කොරෝනා කාලේ.. අපේ ම දේශීය බිස්නස්වලට අතහිත දෙන්නේ කොහොමද?.

කොරෝනා වසංගතය ආගම්, ජාති, රැකියා, වයස් භේද නැතිව රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේ ම හැමෝට ම බලපෑවා. මේ විදිහට අසීරුතාවට ලක් වුණ විශේෂ පිරිසක් තමයි දේශීය ව්‍යාපාරිකයන්. අපි මේ කියන්න හදන්නෙ ලොකු බිස්නස් ගැන නෙවෙයි, සාමාන්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරවල නියැළිලා ඉන්න අපේ ම රටේ වෙළෙඳසැල් ගැන.

මේ වෙද්දි හුඟක් ව්‍යාපාර නැවතුණ තැනින් ආයෙත් පටන් අරං තිබුණත්, කලින් හිටපු තත්ත්වයට ම පත් වෙන්න ඒ අයට තව ටිකක් කල් යන බව රහසක් නෙවෙයි නේ. ඉතින් ඔවුන්ට උදව් කරන්න අපිට කරන්න පුළුවන් මොනවද? ඒ ගැනයි මේ…

ඔන්ලයින් ෂොපිං

ලොක්ඩවුන් කාලේ එනකන් ම ඔන්ලයින් ෂොපිංවල තියන ලේසි පහසු කම ගැන හුඟ දෙනෙකුට අවබෝධයක් තිබුණෙ නෑ. ඒ වගේ ම ඒ ගැන තිබුණේ බයක්. ඒකට හේතුවත් ඔන්ලයින් බිස්නස්වල තිබුණ එක එක අඩුපාඩු. ඒත් මේ වෙද්දි නං හුඟක් ඔන්ලයින් ව්‍යාපාර සෑහෙන සාර්ථක ව තමන්ගේ බිස්නස් කරගෙන යනවා පේන්න තියනවා. ඒ නිසා සෙනඟ අතරට නොයා ආරක්ෂිතව බඩු මිල දී ගන්න තියන පහසු ම ක්‍රමය දේශීය ඔන්ලයින් ව්‍යාපාරවලින් මිල දී ගැනීම.

රෙස්ටොරන්ට්, සිල්ලර බඩු කඩ, ඇඳුම් පැළඳුම් සාප්පු ආදී මෙකී නොකී හැම කඩයක ම වගේ දැන් ඔන්ලයින් ඕඩර් කිරීමේ පහසුකම තියනවා නේ. සමහර කඩ බඩු ඩිලිවර් කරන්න වෙනත් ඩිලිවරි පාට්නර්ස්ලා එක්ක සම්බන්ධ වෙනවා. තවත් සමහර කඩ කෝල් එකකින් ඕඩර් එක බාරගෙන එයාලගේ ඩිලිවරි සේවාවකින් කෙළින් ම අපිට අවශ්‍ය දේවල් ඩිලිවර් කරනවා.

රෙස්ටොරන්ට්

ලොක්ඩවුන් කාලේ කොළඹ ඇතුළත වගේ ම පිටතත් කෑම ඩිලිවර් කරන රෙස්ටොරන්ට් ප්‍රමාණය හොඳට ම ඉහළ ගියා. පාර අයිනේ තියන කොත්තු රයිස් කඩ ඇරුණම අනික් හැම කෑම කඩයක ම ඉඳන්, තරු පහේ හෝටල්වලට යනකන් හැම තැනක් ම ඩිලිවරි පටන්ගත්තා. ඒ ඔක්කොම වගේ තාමත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් තාමත් රෙස්ටොරන්ට් එකකට ගිහින් වාඩි වෙලා කන්න බය නං, ඕඩර් කරලා හරි කෑම ටික ටේක් අවේ දාගෙන ඇවිල්ල හරි එයාලට අත දෙන්න ඔයාලට පුළුවන්.

තනි අයිතිකරුවන් සහිත වෙළෙඳසැල්

කලින් කිව්වා වගේ පොඩි පොඩි ව්‍යාපාර ස්ථානවලට පවා දැන් ඩිලිවරි ඔප්ෂන් එක තියනවා නේ. ඒ නිසා හැමෝට ම අමාරු මේ කාලේ, ලොකු ලොකු සුපර් මාර්කට්වලට/ ඩිලිවරි වෙබ්සයිට්වලට යනවා වෙනුවට, පොඩි පොඩි බිස්නස්වලින් ඕඩර් කරලා ඔවුන්ට අතහිත දෙමු.

එහෙම නැත්තං යන එන අතරමඟ දි මේ වගේ වෙළෙඳසැලක් දෙකක් ළඟ නැවතිලා ඔයාට ඕන දේවල් මිල දී ගන්න. විශේෂයෙන් මේවයෙන් අලුත් එළවළු, පලතුරු, කරවල, මාළු එහෙම හොයාගන්න පුළුවන්.

ගිෆ්ට් කාඩ්

ඇඳුම් කඩවල් නං සෑහෙන ප්‍රමාණයක් දැන් විවෘතයි. ඒ පාරිභෝගිකයන්ගේ වගේ ම සේවකයන්ගේත් ආරක්ෂාව සඳහා අනුගමනය කෙරෙන විශේෂ ආරක්‍ෂිත පියවර රැසක් යටතේ. හුඟක් සාප්පුවල නැවත දැනුම් දෙන තුරු ඇඳුම් මාරු කිරීමේ අවස්ථාව නෑ. සමහර සාප්පුවල විතරක් ෆිටෝන් රූම්ස් විවෘතයි. ඉතින් එහෙම තත්ත්වයක් යටතේ ඇඳුම් මිල දී ගැනීම ටිකක් අමාරුයි තමයි. හැබැයි ගිෆ්ට් කාඩ් වගේ දෙයක් මිල දී අරං තියාගත්තොත් මේ තහංචි අඩු වුණ දවසක පාවිච්චි කරන්න පුළුවන්. වෙළෙඳසලට අත්වැලක් වෙන්නත් පුළුවන්.

ටිප් එකක්

කැෆේ වගේ හුඟක් රෙස්ටොරන්ට්වල ටිප් එකක් දාන්න පොඩි බඳුනක් කවුන්ටර් එකේ තියල තියනවා. ඒ අය සර්විස් චාජ් එකක් අය කළත්, පුංචි ටිප් එකක් දෙන්න කරුණාවන්ත වෙන්න පුළුවන් නම් එයාල සතුටු වෙයි. පාර අයිනේ තියන කොත්තු රයිස් කඩේකින් කෑවත් වේටර්වරයට ටිප් එකක් දෙන්න නම් අමතක කරන්න එපා.

සෝෂල් මීඩියාවලින් සහාය

රෙස්ටොරන්ට් එකකින් කනවා නම් හරි, ඕඩර් කරලා ගෙන්නගන්නවා නම් හරි, කෑමවල පින්තූරයක් අරන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් අප්ලෝඩ් කරලා රෙස්ටොරන්ට් එකට සපෝට් එකක් දෙන්න ඔයාට පුළුවන්. ලයික්ස්, කමෙන්ට්ස්, ෂෙයාර්ස්, ෆලෝස්වලින් සහාය පළ කරන්න වගේ ම, ඔයා ආස රෙස්ටොරන්ට්ස් ගැන සෝෂල් මීඩියාවල පෝස්ට් කරන්න, එයාලගේ ඩිස්කවුන්ට්ස්/ ඔෆර්ස් ගැන යාළුවො දැනුවත් කරන්න එහෙමත් අමතක කරන්න එපා.

හොටෙල්

හුඟක් හොටෙල්ස් දැන් ඕපන්. ඒ වගේ ම එයාල මේ දවස්වල සෑහෙන ලොකු ඩිස්කවුන්ට්ස්/ ඔෆර්ස් දෙනවා. විශේෂයෙන් ම ඩේ අවුට් පැකේජස් එහෙම. ඉතින් ඔයාගේ ආදරණීයයන් එක්ක ඩේ අවුට් එකක් ප්ලෑන් කරන්න මේක හොඳ කාලයක්. ඔයාටත් හොඳ සැහැල්ලු නිවාඩුවක් ගෙවන්න පුළුවන්. අපේ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට උදව්වක් කරන්නත් පුළුවන්.

අලුත් ම ඩේ අවුට් පැකේජස් ගැන දැනගන්න මෙතන ක්ලික් කරන්න.

රිවීව් එකක්

මේ අසීරු දවස්වල අපේ ම අයගේ බිස්නස්වලට වචනයකින් හරි සහායක් වෙන්න පුළුවන් නං ඒක හුඟක් වැදගත්. ඉතින් ඔයා බඩු ගත්ත කඩ/ ගිය හෝටල්/ රෙස්ටොරන්ට්වලට ගූගල් රිවීව්ස්වල හරි, ට්‍රිප් ඇඩ්වයිසර් එකේ හරි, ෆේස්බුක් එකේ හරි පුංචි රිවීව් එකක් දෙන්න. ඔයා කැමති ම රෙස්ටොරන්ට් එක ගැන ලියන්න දෙයක් තියනවා නං ලියන්න, යමු වෙබ්සයිට් එකෙත් තියනවා යූසර් රිවීව් ඔප්ෂන් එකක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide