සුපිරි බයිට් එකක්! අතේ තියෙන ගාණට අඩියක් ගහන්න කියාපු තැන් 8ක්.

හිතේ තියෙන ප්‍රශ්න කරදර වගේ ම සතුටු, සුබ දේවල් කතා කරන්න, නැත්නම් ඉස්සරහට කරන්න ඉන්න දෙයක් ප්ලෑන් කරන්න, එහෙමත් නැත්නම් ඔක්කොම පැත්තකින් තියල, සිංදුවක් හරි කියල විනෝද වෙන්න…

වැඩේ කියන්නෙ ඒකටත් හරියන ම තැනක් හොයා ගන්න එපැයි. සමහරු ඉන්නව බුකින්ග් දාලා පිළිවෙළට වාඩි වෙන්න කැමති. තවත් සමහරු ඉන්නව ගිහිල්ල, තැන බලල හිතට සෙට් නම් විතරක් වාඩි වෙන්න කැමති. ඔය අතරට තවත් සමහරු ඉන්නවා… ජාති ටික තියෙනව නම් ඉතින් ඕන තැනක් කියල සෙට් වෙන්න ම බලාගෙන ඉන්න.

අන්න ඒ නිසයි අපි කල්පනා කළේ කාට කාටත්, හිතේ හැටියට තැනක් හොයා ගන්න කියල, සුප්ප බයිට්, ඩයට් ටිකක් එක්ක කැමති කැමති ජාතිවලින් උගුරක් දෙකක් තොල ගාන්න කියාපු තැන් ටිකක් ඔයාලට කියන්න. එතකොට පොඩි අඩියෙ ඉඳන් වීඅයිපී. ගැහිල්ලක් ගහන අය වෙනකම් ම අවුලක් නෑනෙ.

1. Exchange Pub, Black Pork with Roast Paan

අමුතුයි නේ. හැබැයි සුපිරි ම ඈ… මදි නොකියන්න ගොරක, තුනපහ දාලා හදපු ටොප් පෝක් එකක්. සැර ගතියත් හොඳ හැටියට තියෙනව. රම්පෙ කරපිංච වගේම, ගොරක සියඹලවලිනුත් අඩුවක් නෑ. ඊටත් අමුමිරිස් එහෙම…

අනික දැක්කාම කටට කෙළ උනන ගානයිනෙ. අර වැඩේ තියෙන්නෙ පෝක් කෑලි, තුනපහවල පදම් වෙච්ච ගතිය පොඩ්ඩක් මදි එක තමයි. ඒත් මැටි ඇතිලියෙ උණු උණුවෙ එනකොට.. ඒ අඩුවත් කොහෙන් ගියාද නෑ. අනික රෝස්ට් පාන් එක්ක නිසා බයිට්, ඩයට් දෙකමත් කවර්නෙ. බියර්වලටත් කියාපු බයිට් එක!

2. The Irish, Spicy Chicken Wings

ලා පැණි රසක් එක්ක තද සැරක්, සැර ජාතිවලට කියාපු බයිට් එකක්. ඇත්තටම චිකන් වින්ග්ස්වලින් හදන සුපිරි ම බයිට් එකක් තමයි මෙයාලගෙ මේ, ස්පයිසි චිකන්. සමහරෙක්ට හිතෙන්න පුළුවන් බාග වෙලාවට මේකෙ සෝස් එහෙම ටිකක් වැඩියි කියල. ඒත් දවටල බැදල, කොරියන් බාබක්‍යු සෝස්වල පදම් කරල නිසා… කන්න කන්න ආසාවෙ බෑ!

3. Randoli, Hot Butter Cuttlefish

කොළඹ තියෙන හොඳම හොට් බටර් කට්ල්ෆිෂ්වලින් එකක් කිව්වොත් හරි. මොකද පෝෂන් එකත් ලොකුයි. අරගෙන තියෙන දැල්ලොත් ෆුල් ෆ්‍රෙෂ්. අනික රස වෑහෙන බැටර්ඩ් එකක දවටලනෙ පදමට බැදල තියෙන්නෙ. ඒකත් නිකම් නෙවෙයි, ලුණු, මිරිස්, ගම්මිරිස් පදමත් හොඳ හැටියට තියෙන්න.. කට්ල්ෆිෂ් තොගේට ලූනු, ලූනු කොළ, කෑලි මිරිස් එහෙමත් උඩින් දාලා ලෙසට ම ගලපල..

කොටින්ම කියතොත් මේකත්, කූල් බීර වීදුරුවකට නම්…

4. The Cabinet, Pepper Pork

ගම්මිරිස් ටිකක් වැඩි වුණාට, නරක ම නෑ. හැබැයි පෝක් රස කැපෙන්න අනිවා සැර ජාතියක් ඕන. මොකද මෙයාලගෙ පෙපර් පෝක් එකේ පෝක් රසනෙ වැඩිම. ඒ හැරුණාම මොනවදෝ සෝස් රසකුයි, ලුණු, මිරිස් පදමකුයිත් තියෙනව. ප්‍රශ්නෙ කියන්නෙ…

අනේ මන්දා, මගේ නම් ඒ හැටි කැමැත්තත් නෑ අප්ප!

5. Next Inning, Mutton Roll

වෙනස් බයිට් එකක් වුණාට සුපරිම ආයෙ! ඕන ජාතියකට ලෙසටම සෙට් වෙනව. විශේෂයෙන්ම රෝල් එකේ දැවටුමයි, ක්‍රිස්පි ගතියයි එහෙම හොඳටම තියෙනවනෙ. ඒ වගේ ම තමයි පිරවුමත්. රියල් ම මට්න්.. කරි රසයි, කෑලියි දෙකම හොඳ හැටි තියෙන්න, අල, ලූනු, කැරට්, ලීක්ස් එක්ක… ආයෙ මිරිස්, ගම්මිරිස් පදමත් නූලටම හොඳේ. සෝස් ටිකක් ගාගත්තාම බයිට් එකට විතරක් නෙවෙයි, ඩයට් එකට වුණත්!

6. Ask for Fren, Serai Chicken

මේක හදන්නෙ තනි චිකන් වින්ග් එකකින්. හැබැයි නිකම් නෙවෙයි, මොනවදෝ කරි පවුඩර් මිශ්‍රණයක පදම් කරල, දවටල බැදල, ළා පැණිරසක් තියෙන සෝස් එකක එහෙමත් ගිල්ලල… ෂැහ්! බලන්න එපැයි මේසෙට ආවට පස්සෙ, රසයි සැරයි දෙකම නූලට නිසා සැර ජාතියකටත් කියාපුම.

7. The RE.PUB.LK, Pan Fried Prawns

කොහොමද අලුත්ම අළුත් ඉස්සො ටිකක් පොඩ්ඩ කර වෙන්න පෑන් ෆ්‍රයි කරල, චිලි සෝසුයි, ළා පැණිරසක් තියෙන සෝස් ටිකකුයි එක්ක දාලා ගත්තම? බයිට් එකට ඉතින්… වෙන මොනවත් නතින්ග්!

8. Machang, Wok Kottu

චිකන්, පෝක්, සීෆුඩ් වගේම මික්ස්වලින් වුණත්..

සුපිරියටම ගහපු තාච්චි කොත්තුවක්. වැඩේ කියන්නෙ අඩුවක් කියන්න නෑ, කැරට්, ලීක්ස්, මාළු මිරිස්, මිරිස්, ගම්මිරිස් පවා ගානට තියෙනව. ඒ විතරක් නෙවෙයි, මොකක්දෝ සෝස් වර්ගයකුත් දානව රස ඩබල් ත්‍රිබල් වෙන්න. අනික කොත්තුවෙ සයිස් එකත් ලොකුයිනෙ. මස්ද මාළුද නෑ පොඩි පොඩි කෑලි කපල බැදල දාලා එහෙම…

කූල් බියර් වීදුරුවකට වගේ නම් කියාපු ම!

ඒ හැරුණාම ඉතින් තවත් තැන් හෝසෙට. ඒත් එක පාර කියන්න බෑනෙ. කොහොමහරි හොඳම ටික එළියට දැම්ම ඔන්න. ළඟදිම තව ටිකක් කියන්නම්, එතකන් මේ ටිකට සෙට්වෙන්න,

හොඳේ!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide