අපූරු සවාරියක්! රු. 6000ට වනගත රැයක් ගත කරන්න කියාපු නවාතැන් 6ක්.

ආයෙත් ඕං දිග නිවාඩුවක්. වැස්සත් එක්ක ගෙදරට වෙලා ඉඳපු අයට සුපිරි චාන්ස් එකක්. ඒ නිසා බල බල ඉඳල හරියන්නෙ නෑ. හනික ලෑස්ති වෙන්න ඕන. මොකද පොඩ්ඩ පරක්කු වුනොත් බුකින්ග් නැති වෙනවනෙ. හැරත් වැස්සට සරු වෙලා කොළ පාටට දිස්න දෙන සොබාදහමත් එක්ක දවස් දෙක තුනක් නිදහසේ ගත කරන්න මේ අවුරුද්දට ලැබෙන අන්තිම චාන්ස් එකත් එක්කනෙ. ඉතින්.. කොහේ හරි දුර බැහැර පැත්තකට ගිහින් කැලේ කොලේ ඇවිදලා, කඳු නැගලා, සතා සීපාවා කුරුළු කොබෙයියො ටිකකුත් දැක බලාගෙන හැන්දෑවට පොඩි අඩියක් එක්ක ගිණිමැලයක් වටේට රොක් වෙලා සිංදුවක් කියාගෙන රිලැක්ස් වෙනව කියන්නේ… සුප්ප තමයි.

වැඩේ කියන්නෙ ඒකට පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනව. මොකද මේ දවස්වල වනගත නවාතැන් ඔක්කොම වගේ බිසීනෙ. අනික සුද්දොත් යන එන කාලෙ නිසා ගණනුත් ටිකක් වැඩියි. හැබැයි, එහෙමයි කියල ඔයාලා අදහස අත් ඇරගන්න එපා. මොකද අපි ඉන්නවනෙ,

ඔයාලා ලෑස්ති වෙන අතරට රට වටේ හොයල හොයලා… අපි හොයා ගත්තා, අතේ තියෙන ගාණට රැයක් ගත කරන්න කියාපු වනගත නවාතැන් ටිකක්. ඒවයින් 6ක් තියෙනව ඔන්න පහලින්. බීච් සයිඩ්, රේන් ෆොරස්ට්, ඩ්‍රයි සෝන් වගේම නැෂනල් පාර්ක් අවටින් එහෙමත්. ඉතින් ඒ අතරින් හිත යන එකක් තෝරල කරල බුක් කරන එක ඔයාලගෙ වැඩක්. හැබැයි ඉක්මන් නොකලොත්… ඒකත් ඔයාලගෙ වැරද්දක් වේවි හොඳේ!

1. Atha Safari, Udawalawe (076 2331918)

(රු. 4000)

උඩවලව 96 හංදියෙන් ටිකක් ඇතුලට වෙන්න පිහිටල තියෙන මේ පුංචි මැටි කබානා ටිකේ ලස්සන, ගිහිල්ලම තමයි බලන්න ඕන. මොකද මේක අමුතුම ගතියක් තියෙන තැනක්. ඒ වගේම තමයි සුපිරි ගමේ අත්දැකීමක් ගන්නත් කියාපු තැන. ඔය අතරට අලි රොතු බුරුතු පිටින් මුණ ගැහෙන අපූරු සෆාරියක් එහෙම ලෑස්ති කරගන්නත් මෙයාලට කියල පුලුවන්. හැරත් ගමේ රහට හායි හූයි ග ගා රස බලන්න වැව් මාළු, පොලොස් ඇඹුලක් වගේ එක්ක කෑම බුෆේ එකකුත් මෙයාලගෙ තියෙනවනෙ. අනික හැන්දෑවෙ ගිණිමැල, බාබකියු පාර්ටිය එහෙමත් මෙතන වරදින්නෙ නෑ.

2. Sigiri Queens, Sigiriya (071 2981460)

(රු. 3000)

පිදුරංගල ඉස්සරහම වගේ, සීගිරිය පේන මානයේ… කැළේ ඇතුලටම වෙන්න තියෙන අපූරු නවාතැනක්. නිදහස වගේම සොබා සෞන්දර්යයත් උපරිමයි. අනික ඔක්කොම ට්‍රී හවුස් නිසා සාමාන්‍ය නවාතැනක අත්දැකීමට වඩා වෙනස් අත්දැකීමක් ලබන්නත් පුලුවන්. මෙයාලගෙ කෑම බීම එහෙමත් සෑහෙන්න හොඳයි කියල ගියපු ගොඩ දෙනෙක් කියනව. කෙසේ වෙතත් කුරුළු කොබෙයියො, සතා සීපාවා පිරිච්ච වට පිටාවයි, වෙල් යායවල් ටිකයි නිසා වනගත අත්දැකීමක පහස නම් උපරිමයි කියල වගකීමෙන්ම කියන්න පුලුවන්.

3. Sinharaja Gate Cabanas, Deniyaya (070 2293786)

(රු. 5000)

මීදිරිපිටිය පිවිසුමට ලඟින්ම පිහිටපු තවත් අපූරු නවාතැනක්. හදල තියෙන්නෙ පුංචි කඳුගැටයක මුදුනත අල්ලල, මුලු මනින්ම ලී වලින්. ඒ නිසා ඈතට වගේම ලඟටත් මේ කබානා ටික හරිම ලස්සනයි. අනික සුව පහසුවත් උපරිමයි. නැතත් ඉතින් හතර වටින් ඇහෙන කුරුළු සද්ද ටිකයි, හීතල හුලං පොදයි එක්ක මොන අඩුපාඩුද කිව්වලු. අවංකයෙන්ම තිබ්බත්, අමතක වෙලා යන ගාණයි. උදෙන්ම නැගිටල, කැළේ කොළේ හොඳ රවුමක් ගහල ගඟෙන් නාලා කරලා දවල් කෑමට එන විදියට ගමන ප්ලෑන් කරගත්ත නම් ඔයාට පුලුවන් හිතේ හැටියට රිලැක්ස් වෙලා හැන්දෑවට ගිණිමැල පාර්ටියටත් වාඩි වෙන්න. වාඩි වෙලා ඉතින් රැහැයි සද්දෙත් එක්ක තාලෙට සිංදුවක් මුමුණන්න, බොංගො එකක් අරගෙන පොඩි තට්ටුවක් දාන්න.., විතරක් නෙවෙයි, ලාවට පොඩි ෂොට් එකක් එහෙම දාන්නත් බැරියැ!

4. That’s Why, Trinco (077 1756290)

(රු. 5000)

නිකම් පිග්මි ගෙවල්වල හිටිය වගේ. හැබැයි බීච් එකේ. ඒකත් නිකම් නෙවෙයි, සුන්දර නිලාවැලි බීච් එකේ. හොඳ හැටි සුවපහසු මේ කබානා ටිකේ විශේෂත්වය වෙන්නෙත් ඒවයෙ හැඩයමයි. ඒ හැරුනාම මෙතනට යන ඔයාට රස වෑහෙන සීෆුඩ් කෑම ටිකකුත් රස බලන්න පුලුවන්. එතකොට… ස්නෝකෙලින්ග්, ඩයිව්න්ග් වගේ ඇක්ටිවිටීස් වලට සෙට් වෙන්නත් එහෙම නැත්නම් බෝට් රයිඩ් වගේ ෆැමිලි ඇක්ටිවිටීස් වලට සෙට් වෙන්නත් පුලුවන් කමක් තියෙනව. හැබැයි ඒ කොහොම වුනත් හැන්දෑවෙ ගිණිමැල, බාබකියු පාර්ටියයි බෝතල්, බොංගො ගිටාර් අඩුම කුඩුම ටිකයි නම් ඔන්න අමතක කරගන්න එපා හොඳද!

5. Athgira River Camping, Udawalawe (0474 937399)

(රු. 6000)

උඩවලව, වලවේ ගඟෙන් කැඩුන පොඩි අතු ගංගාවක් අයිනෙ තියෙන මේ කෑම්ප් සයිට් එකත් වනගත අත්දැකීමක් ගන්න කියාපු තැන. මොකද මෙතන ගොඩක් ඉදිකිරීම් කරල තියෙන්නෙ ලී, මැටි වගේ දේවල් වලින්. අනික කැළේ කොළේට හානි කරල තියෙන්නෙත් ගොඩක්ම අඩුවෙන්. හැබැයි මෙතනම අධි සුඛෝපභෝගී කොටේජ් කීපයකුත් තියෙනව, පූල් එකක්, ලස්සන උද්‍යානයකුත් එක්කම. ඒ හැරුනාම වැව් ඉස්මත්තක විව් එකක් සෙට් වෙන සුප්ප ප්ලේස් කිපයකුත් තියෙනව. කට්ටිය කියන විදියට නම් මෙයාලගෙ කෑම බීම, සර්විස් එක එහෙමත් නොම්මර එකයි. කොහොම වුනත්, මෙතනත් අර සැඳෑ ගිණිමැල පාර්ටිය නම් අඩු පාඩුවකින් තොරවම, අනිවා!

6. Eco Tree House, Habarana (077 7198540)

(රු. 4000)

අලි විමානෙට මායිම්ව, ඉදිවුනු අපූරු ට්‍රී හවුස් එකක්. වැඩේ කියන්නෙ ඇත්තටම මේක හේනක පැලක් වගේ. මොකද පාවිච්චි කරපු ලී, අඩුපාඩු මොනවත් ෆිනිෂ් කරල නෑ. එහෙමයි කියල මෙතන සුවපහසුවෙ අඩුපාඩුවකුත් නෑ. විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගෙ කෑම බීම, සුපිරි ගමේ රහට තියෙනව කියල ගොඩ දෙනෙක් කියනව. ඒ වගේම තමයි හබරණ, මින්නේරිය සෆාරි යන්නත් ජීප් එහෙම කොයි වෙලෙත් ලෑස්ති පිට. ඔක්කොමත් හරි හැන්දෑවට ගහෙන් බැහැල, පාමුල ලන්තෑරුම්, ගිණිමැල එළියෙන් පොඩි අඩියකට සෙට් වෙද්දිනෙ ෆීලින්ග් එක. හප්පේ… ෆුල්ම වයිල්ඩ් ඈ!

එච්චර තියෙද්දි ඉතින්… තව මොන වනගතද, නේ? ඔය මදෑ මෙදා පාර නිවාඩුවට. හැබැයි ඉතින් ගිහින් ඇවිත් අපිටත් කියන්න ඕන අත්දැකීම්, හොඳද. මොකද අපිත් ආසයිනෙ ඉතින් ඕවා අහලා දැනගන්න…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide