කොළඹ නගරය හැඩ කරන අලුත්ම සාමාජිකයා – One Galle Face.

One Galle Face කියන්නේ කොළඹ නගරය හැඩ කරන අලුත්ම සහ දැනට අපට තියෙන ලොකුම ෂොපින් මෝල් එක. පහුගිය අවුරුද්ද එකහමාර වගේ කාලේ ඇතුළත, ඉඳලා හිටලා හෝ දිනපතා හෝ ගෝල් ෆේස් එක පහු කරගෙන ගිය ඕනෙම කෙනෙක්ට මේක දවසින් දවස ගොඩ නැගෙන හැටි හරි අපූරුවට දැකගන්න ලැබුණා. කොළඹ ෂැoග්‍රිලා හෝටලයේ ම කොටසක් විදියට තියෙන මේ ෂොපින් මෝල් එක, ජනතාවට විවෘත වුණේ ඊයේ දවසේ හවස 3ට. ඉතින් යමු එකේ අපිත් ඒ ගැන වග තුග බලා කියාගන්න One Galle Face එකට ගොඩ වුණා.

තට්ටු 6ක් සහ බේස්මන්ට් එකකින් සමන්විත One Galle Face එක, දැනට කොළඹ තියෙන අනිත් ෂොපින් මෝල්වලට වැඩිය සෑහෙන්න ඉඩකඩකින් යුතුයි. හැම තට්ටුවකම අඩුම තරමේ කඩ 30ක්වත් දැකගන්න ලැබෙනවා. ලෝකේ ම ප්‍රසිද්ධ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් විතරක් නෙවෙයි ලෝකල් බ්‍රෑන්ඩ් තොගයක් ඒ අතරේ අන්තර්ගතයි. ඔය පිටරටවල්වල වගේ දවසක් ඇතුළත ඇවිදලා ඉවර කරගන්න බැරි තරමට ලොකු ෂොපින් මෝල් එකක් නොවුණත්, තදබදයක් නොවී ෂොපින් කරගන්න පුළුවන් විදියේ හොඳ ඉඩකඩක් තියෙන එකත සෑහෙන්න ම දෙයක්.

පළමුවෙනි තට්ටුව 

පළමුවෙනි තට්ටුවේ වැඩි වශයෙන් ම වෙන් වෙලා තියෙන්නේ හැඩට වැඩට ඉන්න කැමති  අයට. Calvin Klein, Charles and Keith, Tommy Hilfiger, Diesel, Armani වගේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් ගොඩකට අයත් කඩවල් මේ තට්ටුවේ තියෙනවා. ඒ හැරුණා ම, ලෝකේ තියෙන ප්‍රසිද්ධ, සහ මිල අධික ම ඔරලෝසු කඩවල් කීපයකුත් මේ අතරේ දැකගන්න ඇහැකි. Rolex, Parker, Omega, Longines, Chatham, සහ Tissot – ඒ වගේ කීපයක්. 

ඔය ජුවලරි වගේ ගන්න බලාගෙන ඉන්න අයටත් මෙතැන ඉඩක් වෙන් වෙලා තියෙනවා. Careem Jewellers, Ramzi Jewellers වගේ නම් ඒ අතරේ විශේෂයි. පොඩ්ඩක් ෆැන්සි ටයිප් එකේ හෑන්ඩ්බෑග් එහෙම හොයනවා නම්, Furla අවුට්ලට් එකකුත් මේ තට්ටුවේ තියෙනවා. 

ඕවා මොනවත් නැතුව කෝපි කෝප්පයක් බොන්න තැනක් හොයන අයට, Coffee Bean and Tea Leaf බ්‍රාන්ච් එකට යතෑකි. ඒ හැරුණා ම, Abans, HSBC, Samsung අවුට්ලට් එහෙමත් අපට දැකගන්න ලැබුණා.

දෙවැනි තට්ටුව  

මේකෙත් වැඩි ඉඩක් වෙන් වෙලා තියෙන්නේ ඇඳුම් පැළදුම්වලට තමයි. හැබැයි පොඩ්ඩක් ස්පෙසිෆික් ටයිප් එකේ ඒවාට. ඔය බතික් සාරියක්, ඉන්දියන් ස්ටයිල් එකේ ඇඳුමක් හොයනවනම් එන්න ඕනේ මේ තට්ටුවට.

Sona Mandhir, Exhibit, Jia Moda, Tribe, Jezza, Linen, Hameedia වගේ ශොප්ස් මේ අතරේ තියෙනවා. ඒ හැරුණා ම, Zesta සහ Halpe Teaවල ස්ටෝල් දෙකකුත් මෙතැන තියෙනවා. අපට පෙනුන විදියට නම්, Hard Rock Cafe එකකුත් මේ එන දෙසැම්බරයේ විවෘත වීමට නියමිතයි. 

තුන්වැනි තට්ටුව 

තුන්වැනි තට්ටුවෙත් වැඩි ඉඩක් ලබා දීලා තිබුණේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්වලට. ProGolf, Adidas, Puma, Nike, Reebok, D-Blaq, US Polo Assn, Arrow වගේ නම් ඒ අතරේ විශේෂිතයි. ලෝකල් බ්‍රෑන්ඩ් පැත්තෙන් ගත්තොත්, Unik Creations, Midaya, Pottery Shop වගේඅයත් මේ අතරේ ඉන්නවා. 

ඊළඟට අනිත් පැත්තේ ඉන්නේ කොණ්ඩා සැකසුම්, manicure, pedicure වගේ සේවාවන් සපයන සැලෝන් කිහිපයක්. 

හතරවැනි තට්ටුව 

පොඩ්ඩන්ට විශේෂයෙන් ම වෙන් වුණ තට්ටුවක්. Mothercare, Babycare, Glitz Kids, Belly Bees, Candy Crush වගේ කඩවල් තියෙන මේ තට්ටුව, පොඩ්ඩන්ගේ ඇඳුම් පැළඳුම් සහ සෙල්ලම් බඩු මිලයට ගන්න තියෙන තැනක්. ඒ වගේ ම, ලංකාවේ අපි කවුරුත් දන්නා Sidhdhalepa ස්ටෝල් එකකුත් මෙතැන තියෙනවා. 

ඒ වගේ ම, අවුරුදු 2 – 12 අතරේ ඉන්න පොඩි අයට සෙල්ලම් කරන්න පුළුවන් විදියේ Adventure Zone එකකිනුත් මේ තට්ටුව සමන්විතයි. 

පස්වැනි තට්ටුව 

අනං මනං ජාති තොගයක්ම තියෙන තැනක්. එක පැත්තක ඇක්ෂන් ෆිගර් විකුණන Collectique. ඊළඟට Club House Vivaldi, සහ Maze වගේ ඇඳුම් පැළදුම්වලට අදාළ ස්ටෝල්ස්.

හැබැයි අපේ අවධානය වැඩියත්ම යොමු වුණේ Training Yard එකට. මේක ජිම් එකක් වගේ ම, හෙල්ති විදියට කන්න කැමති අයට කෑමත් ගන්න පුළුවන් විදියේ තැනක්. 

ලංකා හොස්පිටල් එකේ බ්‍රාන්ච් එකකුත් මේ තට්ටුවේ තියෙනවා. ඉදිරි කාලය ඇතුළත ෆාමසියක්, ලැබ් එකක් සහ ෂොපින් මෝල් එකට ඇවිදින් බෙහෙත් ගන්න පුළුවන් විදියේ සිස්ටම් එකක් බිහිවෙන්නට නියමිත බවයි අපට ආරංචි වුණේ. 

මේ තට්ටුවේ තියෙන තව හයිලයිට් එකක් වුණේ Newoice එක. මේක අර ඉංග්‍රීසි ෆිල්ම්වල පෙන්නනවා වගේ ආකේඩ් සහ කානිවල් ගේම්ස් සෙල්ලම් කරන්න පුළුවන් විදියේ තැනක්. 

මේ හරියෙ කැරකෙන බඩගිනිකාරයන්ට ගැළපෙන විදියට රෙස්ටෝරන්ට් කීපයකුත් ඉදි කරලා තියෙනවා. Nut House, Ceylon Bee Honey, Chesma's Cookies සහ Mong Kok Chinese Restaurant එයින් කීපයක්. ඒ වගේ ම, Dialog සහ Mobitel ස්ටෝල්ස් එහෙමත් දැකගන්න පුළුවන්. 

හයවැනි තට්ටුව 

හයවැනි තට්ටුවේ වැඩි ඉඩකඩක් දීලා තියෙන්නේ PVR සිනෙමා එකට. ඒ හැරුණා ම, තවත් හයි-එන්ඩ් රෙස්ටෝරන්ට් තොගයක් මෙතැන තියෙනවා. British Pub, A Minute by TukTuk Colombo, TGIF, සහ Oriental Gourmet එයින් කීපයක්. ලස්සන විව් එකක් එක්ක කෑම වේලක් ගන්න කැමැති අයට කියාපු තැන. 

බේස්මන්ට් එක 

Colombo City Centre එකට ගිය කෙනෙක්ට Food Studio කියන්නේ නුහුරු නමක් නෙවෙයිනේ. ඉතින් ඒ Food Studio එකම මෙතැනත් දැකගන්න පුළුවන්. හැබැයි මේ Food Studio එක මේ ෆුඩ් කෝර්ට් එකේ එක කෑල්ලක් විතරයි. එයාලගේ රෙස්ටෝරන්ට් කලෙක්ෂන් එක හැරුණා ම, තව රෙස්ටෝරන්ට් තොගයක් ම මේ ෆුඩ් කෝර්ට් එකේ තියෙනවා. 

අපි හොඳටම දන්නා කියන Pizza Hut, Manhattan Fish Market, සහ KFC වගේ ෆ්‍රැන්චයිස් රෙස්ටෝරන්ට්, අලුතෙන්ම ලංකාවට එන WAFL වගේ රෙස්ටෝරන්ට්, සහ කොළඹ තියෙන සුප්‍රසිද්ධ රෙස්ටෝරන්ට් තොගයක බ්‍රාන්චස්වලින් මේ ෆුඩ් කෝර්ට් එක සමන්විතයි. 

ඒ නිසාම හැමෝගේ ම පර්ස් එකට හරි යන විදියේ කෑම ගන්න පුළුවන් ඔප්ෂන් ගොඩක් මෙතැන තියෙනවා. විවිධ රටවල විවිධ තාලෙට උයපු කෑමවල රස එකම වහලක් යටින් බලන්න ලැබෙන එකත් හොඳ අත්දැකීමක්. 

Rancrisp Cashews, Gourmet Lanka, Miniso අවුට්ලට් වගේ ම ලොකු කීල්ස් එකකුත් මේ Food Studio එකේ අන්තර්ගතයි.

ඊයේ හවස් වරුවේ මේ පැත්තේ කැරකුණ අපි දැකපු අහපු දේවල් ටිකක් තමයි මේ විදියට අපි ඔයාලට කිව්වේ. කොහොමින් කොහොම වුණත්, One Galle Face කියන්නේ ලංකාවේ ෂොපින් මෝල් අත්දැකීම වෙනස්ම විදියට අත්විඳින්න අවස්ථාව ලබාදෙන තැනක් බවයි අපේ අදහස. මොකද  කෑම බීම, ෂොපින් සහ රසාස්වාදය කියන දේවල් තුන ම හරි අපූරුවට සංයෝග කරන්න එයාල සමත් වෙලා තියෙනවනේ. ඒ හින්දමදෝ කොහේදෝ අපේ ජනාධිපතිතුමාටත් මේක විවෘත කරන්න ඉස්පාසුවක් නැති වුණානේ. 

කොහොම වුණත් ඔය කෑම බීම පැත්ත තව හොඳට අත්විඳින්න අපේ කට්ටිය මේ දවස්වල සැදී පැහැදිලා තමයි ඉන්නේ. ඒවායේ විස්තරත් ඉස්සරහට කියන්නම්කො. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

Yamu Guide.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide