කොරෝනා නිසා ලංකාවෙ අපිට අත්හරින්න සිදු වෙන එදිනෙදා පුරුදු 10ක්!.

අපේ රටේ COVID-19 වැළඳුණු රෝගීන් ගණන එන්න එන්න ම වැඩි වෙන තත්ත්වයක් තුළ, හැකි සෑම ක්‍රමයකින් ම රෝගය පැතිරීම පාලනයට දායක වෙන එක ශ්‍රී ලාංකිකයන් විදිහට අපි හැමෝගෙම වගකීම. ඒ සඳහා යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගන්න ගමන් ම, අපේ සමහර එදිනෙදා ජීවිතේ පුරුදු අත්හරින්න අපිට සිද්ධ වෙනවා. ඒ ගැනයි මේ ලිපියෙන් අපි මතක් කරන්නේ..

කෑමබීම බෙදාහදා ගැනීම

බෙදාහදා ගෙන ආහාර ගැනීම ලංකාවෙ අපේ ඇඟේ ම තියන දෙයක්. අලුත් යාළුකම්, සම්බන්ධතා ඇති කරගන්නත්, තියන යාළුකම්, සම්බන්ධතා දියුණු කරගන්නත්, කෑමබීම බෙදාහදා ගැනීමෙන් අවස්ථාව ලැබෙනවා.

හැබැයි, කොරෝනා වෛරසය පැතිරී යන තත්ත්වයත් එක්ක තවදුරටත් කෑමබීම බෙදාහදා ගෙන කෑම අනතුරුදායකයි. ගෙදර දි, ඉතා ම පිරිසිදු තත්ත්වයෙන් යුතුව, ගෙදර සාමාජිකයන් අතරෙ නං කෑම බෙදාගත්තට කමක් නෑ. හැබැයි කාර්යාලය වගේ තැන්වල සහ අනෙකුත් පිටස්තර අය අතරෙ කෑමබීම බෙදාහදා ගන්න එක මේ වෙලාවෙ නුවණට හුරු දෙයක් නෙමෙයි.

මේකේ භයානකකම තියෙන්නෙ ළඟින් වාඩිවෙන්න සිද්ධ වීමේ විතරක් නෙමෙයි. හැඳි ගෑරුප්පු ආදිය බෙදාගන්න සිදු වීමත් මේ මොහොතේ අනතුරුදායකයි. අපි කලින් ලිපියකදි සඳහන් කළා වගේ, මේ කාලෙත් එළියෙන් කන්න සිද්ධ වෙනව නං හොඳින් පිරිසිදු කරපු හැඳි ගෑරුප්පු ගෙදරින් ගෙනියන්න. අනුන් කාපු ඒවා පාවිච්චි කරන්න එපා.

බුෆේ

බුෆේ කියන්නෙ ස්වයං සේවාවක්. ඒ කියන්නෙ තව හුඟ දෙනෙක් අල්ලපු හැඳි ගෑරුප්පු අල්ලලා තමයි ඔයාටත් බෙදාගන්න වෙන්නෙ. එකේදි පෝලිමක ගෑවි ගෑවි අනෙක් අය ළඟින් හිටගෙන ඉන්නත් වෙනවා. මේ වගේ දේවල් නිසා ටික කාලෙකට බුෆේවලින් කන එක නවත්තමු..

විනෝද ගමන්

සමහර දෙනෙක් මේ නිවාඩුව ට්‍රිප් යන්න හොඳ චාන්ස් එකක් කියල හිතන් ඉන්න බව ෆේස්බුක් එක එහෙම දැක්කම පේනව. හැබැයි, මේක ට්‍රිප් එකකට, ඩේ අවුට් එකකට යන්න තියා ගෙදරින් එළියට බහින්නවත් හොඳ කාලයක් නෙමෙයි. විශේෂයෙන් ම ළඟ එන අවුරුදු නිවාඩුවේ දි ට්‍රිප් යන්න හුඟක් අය ප්ලෑන් කරගෙන ඉන්න ඇති. ඒත් බලන් ඉද්දි ඉහළ යන රෝගීන් ප්‍රමාණය නිසා අපිට අනුමාන කරන්න පුළුවන් දෙයක් තමයි, හඳුනා නොගත් රෝගීන් විශාල ප්‍රමාණයක් තවදුරටත් ඉන්න පුළුවන් කියන එක. ඒ නිසා මේ වෙලාවෙ රට වටේ සංචාරය කිරීම ඉතා ම භයානකයි. ඇඳිරි නීතිය සහ සංචාරක සීමා පනවන්න රජය කටයුතු කරල තියන මේ වෙලාවේ, ගමන්බිමන් නොයා ඒවට සහය පළ කිරීම අපේ වගකීම වෙනවා.

නෑගම් යෑම

නෑයෝ වේයෝ කිව්වට මොකද, ලංකාවෙ අපිට මාස කීපෙකට සැරයක් හරි නෑයෝ බලන්න යන්නැතුව ඉන්න බැරි පුරුද්දක් තියනව නේ. විශේෂයෙන් අලුත් අවුරුද්දට නෑගම් යෑම කියන්නෙ අපේ අනිවාර්ය සිරිතක්. හැබැයි ඉතිං මේ පාර නං ඒ පුරුද්ද ටික කාලෙකට අමතක කරන්න සිද්ධ වෙනවා. කොරෝනා වෛරසය අපේ නෑයෝ කවුද, නැත්තෙ කවුද කියල අඳුනන්නේ නෑනේ!

එළියෙන් කෑම

අපිට නිතර ම ගෙදර කෑම කන පුරුද්දක් තිබුණට මොකද, හිටපු ගමන් එළියෙන් කොහෙන් හරි කන්න ආසාවල් එනවා. අඩු ගානෙ කේක් කෑල්ලක් හරි රහ බලන්න කොහේ හරි කැෆේ එකකට යන්න හිතෙනව නෙ. ඒත් ඔන්න ඒ ආසාවල් ටිකකට නොතකා ඉන්න වෙනව. මේ කාලේ රෙස්ටොරන්ට්, කැෆේ ඇතුළු සෙනඟ රැස් වෙන පොදු ස්ථානවලට යන්න එපා. ඒ නිසා ම හුඟක් රෙස්ටොරන්ට් ඩයින් ඉන් පහසුකම ඉවත් කරල, ඔබේ පහසුව සඳහා ඩිලිවරි සහ ටේක් අවේ විතරක් සපයන්න කටයුතු කරගෙන යනවා.

හග් කිරීම

හග් කිරීම, අතට අත දීම, වැඳීම ඇතුළු ආදරය ගෞරවය පෙන්නන සියලු ආචාර සමාචාරවලින් වළකින්න වෙන කාලයක් මේ. විශේෂයෙන් හග් කිරීම හෙවත් බදා වැළඳගැනීම කියන්නෙ අපි කෙනෙකුට තියන ආදරය පෙන්වන ක්‍රමයක්. ඒත් මේ වෙලාවෙ කාටහරි ආදරෙයි නම් කරන්න පුළුවන් හොඳ ම දේ එයාට ටිකක් ඈතින් ඉන්න එක. ඒකට හේතුව, බදාගත්තම එක් පුද්ගලයෙකුගේ ශ්වසන බිඳිති අනෙක් කෙනාට හුවමාරු වෙන්න තියන ඉඩ. ඒ වගේ ම, අතට අත දෙන එක සහ කකුල් අල්ලල වඳින එක වගේ පුරුදුවලින් ටික කාලෙකට මිදෙන්න.

බොන පාටි

කොරෝනා ව්‍යාප්තියත් එක්ක කොරෝනා ගැන මිථ්‍යා මත තොගයකුත් ඒ වේගයෙන් ම ව්‍යාප්ත වුණා. එකක් තමයි වොඩ්කා බීමෙන් කොරෝනා වළක්වාගන්න පුළුවන් කියන එක. ඒ වගේ ම මේ වගේ අවිනිශ්චිත කාලෙක ඇති වෙන්න පුළුවන් ආතතියෙන් මිදෙන්න හිතාගෙනත් සමහරු ඇල්කොහොල්වලට යොමු වෙන්න ඉඩ තියනවා.

සෞඛ්‍ය විශේෂඥයන්ගෙ මතය වෙන්නෙ, අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් ඔබේ ඉහළ ශ්වසන පද්ධතියේ සහ පෙණහලුවල ඇති ප්‍රතිශක්ති සෛල විනාශ විය හැකි බවයි. ඒ නිසා බොන පාටි දැම්මම අවදානම දෙගුණයක්. පළවෙනි එක කට්ටිය එක්ක ගැවසීමෙන්. දෙවැන්න ප්‍රතිශක්තිකරණ හැකියාව දුබල වීමෙන්. ප්‍රතිශක්තිය හීන වුණොත් ඔබට කොරෝනා වැළඳීමේ අවදානම වැඩි වෙන බව අමතක කරන්න එපා.

ඔෆිස්

රජය විසින් රජයේ ආයතන සඳහා නිවාඩු ප්‍රකාශයට පත් කිරීමත් එක්ක, බොහොමයක් පෞද්ගලික ආයතන තමන්ගේ සේවකයන්ට නිවසේ සිට රාජකාරි කළ හැකි ක්‍රම හඳුන්වා දුන්නා. පුළුවන් තරම් කාර්යාලයට යන එකෙන් වැළකී ඉන්න උත්සාහ කරන්න. මේ වසංගත තත්ත්වය තව කලක් පැවතුණොත් කාර්යාල ගමන්බිමන් ටික කාලෙකට සම්පූර්ණයෙන් ම අමතක කරන්නත් අපට සිද්ධ වෙන්න බැරි නෑ.

අවුරුදු ෂොපිං

වෙනද අවුරුදු කාලවල පාරතොටේ තියන කලබලය මේ පාර සීමා කරන්න අපිට සිද්ධ වෙනවා. ගෙදරට බඩු ගන්න, නෑ හිතමිතුරන්ට තෑගි ගන්න එහෙම යන ගමන් නවත්තන්න වෙනවා. මේක හුඟක් සෙනඟ මැද්දෙ ඇවිදින්න වෙන කටයුත්තක් නිසා, මේ පාර අලුත් අවුරුද්ද ෂොපිංවල තොර අවුරුද්දක් විදිහට සමරමු.

සැලෝන්

COVID-19 වෛරසය නිසා අපිට අපේ සැලෝන්/ ස්පා යන පුරුද්දත් අත්හරින්න සිද්ධ වෙනවා. මොකද, මේ කටයුතුවලදිත් අපට අනෙක් පුද්ගලයන් ස්පර්ශ කරන්න, ලං වෙන්න සිදු වෙන නිසා. ඒ වගේ ම සැලෝන්වලදි භාවිත කරන උපකරණ ඔබට ම වෙන් වූ ඒවා නොවිය හැකි නිසා. සමහර රූපලාවන්‍ය ආයතන ඉතා ම හොඳ පිරිසිදු වාතාවරණයක් සහිතව මේ කටයුතු කරගෙන යන බව අපිට ආරංචි වුණත්, හැකි පමණ මෙවැනි දේවල්වලින් වැළකෙන්න පුළුවන් නං තමයි හැමෝටම හොඳ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide