කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි සැක නම් ඔබ කළ යුතු දේ.

ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා රෝගීන් සියයේ සීමාවට ආසන්න වෙමින් කියල ඔබ හැමෝම හොඳින් දන්නවා ඇති. දෑත් සේදීමේ ඉඳලා නිරෝධායනය වීම දක්වා සියලු ආරක්‍ෂිත පියවර ඔබ අනුගමනය කරමින් තිබුණත්, කොරෝනා වෛරසය මේ වෙද්දිත් ඔබේ ශරීරයට ඇතුළු වෙලා තියෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි, වෛරසය ශරීරගත වෙලා තිබුණු ඇතැමුන් නිරෝධායන කටයුතු පටන්ගන්නත් පෙර ඉඳන් ම අප අතර සමාජයේ සැරිසරමින් හිඳ තිබීම. අවාසනාවන්ත විදිහට, ඔවුන්ගෙන් සමහරු හිතාමතා නිරෝධායනය වීම මඟහැරිය බවට මෑතකදි අනාවරණය වුණා. තවත් සමහරු රෝගය ශරීරගත වී ඇති බව නොදැන සමාජගත වෙමින් සිටි බවට පුවත් පළ වුණා. රෝග ලක්ෂණ පහළ වෙන්නෙත් දින 14කට පසුව නිසා මේ නොදැනුවත්කම අප හැමෝටම අනතුරක්.

ඉතින් කාට කාට රෝගය වැළඳී ඇත්දැයි අපට අනුමාන කළ නොහැකි නිසා හැමෝම තම තමන් පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්. ඔබේ ශරීරයට වෛරසය ඇතුළු වෙලා කියල ඔබට සැකයක් තියනවා නම් අනුගමනය කළ යුතු පියවර ගැනයි අපි මේ ලිපියෙන් කියන්නේ.

කලබල වෙන්න එපා

මුලින් ම.. කලබල වීමෙන් වළකින්න. කලබල වුණොත් කිසිවක් විසඳගන්න බැරිව යනවා. COVID-19 ඉක්මනින් පැතිරෙනවා තමයි. හැබැයි නිසි වෙලාවට හඳුනාගත්තම, ප්‍රතිකාර ගත්තම බය වෙන්න දෙයක් නෑ.

වෙන් වෙන්න

ඉස්ඉස්සෙල්ලා ම ගත යුතු වැදගත් ම පියවර මේකයි. ඔබ අන් අයගෙන් වෙන් වෙන්න. නිවසේ ඔබට ම වෙන් වුණු කාමරයක් වෙන් කරගන්න. කිසිවෙක් සමග ඇසුරු කිරීමෙන් තොරව තනියම ඉන්න. හැම වෙලේ ම ෆේස් මාස්ක් එකක් පළඳින්න. ගෙදර අය සමග කතා කරන්න අවශ්‍ය විට පවා දුරකතනයෙන් කතා කරනවා නම් වඩාත් හොඳයි.

හැම විට ම පිරිසිදුව ඉන්න. තත්පර 20ක් පමණ සබන් යොදා දෑත් සේදීම හෝ ඇල්කොහොල් බේස් වුණු සැනිටයිසර් එකකින් දෑත් පිරිසිදු කිරීම අනිවාර්යයි. නොසේදූ දෑත්වලින් මුහුණ අතගෑමෙන් වළකින්න. 

රෝග ලක්ෂණ හඳුනගන්න

COVID-19 රෝගයේ නිශ්චිත රෝග ලක්ෂණ පහත පරිදියි.

  • උණ
  • වෙහෙස බව
  • වියළි කැස්ස

එහෙත් සමහර රෝගීන්ට ඇඟපත වේදනා, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අපහසුතා සහ පාචනය වැනි රෝග ලක්ෂණ ද හටගත හැකියි. මේවා මඳ වශයෙන් පටන්ගෙන ක්‍රමයෙන් වැඩි වනු ඇති.

පැය දෙකකට වරක් උණ බලා සටහන් කරගන්න. අනෙක් රෝග ලක්ෂණ ගැනත් අවධානයෙන් ඉන්න. COVID-19 සඳහා ම වෙන් වූ රජයේ දුරකතන මාර්ග වන 117 සහ 1999 පැය 24 ම ක්‍රියාත්මකයි. රෝග ලක්ෂණ ගැන ඔබට කිසියම් දෙයක් දැනගැනීමට අවශ්‍ය නම් මේ අංකවලට අමතා මහජන සෞඛ්‍ය නිලධාරීන්ගෙන් වැඩි විස්තර සහ උපදෙස් ලබාගන්න.

බෙදා ගන්න එපා

ඔබ විසින් පාවිච්චි කරන ලද කිසිවක් ඔබේ පවුලේ අයට අතපත ගාන්නට ඉඩ දෙන්න එපා. වෛරසය ඕනෑ ම දෙයක් මඟින් පැතිරිය හැකියි. ඔබේ කාමරයේ දොර අසල තබන ලද මේසයක් මත ඔබේ කෑම පිඟාන තබා යන්නැයි ඔවුන්ට කියන්න. එවිට ශාරීරික ස්පර්ශ වීම් හෝ ගැටීම් අවම කරගත හැකියි. පාවිච්චියෙන් පසු ඉවත දැමිය හැකි (උදා: කඩදාසි) පිඟන්, කෝප්ප සහ හැඳි ආදිය ඔබ වෙනුවෙන් භාවිත කරනවා නම් වඩාත් හොඳයි. පාවිච්චි කරන ලද ටිෂූ ආදියත් මේ විදිහට ම නිසි පරිදි බැහැර කළ යුතුයි.

තත්ත්වය සමනය වන තෙක් රෝගියාට ම වෙන් වූ නානකාමරයක් පාවිච්චි කළ හැකි නම් වඩාත් හොඳයි. ඒත් එවැන්නක් වෙන් කිරීමට අපහසු නම් සියලු දෙනා ම භාවිත කරන නානකාමරය රෝගියා සමගත් බෙදාගන්න සිදු වෙනවා. එහෙම අවස්ථාවලදී අන් අය නානකාමරය පාවිච්චි කළ යුත්තේ රෝගියා විසින් භාවිත කරන ලද සියලු දෑ මනාව පිරිසිදු කිරීමෙන් පසුවයි.

1990 අමතන්න

Photo credits: dailynews.lk

රෝග ලක්ෂණ දිගින් දිගට ම පවතිනවා නම් වහා ම 1990 අංකය අමතන්න. සුවසැරිය ගිලන් රථ සේවය හැකි ඉක්මනින් ඔබ වෙත ළඟා වෙනු ඇති. COVID-19 බවට සැක කෙරෙන රෝගීන් හැසිරවීම ගැන සහ ඔවුන් යා යුත්තේ කොහේද ආදී වශයෙන් ඔවුන්ට විශේෂ උපදෙස් සපයා තිබෙනවා. ඒ නිසා ඔබේ පවුලේ අයට හෝ ඔබේ වාහනයට රෝගියා නිරාවරණය කිරීමෙන් තොරව වගේ ම, යා යුත්තේ කොහෙටදැයි හිතමින් කාලය නාස්ති කිරීමෙන් තොරව රෝගියා රෝහල්ගත කිරීමට පහසුව සැලසෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide