ලංකාවෙ අපි ගැඹුරින් නොහිතා මඟ අරින මාතෘකා 7ක්.

අපේ රට අපි දන්න කාලෙ ඉඳලත්, අපේ අම්මල තාත්තලා දන්න කාලෙ ඉඳලත්, අපේ සීයල ආච්චිලා දන්න කාලෙ ඉඳලත් සංවර්ධනය වෙමින් පවතින රටක්. අපේ රට සංවර්ධනය වෙලා ඉවර වෙන්නෙ නැද්ද? මේ පසුබෑමට හේතු මොනවද කියල පොඩ්ඩක් කල්පනා කරල බැලුවම, අපිට දියුණු වෙන්න බැරි මුල්ම හේතුව විදිහට පේන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ පසුගාමී ආකල්ප. අපි සීරියස් ගන්න ඕන හුඟක් වැදගත් දේවල් ජෝක් කරල බැහැර කරන ගමන්ම, සමහර කල් ඉකුත් වුණ නොවැදගත් දේවල් අනවශ්‍ය විදිහට සීරියස් ගන්නවා. මේ හින්ද අපිට ලෝකය දියුණු වන වේගයට සමපාත වෙන්න බැරි වෙනවා. ඒ විදිහට ලංකාවෙ අපි ගැඹුරින් නොහිතා මඟ අරින මාතෘකා කීපයක් ගැන මතක් කරල දෙන්නයි මේ ලෑස්ති වෙන්නෙ.

මත්ද්‍රව්‍ය

අපි මත්ද්‍රව්‍ය කියන වචනෙ දැක්ක ගමන්ම බය වෙන සමාජයක්. හැබැයි මත්ද්‍රව්‍ය කියන්නෙ මොනවද, මත්ද්‍රව්‍ය වර්ග මොනවද, ඒවයේ ඉතිහාසය මොන වගේ ද, මත්ද්‍රව්‍ය මිනිස්සුන්ට හානිකරයි කියන්නෙ ඇයි, හානිකර බව දැන දැනත් මිනිස්සු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පෙළඹෙන්නේ ඇයි, කියන තරම් විනාශකාරී නම් සමහර මත්ද්‍රව්‍ය නීතිගත ඇයි, වග කිව යුතු අය ඒවා සහමුලින්ම තුරන් කරල දාන්නෙ නැත්තෙ ඇයි, අපෙ රටේ තහනම් කරල තියන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවා ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරන ඇතැම් රටවල් අපිට වඩා දියුණු ඇයි, වගේ කරුණු ගැන ගැඹුරට හොයන්නවත්, විචාරශීලී වෙන්නවත් කවුරුත් කරදර වෙන්නේ නෑ. ඒ වෙනුවට මත් වෙන දේවල් සම්පූර්ණයෙන්ම එපා! කියන අදහස විතරක් කාලාන්තරයක් තිස්සෙම අපේ ඔළුවෙ පැළ වෙලා.

ලිංගික අධ්‍යාපනය

පාසල් විෂය නිර්දේශයට පවා ඇතුළත් කරල තියෙද්දිත් නොතකා හැරෙන බරපතල මාතෘකාවක් මේ. ලිංගිකත්වය ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු කරුණක් විදිහට අපේ සමාජයේ සම්මත වෙලා තියන නිසා හුඟක් ගුරුවරු වගේම දෙමාපියොත් ළමයින්ට ලිංගික අධ්‍යාපනය දීම මඟ අරිනවා. මේ නිසා පරම්පරා ගාණක් තිස්සෙ බිහි වෙලා තියෙන්නෙ තමන්ගෙ ලිංගික සෞඛ්‍යය ගැන මෙලෝ හසරක් නොදන්නා, නොදැනුවත් ලාංකිකයන් පිරිසක්. සෙක්ස් කියන වචනේ ගූගල් සර්ච් කරල කප් ගහන්නෙත්, ලංකාව පුරාම ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වගේ අපරාධ වර්ධනය වෙන්නෙත් මේ නොදැනුවත්කමේ ප්‍රතිඵල විදිහට තමයි. ඒ හින්ද ළමයින්ට විතරක් නෙමෙයි ලංකාවෙ වැඩිහිටියන්ටත් ලිංගික අධ්‍යාපනය ලබා දීම අත්‍යවශ්‍යයි.

ගබ්සාව

මේකත් වාදවිවාද කරන්න තියා නිකමට කතා කරන්නවත් අපි බය මාතෘකාවක්. ඇත්තටම ගබ්සාව සම්බන්ධයෙන් මුළු ලෝකය පුරාම හැමදාම තියනවා නිම නොවන කතිකාවක්. එක පිරිසක් කියන්නෙ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීම අදාළ කාන්තාවට වගේම මුළු ලෝකයේම මිනිස් ප්‍රජාවට කරන උදව්වක් කියල. ස්ත්‍රී දූෂණයකදී සිදු වෙන ගැබ් ගැනීමක් ගබ්සා කිරීම, කළලය කිසියම් රෝගී තත්ත්වයකින් නම් ගබ්සා කිරීම, තමන්ගෙ ශරීරය ගැන තීරණ ගැනීමේ අයිතිය කාන්තාවට ලබා දීම ඉතා වැදගත් බවයි ඔවුන්ගේ අදහස.

අනෙක් පිරිස කියන්නෙ ජීවියෙකුගේ ජීවිතය නැති කරන්න කාටවත් අයිතියක් නෑ කියල. ඒ පිරිසට ආගම්වලිනුත් ලොකු සහයක් ලැබෙනවා. කොහොම වුණත්, බොහෝ දියුණු රටවල් යම් යම් කොන්දේසි යටතේ පවා ගබ්සාව නීතිගත කරල තිබීමෙන් පෙනී යන්නෙ, තාමත් පුද්ගලභාවය ලබා නැති කළලයකට වඩා ඔවුන් මිනිස් අයිතිවාසිකම් උසස් කොට සලකන බවකුයි.

මානසික සෞඛ්‍යය

නානාප්‍රකාර ලෙඩවලට බෙහෙත් ගන්න ආපු මිනිස්සුන්ගෙන් කොයි වෙලේ බැලුවත් අපේ රටේ ඉස්පිරිතාල පිරිලා. කායික සෞඛ්‍යය ගැන මිනිස්සු සෑහෙන වද වෙනවා. හැබැයි මානසික සෞඛ්‍යය ගැන ඒ තරම්ම සැලකිලිමත් ද?

මානසික ආතතිය, විශාදය වගේ මානසික රෝග ලෝකය පුරාම සාමාන්‍යකරණය වෙලා තියන පසුබිමක අපි තවමත් ඒ ගැන සලකන්නෙ ලැජ්ජා විය යුතු, සැඟවිය යුතු කරුණක් විදිහට. පවුලක මානසික රෝගයක් සහිත සාමාජිකයෙක් ඉඳීමම පවුලේ ‘සායම සේදෙන’ වැඩක් විදිහට තමයි ගණන් ගන්නෙ. ඒ වගේම බොහෝ විට දෙමාපියන් පවා දරුවන්ගේ කායික ප්‍රශ්න ගැන කලබල වෙන තරම් අවධානයක් ඔවුන්ගේ මානසික තත්ත්වය යහපත් ද යන්නට ලබා දෙන්නේ නෑ.

ගණිකා වෘත්තිය

මේ ගැනත් ලෝකෙ පුරාම විවිධ අදහස් තියනවා. දුටු පමණින් අපි මේ මාතෘකාව ප්‍රතික්ෂේප කළාට, ඔවුන් මීට පක්ෂ සහ විපක්ෂ අදහස් ගැන ගැඹුරින් සාකච්ඡා කරනවා. ගණිකා වෘත්තිය නීතිගත විය යුතු බවට සහ එසේ නොවිය යුතු බවට විවිධ අය අදහස් දරනවා. මෙය නීතිගත විය යුතුයි කියන අය එසේ වීමෙන් ලිංගික අපරාධ අවම වෙන බවට තර්ක කරනවා. ඒ බව ප්‍රතික්ෂේප කරන්නන් අනෙක් අතට තර්ක කරන්නෙ එය නීතිගත කිරීමම ලිංගික අපරාධයක් බවයි. මේ වගේ සාධක රැසක් මේ දෙපිරිසම ඉදිරිපත් කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ලොව ඇතැම් රටවල ගණිකා වෘත්තිය නීතිගතයි. ඇතැම් රටවල එසේ නෑ. අපේ රටේ නම් අඩු ගානේ මෙවැනි සංවාදයක් ඇති වෙන්නවත් සදාචාරවාදීන් ඉඩ දීල නෑ.

සමලිංගිකත්වය

LGBTQ ප්‍රජාව සම්බන්ධයෙන් දැන් දැන් ලෝකයේ හුඟක් රටවල් ඉතාම දියුණු තීරණ ගනිමින් ඉන්නවා. ඔවුන්ට විරුද්ධ නීති ලිහිල් කරන්න හෝ අහෝසි කරන්න ඔවුන් පියවර ගන්න විදිහ මෑත කාලෙදි නිතරම දකින්න ලැබුණා. හැබැයි අපේ රටේ නම් තාමත් ඔවුන්ට හිමි වෙන්නෙ හරිම ශෝචනීය ඉරණමක්. මිනිසුන්ට විවිධ ලිංගික දිශානති දරන්න අයිතියක් තියන බව පිළිගන්න අපි තාමත් ලෑස්ති නෑ කියන එකෙන් පේන්නෙම අපි කොච්චර නොදියුණුයි ද කියන එක. අපේ රටේ වග කිව යුතු අයත් සියවස් ගණන් පරණ නීති රෙගුලාසි තවමත් නඩත්තු කරමින්, ඒ ගැන ආඩම්බර වෙමින්, මිනිස් අයිතිවාසිකම් නොතකා හරින්න සැදී පැහැදී ඉන්නවා. 

දේශපාලනය

අපි සීරියස් ගන්නවා කියල හිතන, ඒත් ඇත්තටම සීරියස් නොගන්න ටොපික් එකක් මේක. ඇයි කිව්වොත්, අපි දේශපාලනය ගැන කාගෙන් හරි අහපු ගමන්ම අපිට ලැබෙන උත්තරේ තමයි, ‘අපෝ පොලිටික්ස් ගැන නම් කතා කරන්න එපා’ කියන එක. හදිස්සියෙවත් මේ ගැන කතා කළොත් කතා කරන්නෙ දේශපාලකයන් ගැන ඕපාදූප. නැත්තං විහිළු කතා. මේ ඇරෙන්න, අපේ ජීවිතවලට අනිවාර්යයෙන් බලපාන දේශපාලනේ ගැන සීරියස් විදිහට අපි හිතනවා ද? අවුරුදු හැත්තෑවකට වඩා අපි ඡන්දෙ දීල පත් කරගත්ත ආණ්ඩු ගැන හිතුවම අපි දේශපාලනේ සීරියස් අරං ද නැද්ද කියන එක ගැන සරලවම හිතාගන්න පුළුවන්.

මේ උඩ කියපු මාතෘකා ගැන ගැඹුරින් නොහිතා මඟ අරින්න අපි පුරුදු වෙලා ඉන්නෙ ඇයි කියල නිකමට හිතල බලන්නකො. ඒ වගේම ඒව ගැන සීරියස් හිතුවොත්, වෙනස් විදිහකට බැලුවොත්, අපිට පේනවට වඩා ලෝකය ලොකුයි කියලත් අවබෝධ වෙනවා. ඕන දෙයක් ගැන නොහිතා ඉන්න එක ලේසියි. හැබැයි දේවල් ගැන හිතුවොත් තමයි අපි ඉන්න තැනින් තව අඩියක් හරි ඉස්සරහට යන්නෙ!

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide