කොළඹ අවටින් මීට් ප්ලැටර්ස් ගන්න තැන්….

ග්‍රිල් කරල, ස්මෝක් කරල, සෝස් තවරල, ලුණු ගම්මිරිස් ඉහල… මේ කොයි විදිහට වුණත් වැඩ දාපු මස් පුරවපු දීසියක් කියන්නෙ ටිකක් යහමින් කන-බොන අයගෙ දිව්‍යලෝකෙ! එක එක විදිහට හදපු මස් කන්න දොළදුක් ආපු වෙලාවට වගේම යාළුවො එක්ක සෙට් වුණාම බයිට් එකටත් නියමෙටම ගැළපෙන්නේ මීට් ප්ලැටර් එකක් තමයි. මේ කියන්න යන්නෙ කොළඹ අවටින් ඒ වගේ මීට් ප්ලැටර්ස් ගන්න හොඳ තැන් කීපයක් ගැන.

Playtrix Sports Bar and Cafe

රේස්කෝස් එකේ තිබ්බ මෙයාලගෙ පරණ තැන වැහුවට පස්සෙ, ඔන්න ඒගොල්ලො ආයෙත් අලුත් තැනකින් වැඩ පටන් අරං. දැන් මෙයාල ඉන්නෙ කලම්බු සිටි සෙන්ටර් එකේ. මෙතන මික්ස්ඩ් ග්‍රිල් එක රු. 2800යි. ගණන් වැඩියි වගේ පෙනුණට ඒක බේකන් ස්ට්‍රිප් දෙකක්, චිකන් ෆිලට් දෙකක්, බිත්තර දෙකක්, චිකන් සොසේජ් එකක්, පෝක් සොසේජ් එකක්, බීෆ් ෆිලට් එකක්, පෝක් ටෙන්ඩර්ලොයින් එකක්, ඉරිඟු සහ සයිඩ් සැලඩ් එකක් වගේ ජාති ගොඩකින් සමන්විත නිසා ඒ ගාණට හොඳටම වටිනවා. මේ ඔක්කොම එක්ක එයාලම හදපු මස්ටර්ඩ් සෝස් වගේම, රටඉඳි, වියළි මිදි, වියළි ඇපල් පාවිච්චියෙන් හදපු සෝස් එකකුත් එනව නෙ. ඉතිං තව මොන කතා ද!

M'eat US

මෙතන චිකන්, බීෆ්, පෝක් වගේ මස් වර්ග බාබකිව් දාන්නම වෙන් වුණ තැනක්. ඒගොල්ලන්ගෙ අවුට්ලට්ස් දෙකක් තියනවා. එකක් පැලවත්තෙ. අනික් එක කොළඹ ෆ්ලවර් රෝඩ් එකේ. හොඳ බාබකිව් අත්දැකීම් ලබපු තැන් විදිහට මේ දෙතැනම අපිට මතක තියනවා. රු. 2950ක් වෙන එයාලගෙ රිබ්ස් ප්ලැටර් එකේ ලොකුම ලොකු පෝක් කොටසක්, සම්පූර්ණ චිකන් ලෙග්ස් දෙකක්, සොසේජස් දෙකක් එක්ක පොටේටෝ සැලඩ් එකක් තියනවා. මේ ප්ලැටර් එක දෙතුන් දෙනෙකුටම ලේසියෙන් බෙදාහදාගන්න පුළුවන්. ඔයාලගෙ කට්ටිය ඊට වඩා වැඩියි නං මෙතන ඊට වඩා ලොකු රු. 5500ක ප්ලැටර් එකකුත් තියනවා.

Peri Peri Kukula

පෘතුගීසි ස්ටයිල් ෆ්ලේම් – ග්‍රිල්ඩ් චිකන්වලට සුප්‍රසිද්ධ මෙතන චිකන් සර්ව් කරන්නෙ සැරම සැර පෙරි පෙරි සෝස් එකකුත් එක්ක. ඕන නං සෝස් එක ‘එක්ස්ට්‍රා හොට්’ කරල කඳුළු එන තරං සැරට ඉල්ලගන්නත් පුළුවන්. මෙයාලගෙ චිකන් නියම ක්‍රිස්පි ගතියෙන් අනූනයි. සම්පූර්ණ චිකන් එකක් සහ අපි කැමති සයිඩ් එකකින් ලාජ් පෝෂන්ස් දෙකක් එක්ක එන කුකුළා ෆැමිලි ප්ලැටර් එක (රු. 3200) තුන්හතර දෙනෙකුට හොඳටම ඇති. සයිඩ්ස් විදිහට ගාලික් බ්‍රෙඩ්, ඉරිඟු, පෙරි පෙරි චිප්ස්, පෙරි පෙරි බාස්මතී රයිස්, ස්වීට් පොටේටෝ චිප්ස් වගේ දේවල් ගන්න පුළුවන්.

Casserole Restaurant

ගල්කිස්ස පැත්තෙ තියන හොඳම ෆැමිලි ස්ටයිල් රෙස්ටොරන්ට් එක විදිහට වුණත් නම් කරන්න පුළුවන් මේ රෙස්ටොරන්ට් එකේ, එක එක මස් ජාති සහිත ලොකුම ලොකු මීට් ප්ලැටර් එකක් තියනවා. බේකන් ස්ට්‍රිප් පහක්, පෝක් චොප්ස් තුනක්, චිකන් ෆිලට් දෙකක්, මිනි බීෆ් ස්ටේක් දෙකක්, ලෑම්බ් ෆිලට් දෙකක්, ජම්බො චිකන් සොසේජ් එකක්, බැදපු බිත්තරයක්, රෝස්ට් කරපු තක්කාලි, අන්නාසි කෑලි දෙකක් එක්ක එන රු. 1950ක් වෙන මේ ප්ලැටර් එකට සයිඩ්ස් විදිහට ස්ටීම් කරපු එළවළු සහ මෑෂ්ඩ් පොටේටෝ ගන්න පුළුවන්. මේක ඉවර කරන්න නං හොඳ බඩගිනිකාරයො තුන්දෙනෙක්වත් ඕනි.

Daddy's Smokehouse

මේ වැඩේට අලුතෙන්ම එකතු වුණ තැනක් තමයි මේ. මීට් ප්ලැටර්ස් විතරක් නෙමෙයි, මෙයාලගෙ කොත්තු, බර්ගර්ස්, පැස්ටා, ආප්ප එහෙමත් මරු. සෙට් කරපු මීට් ප්ලැටර්ස් මෙයාල ළඟ නෑ. අපි කැමති විදිහට ප්ලැටර් එක කස්ටමයිස් කරල ඉල්ලගන්න පුළුවන් වීම මෙතන විශේෂත්වයක්.

Al-Maas

මේ සම්බන්ධයෙන් අවුරුදු ගාණක පළපුරුද්දක් තියන තැනක් තමයි අල්-මාස් එක. රු. 2000ට අඩුවෙන් මික්ස්ඩ් ග්‍රිල් එකක් ගන්නව නං මේක හොඳම තැනක්. දෙවිදිහකට හදපු චිකන් එක්ක බීෆ්, බිත්තර, මාළු, ඉස්සො සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මේකේ අඩංගු වෙනවා.

Smokestacks

නමේ හැටියටම මෙතන තියෙන්නෙ ස්මෝක් කරපු මස් ජාති. රු. 2700ක් වෙන මෙයාලගෙ ස්මෝක්ඩ් ප්ලැටර් එකේ ලෑම්බ් ඇර අනික් සියලුම මස් ජාති තියනවා. ඒ ඔක්කොම නියම පදමට රෝස පාට වෙනකන් ස්මෝක් කරලා ලුණු ගම්මිරිස්වල දවටලා. මේවත් එක්ක සයිඩ් සැලඩ් එකක් සහ ගාලික් බ්‍රෙඩ් එහෙමත් හම්බෙන නිසා තුන්දෙනෙකුට මදි නොකියන්න කන්න පුළුවන්.

Masma EAT BBQ

මේ කොළඹ බාබකිව් තැන් අතරට අලුතෙන් එකතු වුණ තැනක්. රු. 3450ක් වෙන මෙයාලගෙ එක්ස්ට්‍රා ලාජ් ස්පෙෂල් ප්ලැටර් එකට එක්ස්ට්‍රා ලාජ් පෝක් රිබ් එකක්, ග්‍රිල් කරපු පෝක් චොප්ස් දෙකක්, ග්‍රිල්ඩ් චිකන් කෑලි තුනක් සහ කොච්චි සොසේජස් තුනක් ඇතුළත්. ඔයාලගෙ සෙට් එක හතර දෙනෙක්ගෙන් සමන්විතයි නං මේක තමයි හොඳම තේරීම.

Cajun On Wheels

සීෆුඩ්වලට ආස අයට මෙතන තමයි තැන. මිල අතින් ටිකක් වැඩි වුණත් කොලිටි අතින් ඉතාම ඉහළ නිසා සාධාරණයි කියන්න පුළුවන්. එක එක ජාති ඩීප් ෆ්‍රයි කරල තියන විදිහ එහෙම සුපිරියි. මෙතනින් රු. 5000කට අඩුවෙන් දෙන්නෙකුට හොඳහැටි බඩ පුරවගන්න පුළුවන්.

Tea Lounge (Cinnamon Grand)

සිනමන් ග්‍රෑන්ඩ් එකේ තියන ටී ලෝන්ජ් එකේ ඇසෝටඩ් හැම් ප්ලැටර් එක තමයි රු. 500කට කාටහරි ගන්න පුළුවන් වෙන හොඳම දේ! පස් ආකාරයකට හදපු හැම්, ක්‍රම හතරකට හදපු පිකල්ඩ් එළවළු, රායි බ්‍රෙඩ් රෝල්ස් දෙකක් එක්ක ටාටා සෝස් මේකේ අන්තර්ගතයි. ගොඩක් දේවල් නැතත්, ගෙවන ගාණට හොඳටම වටිනවා කිව්වොත් හරි.

Chopsticks

ලංකාවෙ ගතියත් එක්ක හදන චයිනීස්වලට ප්‍රසිද්ධ චොප්ස්ටික්ස් රෙස්ටොරන්ට් එක බටහිර ක්‍රමයේ ඩිෂස් කීපයක්ම හඳුන්වල දීල තියනවා. කෑලි කපපු ග්‍රිල්ඩ් බීෆ්, පෝක්, චිකන් එක්ක පෙපර් සෝස්, ග්‍රිල් කරපු අල සහ ස්ටීම් කරපු එළවළු පුරවල එන මිනි ස්ටේක් මෙඩ්ලි එක තමයි මෙතන තියන ප්ලැටර් එක. ප්‍රමාණයෙන් ටිකක් පොඩියි වගේම ලොකු විශේෂත්වයක් නැතත් රු. 1300කට ගන්න පුළුවන් වීම සාක්කුවට නං හොඳයි.

The Keg (Excel World)

චිකන්, බීෆ්, පෝක් කෑලි දෙක බැගින් (ඔක්කොම හයක්), ග්‍රිල්ඩ් එළවළු, අන්නාසි, බුල්ස්අයි බිත්තරයක්, අපේ කැමැත්ත පරිදි හදපු අල… මේ ජාති අඩංගු වෙන කෙග් එකේ රු. 1100ක මික්ස්ඩ් ග්‍රිල් ප්ලැටර් එක පංකාදු පහයි. කොක්ටේල් එකක් එක්කම ගත්ත නං තවත් මරු.

The Manhattan Fish Market

සීෆුඩ් ප්ලැටර්ස්වලට කියාපු තැනක්. අපි ගත්ත ස්මෝල් ග්‍රිල් එකේ (රු. 1790) කැලමාරි, ටයිගර් ප්‍රෝන්ස්, පදමට ග්‍රිල් කරපු ඩෝරි ෆිලට් එක්ක ගාලික් රයිස්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ස්ටීම් කරපු එළවළු සහ හොට් සෝස් ඇතුළත් වෙලා තිබුණා. මේක යහමින් දෙන්නෙකුට විතර බෙදාගන්න පුළුවන්.

Bavarian German Restaurant

ජර්මන් කෑම කන්න කොළඹ තියන හොඳම තැන විදිහට කාලෙක ඉඳන්ම ප්‍රකට මේ රෙස්ටොරන්ට් එකේ මස් වර්ගවලට විශේෂ තැනක් හම්බෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේගොල්ලො ගාව මීට් ප්ලැටර්ස් තුනක් තියනවා. පළවෙනි එක මික්ස්ඩ් සොසේජ් ප්ලැටර් විත් රෙඩ් කැබේජ් ඇන්ඩ් පොටේටෝ සැලඩ් (රු. 1850). දෙවැනි එක ද බාවේරියන් ප්ලැටර් (රු. 4950). මේකේ පෝක්, බීෆ් ස්ටේක්, රෝස්ට් චිකන්, ලෑම්බ් චොප්ස්, සොසේජස්, බේකන් සහ ෆ්‍රයිස් අඩංගුයි. ඊළඟ එක තමයි සීෆුඩ් ප්ලැටර් එක (රු. 3200). මේකේ ග්‍රිල් කරපු ඉස්සො, පොකිරිස්සො, ක්‍රිස්පි කැලමාරි, බේක් කරපු කකුළුවො, මාළු ෆිලට්, ග්‍රිල් කරපු එළවළු, මෑෂ්ඩ් පොටේටෝ, ගාලික් බටර්, ටාටා සෝස් කියන ජාති ඇතුළත් වෙනවා.

Grand Solis

කාලාන්තරයක් තිස්සෙ පවතින නම ගිය හොටෙල් එකක් වෙන සෝලිස් එකේ මික්ස්ඩ් ග්‍රිල් එක අපි ගෙවන ගාණට හොඳටම වටිනවා. වයිට් ෆිෂ් ෆිලට් පහළොවක්, ෆ්‍රයිඩ් චිකන් කොටස් තුනක්, ජම්බො චිකන් සොසේජස් තුනක්, බැටර්-ෆ්‍රයිඩ් ඉස්සො, දැල්ලො එක්ක මිදි, ඇපල් පෙති එහෙමත් මේකේ තියනවා. හිතාගන්න පුළුවන් නෙ ඉතිං!

The Floor by O!

මෙයාලගෙ මික්ස්ඩ් ග්‍රිල් ප්ලැටර් එක රු. 1390යි. ග්‍රිල් කරපු පෝක් ලෙග් එකක්, දැල්ලො, බැදපු බිත්තරයක්, චිකන් කොච්චි සොසේජස්, චිකන්, මාළු, ඉස්සො, තක්කාලි, බාබකිව් සෝස් මේ ප්ලැටර් එකේ තියනවා. දෙන්නෙකුගේ බඩගිනි නිවන්න මේක සෑහෙනවා.

Sam's Barbecue

රු. 1975ක් වෙන මෙතන මික්ස්ඩ් ග්‍රිල් ප්ලැටර් එක බීෆ්, චිකන්, සොසේජස්වලින් සමන්විතයි. දෙන්නෙකුට හොඳට ඇති වෙන්න බෙදාහදාගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, තැනත් ලස්සන නිසා මෙතනින් අපිට සෑහෙන හොඳ අත්දැකීමක් විඳගන්න ලැබුණා කිව්වොත් නිවැරදියි. මේක හලාල් බාබකිව් ප්ලේස් එකක් කියලත් මතක් කරන්න ඕනෙ.

Smokies Barbecue

බාබකිව් ගන්නම මොරටුව පැත්තට යන එක අපරාදයක් කියල කාටහරි හිතෙන්න පුළුවන්. හැබැයි මෙයාලගෙ කෑමවල කොලිටිය සලකල බැලුවම නං ඒ මහන්සිය අපතෙ යන්නෙ නෑ කියල සහතික වෙන්න පුළුවන්. මේක ටේක්අවේවලට ප්‍රසිද්ධ තැනක් වුණත්, එතනම ඉඳගෙන කන්න ඕන නං එයාල බොහොම කැමැත්තෙන් ඒ පහසුකම සලසලා දෙනවා. ඕපන් කිචන් එකක් තියන නිසා අපේ කෑම හැදෙන හැටි අපිටම බලාගතහැකි. බැදපු බිත්තර තුනක්, චිකන් ලෙග් එකක්, බීෆ් පෙති, පෝක්, ලිංගුස්, ෆ්‍රයිස් සහ එළවළු කියන ජාති සහිත මික්ස්ඩ් ග්‍රිල් එක රු. 1700ක් විතරයි.

Grill House

මාලබේ ග්‍රිල් හවුස් එකේ ජූනියර් ප්ලැටර් එක රු. 2950යි. ජූනියර් කිව්වට මේක පොඩි නං නෑ. නියම පදම එනකන් ග්‍රිල් කරපු මස් වර්ග ගොඩකින් ප්ලැටර් එක පිරිලා. මාලබේ පැත්තෙ තිබුණ බාබකිව් ප්ලේස් එකක අඩුව ග්‍රිල් හවුස් එක පුරවනවා.

මීට අමතරව:

හයිලෙවල් පාර ගැන කතා කළොත්, ඒ අවටින් අපිට මෙතෙක් හම්බුණ හොඳම මීට් ප්ලැටර් එක තමයි පැනරෝමා රෙස්ටොරන්ට් එකේ මික්ස්ඩ් ග්‍රිල් එක. රු. 1500කට ග්‍රිල්ඩ් සොසේජස්, පෝක්, බීෆ්, කකුළුවො, ඉස්සො, දැල්ලො, සම්පූර්ණ මාළුවෙක්, සුදු ලූණු, අන්නාසි, බුල්ස්අයි, ස්ටීම් කරපු එළවළු (අල, කැරට්, බෝංචි, ගෝවා) කියන මේ ඔක්කොම ජාති හම්බෙනවා! මේක ඕගොල්ලන්ට අතේ තියන ගාණට හරි යන්න හම්බෙන හොඳම ප්ලැටර් එක වෙන්න පුළුවන්…

මීට් ප්ලැටර්ස් ගැන කතා කරද්දි තලවතුගොඩ පෝඩියම් රෙස්ටොරන්ට් එකත් මතක් කරන්න ඕන. ග්‍රිල්ඩ් පෝක් චොප්ස් දෙකක්, චිකන්, මාළු ෆිලට්, ජම්බො සොසේජස්, බුල්ස්අයි, අන්නාසි සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝඩියම් එකේ මීට් ප්ලැටර් එකේ තියනවා. මිල රු. 1750යි.

මීට් ප්ලැටර් එකකට හොඳම තැන විදිහට ඕගොල්ලො තෝරගන්නෙ කොහෙද? කමෙන්ට් කරල අපිට කියන්න…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide