වසංගතය මැද්දෙත් හිනා වෙලා ඉන්න, ලෝකේ සතුටු ම රටවල් 5.

ජාත්‍යන්තර සතුටු වීමේ දිනය යෙදිලා තියෙන්නේ මාර්තු 20 වෙනිදට. 2013 අවුරුද්දේ තමයි මෙහෙම දිනයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළේ. මේ සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කළේ භූතානය විසින්. ඒ 2011දී. යහපැවැත්ම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් ලෙස සතුටින් ඉඳීම අතිශයින් වැදගත් බව ඔවුන් පෙන්වා දුන්නා.

ඉතින් 2013 පටන් ඒ වෙනුවෙන් හැම අවුරුද්දක ම මාර්තු 20 වෙනිදට එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන විසඳුම් ජාලය විසින් එක්තරා වාර්තාවක් (World Happiness Report) නිකුත් කරලා ජාත්‍යන්තර සතුටු වීමේ දිනය සමරනවා. මේ වාර්තාවේ තියෙන්නේ ලෝකේ සතුටින් ම ඉන්න ජනතාව සහිත රටවල්වල ලැයිස්තුවක්.

මේ ලැයිස්තුව සකස් කරන්නේ යහපැවැත්ම සම්බන්ධ නිර්ණායක හයක් පදනම් කරගෙන. ඒ තමයි ආදායම, නිදහස, විශ්වාසය, අපේක්ෂිත ආයු කාලය, සමාජ සහයෝගය සහ ත්‍යාගශීලී බව.

මේ 2020 අවුරුද්ද මුළු ලෝකෙට ම එච්චර සුබදායක අවුරුද්දක් නෙවෙයි නේ. ඉතින් මේ අවුරුද්දේ කාට වුණත් සතුටින් ඉන්න පුළුවන්කම අඩුයි. හැබැයි එක්සත් ජාතීන්ගේ සතුටු වීමේ වාර්තාවට අනුව මේ ජරමර වසංගත අස්සෙත් සතුටින් ඉන්න මිනිස්සු සහිත රටවල් තියනවා. අපි මේ කියන්න යන්නේ ඒ රටවල් සහ ඔවුන් සතුටින් ඉන්න හේතු ගැන.

ෆින්ලන්තය

2020 සතුටු වීමේ වාර්තාවට අනුව ලෝකේ සතුටු ම මිනිස්සු ඉන්න රටවල් අතර ප්‍රමුඛයා ෆින්ලන්තය. ෆින්ලන්තය මේ කිරුළ දිනාගන්නේ පිට පිට තුන්වෙනි වතාවට වීමයි විශේෂත්වය. ලෝකේ හොඳ ම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙත් ෆින්ලන්තයේ කියල අහල ඕගොල්ලො ඇති නේ. ඉතින් වසංගත කාලයේත් ෆින්ලන්තය ලෝකේ සතුටු ම රට වීමේ රහස ගැන ෆින්ලන්ත අගනුවර හෙල්සින්කිහි වාසය කරන සැමුවෙල් කොපරොයිනන්, සීඑන්එන් ප්‍රවෘත්ති සේවාවට පවසන්නේ මෙබන්දක්.

“ගුණාත්මක මහජන සෞඛ්‍ය සේවයක් ගැන ඇති විශ්වාසය කියන්නේ යහපැවැත්මේ ප්‍රධාන ම සාධකයක්. අසනීප වුණොත්, ආබාධිත වුණොත්, තමන්ට නිවැරදි ව ඒකට ප්‍රතිකාර ලැබෙන බවට ෆින්ලන්ත ජනතාව තුළ දැඩි විශ්වාසයක් තියනවා. එහි ගුණාත්මක භාවය ගැන අපට සැකයක් නැහැ.”

ඒ වගේ ම කොරෝනා නිසා ඇති වන රැකියා අස්ථාවර භාවයත් මේ කාලයේදි ලෝකෙ වටේ ම මිනිස්සුන්ට ප්‍රශ්නයක්. ඒ ගැන ඔහු කියන්නේ මෙහෙම.

“අපිට රැකියාව අහිමි වුණොත්, අපි හෝ අපේ දරුවන් අසනීප වුණොත් රජය අපිව බලාගන්නවා. කිසියම් විදිහකින් ආදායම අහිමි වුණොත් අපිට හානිපූරණ වන්දි මුදල් හම්බ වෙනවා. අපේ දෛනික ජීවිතය පවත්වාගෙන යන්න ඒක හයියක්. ඒ වගේ ම නගර සභා සහ පල්ලි මඟිනුත් ඒ ඒ ප්‍රදේශවල ජනතාවට ආධාර සපයන්න කටයුතු සංවිධානය කරලා තියනවා.”

ඩෙන්මාර්කය

ලෝකේ සතුටින් ම ඉන්න ජනතාව සහිත රටවල් අතරින් මේ වසරේ දෙවැනි තැන ලැබෙන්නේ ඩෙන්මාර්කයට. හැම අවුරුද්දෙ ම වගේ සතුටු රටවල් ලැයිස්තුවේ මුල් පහ අතරට එන රටක් ඩෙන්මාර්කය. රටවල් 156ක් අතරින් දෙවැනි තැන ලැබීමත් ජයග්‍රහණයක් නේ. 

ඩෙන්මාර්කය කියන්නේ සමාජ සුබසාධනය සම්බන්ධයෙන් වන පොදු වගකීම ගැන හොඳ අවබෝධයක් සහිත ජනතාවක් ඉන්න රටක්. එකිනෙකාගේ යහපැවැත්ම වෙනුවෙන් හැමෝම කටයුතු කළ යුතු ආකාරය ගැන ඔවුන් නිතර අවදියෙන්. සමානාත්මතාව සහ එකමුතුකම අතිනුත් ඩෙන්මාර්ක් ජනතාව ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා ම වසංගත අවස්ථාවේ තමන්ගේ හැසිරීම මොන වගේ විය යුතු ද කියල ඔවුන් දැනුවත්. ඒ වගේ ම කොරෝනා පැතිරීම වළක්වා ගැනීමට අවශ්‍ය විනය මොවුන් ළඟ තියන නිසා නිවැරදිව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නත් ඔවුන් පෙළඹෙනවා.

මේ අයගේ සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන් ම වගේ ගාස්තුවලින් තොරයි. වියපත් වැඩිහිටියන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍යය ගැන රජය බෙහෙවින් උනන්දුයි. වයස්ගත උදවියට විශ්‍රාම වැටුපට අමතරව, අවශ්‍ය නම් රැකබලා ගන්නෙකුත් ගෙදරට ම සපයනවා. රැකියා අහිමි වන අයට නැවත රැකියාවක් ලැබෙනකන් රජය ඔවුන්ට සහයෝගය දෙනවා.

ස්විට්සර්ලන්තය

දන්නව නේ චොක්ලට්වලට ප්‍රසිද්ධ ස්විට්සර්ලන්තය? 2015 අවුරුද්දේ සතුටු රටවල් ලැයිස්තුවේ පළමු තැන ගත්ත ස්විට්සර්ලන්තයට මේ අවුරුද්දේ ලැබෙන්නේ තුන්වෙනි තැන. ස්විට්සර්ලන්තය කොහොමත් ධනවත් රටක්. ඒ වගේ ම එක් පුද්ගලයෙකුගේ සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය අවුරුදු 80ක් පමණ වෙනවා. ලෝකේ ස්ථුල භාවය අඩු රටවල් අතරිනුත් ස්විට්සර්ලන්තය පෙරමුණේ ඉන්නවා. ඒ නිසා ඔවුන් ඉතා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් කියල කියන්න පුළුවන්.

ස්විට්සර්ලන්තයේ සෞඛ්‍ය අංශ ඉතා කාර්යක්ෂමයි. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ මූලස්ථානය පිහිටලා තියෙන්නෙත් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර නේ. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ චොක්ලට් කර්මාන්තයත් මේ සතුටට බලපානව කියල දන්නවද? චොක්ලට් කියන්නේ මොළයේ තියන ඩොපමීන් කියන සතුට දනවන රසායනිකය රිලීස් කරන කෑමක්. ඉතින් නිතර චොක්ලට් කෑමත් ස්විට්සර්ලන්ත ජනතාව සතුටින් ඉන්න හේතුවක් ලු!

අයිස්ලන්තය

ලැයිස්තුවේ හතර වෙනි තැන ඉන්නේ අයිස්ලන්තය. මේක පුංචි වුණත් හරි ම සාමකාමී රටක්. කොටින් ම ඔවුන්ට හමුදාවක්වත් නෑ. අපිට හමුදාවක් ඕනෙත් නෑ කියලයි ඔවුන් කියන්නේ. ඒ වගේ ම විශිෂ්ට සෞඛ්‍ය සේවයක් ඔවුන් සතුයි. ලෝකේ අඩු ම ළදරු මරණ සංඛ්‍යාවක් සහිත රටවල් අතරින් අයිස්ලන්තය ප්‍රමුඛ තැනක ඉන්නවා. ලෝකයට සාපේක්ෂව ඉහළ ම ආයු කාලයක් අත්විඳින්නත් මේ රටේ ජනතාව සමත්.

මේ රටින් කොරෝනා රෝගීන් 1841ක් වාර්තා වුණත් ඉන් 1823ක් ම සුවය ලැබුවා. ඒ අතරෙ ම කොරෝනා මරණ සංඛ්‍යාව 10කට සීමා කරන්න අයිස්ලන්තයට හැකි වුණා. ඒ අනුව දැන් අයිස්ලන්තයේ සුවය නොලැබූ කොරෝනා රෝගීන් ඉන්නේ අට දෙනෙක් විතරයි. කොරෝනා පැතිරීම වළක්වාගන්න මේ ජනතාව කොයි තරම් හොඳින් රජයට සහාය වුණා ද කියනවා නම්, රට ලොක්ඩවුන් කරන්නවත් අවශ්‍යතාවක් මතු වුණේ නෑ. ඒ වෙනුවට මිනිස්සු නිවැරදිව නිරෝධායන සහ සෞඛ්‍ය නීතිරීති පිළිපැද්දා.

නෝර්වේ

2017 වර්ෂයේ සතුටු රටවල් ලැයිස්තුවේ පළමු තැන ගත් නෝර්වේ රාජ්‍යය මේ වෙද්දි පස් වෙනි තැනට පත් වෙලා. කොහොම වුණත් බහුතරයක් රටවලට සාපේක්ෂව ඔවුන්ගේ සෞඛ්‍ය සහ සුබසාධන අංශ හුඟක් ශක්තිමත් බව කියන්න පුළුවන්. කොටින් ම මේ අවුරුද්දේ ඇමරිකා එක්සත් ජනපදය ඉන්නේ ලැයිස්තුවේ 18 වෙනි තැන. එක්සත් රාජධානිය ඉන්නේ 13 වෙනි තැන. ජපානය 62 වෙනි තැන සහ චීනය 94 වෙනි තැන ගන්නවා. ධනවත් ආර්ථිකයක් තිබීම පමණක් සතුටු වීමේ රහස නොවෙන බව ඉන් ඔප්පු වෙනවා.

නෝර්වේහි ඉන්නේ සාපේක්ෂව අඩු ජනගහනයක්. ඔවුන් කියන විදිහට රජය ක්‍රියාත්මක කරන නිවැරදි නීතිරීති සහ ප්‍රතිපත්ති නිසා තමන් සමාජ සහ ආර්ථික අතින් සුරක්ෂිතයි කියල ඔවුන්ට දැනෙනවා. නොර්වේවලින් වාර්තා වුණ කොරෝනා රෝගීන් 9000 අතරින් 8500කට අධික සංඛ්‍යාවක් සුවය ලැබුවා. වසංගත මර්දනයේදී ඔවුන් ක්‍රියාත්මක කළ වැදගත් ම පියවර වුණේ එක් දිනකදී පීසීආර් පරීක්ෂණ සුවිශාල සංඛ්‍යාවක් සිදු කිරීමයි. ඒ අනුව මේ වෙද්දි ඔවුන් පරීක්ෂණ ලක්ෂ දෙකහමාරකට අධිකව සිදු කරලා තියනවා.

ලෝකේ සතුටු ම රටවල් 10 අතර ඉතිරි රටවල් 5 වෙන්නේ නෙදර්ලන්තය, ස්වීඩනය, නවසීලන්තය, ඔස්ට්‍රියාව සහ ලක්සම්බර්ග්. ලැයිස්තුවේ අවසාන හරිය නිරීක්ෂණය කළාම ලෝකේ අසතුටු ම රටවල් හඳුනාගන්න පුළුවන්. ඒ අනුව යට ම ඉන්නේ ඇෆ්ගනිස්තානය. ඊට අමතරව දකුණු සුඩානය, සිම්බාබ්වේ, රුවන්ඩාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, ටැන්සානියාව, බොට්ස්වානා, යේමනය, මලාවි සහ ඉන්දියාව ලෝකේ අසතුටු ම රටවල් 10 වෙනවා. රටවල් 156ක් අතරින් අපේ ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙන්නේ 130 වෙනි තැන. ඒක නම් සතුටට කාරණයක් නෙවෙයි…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide