ගෙදරදිම හදාගෙන කටට රහට රස බලන්න කියාපු කෑම ජාති 6ක්.

ඉන්නව කියල මෙහෙමත් ඉන්න පුලුවන්ද නේ..?

ඒත් ඉතින් එහෙමයි කියල එළියට පහළියට බහින්නත් බෑනෙ. අපේම මිනිස්සුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් අපි හැමෝම එකා වගේ ඉවසල, සිහිබුද්ධියෙන් කටයුතු කරන්න ඕන අවස්ථාවක්නෙ මේක.

අන්න ඒ නිසාමයි යාළු, ඔයාලගෙ කම්මැලිකමත් තේරුම් අරගෙන.. අපි ඒකෙන් අත්මිදෙන්න ක්‍රමයක් කියන්න කල්පනා කලේ. ඇත්තටම ලොකු දෙයකුත් නෙවෙයි මේක. නිකම් ඉන්න එකේ පොඩි පොඩියට රස කෑම ටිකක් හදල,

බඩට කටට නිකම් ඉන්න.. නොදීම ඉන්නයි. 

ඉතින්.. එහෙනම් මතක ඇතුව, ඇඳිරි නීතිය ඉවරවෙලා කඩේට යන ටයිම් එකේ.. ඔය පහළින් තියෙන, ඔයා ආසම, කෑම ජාති ටික හදන් ඕන කරන, බඩු අරගෙන එන්න..

ආවට පස්සෙ ඉතින් කරන්න ඕන දේ ඔන්න ලියල තියෙනව, කියවල බලන්නකෝ..

1. මික්ස් පොල් රොටි

නිකම් පොල් රොටි හදන එකේ කවදාවත් හිතුවද ඕකට පොල් එක්ක වෙන මොනව හරිත් දාලා බලන්න ඕන කියල. නෑ නේ..? ඒකනෙ කියන්නේ. එහෙනම් මේ පාර පොල් රොටි හදන්න පිටි අනන්න කලින් හදාගන්න පොඩි උම්බලකඩ බැදුමක්. හැබැයි තෙල් ටිකක් අඩුවෙන් දාලා. අනික ලූණු, සුදු ලූණු, කරපිංච, හීනියට ලියාගත්තු මිරිස් කෑලි එහෙමත් හොඳට බැදෙන්න ඇරල. ඒත් එකක්, ඒකෙදි උම්බලකඩ එහෙම ගොඩක්ම බැදෙන්න අරින්න එපා. එතකොට ඒකෙ රස නැති වෙනවනෙ. කොහොම හරි.. අන්තිමට පිටි මිශ්‍රණයත් එක්ක ඒ උම්බලකඩ බැදුමත් අනල අරගෙන.. රොටී පුච්චල බලන්නකො.

ආයෙ, කට්ට සම්බෝල ‘ඕන නෑ’ කියයි.

2. මඤ්ඤොක්කා කොත්තු

වැඩිපුර කොච්චි ටිකක්, පොල් ටිකක් එහෙමත් එකතු කරගෙන ඕන මේකෙ රස බලන්න. කියල වැඩක් නෑ ඉතින්.

කොහොමහරි මේකෙදී.. මුලින්ම කරන්න තියෙන්නෙ මඤ්ඤොක්කා ටික හොඳ හැටි තම්බ ගන්න එක. ඊට පස්සෙ පෑන් එකකට බටර් ටිකක් දාලා ෆ්‍රයි කරගන්න. ෆ්‍රයි කරද්දි පොඩ්ඩක් අඩි ඇල්ලුවට කමක් නෑ ඉතින්. කොහොම හරි ඒ අතරට කොත්තුවට අවශ්‍ය එළවළු, මිරිස් අඩුමකුඩුම ටිකත් ලෑස්ති කරගත්ත නම්, මඤ්ඤොක්කා ටික බාද්දිම, තාච්චියකට තෙල් ටිකක් රත් කරලා, බිත්තරයක් දාලා, හීනියට කපපු පොල් කෑලි ටිකකුයි, කොච්චි කරල් ටිකකුයිත් එක්ක අඩුම කුඩුම ටිකත් දාලා, පොඩ්ඩ කරවීගෙන එනකොට බාලා, රස බලන්න තියෙන්නෙ.

3. හොට් බටර් කෙහෙල් මුව

හොට් බටර් කට්ල් ෆිෂ්, හොට් බටර් මෂ්රූම්වලටත් වඩා වෙනස් වුනාට.. හොට් බටර් කෙසෙල් මුව?

ෂැහ්, කාලා එපැයි බලන්න..

කොහොමහරි මුලින්ම කරන්න තියෙන්නෙ කෙහෙල් මුවෙන් පෙති ගලවල ඒවා ඇඟල්ලක මහතට, අඟල් දෙකක වගේ දිගට වගේ කපා ගන්න එක. ඊට පස්සේ.. කහ, මිරිස් කුඩු, ලුණු දාලා, හොඳට අත ගාලා පැයකට කිට්ටුව තියන්න ඕන පදම් වෙන්න. පදම් වුනාටත් පස්සෙ පාන් පිටි, බටර් මිශ්‍රණයක දවටලා ගැඹුරු තෙලේ බැදගන්නයි තියෙන්නෙ. හැබැයි එහෙම බැදල, මේසෙට යවන්න කලින් ඒකට මාළු මිරිස් කරලක් ලූණු ගෙඩියක් කපල එකතු කරන්නත් අමතක කරන්න එපා හොඳද!

4. ස්කොච් බිත්තර

මතක් වෙද්දිත් කටට කෙළ උනන කෑමක් තමයි. හදා ගන්නත් ඒ හැටි අමාරු නෑ. කරන්න තියෙන්නෙ ආස කරන මස් ජාතියක් අරගෙන කටු අයින් කරල හොඳට අඹර ගන්න එක. ඊට පස්සෙ ඒකට, හීනියට ලියාගත්තු පාස්ලි, රස පදමට ලුණු ගම්මිරිස් එකතු කරල රොටියක් වගේ, තැටියක හරි ලෑල්ලක හරි තුනී කරගන්න. ඒ රොටිය මැද්දට තම්බපු බිත්තර තියල, සම්පූර්ණයෙන්ම වැහෙන විදියට එකින් එක ඔතාගන්න. ඔතාගෙන ෆ්‍රීසර් එකේ පැයක් හමාරක් තියලා… හොඳ හැටි ගල් වුණාට පස්සෙ ෆ්‍රීසර් එකෙන් එළියට අරගෙන නිවෙන්න ඇරලා බිත්තර සාරු, බිස්කට් කුඩුවල තවරල ගැඹුරු තෙලේ බැදල ගන්න. වැඩිය ඕන නෑ මේකට, ෆ්‍රයිඩ් රියස්, බිරියානි පිඟානකට වගේ එහෙම නම්.. ගේමක් නෑ කියයි.

5. චොකලට් මාෂ්මෙලෝ සැන්ඩ්විච්

කනව නම් මෙන්න ඩෙසට් කිව්වලු. අනික හදා ගන්නත් හරිම ලේසියිනෙ. පාන් පෙති දෙකක් ගත්තා, අරගෙන මැද්දට බටර් ටිකක් ගාලා හොඳ නියුටෙලා තලියක් හරි චොකලට් තොගයක් හරි ඇතිරුවා. ඊට පස්සෙ ඒ උඩට පොඩි පොඩියට කපා ගත්තු මාෂ්මෙලෝස් කෑලි ටිකකුත් දැම්මා.. දාලා පෑන් එකේ දෙපැත්ත කර කරල ගන්යි තියෙන්නෙ. ආයේ.. තොල කට ලෙව කකා ඉතින්.

6. බාබකියු පොලොස්

මේක හදන්න.. ලුණු ඇඹුල්, මිරිස් තුනපහ ඇතුව පොලොස් ටික ඉස් ඉස්සෙල්ලම හොඳට පදම් කරගන්න ඕන. හැබැයි මතක තියාගන්න බාබකියු එකට පොලොස්, කෑලි කපල හරියන්නෙ නෑ. අල්ලක් සයිස් විතර පෙති තමයි කපාගන්න ඕන. කොහොම හරි එහෙම කපලා..පොලොස් පෙති ටික අඩුම කුඩුම පදමෙ, දිය කිරෙන් හින්දල අරගෙන රස්නෙත් යන්න දීලා, බාබකියු මිශ්‍රණයෙ හොඳට අත ගාලා පදම් වෙන්න අරින්න. ඇරලා.. හෙමින් සැරේ බැරියැ ඉතින් වෙලා ගියාට පස්සෙ අරගන්න. හැරත් ඒ අතරට අඟුරු ටික අවුලල ග්‍රිල් එකත් ලෑස්ති කරගන්න ඕන, දෙහි ටිකක්, බාබකියු සෝස් ටිකක් එහෙමත් ගාලා පොලොස් කෑලි ටික ලෑස්ති කරගන්න ඕන.. ඔය තියෙන්නෙ වැඩ.

වැඩේ කියන්නෙ ඒ කොහොම වුනත්, ඕක පදමට ග්‍රිල් වෙලා කෑල්ල දෙක පිඟන් වලට එද්දිනෙ..

මේං කියල එකක් හොයාගන්න වෙන්නෙ නෑ යාළු.

දාන දාන එක යන්නෙ ඕ..

බොරු නම් බලන්නකො

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide