මේඩ් ඉන් චයිනා! මොකද්ද මේ කොරෝනා වෛරසය?.

චීනය. ලෝකෙ වැඩි ම ජනගහණයක් ඉන්න, තමන්ට ම විශේෂිත සංස්කෘතියක් තියන, ලෝකෙ ලොකු ම රට!

ඕන ම දෙයක් ‘මේඩ් ඉන් චයිනා’ නම් වැඩි කලක් පවතින්නෙ නෑ කියල හිතන්න නෙ අපි පුරුදු වෙලා ඉන්නෙ. හැබැයි මේ පාර චීනෙන් ඇවිත් තියන අලුත් ම මාතෘකාව නං ඒ කතාව බොරු කරන්න වගෙයි හදන්නෙ. මොකද ඒක මේ වෙද්දිත් වේගෙන් ලෝකෙ පුරාම පැතිරිලා.

කොරෝනා වෛරසය!

මේ දවස්වල හැමෝම බය වෙලා ඉන්න මාතෘකාව. මේ කතාව ඒකෙ අගමුල ගැන.

චීනයට තමන්ට ම ආවේණික සංස්කෘතියක් වගේ ම, චීනයට ම අනන්‍ය වුණ කැලැන්ඩරයකුත් තියනවා. චීන ලග්න ක්‍රමයට අනුව හැම අවුරුද්දකට ම විශේෂිත සතෙක් ඔවුන් නම් කරනවා. ඒ අනුව 2020 අවුරුද්ද නම් වෙන්නෙ මීයාගේ අවුරුද්ද විදිහට. චීන කැලැන්ඩරයට අනුව 2020 නව වසර උදා වෙන්නෙ ජනවාරි 25 වෙනිදා. සිංහල සහ දෙමළ සංස්කෘතීන්ට අනුව නව වසර උදා වෙන්නෙ අප්‍රේල් මාසෙ නේ. ඒ වගේ තමයි.

ඡායාරූප: dynaimage.cdn.cnn.com

ඉතිං මේ නව වසර උදාව ඔවුන් සමරන්නෙ ‘ස්ප්‍රිං ෆෙස්ටිවල්’ හෙවත් වසන්ත උත්සවය නමින්. අපි අලුත් අවුරුද්දට නිවාඩු අරං ගම්බිම්වල ගෙවල් දොරවල් බලා යන විදිහට ම චීන ජනතාවත් මේ අවුරුදු නිවාඩුවට තමන්ගෙ දරුමල්ලො, නෑදෑ හිතවතුන් එක්ක අවුරුදු සමරන්න ගමේ යනවා. පාරවල් දිගේ විශාල මකර රූප සහ රතු පාට සැරසිලි සහිත පෙරහැරවල් ඇදෙන විදිහ වගේ ම ගිනිකෙළි සංදර්ශන මේ කාලයට දැක බලාගන්න පුළුවන්.

ඡායාරූප: dynaimage.cdn.cnn.com

ඉතිං හදිස්සියේ ම අවාසනාවන්ත විදිහට අපේ මාතෘකාව, ඒ කියන්නෙ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරෙන්න පටන්ගත්තේ, චීනය මෙන්න මේ විදිහට උත්සව සිරියෙන් ඇළලී ගිහින් තියන අතරෙයි. වෛරසය නිසා මේ වෙද්දි උත්සව අසිරිය වෙනුවට නගර ගම්බිම්වල ඉන්න ජනතාව බයෙන් ඇළලී ගිහින්.

ඡායාරූප: dynaimage.cdn.cnn.com

චීනයේ යැංග්සේ ගංගාවට මායිම්ව පිහිටි වූහාන් ප්‍රාන්තයේ ජනගහණය මිලියන 11ක්. වූහාන් කියන්නෙ චීනයේ 7 වැනි විශාලතම නගරය වගේ ම ලෝකෙ 42 වැනි විශාලතම නගරය. කොරෝනා වෛරසය පළමු වරට පැන නඟින්නෙ චීන දේශීය වෙළෙඳපොළකින්. ඒත් එහි පැතිරීම පාලනය කරගන්න ලේසි නොවෙන්නෙ, ලෝකෙ ලොකු ම සමාගම් 500න් 230ක ම ආයෝජන වූහාන්වල පිහිටා තිබීම නිසා නගරය තුළටත් ඉන් පිටතටත් සිදු වන යෑම්ඊම් ඉතා බහුල වීම හින්දයි.

මොකද්ද මේ කොරෝනා වෛරසය?

කොරෝනා වෛරස් පවුලට අයත්, මේ දිනවල පැතිරෙන වෛරසය නිශ්චිතව නම් කරල තියෙන්නෙ 2019-nCoV නමින්.  මීට පෙර හමු වෙලා හෝ හඳුනාගෙන නැති මේ වෛරසයත් සැලකෙන්නේ, සෑම කොරෝනා වෛරසයක් ම මෙන් සතුන්ගෙන් බෝ වන්නට ඇති එකක් බවටයි. ඒත් හේතුවක් හරියට ම විනිශ්චය කරන්නට තාමත් හැකි වෙලා නෑ.

දැනට ලෝකය පුරා 3000ක පමණ පිරිසකට මෙය වැළඳී ඇති බව අනාවරණය වෙලා තියනවා වගේ ම, ඉන් වැඩි දෙනෙක් වාර්තා වෙන්නේ චීනයෙන්. මේ මොහොත වන විට රෝගය වැළඳීමෙන් මියගිය ගණන 80ක් දක්වා ඉහළ ගිහින්. ගිය ඉරිදා සිට සතුන් අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් කරන්නට චීන බලධාරීන් කටයුතු යොදල තියනවා.

රෝග ලක්ෂණ මොනවද?

කොරෝනා වෛරසය වැළඳුණු අයෙකුගේ මූලික රෝග ලක්ෂණ වෙන්නේ කැස්ස, උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා. මෙය නියුමෝනියාව දක්වා වර්ධනය විය හැකියි.

මේ තත්ත්වය දිගට ම පැවතුණොත්, වකුගඩු අක්‍රිය වෙන්නට සහ උග්‍ර ශ්වසන රෝග සින්ඩ්‍රෝමය හෙවත් සාස් (Sever Acute Respiratory Syndrome/ SARS) වැළඳෙන්නට ඉඩ තියනවා. ඉනුත් නොනැවතී මිනිසෙකු මරණයට පත් කරන්නට මේ වෛරසයට හැකියි. සුව වීම රඳා  පවතින්නෙ අපේ ප්‍රතිශක්තීකරණ හැකියාව මත. දැනට මරණයට පත් වූ අය දුර්වල ශරීර ශක්තියකින් හෙබි අය බව කියැවෙනවා.

පැතිරෙන්නේ කොහොමද?

මෙය මිනිසාගෙන් මිනිසාට බෝ විය හැකි බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම තහවුරු කරල තියනවා. පහුගිය සති කීපයේ මේ තත්ත්වය තුන් ගුණයකින් ඉහළ ගිය බවයි කියැවෙන්නේ.

තවත් ආසියානු රටවල් කීපයකට, යුරෝපයට සහ උතුරු ඇමරිකාවට මේ වන විටත් වෛරසය පැතිර ගොස් අවසන්.

බය වෙන්න ඕන කාරණය මේකයි.

වෛරසය වැළඳීමෙන් දින 14ක් ගෙවෙන තුරු රෝග ලක්ෂණ මතු වෙන්නෙ නෑ. ඒ නිසා තමන්ට වෛරසය වැළඳිලා කියල නොදන්න කෙනෙකුගෙන් ඒ කාලය තුළ අනික් අයට රෝගය බෝ වෙමින් තියෙන්න පුළුවන්.

ඉබෝලා සහ සාස් වැනි රෝග බෝ වෙන්නට පටන්ගන්නේ රෝග ලක්ෂණ මතු වීමෙන් අනතුරුවයි. ඒත් කොරෝනා වෛරසයේ ලක්ෂණ මතු වීමට පෙර රෝගය වැළඳී ඇති අය හඳුනාගැනීම අභියෝගයක්. රෝගය වැළඳුණු අය හඳුනාගෙන ඔවුන් අන්‍යයන්ගෙන් වෙන් කර තැබීම සහ ඔවුන් මුණගැසී හෝ හමු වී ඇති පුද්ගලයන්ට රෝගය බෝ වී ඇත්දැයි සොයා බැලීම බලධාරීන් විසින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය දෙයක්.

මේ පැතිරීම තවමත් ගෝලීය අවදානම් තත්ත්වයක් ලෙස නම් කරල නෑ. චීනයේ ගමනාගමන සීමා කිරීම් කෙටිකාලීනව තබා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට උපදෙස් දීල තියනවා.

ලංකාවට බලපාන්නේ කොහොමද?

චීන කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් පහුගිය දවසක අංගොඩ උණ රෝහලට ඇතුළත් කිරීමෙන් ලංකාවත් මේ වෛරසයට ගොදුරු වුණ බවට ආරංචි පැතිරිලා ගියා. හැබැයි ජාතික සෞඛ්‍ය පර්යේෂණ ආයතනයට ඔවුන්ගේ රුධිර සාම්පල යැවීමෙන් පස්සෙ ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නැති බව තහවුරු වුණා.

හැබැයි ඒ ප්‍රවෘත්තියේ සතුට වැඩි කල් පැවතුණේ නෑ. ලංකාවේ පළමු කොරෝනා වෛරස් රෝගියා හමු වූ බවට ඊයේ දවසේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා නිල වශයෙන් නිවේදනය කළා. රෝගියා සංචාරක කණ්ඩායමක් සමග ලංකාවට පැමිණි චීන ජාතික කාන්තාවක්. ඇය උණ රෝහලට ඇතුළත් කළ අතර ඇය නවාතැන් ගත් හෝටල්වල නවාතැන් ගත් අනෙක් පිරිස් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව මාධ්‍ය වාර්තා කළා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළක්වීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනවාරි 24  වැනිදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

වෛරසය සහිත පිරිස් රටට ඇතුළු නොවන බව තහවුරු කරගැනීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ සෞඛ්‍ය අංශයක් ස්ථාපනය කරල තියනවා. ඔවුන් විසින් විශේෂයෙන් චීන ජාතිකයන් ඇතුළු රටට පිවිසෙන පිරිස පරීක්ෂා කෙරෙන්නේ රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ද සෞඛ්‍යාරක්ෂාව සලසමින්. මෙම ස්ථානයේ අධෝරක්ත තාප ප්‍රතිරූපණ ස්කෑන් යන්ත්‍ර ඇතුළු අවශ්‍ය උපකරණ ස්ථාපනය කරල තියනවා.

අවදානම අවම කරගැනීමට අවශ්‍ය පෙර සූදානම ගැන අවබෝධයෙන් සිටින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව ජනාකීර්ණ තැන්වල මුඛ ආවරණ (Facemask) පළඳින ලෙස සහ ගැබිණි කාන්තාවන් සහ දරුවන් ජනාකීර්ණ තැන්වලින් ඈත් කර තබන ලෙස උපදෙස් සැපයෙනවා.

ඒ වගේ ම,

  • කහින විට ලේන්සුවක් පාවිච්චි කරන්න.

  • මුහුණ පිසදමන ටිෂූ නියමාකාරයෙන් බැහැර කරන්න.

  • නිතර අත් සෝදන්න, සැනිටයිසර් එකක් ළඟ තියාගන්න.

  • ඇල්කොහොල් බේස් වුණ අත් සෝදන ද්‍රවයක් හෝ සැනිටයිසර් එකක් පාවිච්චි කරන්න.

  • අමු සහ මඳ වශයෙන් පිසූ මස් ආහාරයට ගැනීමෙන් වළකින්න.

මීට අමතරව උණ සහ කැස්ස රෝගීන්ගෙන් ඈත්ව සිටීමටත්, හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ ඉහත රෝග ලක්ෂණ ඇති වුණොත් වහා ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් පසුබට වෙන්න එපා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීමට ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරුණා. ඒ වගේ ම, චීනයේ සිෂුවාන් පළාතේ චෙන්ඩු නුවර අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 150ක පමණ පිරිසක් ලංකාවට ගෙන්වා ගැනීමටත් ඔහු තීරණය කළා. චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳ වාර්තා ගෙන්වාගැනීමට සහ රෝගය වැළඳී නැති බව සනාථ කරගන්නා තෙක් ඔවුන් අන්‍යයන්ගෙන් වෙන් කර තැබීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රවිනාත් ආරියරත්න මහතා තහවුරු කළා.

ඉතින්, අවධානයෙන් යුතුව කොරෝනා පැතිරීම වළක්වා ගැනීමට ඔබේ සහයෝගය දෙන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide