කනබොන මිනිස්සුන්ව බයකරන්න කියන බොරු කතා 5ක්.

කනබොනකොට සෞඛ්‍ය ගැන හිතන එක නරක දෙයක් නෙවෙයි. විශේෂයෙන් ලංකාවේ මේ වෙනකොට වේගෙන් පැතිරෙන දියවැඩියාව, හදවත් රෝග වගේ දේවලට අපි කනබොන දේවල් සෑහෙන්න බලපානවා.

හැබැයි කෑමබීම සම්බන්ධ ව අපි අහල තියෙන දේවල් කැම දෙයක් ම ඇත්ත නෙවෙයි. සමහර කිසිම පදනමක් නැති දේවල්. ලංකාවේ ගොඩදෙනෙක් ඇත්ත කියල හිතාගෙන ඉන්න ඒ වගේ බොරු කීපයක් තමයි මේ.

අජි‌නොමොටෝ 

ලංකාවේ ගොඩදෙනෙක් මේක දන්නෙ අජිනමොටෝ කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් වුණාට ඇත්තට ම මේකට කියන්නෙ මොනෝසෝඩියම් ග්ලූටමේට් (එම්එස්ජී) කියලා. මේක තක්කාලි, මිදි, චීස්, බිම්මල් වගේ ගොඩක් කෑම ජාතිවල ස්වභාවික ව ම තියෙන දෙයක්. පැණිරස, තිත්ත රස, ඇඹුල් රස, ලුණුරසට අමතර ව සේවරි කෑමවල අපට දැනෙන තවත් රසක් තියෙනවා. මේකට කියන්නෙ ‘උමාමි’ රස කියලා. මෙන්න මේ ග්ලූටමික් ඇසිඩ් එකෙන් තමයි මේ රස දැනෙන්නෙ.

ලංකාවේ ටීවී, පත්තරවල ගොඩවෙද්දු මිනිස්සු බයකරන්නත් ගොඩක් වොලවට පාවිච්චි කරන දෙයක් තමයි එම්එස්ජී. 1960දී ඇමරිකාවේ කතාවක් ගියා චයිනීස් කෑම කෑමට එන ඔළුව කැක්කුම වගේ දේවලට හේතුවෙන්නෙ ඒවට දාන එම්එස්ජී කියලා. ඒ කාලේ ඇමරිකාවට සංක්‍රමණය වුණු චීන්නු ගැන තිබ්බ අකැමැත්තත් මේ කතාව පැතිරෙන්න හේතුවෙන්න ඇති.

හැබැයි මේ වෙනකල් කරපු කිසිම පරීක්ෂණයකින් මේක තහවුරු වෙලා නෑ. තමන්ගෙ කෑම එකට එම්එස්ජී දාපු බව දැනගෙන කද්දි සමහරුන්ට මේ කියන රෝග ලක්ෂණ ආවත් (මේක මානසික ව සිද්ධවෙන දෙයක්. ඕකට කියන්නෙ ප්ලෙසිබො ඉෆෙක්ට්  කියලා) එම්එස්ජී දාපු කෑම නොදැන කාපු අය එ් වගේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නෑ.

බිත්තරයි කොලස්ට්‍රෝලුයි

කොලස්ටරෝල් තියන කෑම කෑවම ඇඟේ කොලොස්ටරෝල් ප්‍රමාණය වැඩිවෙනවා කියල තමයි ඉස්සර වෛද්‍යවරු හිතුවේ. ඒත් දැන් පර්යේෂකයෝ හොයාගෙන තියෙනවා ශරීරයේ කොලොස්ටරෝල් ප්‍රමාණය වැඩිවෙන්නෙ අපේ අක්මාවෙ නිපදවෙන කොලොස්ටරෝල් නිසා මිස අපි කන කෑමවල තියෙන කොලොස්ටරෝල් නිසා නොවන බව. සංතෘප්ත මේද තියෙන කෑම කෑවම තමයි අක්මාවෙන් මේ විදියට කොලොස්ටරෝල් හදන්නේ. මස්වල තියෙන තෙල් කෑලි, කිරි, චීස්, බටර්, පොල් තෙල්, පාම් තෙල් වගේ දේවල්වල තමයි මේ කියන සංතෘප්ත මේද හෙවත් සැචුරේටඩ් ෆැට් වැඩිපුර තියෙන්නෙ. සාමාන්‍යයෙන් බිත්තරයක මේ සංතෘප්ත මේද ග්‍රෑම් 1.5ටත් අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නෙ.

මීට අමතර ව බිත්තරවල තියෙන ශරීරයට හිතකර අනිත් දේවල් දිහත් බැලුවම, දවසට එක බිත්තරයක් කන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. හාවඩ් වෛද්‍ය විද්‍යාලය සහ තවත් ගොඩක් තැන්වල දහස්ගාණක් දෙනා සහභාගි කරගෙන අවුරුදු ගාණක් තිස්සෙ කරපු පර්යේෂණවලින් හෘද්‍යාබාධ, හෘද රෝග හෝ හදවත ආශ්‍රිත වෙනත් රෝග සහ බිත්තර කෑම අතර සම්බන්ධයක් නැති බව තහවුරු වෙලා තියෙනවා.

මයික්‍රොවේව්

Photo: Lisa Fotios from Pexels

මයික්‍රොවේව් අවන් එක උයන පිහන වැඩ ලේසි කරන උපකරණයක් වුණත් සමහර අය මේක පාවිච්චි කරන්න බයයි. මයික්‍රවේව් කරපු කෑම ගුණ නෑ, ඒවයින් පිළිකා හැදෙන්න පුළුවන් වගේ කතා ගොඩක් තියෙනවා.

මයික්‍රොවේව් අවන් එකක් පාවිච්චි කළත්, සාමාන්‍ය ගෑස් හෝ දර ලිපක් පාවිච්චි කළත් එළවළු රත්කරද්දි ඒවයේ තියෙන විටමින් වර්ග එහෙම විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් අමුවෙන් හෝ ළාවට උයලා කන තරමට මේවයේ ගුණේ වැඩියි. හැබැයි මයික්‍රොවේව් එකේ උයද්දි යන්නෙ සාමාන්‍ය ලිපට වඩා අඩු කාලයක් නිසා, සාමාන්‍ය ලිපේ උයනවට වඩා මේ පෝෂක විනාශවෙන්න තියෙන ඉඩ අඩුයි.

ගොඩක් කට්ටිය බය වෙන්නෙ මේ “මයික්‍රොවේව්” කියන නමට නේ. මේකේ ඇත්තට ම කෑම රත්වෙන්න රේඩියෝ තරංගවලින්. ඒ තරංග සංඛ්‍යාතය නිසා කෑම එකේ තියෙන ජල පරමාණු වගේ දේවල් වේගෙන් හෙලවෙන්න පටන්ගන්නවා. ඒකෙන් තමයි තාපය නිපදවෙන්නෙ. ඒ ඇරෙන්න විකිරණශිලිත්වයක්වත්, රසායනික වෙනසක්වත් සිද්ධවෙන්නෙ නෑ. ඉතිං මයික්‍රෝවේව අවන් එක ඇතුලට අත දාගෙන හිටියොත් මිස (සාමාන්‍යයෙන් මයික්‍රොවේව් අවන් හදලා තියෙන්නෙ දොර ඇරලා තියෙද්දි ඔන් වෙන්නෙ නැතිවෙන්න කිසා එහෙම කරන්නත් බෑ) මේකෙන් කිසිම හානියක් කෑමටවත්, කෑම උයන කෙනාටවත් සිද්ධවෙන්නෙ නෑ.

බඩේ ඇලෙන චුවින්ගම්

චුවින්ගම් කියන්නෙ හපන්න තියෙන දෙයක් මිසක් ගිලින්න තියෙන දෙයක් නෙවෙයි නෙ. ඉතිං පොඩි ළමයින්ට චුවින්ගම් දෙද්දි එයාලව බය කරන්න කියන කතාවක් තමයි ඕක ගිලුනොත් බඩේ ඇලෙනවා කියන එක. සමහරු කියනවා එහෙම බඩේ ඇලෙන චුවින්ගම් දිරවන්න අවුරුදු හතක් යනවා කියලා.

පොඩි ළමයින්ට දේවල් පුරුදු කරන්න බොරු කියන එක හොඳද නරකද කියන එක වෙනම කතාකරන්න ඕන දෙයක්. හැබැයි එතනින් එහොට මේ කතාවේ කිසිම ඇත්තක් නෑ. මේකෙන් කියන්නෙ නෑ චුවින්ගම් ගිලින්න ඕන කියලා. ඒත් වැරදීමකින් වගේ චිවින්ගම් එකක් ගිලුණා කියල බයවෙන්න දෙයක් නෑ. ඒක මළපහත් එක්ක පිටවෙලා යනවා.

සීනි වෙනුවට හකුරු

දියවැඩියාව තියෙන අයට වැඩිපුර සීනි කන්න බෑනේ. මේකට ගොඩක් අය හොයාගෙන තියෙන විකල්පය තමයි සුදු සීනි වෙනුවට, රතු සීනි එහෙම නැත්නම් හකුරු, රට ඉඳි වගේ දේවල් කන එක.

රතු සීනි, හකුරු වගේ දේවල සාමාන්‍ය සුදු සීනිවලට වඩා ඛණිජ වර්ග එහෙම වැඩිවෙන්න පුළුවන්; හැබැයි ගොඩක් පොඩි ප්‍රමාණවලින්. වැඩිපුර තියෙන්නෙ සීනි ම තමයි. රටඉඳිවලත් විටමින් වර්ග එහෙම තිබුණට වැඩියෙන් තියෙන්නෙ සීනි. ඉතිං වැඩිපුර සීනි කන්න එපා තියල වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනව නම් ඒ උපදෙස මේ අනිත් දේවලටත් අදාළයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide