නිල් අහසට කැමති නැති කට්ටියක්! කවුද මේ වලාකුළු සමාජය?.

වලාකුළු නැති පැහැදිලි අහසක් කියන්නේ වැහි ලකුණු නැති දීප්තිමත් දවසක පෙර නිමිත්තක්. ‘නිල් අහස් තලේ අගේ – නෑ වලාකුළු’ කියල පුංචි කාලේ අපි සින්දුත් කිව්ව නේ. හැබැයි අහස තනිකර නිල් පාට වෙනවට කැමති නැති පිරිසකුත් ඉන්නව ලු. ඒ තමයි වලාකුළු ලෝලියෝ. අපි අතරෙත් මෙහෙම අය ඉන්නව නේ. අමුතු ලස්සන වලාකුළක් දැක්ක ගමන් තැන නොතැන නොබලා ෆොටෝ ගහන්නෙ මේ වගේ අය.

ඉතින් ලෝකේ වටේ ම ඉන්න මේ වගේ වලාකුළු පිස්සො එකතු වෙලා සමාජයක් හදාගෙන. දැනගෙන හිටියෙ නෑ නේද ඒ වගක්? මේකට කියන්නෙ The Cloud Appreciation Society කියලා. මුළු ලෝකෙ ම විසිරිලා ඉන්න වලාකුළුවලට ආදරේ කරන පිරිසක් තමයි මේකේ සාමාජිකත්වය දරන්නේ.

ආරම්භය

වලාකුළු සමාජය පටන් අරන් තියෙන්නේ 2005 දි. මුල් ම සාමාජිකයා හෙවත් මේකේ ආරම්භකයා තමයි ගැවින් ප්‍රිටෝ-පිනේ. දැනට රටවල් 120ක වලාකුළු නරඹන්නන් 50,000කට අධික ප්‍රමාණයක් මේ සමාජයේ සාමාජිකත්වය දරනවා. වැඩි ම සාමාජික ප්‍රමාණයක් ඉන්නේ එක්සත් රාජධානියෙන්. ඒ 26,000ක පමණ පිරිසක්. ඊළඟට ඇමරිකා එක්සත් ජනපදයෙන් සාමාජිකයන් 14,000ක් ඉන්නවා. ලංකාවෙන් නම් තාම ඉන්නේ සාමාජිකයන් සිව්දෙනයි.

වලාකුළු සමාජය

වලාකුළුවලට ආදරේ කරන, ඒවයේ කලාත්මක බව අගය කරන, ඒවා ස්වභාව ධර්මයේ කාව්‍යාත්මක එළිදැක්වීම් බව විශ්වාස කරන පිරිසක් තමයි මේ සමාජයේ ඉන්නේ. ඔවුන් අතර කාලගුණ විද්‍යාඥයන්, මාධ්‍යවේදීන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන්, නීතිඥයන් වගේ විවිධ විචිත්‍ර ක්ෂේත්‍රවල නියැළෙන අය ඉන්නවා.

ඔවුන් වලාකුළු ගැන කලාත්මක වගේ ම විද්‍යාත්මක හැදෑරීම් සිදු කරනවා. අදහස් හුවමාරු කරගන්නවා. වලාකුළු ගැන නිර්මාණය වුණු කවි, චිත්‍ර, සංගීතය වගේ ම වීඩියෝ එහෙමත් අන්තර්ජාලය ඔස්සේ බෙදාහදා ගන්නවා. අමුතු අමුතු අපූරු වලාකුළු ෆොටෝ බෙදාගන්න පුළුවන් Cloudspotters නම් ඇප් එකකුත් මේගොල්ලන්ට තියනවා.

හැබැයි මේක ලාභ නොලබන සංවිධානයක් නෙවෙයි. ඒ කියන්නේ ව්‍යාපාරික සමාජයක්. ඔවුන් වලාකුළු ගැන ලියැවුණු පතපොත, ඇඳුම් ආයිත්තම්, පුංචි පුංචි උපකරණ වගේ දේවල් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරනවා. ඉතින් මේක හරි අපූරු වැඩක්!

අහස අල්ලනවට විරුද්ධව!

වලාකුළු සමාජය කලාත්මක දේ කරනවට අමතරව ස්වභාව ධර්මයට එරෙහිව යන මිනිස්සුන්ගේ ක්‍රියාවලට විරෝධය පළ කරන්නත් කටයුතු කරනවා. Skywriting, නැත්තං අහසේ ලිවීම කියන්නෙ ඒ වගේ මෑත කාලේ ජනප්‍රිය වුණ වැඩක්. මේකෙදි සිදු කරන්නේ ගුවන් යානාවල දුම පාවිච්චි කරලා අහසේ අකුරු, ඉලක්කම් ආදී හැඩ ඇඳීම. බලන් ඉන්නකොට ලස්සනට පෙනුණට මේක හුඟක් වෙලාවට පාවිච්චි වෙන්නේ ඇඩ්වටයිසිං කැම්පේන්වලට. නැත්තං පොලිටිකල් කැම්පේන්වලට.

මේක නීති විරෝධී වැඩක් විදිහට මෙච්චර කල් නම් වෙලා තිබුණත් එක්සත් ජනපද රජය විසින් මෑතකදි ස්කයි රයිටිං නීත්‍යනුකූල කළා. දැන් ඒ නිසා ඕනෑ ම කෙනෙකුට තමන් කැමති ඕනෑ ම දෙයක් ගැන ඇඩ්වටයිස් කරන්න අහස පාවිච්චි කරන්න පුළුවන්. වලාකුළු සමාජය මේ දවස්වල අහස බිල්බෝඩ් එකක් කිරීමට විරෝධය පළ කරන්න ඔන්ලයින් පෙත්සමක් අත්සන් කරගෙන යනවා. ඔවුන් කියන්නේ තම තමන්ගේ දැන්වීම් පළ කරන්න අහස පාවිච්චි නොකර සිටිය යුතුයි කියලයි. එහෙම කරන එක ස්වභාව ධර්මය දූෂණය කිරීමක් බවයි ඔවුන්ගේ මතය.

වලාකුළක් වෙන්න

ඉතින් ඔබත් වලාකුළු පිස්සෙක් නම්, වලාකුළු සමාජය එක්ක එකතු වෙන්න කැමති නම්, ඒගොල්ලන්ගේ වෙබ් අඩවියට පිවිසිලා සාමාජිකත්වය ගන්න ඔබටත් පුළුවන්. හැබැයි ඒ අය සාමාජිකත්ව ගාස්තුවක් අය කරනවා. කොහොම වුණත් ඒ අය එක්ක එකතු වුණොත් ලේසියෙන් නොලැබෙන, අලුත් විදිහේ අත්දැකීමක් ලබන්න ඔබට පුළුවන් වෙයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide