කඩෙන් අරන් බොන බබල් ටී.. ගෙදරදි ම හදමු.

බබල් ටී! මෑත කාලේ කට්ටිය අතරේ නැඟල යන්න පටන්ගත්ත බීම ජාතියක් මේ. බබල් ටීවලට ම වෙන් වුණ කඩ කීපයක් ම කොළඹ නගරෙ කීප තැනක තියනවා. ඒකට මොකද ගෙදරට වෙලා ඈලිමෑලි වෙවී ඉන්න කම්මැලි දවසක බබල් ටී තිබහක් ආවොත් මොකෝ කරන්නෙ?

එළියට යන්නත් කම්මැලී. බබල් ටීත් ඕනෙ.

එහෙනං ලෑස්ති වෙන්න. අපි බබල් ටී හදන්නයි යන්නෙ.

මොනවද මේ බබල් ටී?

බබල් ටී කියන්නෙ තායිවානෙ උපන් බීම ජාතියක්. බීම එක බොනකොට ඒකට දාල තියන බුබුළු හැපෙන එක තමයි මේකේ විශේෂත්වය. මතකයි නෙ කැප්ටන් හැඩොක්ගෙ ‘බුබුළු නඟින බෙලිකටු?’ ඒ වගේ මේ තියෙන්නේ ‘බුබුළු නඟින තේ’.

කඩේ නම් මේවා මූලික වශයෙන් වර්ග තුනකින් ලබාගන්න පුළුවන්. ඒ තමයි ප්ලේන් බබල් ටී, මිල්ක් බබල් ටී සහ ෆෘටී බබල් ටී. මේ ලිපියෙන් අපි කියන්න යන්නේ මිල්ක් බබල් ටී එකක් හදන විදිහ. මේවට දාන බබල්ස්, නැත්තන් පර්ල්ස් සාමාන්‍යයෙන් හදන්නේ මඤ‍්ඤොක්කා පිටිවලින්. මේ බබල්ස් හඳුන්වන්නේ ටපියෝකා පර්ල්ස් කියල. ටපියෝකා කියන්නේ මඤ‍්ඤොක්කාවලට නේ. නැත්තං මේ බබල්ස්වලට බොබා කියලත් කියනවා.

ගෙදර ම හදමු

දැන් තියනවා ප්‍රශ්නයක්. ගෙදර ම බබල් ටී හදනවා නම් ටපියෝකා පර්ල්ස් කොහෙන්ද?

පිටරටවල නම් මේ ටපියෝකා පර්ල්ස් පැකට් කරලා කඩවල්වල විකුණනවා. මෙහෙ නම් හොයාගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා ඒ වෙනුවට හරි යන විකල්පයක් පාවිච්චි කරන්න අපිට පුළුවන්. බය වෙන්න එපා, ඒකෙන් රසට කිසි ම හානියක් වෙන්නෙ නෑ. ඒ තමයි කෝන් ෆ්ලා. ඉතින් අපි කෝන් ෆ්ලා බබල්ස් දාපු බබල් ටී හදන්නයි යන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය

දුඹුරු සීනි මේස හැඳි 2ක්

වතුර කෝප්ප බාගයක්

කෝන් ෆ්ලා මේස හැඳි 2-3ක්

කළු පාට කලරිං බින්දුවක්

ෂුගර් සිරප් ටිකක් 

අයිස් කැට

හදාගත් තේ ටිකක්  

කිරි

බුබුළු හදන විදිහ

මුලින් ම වතුර කෝප්ප කාලක් පෑන් එකකට දාල ඒකට දුඹුරු සීනි මේස හැඳි 2 එකතු කරලා ලිපේ තියන්න. මඳ ගින්නේ හැඳි ගාන්න. සීනි ටික හොඳට දිය වුණාට පස්සේ ඉතිරි වතුර කෝප්ප කාලට කෝන් ෆ්ලා ටිකක් එකතු කරලා, ඒ මිශ්‍රණයත් අර ලිපේ තියන සීනි දිය කරපු මිශ්‍රණයට ම එකතු කරන්න. හොඳින් හැඳි ගාන්න.

ටික වෙලාවක් හැඳි ගානකොට පැණි පාට උකු තලපයක් ඔබට ලැබේවි. මේ පේස්ට් එක හුඟක් ගනත් නැති දියත් නැති නියම පදමට ආවට පස්සේ ලිප ඕෆ් කරන්න. දැන් ඒකට තවත් කෝන් ෆ්ලා මේස හැන්දක් එකතු කරලා හොඳට කලවම් කරන්න. බබල්ස් කළු පාටින් ඕන නම් කළු පාට කලරිං චුට්ටක් එකතු කරන්න වෙලාවයි මේ. කලරිං බින්දුවක් එකතු කරලා හොඳට කලවම් කළාම මුළු පේස්ට් එක ම තනි කළු පාට වෙනවා. කලරිං දාන්න කැමති නැත්තං නිකං හදාගත්තත් කමක් නෑ . හැබැයි එතකොට බුබුළු ටික එන්නේ දුඹුරු පාටින්. 

දැන් අපි තලපය බුබුළු බවට පත් කරන්නයි යන්නේ. මුලින් ම පාන් කපන ලෑල්ල වගේ පැතලි මතුපිටකට කෝන් ෆ්ලා ටිකක් හලලා තුනී කරගන්න. ඊටපස්සේ අර තලපය ඒක උඩට දාල හොඳට කෝන් ෆ්ලාවල තවරගන්න. එහෙම කරන්නේ අතේ ඇලවෙන්නේ නැති වෙන්නයි. ඊළඟට අපේ කළු පේස්ට් එකෙන් පුංචි කෑලි කඩලා ටිකක් මහත දිග තීරු කීපයක් හදාගන්න. දැන් ඒ තීරු ජිල්බෝලවලට වඩා පොඩ්ඩක් පොඩි, පුංචි පුංචි කෑලිවලට කපන්න. ඒ කෑලි ටික අල්ලේ තියල බෝල වෙනකං හොඳට රවුම් කරන්න. දැන් තියනවා සුදු පාට කෝන් ෆ්ලා තැවරුණ කළු පාට බෝල ගොඩක්. ඔය තමයි අපේ බබල්ස් ටික.

දැන් භාජනයක් ලිපේ තියල ඒකට උණුවතුර දාන්න. මඳ ගින්නේ රත් වෙන්න දෙන්න. වතුර ටික නටනකොට බබල්ස් ටික ඒකට එකතු කරන්න. විනාඩි පහක් මඳ ගින්නේ රත් වෙන්න දෙන්න. විනාඩි පහකට පස්සේ සුදු පාට කෝන් ෆ්ලා අයින් වුණ, තනි කළු පාට ජිල්බෝල වගේ බෝල ගොඩක් ලැබේවි. දැන් ලිප නිවන්න. බබල්ස් ටික විනාඩි දහයක් නිවෙන්න දීලා වතුර ටික පෙරන්න. ඊටපස්සේ ඇල්වතුරෙන් යන්තමින් තෙමලා නැවතත් වතුර ටික පෙරන්න. දැන් ඔන්න තියනවා බැබළි බැබළි බුබුළු. දැන් මේකට ෂුගර් සිරප් චුට්ටක් එකතු කරන්න.

ටී එක හදන විදිහ 

මුලින් ම සාමාන්‍යයෙන් අපි තේ හදන විදිහට සීනි දාල තේ ටිකක් හදාගන්න. දැන් වීදුරුවක් අරං ඒකට අයිස් කැට ටිකක් දාල ඊළඟට බබල්ස් එකතු කරන්න. දැන් ඒ වීදුරුවට අර හදාගත්ත තේ ටිකක් එකතු කරන්න. දැන් වීදුරුවෙන් බාගයක් විතර පිරිලා. ඉතිරි බාගේ සම්පූර්ණ වෙන්න කිරි එකතු කරන්න. දැන් පරිස්සමින් හැන්දකින් කලවම් කරන්න.

කළු පාට බබල්ස් තැන් තැන්වලින් මතු වුණ, ලස්සන මිල්ක් බබල් ටී එකක් දැන් ඔබට ලැබිල ඇති. දැන් තියෙන්නේ රස බලන්න! මතක ඇතිව ටිකක් මහත ස්ට්‍රෝ එකක් පාවිච්චි කරන්න. නැත්තං අර බබල්ස් ටික වීදුරුවෙ ම ඉතුරු වෙයි!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide