කඩෙන් අරන් බොන බබල් ටී.. ගෙදරදි ම හදමු.

බබල් ටී! මෑත කාලේ කට්ටිය අතරේ නැඟල යන්න පටන්ගත්ත බීම ජාතියක් මේ. බබල් ටීවලට ම වෙන් වුණ කඩ කීපයක් ම කොළඹ නගරෙ කීප තැනක තියනවා. ඒකට මොකද ගෙදරට වෙලා ඈලිමෑලි වෙවී ඉන්න කම්මැලි දවසක බබල් ටී තිබහක් ආවොත් මොකෝ කරන්නෙ?

එළියට යන්නත් කම්මැලී. බබල් ටීත් ඕනෙ.

එහෙනං ලෑස්ති වෙන්න. අපි බබල් ටී හදන්නයි යන්නෙ.

මොනවද මේ බබල් ටී?

බබල් ටී කියන්නෙ තායිවානෙ උපන් බීම ජාතියක්. බීම එක බොනකොට ඒකට දාල තියන බුබුළු හැපෙන එක තමයි මේකේ විශේෂත්වය. මතකයි නෙ කැප්ටන් හැඩොක්ගෙ ‘බුබුළු නඟින බෙලිකටු?’ ඒ වගේ මේ තියෙන්නේ ‘බුබුළු නඟින තේ’.

කඩේ නම් මේවා මූලික වශයෙන් වර්ග තුනකින් ලබාගන්න පුළුවන්. ඒ තමයි ප්ලේන් බබල් ටී, මිල්ක් බබල් ටී සහ ෆෘටී බබල් ටී. මේ ලිපියෙන් අපි කියන්න යන්නේ මිල්ක් බබල් ටී එකක් හදන විදිහ. මේවට දාන බබල්ස්, නැත්තන් පර්ල්ස් සාමාන්‍යයෙන් හදන්නේ මඤ‍්ඤොක්කා පිටිවලින්. මේ බබල්ස් හඳුන්වන්නේ ටපියෝකා පර්ල්ස් කියල. ටපියෝකා කියන්නේ මඤ‍්ඤොක්කාවලට නේ. නැත්තං මේ බබල්ස්වලට බොබා කියලත් කියනවා.

ගෙදර ම හදමු

දැන් තියනවා ප්‍රශ්නයක්. ගෙදර ම බබල් ටී හදනවා නම් ටපියෝකා පර්ල්ස් කොහෙන්ද?

පිටරටවල නම් මේ ටපියෝකා පර්ල්ස් පැකට් කරලා කඩවල්වල විකුණනවා. මෙහෙ නම් හොයාගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා ඒ වෙනුවට හරි යන විකල්පයක් පාවිච්චි කරන්න අපිට පුළුවන්. බය වෙන්න එපා, ඒකෙන් රසට කිසි ම හානියක් වෙන්නෙ නෑ. ඒ තමයි කෝන් ෆ්ලා. ඉතින් අපි කෝන් ෆ්ලා බබල්ස් දාපු බබල් ටී හදන්නයි යන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය

දුඹුරු සීනි මේස හැඳි 2ක්

වතුර කෝප්ප බාගයක්

කෝන් ෆ්ලා මේස හැඳි 2-3ක්

කළු පාට කලරිං බින්දුවක්

ෂුගර් සිරප් ටිකක් 

අයිස් කැට

හදාගත් තේ ටිකක්  

කිරි

බුබුළු හදන විදිහ

මුලින් ම වතුර කෝප්ප කාලක් පෑන් එකකට දාල ඒකට දුඹුරු සීනි මේස හැඳි 2 එකතු කරලා ලිපේ තියන්න. මඳ ගින්නේ හැඳි ගාන්න. සීනි ටික හොඳට දිය වුණාට පස්සේ ඉතිරි වතුර කෝප්ප කාලට කෝන් ෆ්ලා ටිකක් එකතු කරලා, ඒ මිශ්‍රණයත් අර ලිපේ තියන සීනි දිය කරපු මිශ්‍රණයට ම එකතු කරන්න. හොඳින් හැඳි ගාන්න.

ටික වෙලාවක් හැඳි ගානකොට පැණි පාට උකු තලපයක් ඔබට ලැබේවි. මේ පේස්ට් එක හුඟක් ගනත් නැති දියත් නැති නියම පදමට ආවට පස්සේ ලිප ඕෆ් කරන්න. දැන් ඒකට තවත් කෝන් ෆ්ලා මේස හැන්දක් එකතු කරලා හොඳට කලවම් කරන්න. බබල්ස් කළු පාටින් ඕන නම් කළු පාට කලරිං චුට්ටක් එකතු කරන්න වෙලාවයි මේ. කලරිං බින්දුවක් එකතු කරලා හොඳට කලවම් කළාම මුළු පේස්ට් එක ම තනි කළු පාට වෙනවා. කලරිං දාන්න කැමති නැත්තං නිකං හදාගත්තත් කමක් නෑ . හැබැයි එතකොට බුබුළු ටික එන්නේ දුඹුරු පාටින්. 

දැන් අපි තලපය බුබුළු බවට පත් කරන්නයි යන්නේ. මුලින් ම පාන් කපන ලෑල්ල වගේ පැතලි මතුපිටකට කෝන් ෆ්ලා ටිකක් හලලා තුනී කරගන්න. ඊටපස්සේ අර තලපය ඒක උඩට දාල හොඳට කෝන් ෆ්ලාවල තවරගන්න. එහෙම කරන්නේ අතේ ඇලවෙන්නේ නැති වෙන්නයි. ඊළඟට අපේ කළු පේස්ට් එකෙන් පුංචි කෑලි කඩලා ටිකක් මහත දිග තීරු කීපයක් හදාගන්න. දැන් ඒ තීරු ජිල්බෝලවලට වඩා පොඩ්ඩක් පොඩි, පුංචි පුංචි කෑලිවලට කපන්න. ඒ කෑලි ටික අල්ලේ තියල බෝල වෙනකං හොඳට රවුම් කරන්න. දැන් තියනවා සුදු පාට කෝන් ෆ්ලා තැවරුණ කළු පාට බෝල ගොඩක්. ඔය තමයි අපේ බබල්ස් ටික.

දැන් භාජනයක් ලිපේ තියල ඒකට උණුවතුර දාන්න. මඳ ගින්නේ රත් වෙන්න දෙන්න. වතුර ටික නටනකොට බබල්ස් ටික ඒකට එකතු කරන්න. විනාඩි පහක් මඳ ගින්නේ රත් වෙන්න දෙන්න. විනාඩි පහකට පස්සේ සුදු පාට කෝන් ෆ්ලා අයින් වුණ, තනි කළු පාට ජිල්බෝල වගේ බෝල ගොඩක් ලැබේවි. දැන් ලිප නිවන්න. බබල්ස් ටික විනාඩි දහයක් නිවෙන්න දීලා වතුර ටික පෙරන්න. ඊටපස්සේ ඇල්වතුරෙන් යන්තමින් තෙමලා නැවතත් වතුර ටික පෙරන්න. දැන් ඔන්න තියනවා බැබළි බැබළි බුබුළු. දැන් මේකට ෂුගර් සිරප් චුට්ටක් එකතු කරන්න.

ටී එක හදන විදිහ 

මුලින් ම සාමාන්‍යයෙන් අපි තේ හදන විදිහට සීනි දාල තේ ටිකක් හදාගන්න. දැන් වීදුරුවක් අරං ඒකට අයිස් කැට ටිකක් දාල ඊළඟට බබල්ස් එකතු කරන්න. දැන් ඒ වීදුරුවට අර හදාගත්ත තේ ටිකක් එකතු කරන්න. දැන් වීදුරුවෙන් බාගයක් විතර පිරිලා. ඉතිරි බාගේ සම්පූර්ණ වෙන්න කිරි එකතු කරන්න. දැන් පරිස්සමින් හැන්දකින් කලවම් කරන්න.

කළු පාට බබල්ස් තැන් තැන්වලින් මතු වුණ, ලස්සන මිල්ක් බබල් ටී එකක් දැන් ඔබට ලැබිල ඇති. දැන් තියෙන්නේ රස බලන්න! මතක ඇතිව ටිකක් මහත ස්ට්‍රෝ එකක් පාවිච්චි කරන්න. නැත්තං අර බබල්ස් ටික වීදුරුවෙ ම ඉතුරු වෙයි!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide