චොක්ලට් වෑහෙන.. රසම බ්‍රවුනි හිතේ හැටියට රස බලන්න කියාපු තැන් 6ක්.

ආස නෑ කියන්න?

කවුරුත් නෑ යාළු..

ඒ නිසාමයි මේ ලැයිස්තුවත්..

අපි වගේම චොක්ලට් වලට පෙම්බැඳි ඔයාලටත්!

හිතේ හැටියට, අතේ ඇති ගාණට..

රසම බ්‍රවුනි වලින් රස නහර පිනා යන්න,

බ්‍රවුනිම කවන්න ලෑස්ති කරන්නෙ.

1. Smokey’s Cafe

ගල්කිස්ස කොලේජ් ඇවිනියු එකේ තියෙන හරි ලස්සන ප්ලේස් එකක්. ඒ වගේම තමයි මෙයාලා ලඟ තියෙන බ්‍රවුනි එකත්.. හරිම ලස්සනයි වගේම සුපිරිම චොක්ලට් රසයි. බාග වෙලාවට තදම චොක්ලට් රසට අකමැති කෙනෙක්ට නම් හිතෙන්නත් පුලුවන් මේකෙ ඒ හැටි ගතියක් නෑ කියලත්. ඒත්.. මට නම්, පංකාදුම බ්‍රවුනි එකක් තමයි. අනික ගාණෙ හැටියට සෑහෙන්න වටිනවත් එක්කනෙ.

2. Chocolate Works

ගෙන්නගෙන කන්න තියෙන්නෙ. මොකද මෙයාලා මේවා හදන්නෙ ගෙදරනෙ. ඉතින්.. දවසක් දෙකක් තියල ඕඩරේ දැම්ම නම් අතටම ලැබේවි. අනිත් කාරණය තමයි, මතක තියාගන්න මෙයාලගෙ බ්‍රවුනි විතරක් නෙවෙයි බිස්කට් පුඩින්, කේක් වගේ දේවලුත් තියෙනව.

කොහොමහරී.. තරමක් ලොකු කෝප්පයක් පිරෙන්න එන මේ බ්‍රවුනී.. චොක්ලට් වලිනුත් අනූනයි. ඊටත් චොක්ලට් චිප්ස් එහෙමත් ඒකට දාලනෙ. කන්න කන්න ආස හිතෙන ගානට සොෆ්ට් ගතියත් තියෙන නිසා.. ඇත්තටම දෙකක් තුනක් වුනත්, කන්න පුලුවන් තනියමත්, ඕ…

3. Coffee & Company

කොල්ලුපිටිය පැරඩයිස් පාරෙ තියෙන සුපිරිම කැෆේ එකක්. එහෙම කිව්වාම ඉතින් ඒකෙ තියෙන්නෙ මොනවද කියල ආයෙ කියන්න ඕන නෑනෙ..

එක එක ජාතියෙන්, එක එක විදියට, එක එක කෝපි හිතේ හැටියට!

රස බලන ගමන්.. ස්නැක් ඩෙසට් එකකට වගේ.. චොක්ලට් රසෙන් අනූන බ්‍රවුනි කෑල්ලක්?

නරකද ලංකර ගත්තොත්? මොකද.. ඒකෙ ගාණත් ෂේප්. රසත්.. ටොපේ ටොප්.

4. Bakes by Bella

කොල්ලුපිටිය ජයවර්ධන පාරෙ තියෙන මේ තැනත් හරි ලස්සන කැෆේ එකක් තමයි. හැබැයි.. මෙයාලා ලඟ කෑම තොගයක් තියෙනව. විශේෂයෙන්ම ඉටලියන් කෑම, වෙස්ටන් කෑම වගේ. එතකොට.. ඒවා කාලා, කන්න ඩෙසට් අනං මනං එහෙමත් තොගයක් තියෙන එකනෙ වැඩේ. ඒ අතරිනුත් වැඩි හරියක්ම නැගල යන්නෙ චොක්ලට් ඩෙසට් ටික තමයි.

එහෙම කිව්වට.. බ්‍රවුනිත් ඒ අතරෙ උඩින්ම. ඇත්තටම ඩාර්ක්ම නැති චොක්ලට් පාවිච්චි කරල හදපු, තරමක් මෘදු බ්‍රවුනි එකක් නිසා, කාගෙ කාගෙත් ඒකට ඉල්ලුම වැඩියි.

5. September

මේකත් ගෙන්නගෙන කන්න තියෙන්නෙ. කලින් ඕඩරේ දාන්න ඕන ඒ නිසා. කොහොම වුනත් වැඩේ තියෙන්නෙ මෙයාලා ලඟ තියෙන බ්‍රවුනි ජාති ටිකනෙ. ජේඩි දාපුව, බෙරි වර්ග දාපුව, ඩාර්ක් චොක්ලට්.. කියල වැඩක් නෑ සුපිරිම ඉතින් ඈ. ඒකත් චොක්ලට් රසෙන් අනූන, මෘදු ගතියත් හොඳ හැටි තියෙන.. ගාණත් හරිම සාධාරණ.. වැඩියමත්.. ඔය පුංචි පාටියකට වගේ ඕඩර් කරන්න!

කියාපුම..

6. Badagini Station

බඩ පිරෙන්න බ්‍රවුනි කන්න..

මෙතනින් ගෙන්න ගන්න. මොකද මෙයාලගෙ බ්‍රවුනි ග්‍රෑම් 100ක්ම රු. 500ට අඩුවෙන් යන්නෙ. ඒකත් ජාති කීයකින් කියලද.

කෙහොමහරී.. රසම ඒවා අතරිනුත් නැගලම යන ඒව තමයි මෙයාලගෙ ටොබ්ලරෝන් බ්‍රවුනි, ඕරිඕ බ්‍රවුනි, කජු දාපු ෆජ් බ්‍රවුනි, නටෙලා බ්‍රවුනි වගේ.

ඒවයෙත් රසවල් නම්..

එක්කො ඕන නෑ.. වගකීමෙන් කියන්නෙ, ගෙන්නගෙන කාලම බලන්නකො.

ඒ හැරුනාම ඉතින් තව තව ඔයාලා දන්න තැන් තියෙනව නම් ඒවත් හෙමින් සැරේ කමෙන්ට් කරගෙන යන්න හොඳේ..!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide