බත් එකට බයිට් එකක්! රයිස් ඇන්ඩ් කරිවලට ටේස්ට් එකට හොඳම ජාති….

ලංකාවෙ අපිට හොඳ බත් මුලක් කියන්නෙ වෙන කිසි දේකට දෙවෙනි නොවෙන කෑමක්. ඔෆිස් එකක හරි, කැම්පස් එකක හරි, පන්තියක හරි, කොටින් ම ඉස්කෝලෙදි වුණත්, මසක් මාළුවක්, ඇඹුලක් සම්බෝලයක්, හොඳට කටට සැර හොද්දක් එක්ක ඔතපු සුවඳ හමන බත් මුලක් දිග ඇරියම වටපිටේ ඉන්න ඔක්කොම ඒ පැත්තට ඇදෙන විදිහ අපි කවුරු කවුරුත් දැකල තියනව නෙ. මේ රයිස් ඇන්ඩ් කරි ලව් එක කොච්චර ද කියනව නං අපි වෙන ම ලිපියකුත් ලියල තියනව, දැක්ක ගමන් හිත වැටෙන බත් පිඟන් ගැන. ඒකත් කියවල බලන්නකො.

කොහොම හරි අපි දැන් කියන්න යන්නෙ හොඳ බත් එකක් දෙගුණයක් රස කරවන, අපි කැමති ම බයිට් ජාති මොනවද කියලයි. ඔය ‘ටේස්ට් එකට මුකුත් නැද්ද?’ කියල කට්ටිය අහන්නෙ බත් එකට මදි පාඩුවට හපන්න මුකුත් නැති වුණාම. ඉතිං එහෙම වෙලාවට මේ ජාතිවලින් එකක් ට්‍රයි කරල බලන්න…

පපඩම්

බත් පිඟානක් සම්පූර්ණ වෙන්න නං පපඩමක් දෙකක් තියෙන්න ම ඕන! නිකං පපඩම් වුණත් මල් පපඩම් වුණත් වෙනසක් නෑ, පපඩම් බදින සුවඳ එනකොට කාට කාටත් කුස්සිය පැත්තෙ යැවෙනවමයි. ලුණු ගතියයි කරස් ගාල හැපෙන ගතියයි නිසා කෑම කනකොට ලොකු පොඩි වෙනසක් නැතුව ඕන කෙනෙක් පපඩම්වලට පොර කනවා. ඉතිං වැඩි දෙනෙකුගෙ මනාපෙන් පපඩම් තමයි බත් එකට හරි යන ටේස්ට් ජාති අතරින් උඩින් ම තියෙන්නෙ.

ක්‍රීම් ක්‍රැකර්

වැඩි දෙනෙක් දන්නවද මන්දා, හැබැයි අපිට නං පපඩම්වලට විකල්පයක් ක්‍රීම් ක්‍රැකර්. පපඩම් වගේ ම කරස් ගාල හැපෙන නිසා, බත් එකේ මදි පාඩුවක් තිබ්බොත් ඒක මැකෙන්න ක්‍රීම් ක්‍රැකර් හොඳට ම ප්‍රමාණවත්.

බැදපු මාළු / කරවල

බයිට් ගැන කතා කරද්දි, නියම ප්‍රමාණෙට ලුණු එහෙම දාපු, බැදපු මාළු කෑල්ලක්, කරවල කෑල්ලක් අමතක කරන්න බෑ. බොන තැන්වලට විතරක් නෙමෙයි, බත් මුලකට වුණත් මේක පංකාදු කටගැස්මක්. කරවල නැත්තං හාල්මැස්සෝ, පොඩි මාළු බැදලා වුණත් මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්.

මුරුක්කු

සුමුදුවට උයපු බත් එකක්, චිකන් කරියක්, අල හොද්දක්, පිපිඤ්ඤා සලාදයක් එක්ක කර කර ගාල හැපෙන මුරුක්කු ටිකක් කලවම් වුණාම කොහොමද බත් කටක රස? මුරුක්කු හෙවත් මික්ස්චර්වල විශේෂත්වය සහ පහසුව වෙන්නෙ ගෙදර හදන්න මහන්සි නොවී කඩෙන් ගන්න පුළුවන් වීම. හැබැයි ඩේවිඩ් ග්‍රෑම් ස්ටෝර්ස්, අමල් ග්‍රෑම් ස්ටෝර්ස් වගේ හොඳ තැනකින් ගන්නත් අමතක කරන්න එපා. මුරුක්කුවල නියම රහ විඳගන්න පුළුවන් වෙන්නෙ ෆ්‍රෙෂ් ගතියට තිබුණොත් විතරයි.

අච්චාරු

මැලේ අච්චාරු, පොළොස් අච්චාරු, රුහුණු අච්චාරු… මේ ඕන වර්ගයක් බත් පංගුවක රස වැඩි කරන්න කියාපු ජාති. අච්චාරුවල ලූනු, අබ, විනාකිරි, එළවළු සංයෝගෙන් බත් එකට එකතු වෙන්නෙ කියල නිම කරන්න බැරි ටේස්ට් එකක්. ‘හෝමී පිකල්’ කියන්නෙ හොඳ අච්චාරු ලබාගන්න පුළුවන් තැනක්. මේවා හැම තැනින් ම ගන්න පුළුවන් නිසා හොයාගන්න අමාරු නෑ.

බැදපු සුදු ලූනු / කරපිංචා

ගෙදර ඉන්න වෙලාවක නං ලේසියෙන් ම හදාගන්න පුළුවන් බයිට් එකක් මේ. සුදු ලූනු ටිකක්, කරපිංචා කොළ කීපයක් බැදලා ලුණු ගම්මිරිස් ටිකක් ඉහලා බත් එකට එකතු කරගත්තාම අමුතු වියදමක් නැතුව ම බත් එක රස කරගන්න පුළුවන්. 

මීකිරි

බත් එක්ක මීකිරි කන එක හුඟ දෙනෙකුට අමුතු අත්දැකීමක් වෙන්න ඉඩ තියනව වුණත්, දකුණු පළාතෙ අයට නං මේක අමුත්තක් නෙමෙයි. මීට කලින් බත් එක්ක මීකිරි කාල නැති අයටත් ට්‍රයි කරල බලන්න කියල යෝජනාවක් කරන්න අපි කැමතියි. මොකද රතු බත්, මාළු ඇඹුල් තියල්, කරීස් කීපයක් එක්ක මීකිරි කියන්නේ, දකුණෙ ජීවත් වුණු පැරැන්නො නං සෑහෙන රස කරපු කෑමක් ලු.

වඩේ

පපඩම් නැති වෙලාවකට මරු බයිට් එකක් තමයි පරිප්පු වඩේ. ඔෆිස් එකේ ඉන්න වෙලාවට වගේ නං ළඟ ම තියන වඩේ කරත්තෙකින් රු. 5ට 10ට ගන්නත් පුළුවන් නේ. උළුඳු වඩේ වුණත් බත් එක්ක නරක ම නෑ. වඩේ ගැන කතා කරද්දි ගෝල්ෆේස් එකේ ඉස්සො වඩෙත් මතක් නොකර ම බෑ.

ලූනු සහ මිරිස් / කොච්චි

බත් එකේ ජාති මදි කියල හිතෙන දවසට ලූනු කෑලි ටිකක්, අමුමිරිස් කරලක් දෙකක් එකතු කරගෙන බලන්නකො. කොච්චි වුණත් නරක නෑ, සැර ඉවසන්න පුළුවන් නං!

බැදපු වියළි මිරිස් / මෝර මිරිස්

කඩේකින් බත් එකක් ගන්නකොට නොවරදින ජෝඩුවක් පපඩම් සහ බැදපු මිරිස්. ලුණු එහෙම යහමින් ඉහපු, එක බැදපු මිරිස් කරලකට පුළුවන් මුළු බත් එකේ ම රස වෙනස් කරන්න. හායිහූයි ගාල ගිල දාන්නයි තියෙන්නෙ.

ලුණු දෙහි

ලුණු දෙහි ගැන නං ආයෙ අමුතුවෙන් කියන්නෙ මොකටද, සින්දුත් ලියවිලා තියෙන්නෙ. මේව ගෙදර හදල බෝතලේක දාල තියාගන්න හුඟක් අය පුරුදු වෙලා ඉන්නෙ, බත් පංගුවෙ මදි පාඩුවක් තිබුණොත් ප්‍රයෝජනේට ගන්නමයි. කාලයක් තියාගන්නත් පුළුවන් නිසා සෑහෙන ලේසියි.

චට්නි

ඕන නං ටිකක් මහන්සි වෙලා ගෙදර ම හදන්නත් පුළුවන්, නැත්තං ලේසියෙන් ම තමන් කැමති රසින් කඩෙන් ගන්නත් පුළුවන් රස ම රස කටගැස්මක් චට්නි. කඩෙන් ගන්නව නං ‘ද චට්නි කඩේ’ වගේ හොඳ තැනකින් ගන්න අමතක කරන්න එපා.

සම්බෝල

පොල් සම්බෝල, ලූනු සම්බෝල, තක්කාලි සම්බෝල, පතෝල සම්බෝල, කරවිල සම්බෝල… මේ කොයිවත් බත් පිඟානකට එකතු කරන්නෙ අමුතු ලස්සනක්. ඒ වගේමයි ඉතිං රසත්. එකින් එකට වෙනස් සම්බෝල ජාති ඕන තරම් හදන්න පුළුවන් නිසා, එක එක දවසට මාරුවෙන් මාරුවට එක එක සම්බෝල රස බත්වලට එකතු කරගන්න අමතක කරන්න එපා.

අපිට අමතක වුණ බයිට් ජාති මොනාහරි ඕගොල්ලන්ට මතක් වෙනවද? එහෙනං කමෙන්ට්ස්වලින් අපිට කියන්න…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide