් 6ක්.

එනව නේ…

ආයෙත් ඕං එනව ලොකු නිවාඩුවක්. අලුත් අවුරුද්දෙන් පස්සෙ ටුවර් එකක් යන්න බැරි වෙච්ච අයට සුපිරි චාන්ස් එකක්. ඒ නිසාම… මේකට හනික ලෑස්ති වෙන එක ඔයාලගෙ වැඩක්. මොකද පොඩි වැස්සක් දෙකක් එහෙම ගිහිල්ලා වට පිටාව හොඳට හැඩ වෙලා තියෙන කාලෙනෙ. හැරත් එළියට පහළිය බැස්සොත් ඔයාලා ආස විදියෙ රවුමක් යන්නත් පුළුවන්. කැලේ නම් එහෙමයි, කඳු නම් එහෙමයි… එතකොට බීච් සයිඩ්, ස්නෝකෙලින්ග් වගේ වැඩ නම්! ඒවත් එහෙමයි. හැබැයි ඒ අතරට හොඳ කැමරාවක් එහෙමත් අතට ගත්ත නම් සුපිරි ෆොටෝස් ටිකකුත් එකතු කරගන්න පුළුවන්. වැඩි හරියක් ම ඔය සිංහරාජ, විල්පත්තු පැතිවල රවුමක් ගැහුවා කියන්නේ… මාස ගාණකට ඇති ඒ මතකයන් ටික ම.

හැබැයි ඉතින් ඉක්මන් කරන්න වෙනව. මොකද යාළුවො කට්ටිය, පවුලේ උදවිය එක්ක එහෙම ගමන ප්ලෑන් කරගන්න එපැයි. ඊටත් හනි හනිකට බුකින්ග් දාගන්නත් එපැයි. එහෙමයි කියල ඒකට මහලොකුවට කලබල වෙන්න ඕන නෑ. මොකද අපි ඉන්නවනෙ.

අතේ තියෙන ගාණට හිතේ හැටියට සොබාදහම රස විඳින්න, රස කෑම ටිකක් කාලා සුවපහසුව නිවාඩුව ගත කරන්න පුළුවන් තැන් ටිකක් දැනටමත් අපි ඔයාලා වෙනුවෙන් හොයල ඉවරයි. ඔයාලට තියෙන්නෙ ඒවයින් හොඳ එකක් බලල බුකින් දාන්න විතරයි. එතනින් එහාට ඉතින්…

අපි කියන්න ඕන නෑනෙ, නේ!

1. Shiva's Beach Cabanas, Tangalle (0472 244500)

(රු. 6000 – 10000)

රැකව කලපු කටේ, මැඩිල්ල නාන තොටුපල මායිමේ…

හරිම ලස්සන පරිසරයක පිහිටපු සුපිරි සුවපහසු ලී කබානා ටිකක් තමයි ‘ශිවාස්’ කියන්නෙ. අනික ඒ කබානාවල ඇතුළත අලංකරණයත් පංකාදු පහට තියෙනවනෙ.

බාග වෙලාවට මේ හරිය ජන්ගල් බීච් එකක් කියල හඳුන්වන්න බැරි කමකුත් නැත්තෙ මුලු වටපිටාවම හරි ලස්සන ගහ කොළින් පිරලා තියෙන නිසා. අත ළඟ කලපුවේ කුරුලු කොබෙයියොත් එමටයි. ඊටත් ඒ හරියෙ මුහුදත් හරිම ලස්සනයිනෙ. බෝට්ටු සවාරි යන්න, ස්නෝකෙලින්ග් කරන්න, ඩයිවින්ග් යන්න වුනත් කියාපු පැත්ත.

ඉතින් ඒවට ගිහිල්ලා හැන්දෑවට ආපහු ආවට පස්සෙ ඉර බහින වෙරළ තීරය දිහා බලාගෙන පොඩි බාබකියු ගිනිමැල පාර්ටියක් දාන්න, හීන් සැරේ අඩියක් ගහන්න, ඒ විතරක් නෙවෙයි රස සීෆුඩ් කෑම ටිකක් කාලා සුවපහසු නින්නක් දාන්නත්… මෙතන නම් කියාපුම තැන.

2. Jungle River, Ginigathhena (077 7718613)

(රු. 6500 – 16500)

ඇබඩීන් ඇල්ල පෙනෙන මානයේ අපූරු වනගත නවාතැනකට සෙට් වෙන්න, යන්න ගිනිගත්හේන ජන්ගල් රිවර් එකට. කෙහෙල්ගමු ඔය මායිමේ ඉදිකරපු අති සුවපහසු ලී, මැටි කබානා ටිකක් තමයි මෙතන තියෙන්නෙ. කට්ටිය කියන විදියට මෙයාලගෙ කෑම එහෙමත් ගමේ රහට පංකාදු පහට තියෙනවලු. කොහොම හරි මේ හරියෙ වටපිටාව එහෙම නම් සුන්දරත්වයෙන් අනූනයි. උපරිම තෙත් කලාපීය වනාන්තරය. සතා සීපාවා කිව්වාම, ඒකදේශික විශේෂයන්ගෙන්ම සෑහෙන ප්‍රමාණයක් දැක බලාගන්න පුළුවන්. ඊටත් වටිනා කියන ගස් කොළනුත් එමටයිනෙ මේ පැත්තෙ.

කොහොම වුනත් ඉතින් උදේ ඉඳන් හඳෑ වෙනකම්ම ඇහෙන කුරුලු කොබෙයියන්ගෙ හඬ… සමුගන්නෙ ඇඳිරියත් එක්ක එන රැහැයි හඬට රැය බාර කරලා. ඒ වෙලාවට වටපිටාවම හරිම හැඟුම් බරයි. හිතන්නකො ඒ වෙද්දි පුංචි ගිනිමැලයක් එක්ක හීන් සංගීතයක් වගේ ලෑස්ති වුනා නම්…!

3. Kandy Cabana (071 1772227)

(රු. 8000 – 11000)

ගම්පොළ, දොලුව මහවැලි ගං ඉස්මත්තේ!

තියෙන අපූරු ලී කබානා ටිකක් තමයි කැන්ඩි කාබානා කියන්නෙත්. හැබැයි ඉතින් ඒවා අධි සුඛෝපභෝගී. ඒ විතරක් නෙවෙයි, ඒවයෙ ඇතුළත වගේම පිටත අලංකරණයත් සුපිරි. ලොකුවට ම නැතත් ඒ වටපිටාවෙ පොඩි පොඩියට කැලෑ ගතිය තියෙනව. ඒ නිසා කුරුලු කොබෙයියොත් යම් තරමින් බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් සතා සීපාවා නම් හරිම අඩුයි. එ් නිසාම වෙන්න ඕන මෙතනට හරියන්නෙම ගිනිමැල, බාබකියු පාර්ටියක් දාලා සංගීතමය ෆන් එකක්. හැඳෑ කළුවරත් එක්ක ගං ඉවුරට සෙට් වෙලා, රස බයිට්, කෑම ටිකක් එක්ක පොඩි අඩියක් ගහන ගමන් සිංදුවකුත් කියලා… රෑ වෙද්දි ලන්තෑරුම් එළියෙ කෑම ටිකත් කාලා

නිදහසේ සැතපෙන්න!

4. Gallene Gala Nature Resort, Kitulgala (0362 287164)

(රු. 2500 – 8000)

කැළනි ගගට නම් ගොඩක් උඩැහින්, මල්වත්ත පාරෙනුත් උඩට වෙන්න…

හැබැයි ඝන කැ‌ලේ  . කිව්වට විශ්වාස කරන්න යාළු ඔය පාරකට මායිම් වෙන්න කියන්නකො මේ ලී කොටේජ් ටික හදල තියෙන්නෙ. ට්‍රී හවුස් එකක් තියෙනව කෙලින්ම ඔයට වෙන්න. ඒ නිසාම සුවපහසුව අතිනුත් ගල්ලෙනේ ගල රිසෝට් එක සෑහෙන්න උඩින් තියෙනව. හැරත් ගොඩ දෙනෙක් කියනවනෙ මෙයාලගෙ කෑමත් උපරිම ගමේ රහට, නියමෙටම තියෙනව කියල.

මුලු වටපිටාවම ඝන තෙත් කලාපීය වනාන්තරය නිසා සතා සීපාවා, කුරුලු කොබෙයියො අතරිනුත් ඒක දේශික වගේම ඉතා දුර්ලභ විශේෂ පවා දැක බලාගන්න මේ රිසෝට් පරිසරය පංකාදුයි. එහෙම නැති අයට වුනත් ඉතින් දොළ පාරෙ පැනලා කරලා හිතේ හැටියට නාලා විනෝද වෙලා හැන්දෑවට රැහැයි හඬ මැද්දෙ ගිනිමැළ පාර්ටියක් බාබකියු එකක් වුනත් දැම්මහැකිනෙ.

5. Kottawatta Village, Udawalawa (0472 233215)

(රු. 4500 – 14500)

පැල්මඩුල්ල-ඇඹිලිපිටිය පාර අයිනෙ වුනාට මොකද මේකත් හරි ලස්සනට සුවපහසුවට, ලීවලින් හදාපු හරි අපූරු කොටේජ් එකක්. අර වැඩේ තියෙන්නෙ කැ‌ලේ   නෑ. පොල් වත්තක් තමයි බේස් වෙලා තියෙන්නෙ. වෙන යම් යම් ගස් වර්ගත් නැත්තෙම නෑ. ඒත් සතා සීපාවා අතින් සෑහෙන්න අඩුයි. ඒත් මොකෝ ඉතින් උඩවලව වනෝද්‍යානය තියෙනවනෙ විනාඩි 15-20 දුරින්.

කොහොම වුනත් කට්ටිය කියන විදිය මෙයාලගෙ කෑම බීම, සේවාව නම් සුපිරිලු. කබානා ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ, ලස්සනේ වගේම සුවපහසුවෙත් මේන් කියල කියන්න අඩුවක් නැති ගාණයි. නාන්න පොඩි පූල් එකක් එහෙමත් තියෙනව. එකම දේ තමයි සැඳෑ ගිනිමැල බාබකියු පාර්ටියට මෙතන වටපිටාව එච්චරටම සෙට් වෙන්නෙ නැති එක. මොකද කොටේජ් ගොඩක් ළඟින් ළඟින්නෙ තියෙන්නෙ. සද්දෙට සිංදු කිව්වොත් අනිත් අයට කරදරයි…

6. The Woods, Haputale (077 9024138)

(රු. 3500 – 21500)

නිවාඩුවලට යනව නම් කියාපු තැන් තමයි ඈ…

ආයෙ අඩුවක් පාඩුවක් නෑ, කැළෙන් පටන් ගත්තාම දිය ඇලි, ඔය පාරවල්, ගල් ලෙන්, ලස්සන විව් එක… එතකොට කුරුලු කොබෙයියො, සමනල්ලු පිරිලා ඉතිරිලා හොඳේ! වැඩේ කියන්නෙ එතන ඉඳන් දියළුම ඇල්ලට තියෙන්නෙත් විනාඩි 15-20ක විතර දුරක්නෙ. අනිත් කාරණය, ‘ද වූඩ්ස්’ එක කළුපහන, හපුලේටත් ළඟ නිසා බඹර කන්ද, ලංකා ඇල්ල බලන්න යන්නත් ලිප්ටන් සීට්, ඇඩිෂම්, තංගමලේ කැ‌ලේ   බලන්න යන්නත් නියමම තැන ආ… ඒ විතරක් නෙවෙයි, මෙතන යෝග භාවනා කරන්නත් හොඳ හැටි ඉඩ පහසුකම් සලසලයි තියෙන්නෙ.

ඊටත් මෙතන හොඳ සුවපහසුවට හදපු තට්ටු දෙකේ ලී-මැටි කොටේජ් එකක් වගේම තනි මැටියෙන් හදාපු කබානා එකකුත් තියෙනව. ලොකු පිරිසක් යනව නම් අධි සුඛෝපභෝගී බංගලාවකුත් තියෙනව. කෑමත් උපරිමයි කියන්නෙ, තොල කට ලෙවකකා රස බලන්න පුළුවන්.

ආයෙ ඉතින් තව මොනවද නේ…

එහෙනම් මෙදා පාර නිවාඩුවටත් හරිනෙ?

ඕං යනවනම් තැන් ටික ආ…

හැබැයි හොරාට ගිහින් ඇවිත් ඉන්නව නෙවෙයි. අපිටත් විස්තරේ කියන්න ඕන හොඳද!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide