කොරෝනා ගැන පැතිරෙන වැරදි වැටහීම් 10ක්...

කොරෝනා වෛරසය හෙවත් COVID-19 ගැන මේ දවස්වල එක එක අය එක එක විදිහෙ කතා පතුරවනවා. මේ කටකතා කොරෝනාවලටත් වඩා භයානකයි. මේවා වැඩිපුර ම පැතිරෙන්නෙ සමාජ මාධ්‍ය ඔස්සේ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කිසි ම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව දකින දකින දේවල් ෂෙයාර් කරලා බෙදාගන්න අය නිසා තමයි මේ කටකතා, කොරෝනාවලටත් වඩා ලොකු වසංගතයක් බවට පත් වෙලා තියෙන්නේ.

මේ වෙලාව අපි හැමෝම වගකීමෙන්, සූදානමින් වැඩ කරන්න ඕන මොහොතක්. ඒකට නිවැරදි තොරතුරුවලින් දැනුවත් වීමත් අත්‍යවශ්‍යයි. අපිට තියන අවදානම් සහගත තත්ත්වයන් අවම කරගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. ඒ නිසා, කොරෝනා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මත කිහිපයක සත්‍ය අසත්‍ය බව පහදන්නයි මේ ලිපියෙන් අපි උත්සාහ කරන්නෙ. මෙතන තියනවා කොරෝනා සම්බන්ධ මිථ්‍යා මත 10ක්.

“උණුසුම්/ සීතල/ හිම සහිත කාලගුණය නිසා කොරෝනා විනාශ වෙනවා!”

සමහරු කියනවා මේ දිනවල ලංකාවෙ තියන උණුසුම් කාලගුණ තත්ත්වය නිසා කොරෝනා වෛරසය විනාශ වෙලා යන්න ඉඩ තියනව කියල. හැබැයි, විද්‍යාඥයන් දැනට නිරීක්ෂණය කරල තියන විදිහට, ඕනම කාලගුණයක් සහිත ප්‍රදේශයකට මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පුළුවන්. මේ නිසා ඔබ කොහේ හිටියත් කොරෝනා අවදානමට මුහුණ දීමේ ඉඩකඩ තියනවා. ඒ හින්දා අවදානමට පෙර සූදානමට අවශ්‍ය පියවර ගන්න අමතක කරන්න එපා.

“සුදු ලූනු තම්බල බිව්වම කොරෝනා හොඳ වෙනවා!”

අපි කලින් ලිපියකදි කතා කරපු විදිහට, සුදු ලූනුවල තියන ඇලිසීන් නිසා එය උගුරේ අපහසුතාවලට, ඔක්කාරයට සහ සෙම්ප්‍රතිශ්‍යා/ උණ ගතිවලට හොඳ ඖෂධයක්. ඒ වගේ ම ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වඩවන්නත් සුදු ලූනු හොඳ කෑමක්. හැබැයි එහෙම කියල සුදු ලූනු තම්බල බිව්වා කියල කොරෝනා හොඳ වෙන්නෙවත්, හැදෙන එක නවතින්නෙවත් නෑ. මේවට කරන්න පුළුවන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන එක විතරයි.

“අත් වියළනවලින් කොරෝනා විනාශ වෙනවා!”

Pic: wikihow.com

නානකාමරවල තියන අත් වියළන හෙවත් හෑන්ඩ් ඩ්‍රයර්ස් දන්නව නෙ? ඒවයෙ උණුසුම නිසා COVID-19 වෛරසය විනාශ වෙනව කියලත් සමහරු කටකතාවට කියනව ලු. මේක අර උඩ කියපු පළවෙනි මිථ්‍යා මතයේ ම දිගුවක් වෙන්න ඕන. හෑන්ඩ් ඩ්‍රයර්ස්වලින් කොරෝනා විනාශ වෙන එක බොරුවක්. ඒ කෙසේ වෙතත්, නිවැරදි ව නිතර අත් සේදීමෙන් ඔබ රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාව නං අඩු කරගන්න පුළුවන්.

“UV ලෑම්ප් මඟින් අත්වල විෂබීජ විනාශ වෙනවා!”

Pic: Andrey Sukhachev

මේකත් ලොකු වැරදි වැටහීමක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, අත් හෝ ඔබේ සමේ කුමන තැනක් සඳහාවත් UV ලෑම්ප් පාවිච්චි නොකළ යුතුයි. ඒකට හේතුව තමයි, UV කිරණ මඟින් ඔබේ සමේ ආසාදන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් කියන එක.

“වොඩ්කා පානය කිරීම මඟින් COVID-19 වැළඳීමේ අවදානම අඩු වෙනවා!”

නෑ නෑ බොන්න එපා කියනව නෙමෙයි, බිව්වට කමක් නෑ හැබැයි කොරෝනාවලින් ආරක්ෂා වෙන්න හිතාගෙන වොඩ්කා බොන්න ලෑස්ති වෙන්න එහෙම එපා. මේ වැරදි වැටහීම ඇවිත් තියෙන්නේ, රෝගය වැළඳීමෙන් ආරක්ෂා වෙන්න ඇල්කොහොල් බේස් වුණ සැනිටයිසර් එකකින් අත් පිරිසිදු කරගන්න කියන උපදෙසත් එක්ක වෙන්න ඕන.

“සම මත ක්ලෝරීන් හෝ ඇල්කොහොල් ස්ප්‍රේ කිරීමෙන් කොරෝනාවලින් ආරක්ෂා වෙන්න පුළුවන්!”

මේකත් ඇවිත් තියෙන්නෙ ඔය ඇල්කොහොල් බේස් වුණ සැනිටයිසර් එකකින් අත් පිරිසිදු කරගන්න කියන උපදෙසත් එක්ක මං හිතන්නෙ. ක්ලෝරීන් සහ ඇල්කොහොල් කියන්නෙ පිරිසිදු කිරීමට පාවිච්චි කරන දේවල් තමයි. හැබැයි ඒවා කෙරෙන්නෙ විශේෂ තත්ත්වයන් යටතේ විශේෂ සංයෝග මඟින්. ඒ නිසා නිකං ම ඔබේ සම මත ක්ලෝරීන් හෝ ඇල්කොහොල් ස්ප්‍රේ කිරීමෙන්, පිරිසිදු වීම කෙසේ වෙතත් සමට හානි වෙන්න තියන ඉඩ නං වැඩියි.

“කොරෝනා සාමාන්‍ය උණක් වගේමයි!”

නෑ, කොරෝනා සාමාන්‍ය උණක්/ ෆ්ලූ එකක් නෙමෙයි. COVID-19 ගැන පැතිරෙන හුඟක් කටකතාවල මුල තමයි මේක සාමාන්‍ය උණක් වගේමයි කියන එක. හැබැයි ඒක එහෙම නෙමෙයි. කොරෝනා ඊට වඩා හුඟක් බරපතලයි. ඉන්ෆ්ලුවන්සා හෙවත් ෆ්ලූ සහ කොරෝනා හටගන්න වෛරස් දෙක අතරෙ සමානකම් තිබුණට මේ දෙක සහමුලින් ම වෙනස් රෝග දෙකක්. මේ දෙක වැළඳුණු රෝගීන්ගේ රෝග ලක්ෂණ අතරෙත් සමානකම් තියෙන්න පුළුවන්. හැබැයි, ෆ්ලූ එක හැදෙන්න ඉන්ෆ්ලුවන්සා වෛරසවල විවිධ වර්ග කීපයක් හේතු වෙනවා. කොරෝනා හැදෙන්න බලපාන්නෙ එක වෛරසයක් විතරයි.

“නාසය සේලයින්වලින් සේදීමෙන් කොරෝනාවලින් ආරක්ෂා විය හැකියි!”

කොරෝනා කියන්නේ නිකං ම හෙම්බිරිස්සාවක් නෙමෙයි. මේක ශ්වසන රෝගයක්. රෝගියාගේ නාසය සේලයින්වලින් දිනපතා සේදීමෙන් හෙම්බිරිස්සාවට ට්‍රීට් කරන්න පුළුවන් අවස්ථා තියනවා. හැබැයි ශ්වසන රෝගයකට එහෙම කරල හරි යන්නෙ නෑ කියල ඕන කෙනෙකුට තේරෙනව නේ?

“උෂ්ණත්ව ස්කෑනර් යන්ත්‍රවලින් කොරෝනා හඳුනාගන්න පුළුවන්!”

Pic: nbcnews.com

එච්චර ලේසියෙන් කොරෝනා රෝගීන් හඳුනාගන්න පුළුවන් වුණා නං හොඳයි තමයි. හැබැයි ඒක පදනමක් නැති කටකතාවක් විතරයි. උෂ්ණත්වය මනින ස්කෑනර් යන්ත්‍රවලින් කරන්නෙ පුද්ගලයෙකුගේ සිරුරේ උෂ්ණත්වය ඉහළ ගිහින් නං ඒ බව දැන්වීම විතරයි. ඒ කියන්නෙ ඒ පුද්ගලයට උණ තියනවා කියන එක. උණ කියන්නෙ රෝග ලක්ෂණයක් මිසක් ඔහුට ස්ථිරව ම  කොරෝනා වෛරසය හැදිලා කියන එක නෙමෙයි. උෂ්ණත්ව ස්කෑනර් යන්ත්‍රවලට කොරෝනා හඳුනාගැනීමේ හැකියාවක් නෑ.

“කොකා කෝලා පානය කිරීමෙන් COVID-19 ඇතුළු සිරුරේ අනෙක් වෛරස විනාශ කළ හැකියි!”

ග්‍රීස් පැල්ලම්, කහට පැල්ලම්, තෙල් පැල්ලම් යවන්න විතරක් නෙමෙයි, වැසිකිළි සෝදන්න පවා කොකා කෝලාවලින් පුළුවන් කියල කියවෙන ලිපි සහ වීඩියෝස්, ඕගොල්ලෝ ඕන තරම් ඉන්ටනෙට් එකේ දැකල ඇති. ඉතිං කොකා කෝලාවලින් වෛරස විනාශ කළ හැකියි කියන මේ මිථ්‍යා මතය ව්‍යාප්ත වෙන්න ඇත්තෙ, ඒ විදිහට කොකා කෝලා පිරිසිදු කිරීමේ ද්‍රාවණයක් වශයෙන් පාවිච්චි කිරීම නිසා වෙන්න ඇති. පිරිසිදු කිරීමේ ද්‍රාවණයක් විදිහට මේවා කොච්චර දුරට සාර්ථක ද කියල අපි දන්නෙ නෑ, හැබැයි කොරෝනා වෛරසයට ප්‍රතිකර්මයක් විදිහට කොකා කෝලා පානය කිරීමෙන් ඇති වැඩක් නෑ කියල නං අපිට බය නැතුව කියන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide