හොයාගෙන කියවන්නම ඕන ආන්දෝලනාත්මක සිංහල පොත් 10ක්.

කලා කෘති වාරණය කියන්නෙ ලෝකෙ පුරාම නිරන්තරයෙන් කතාබහට ලක් වෙන මාතෘකාවක්. ලෝකෙ විවිධ රටවල බලධාරීන් විවිධ හේතු නිසා වරින් වර චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, පොත්පත් ආදියට එරෙහිව වාරණ, තහංචි නිකුත් කරනවා. ඊට අමතරව, තවත් සමහර කලාකෘති නීතියෙන් තහනම් නොවුණත් මහත් ආන්දෝලනයන්ට තුඩු දී සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන අවස්ථා තියෙනවා. මේ වගේ කලාවට එරෙහිව වැටෙන වැටකඩොලුවලට හේතු වෙන කරුණු තුනක් මූලික වශයෙන් හඳුනගන්න පුළුවන්. ඒ තමයි ආගමික හේතු, දේශපාලනික හේතු සහ සංස්කෘතික හේතු.

ලංකාවෙ නිෂ්පාදනය වුණු චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, පොත්පත් ආදියටත් මේ වගේ තත්ත්වයන් උදා වුණු අයුරු ඉතිහාසය පුරාම දකින්න තියනවා. ඒ අතරින් මේ අවධානයට ලක් කරන්න සූදානම් වෙන්නේ ලාංකික සමාජය තුළ මහත් ආන්දෝලනයකට ලක් වුණු සිංහල පොත්පත් කීපයක් ගැනයි.

විවාහය හා රති සැපත – ටී.එස්. ධර්මබන්ධු 

ලංකාවේ පොත් තහනම් කිරීමේ ඉතිහාසයට මේ වෙද්දි අවුරුදු 70ක්. තහනමට ලක් වූ බවට කරුණු හොයාගන්න ලැබෙන මුල්ම පොත තමයි ‘විවාහය හා රති සැපත’. ලිංගිකත්වය අදටත් වඩා සැඟවුණු මාතෘකාවක්ව තිබුණු 1949 තරම් ඈත කාලෙක, ඒ ගැන විවෘතව සාකච්ඡා කිරීම නිසා කතුවරයාට එරෙහිව නඩු දමා මේ පොත තහනම් කරලා, ඊට රු. 20ක දඩයක් නියම කරන්න එවක පොලිස්පතිවරයා කටයුතු කළා.

මේ අයුරින්ම ‘නෑඹුල් සුවඳ’ නම් පොතක් ලියූ කේ. ජී. ඊබට් සිල්වා නමැත්තෙක් හිරගෙට නියම වූ බව ගුණදාස ලියනගේ ලියූ ‘අසභ්‍ය සාහිත්‍ය සහ සංස්කෘතික පොලිසිය’ කෘතියේ සඳහන්. ගුණදාස ලියනගේ විසින්ම ලියැවුණු ‘දෝන කමලාවතී’ කෘතියත් ඒ කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ මීට සමාන හේතු නිසාමයි.

වනකතා – යක්කඩුවේ ප්‍රඥාරාම හිමි

1950 දශකයේ ජ්‍යේෂ්ඨ විභාගයට නියම වුණු ‘වනකතා’ පොත ලිව්වේ ලංකාවේ සිටි විශිෂ්ට උගතෙකු වූ යක්කඩුවේ ප්‍රඥාරාම හිමි. මේ පොත පංචතන්ත්‍රයේ සිංහල අනුවාදයක් බව කියවෙනවා. පංචතන්ත්‍රයේ එන එක් ශ්ලෝකයක් කවියක් ලෙස සිංහලට හරවා මේ පොතට ඇතුළත් වී තිබීම නිසා එවක අගමැති ඩී. එස්. සේනානායකට අපහාස වන බව කියමින් මේ පොත තහනම් කර එහි සියලු පිටපත් ගිනිබත් කරන්නට බලධාරීන් කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි, මේ පොත ජ්‍යේෂ්ඨ විභාගයට නිර්දේශ කරපු කමිටුවේ එක් අයෙකු වූ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඊ. ආර්. එරත්න මහතාට එහි රැකියාවත් අහිමි වුණා. හැබැයි 1965 ඩඩ්ලි සේනානායක රජය යටතේ නැවත මේ පොත උසස්පෙළ විභාගයට නිර්දේශ වෙනවා.

මේ තියෙන්නෙ අපහාස වෙනවා කියපු කවිය..

‘අපායට යන්ට ඕනෑ නම් නුඹට

කරපං මහ ඇමැතිකම එක දවසකට

නැතිනම් පන්සලක දේවාලයක සිට

අධිපතිකම කරපං තුන් දවසකට’

පළිගැනීම – ජී. බී. සේනානායක

ජී. බී. සේනානායක විශිෂ්ට කෙටිකතාකරුවෙක් වගේම සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට නිදහස් කවි ආර හඳුන්වාදුන් ආරම්භකයා. 1950 දශකයේ ජ්‍යේෂ්ඨ විභාගයට නියම වුණු ‘පළිගැනීම’ පොතත් ‘වනකතා’ එක්කම තහනම් වුණු තවත් පොතක්. මෙහි එන ‘අම්මා’ කෙටිකතාවේ විවාහකයෙකු විසින් පවත්වන අනියම් ප්‍රේමයක් පිළිබඳව ඇතුළත් වන නිසා, එය සමාජ විරෝධී අසම්මත දෙයක් යැයි කියමින් පොත තහනමට ලක් කරන්න එවක අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

සමාජ සංදර්ශනය – ඩී. ආර්. ජයවර්ධන

1950 දශකයේ ජ්‍යේෂ්ඨ විභාගයට නියම වුණු පොත්වලින් තහනමට ලක් වුණු අනික් පොත තමයි මේ. කාලානුරූපව ලාංකික සමාජයට සිදු වෙමින් පවතින දේ විග්‍රහ කරමින් ලියැවුණු ‘සමාජ සංදර්ශනය’ පොත, සිය මැතිවරණ පරාජයට හේතු වුණ බව කියමින් ඉයන් ද සොයිසා නම් දේශපාලකයා ඩී. එස්. සේනානායක අගමැතිවරයාට ලිපියක් යවා මේ පොත තහනම් කරවා තිබෙනවා. පසුව මේ පොතේ සියලු පිටපත් එකතු කර පුළුස්සා දැමූ බවටත් රාවයක් පැතිර ගියා.

යළි උපන්නෙමි – ගුණදාස අමරසේකර

ප්‍රවීණ සාහිත්‍යධර ගුණදාස අමරසේකර විසින් රචිත ‘යළි උපන්නෙමි’ සහ ‘කරුමක්කාරයෝ’ වැනි නවකතා අසභ්‍ය, අශ්ලීල කෘති යැයි පවසමින් දරුණු විවේචනයන්ට බඳුන් වුණා. මීට සමකාලීනව ප්‍රවීණ සාහිත්‍යධර ආචාර්ය සිරි ගුනසිංහ ලියූ ‘හෙවනැල්ල’, ‘මස් ලේ නැති ඇට’ වැනි පොතුත් මෙවැනි ප්‍රහාරවලට ලක් වුණා. හැබැයි ආචාර්ය සිරි ගුනසිංහ නම් කිව්වේ සාහිත්‍යයේ උචිත අනුචිත බව මිස සභ්‍ය අසභ්‍ය බවක් නෑ කියලයි.

බවතරණ – මාර්ටින් වික්‍රමසිංහ

බුද්ධ චරිතය දෙස වෙනස් දැක්මකින් බලමින් ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ අසූ තුන් වැනි වියේදී ලියූ බවතරණ කෘතිය විශාල මතභේදයකට තුඩු දුන්නා. මින් බුදුන්ට අපහාස වන බව කියමින් භික්ෂු සංස්ථාව කතුවරයාට එරෙහිව උද්ඝෝෂණ කරමින් අවි අමෝරා ගත්තා. අනෙක් පසින් තවත් භික්ෂූන් පිරිසක් මින් කිසිදු නිගාවක් සිදු නොවන බවට තර්ක කරමින් මාර්ටින් වික්‍රමසිංහ සමග සිටගත්තා. කොහොම වුණත් එවක ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එරික්‌ ජේ. ද සිල්වාගේ මැදිහත් වීමෙන් මේ පොත තහනම් නොකර ඉන්නට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය කටයුතු කළා.

දඩකෙළිය – නිව්ටන් ගුණසේකර

විල්පත්තු ඝාතනය හෙවත් ඇඩ්ලින් විතාරණ සිදුවීම ගැන නොදන්නා කෙනෙක් ලංකාවේ නෑ. නිව්ටන් ගුණසේකර ලියපු ‘දඩකෙළිය’ පොතටත්, වසන්ත ඔබේසේකර නිර්මාණය කරපු ‘දඩයම’ චිත්‍රපටයටත් ප්‍රස්තුත වුණේ මේ සිද්ධිය. ඇඩ්ලින් විතාරණ චරිතයට මේ පොතෙන් අපහාසයක් වන බව පවසමින් ඊට විරුද්ධව 2006 දී මේ පොත පිට වෙලා වසරකට පස්සෙ ඇඩ්ලින් විතාරණගේ දියණියක් නඩුවක් ගොනු කරනවා. හැබැයි මින් එවැනි කිසිදු අපහාසයක් වී නැතැයි ඔප්පු වීම නිසා ඇය නඩුවෙන් පරාජය වෙනවා. දඩකෙළිය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක්.

දැති රෝදෙන් උපන් බුදුන් – ටෙනිසන් පෙරේරා

1967 දී එළිදැක්වුණු ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කෙටිකතා කෘතිය තහනමට ලක් වුණා විතරක් නෙමෙයි, එහි කර්තෘ ටෙනිසන් පෙරේරා රහස් පොලීසියේ ප්‍රශ්න කිරීම්වලටත් ලක් වුණා. කොහොම වුණත් මේ නිලධාරීන්ට කතුවරයා කියන දේ නොතේරීම නිසා අන්තිමේදි ප්‍රශ්න කිරීම් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධියක් ඇති පොලිස් නිලධාරියෙකුගේ සහාය ගන්නත් සිදු වුණු බව කර්තෘ ටෙනිසන් පෙරේරා හෙළි කර තිබෙනවා. පොත තහනම් වීමෙන් පස්සෙ එහි ඉතිරි පිටපත් සියල්ලත්, විකිණුනු පොත්වලින් ලැබුණු ආදායමත් රාජසන්තක වුණා. මේකට හේතුව විදිහටත් කියවුණේ බුද්ධාගමට අපහාස වීමයි. මේ සිද්ධිය එකල සමාජයේ මහත් කලබලයක් ඇති කළා.

මේරි නම් වූ මරියා – මංජුල වෙඩිවර්ධන

මංජුල වෙඩිවර්ධන 2000 වසරේදී ලියා පළ කළ ‘මේරි නම් වූ මරියා’ කෙටිකතා පොත තහනම් වන්නෙත් ආගමික හේතු මතයි. මෙවර සාහිත්‍යයට එරෙහිව අවි අමෝරා ගත්තේ කතෝලික සභාව. පොතට එරෙහිව පැමිණිල්ල ගොනු කළේ කතෝලික සිනමා පර්ෂදයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා. එහි ප්‍රතිඵලයක් විදිහට කතුවර මංජුල වෙඩිවර්ධන, ප්‍රකාශක සිරිසුමන ගොඩගේ කවරය නිර්මාණය කළ ලලිත් සෙනෙවිරත්න, ඡායාරූප ගත් අජිත් සෙනෙවිරත්න සහ චිත්‍ර ඇඳි කේ. ඩබ්. ජනරංජන යන සියල්ලන්ටම රහස් පොලීසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් වෙන්න සිදු වුණා. අන්තිමේ පොත එළිදකින්නත් පෙරම වාරණයට ලක් වුණා.

බුදුන්ගේ රස්තියාදුව – කේ. කේ. ශ්‍රීනාත් චතුරංග

සංහිඳ ප්‍රකාශනයක් ලෙස 2018 වසරේ පළ වුණු කේ. කේ. ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව’ නවකතාව එළිදැක්වෙන දිනයේම කතුවරයා, ප්‍රකාශකයා සහ පොතේ පිටපත් සියල්ල පොලීසිය වෙත රැගෙන යන්නට මිරිහාන පොලීසිය කටයුතු කළේ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසින් බුද්ධ ශාසන ඇමතිවරයාට යැවූ ලිපියකට අනුවයි. කෙසේ නමුත් කෘතිය තහනම් කරන්නට හෝ ඊට විරුද්ධව පියවර ගන්නට පොලීසියට හැකි නොවූ හෙයින් කෘතිය මහත් ආන්දෝලනයක් යටතේම ජනගත වනවා.

කොහොම වුණත් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ තහනමට, වාරණයට, මතභේදයට, ආන්දෝලනයට ලක් වූයේ ඉහත කියපු පොත් 10 විතරක්ම නෙමෙයි. ආගමික පොලීසිය, සංස්කෘතික පොලීසිය සහ දේශපාලනික පොලීසිය එකතු වෙලා යටපත් කර දැමුණු තවත් බොහෝ අප්‍රකට කෘති ගැන ඉතිහාසයේ යම් යම් තැන්වල සඳහන්. මීට අමතරව ඕගොල්ලො දන්න එහෙම පොත්පත් තියනව නම් අපිට කියන්න..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide