මෙදා පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන අය දැනගෙන ඉන්න ඕන විශේෂ කාරණා 6ක්.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් හැම අවුරුද්දක ම සංවිධානය කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දෙත් අදින් ආරම්භ වුණා. අද (සැප්තැම්බර් 18) ඉඳන් සැප්තැම්බර් 27 වෙනිදා දක්වා උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී බුක් ෆෙයා එක පැවැත්වෙනවා.

කොරෝනා වසංගත පැතිරීම නිසා ලෝකේ හැම රටේ ම වගේ ම අපේ රටෙත් ජන ජීවිතය, එදිනෙදා කටයුතු, උත්සව අවස්ථා ආදිය පහුගිය කාලේ අඩාල වෙලා නේ තිබුණේ. ඉතින් හුඟ දෙනෙක් හිතුවෙ මෙදා සැරේ නං පොත් ප්‍රදර්ශනේ තියෙන එකක් නැති වෙයි කියල. තාමත් වසංගත අවදානම සම්පූර්ණයෙන් ම පහ වෙලා නැතත්, දැන් දැන් යන්තම් ලංකාව අවදානමෙන් මිදෙමින් ඉන්න බව පේන්න තියන නිසා 2020 අවුරුද්දෙත් අඛණ්ඩ ව බුක් ෆෙයා එක පවත්වන්න පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට හැකි වෙලා තියනවා. ඉතින් කොරෝනා වසංගත ව්‍යාප්තියෙන් පස්සේ ලංකාවේ පැවැත්වෙන පළමු වෙනි විශාලතම ඉවෙන්ට් එක තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය.

කොහොම වුණත් අවදානමක් තියන නිසා ම මේ පාර බුක් ෆෙයා එක පැවැත්වෙන්නේ වසංගතය පැතිරීම පාලනයට අවශ්‍ය දැඩි පියවර රැසක් අනුගමනය කරමින්. ඉතින් ඒ පැත්තේ තත්ත්වය කොහොම ද කියල බලන්න, මේ අවුරුද්දේ ඉස්ඉස්සෙල්ලා ම පොත් ප්‍රදර්ශනය පටන්ගත්ත අද දවසේ උදේ අපි ගියා BMICH එකට. 

ගිය ගමන් ම මූණ දෙන්න වුණේ හිතපු නැති දේකට. සතියෙ දවසක් වෙලත්, උදේ මහ වැස්සක් වැටුණත්, හා හා පුරා කියල බුක් ෆෙයා එක පටන්ගත්ත මුල් දවසේ ම මෙන්න මහා සෙනඟක් BMICH එකට ඇදිලා එනවා! ඔය පේනව නෙ පින්තූර. කොරෝනා කාලෙන් පස්සෙ තියන මුල් ම ලොකු ඉවෙන්ට් එක නිසා වෙන්න ඕන. පළමු වෙනි දවසේ උදේ ම මේ තරං සෙනඟක් එයි කියල කවුරු කවුරුත් බලාපොරොත්තු වුණේ නැති බව තමයි පේන්න තිබ්බෙ.

කොහොම හරි පොත් ප්‍රදර්ශනේ වට දෙක තුනක් ඇවිද්දට පස්සෙ, මෙදා පාර බුක් ෆෙයා යන අය දැනගෙන සිටිය යුතුයි කියල හිතෙන කරුණු කීපයක් අපි අඳුනගත්තා. ඒ ගැනයි මේ කියන්න යන්නෙ.

1 සෞඛ්‍යාරක්ෂාව

මේ සැරේ බුක් ෆෙයා එකේ පළමු තැන හිමි වෙන්නෙ සෞඛ්‍යාරක්ෂාවට. BMICH එකට ඇතුළු වෙන තැන ඉඳලා ම උෂ්ණත්වය මනින, සැනිටයිසර් සපයන, හැමෝම මුඛ ආවරණ දාගෙන ඉන්නවා ද කියල සැලකිල්ලෙන් බලන නිලධාරීන් හැම තැන ම. අපි ගියේ පටන්ගත්ත ගමන් ම නිසා, BMICH පරිශ්‍රයට පයින් වගේ ම වාහනවලින් ඇතුළු වෙන, එක්කෙනෙක් නෑර හැමෝගෙම ශරීර උෂ්ණත්වය ප්‍රධාන පිවිසුමේ දී ම  පරීක්ෂා කරනවා අපි දැක්කා. පළමු වෙනි දවසේ ඒක කරන්න පුළුවන් වුණත්, පාලනේ කරන්න බැරි තරං සෙනඟ පිරිලා ඉතිරිලා තදබදය වැඩි වෙන සතිඅන්තය වගේ දවස්වලට, පරිශ්‍රයට ඇතුළු වෙන හැම කෙනාගේ ම උෂ්ණත්වය පරීක්ෂා කරන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ. පුළුවන් නම් ඉතා ම හොඳයි.

ටිකට් ගන්න තැන තදබදය නිසා ඇති විය හැකි කොරෝනා අවදානම අවම කරගන්න, එන්න කලින් ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න කියල සංවිධායකයෝ කලින් ම උපදෙස් දීල තිබුණ නිසා අපි ඔන්ලයින් රෙජිස්ටර් වෙලා ගියාට, එතන හිටපු උදවිය එහෙම වගක් දන්න පාටක් වත් පෙනුණේ නෑ. ටිකට් නිකුත් කරන අය නම, ලිපිනය, දුරකතන අංකය වගේ මූලික විස්තර ලියන්න පොඩි ෆෝම් එකක් එන හැමෝගෙම අතට දුන්නට ඒක කවුරුත් පුරවනවා වත්, පුරවල නැවත බාර දෙනවා වත්, බාරගන්න තැනක් තියනවා වත් අපි දැක්කෙ නම් නෑ. කොහොම වුණත් එතනින් ඇතුළු වෙන හැමෝටම සැනිටයිසර් නම් සැපයුවා. ඒ වගේ ම ගමන් මලු පරීක්ෂාවකුත් සිද්ධ වුණා.

සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ තැන් තැන්වල අත් සෝදන සින්ක් පේළි සකස් කරලා තියනවා දකින්න ලැබුණා. විශේෂයෙන් ප්‍රධාන පෙළේ ලොකු පොත් සාප්පුවලට අයත් කුටිවලත් පිවිසුම් දොරටු ළඟ සැනිටයිසර් ලබා දෙනවා. ඒ වගේ ම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කෙරෙනවා.

ඒ වගේ විශාල කුටිවලට සහ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවට සෙනඟ ඇතුළත් කිරීමේදි වෙනදා වගේ රොත්ත පිටින් සෙනඟ ඇතුළට ගන්නෙ නැතිව, පෝලිම් සකස් කරලා කොටසින් කොටස තමයි කුටිය ඇතුළට ගන්නේ. එහෙම කරන්නේ සමාජ දූරස්ථකරණ නීතිරීතිවලට අනුකූල වෙමින්, කුටි ඇතුළේ හුස්ම ගන්න බැරි තරමට සෙනඟ පිරෙන එක වළක්වන්නයි.

ඒ වගේ ම මුදල් අතපත ගෑවෙන එක වළක්වන්න, විශාල කුටිවල නම් මුදලින් හැරුණාම කාඩ්පත්වලින් ගෙවීම් කිරීම ධෛර්යමත් කෙරෙනවා. මීට අමතරව, කොරෝනා පැතිරීම වළක්වාගන්න සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඔබ අනුගමනය කළ යුතු පියවර මොනවද කියලා, ශබ්ද විකාශන යන්ත්‍රවලින් නිතර ම මතක් කරන්නත් සංවිධායකයන් කටයුතු යොදලා තියනවා. ඒ වගේ ම පරිශ්‍රය පුරා ම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු රාශියකුත් රාජකාරියේ නියැළිලා ඉන්නවා.

2 පහසුකම් 

මහ සෙනඟක් එන ඉවෙන්ට් එකක් නිසා, ඒ එන හැමෝටම අවශ්‍ය පහසුකම් ටික සංවිධානය වෙලා තියනවද කියල හොයා බලන එක වැදගත් නේ. විශේෂයෙන් සනීපාරක්ෂක පහසුකම්. පොත් ගන්න එන අයගේ පහසුව පිණිස පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ වැසිකිළි පහසුකම් සපයලා තියනවා. ඒ වගේ ම තවත් ලොකු ප්‍රශ්නයක් තමා පාකිං. තමන්ගේ වාහනවල බුක් ෆෙයා එන අයට ආරක්ෂිතව වාහන නැවැත්වීමේ පහසුකම් තියෙන්නේ කොහොම ද කියල බලන්න මෙන්න මෙතන ක්ලික් කරන්න.

ඊළඟට කෑමබීම ගැන. ඇත්තට ම පොත් ප්‍රදර්ශනේ පොත්වලටත් වඩා හයිලයිට් වෙන දෙයක් තමා කෑමබීම. ඇතුළු වුණ තැන ඉඳන් අපිට හම්බුණ කෑම කුටි ගාණ පොත් කුටි ගාණටත් වඩා වැඩියි ද මන්දා. හැම අවුරුද්දෙ ම එන්න එන්න අලුත් අලුත් කෑම කුටි බුක් ෆෙයා එකට එකතු වෙන බව තමයි පේන්න තියෙන්නෙ. නූඩ්ල්ස්, ෂෝටීට්ස්, අයිස්ක්‍රීම්, කිරි, සිසිල්  බීම කුටි වගේ ම ගල්කිස්ස හෝටලේ ෆුඩ්කෝට් එක එහෙමත් මේ පාරත් තියනවා. ඒ වගේ ම පොත් අරන් ඇවිදලා එන අයට මහන්සි නිවාගන්න තැන් තැන්වල තියපු වතුර ෆිල්ටර්ස් එහෙම සෑහෙන උදව්වක්.

හැබැයි ඉතින් කාලා බීලා කුණුකසළ තැන තැන නොදා පොලිතීන්, ප්ලාස්ටික්, ඉඳුල් සහ කඩදාසි විදිහට නම් කරලා වෙන් කරලා තියන කසළ බඳුන්වලට පිළිවෙළින් බැහැර කරන එක ඔබේ වගකීම.

3 ඩිස්කවුන්ට්

දැන් එමුකො වැදගත් ම කතාවට. ඒ තමයි ඩිස්කවුන්ට්. ඇත්තට ම බුක් ෆෙයා එකට මෙච්චර සෙනඟක් එන්න ප්‍රධාන ම හේතුව තමයි හැම පොතකට ම පොඩි හරි වට්ටමක් ලැබීම. ඉස්සර නං බුක් ෆෙයා එකේ කුටිවලින් 30%ක වට්ටමක් ලැබුණට, දැන් අවුරුදු කීපයක ඉඳල හැම කුටියක් ම නිල වශයෙන් දෙන වට්ටම 20%යි. ඊට වැඩි වට්ටම් ලැබෙනව නම් ලැබෙන්නෙ බාගේන් කුටි පැත්තෙන් තමයි. එතනින් 50% දක්වා වට්ටම් ලබාගන්න පුළුවන්. ගුණසේන බාගේන් කුටිය විතරක් සමහර පොත්වලට 75%ක වට්ටමක් දෙනවා දකින්න ලැබුණා.

විශේෂයෙන් අඩු මිලට ඉංග්‍රීසි පොත්, ඩික්ෂනරි එහෙම හොයන අය අනිවාර්යයෙන් බාගේන් කුටි පැත්තෙ යන්න. මීට අමතරව ස්ටොක්ස්වල ඉතුරු වුණ පරණ පොත් රු. 100ට අඩු පොඩි පොඩි ගණන්වලට මිල දී ගන්නත් බාගේන් කුටි පැත්තෙ ගියොත් පුළුවනි.

ඉංග්‍රීසි පොත් ගැන කියද්දි මේකත් මතක් කරන්න ඕන. මැටිල්ඩා, චාලි සහ චොක්ලට් ෆැක්ටරිය එහෙම ලියපු රෝල්ඩ් ඩාල් මතකයි නේද? පොත් 15කින් සමන්විත රෝල්ඩ් ඩාල්ගේ පොත් කට්ටලය ම රු. 4800ක් වගේ මුදලකට මිල දී ගන්න පුළුවන්, D හෝල් එකේ සුභා ප්‍රකාශන පැත්තෙ ගියොත්.

ඒ වගේ ම ඒ කුටියේ ම කොමික් බුක්ස්වලට වහ වැටුණු අයටත් පෙරළ පෙරළ බලන්න ගොඩක් දේ තියනවා. විශේෂයෙන් මාවල් කොමික්ස්වලට ආස පොඩ්ඩන්ට ලැබෙන හොඳ චාන්ස් එකක් මේක.

මුද්‍රිත පතපොතවලට අමතරව ස්ටේෂනරි මිලට ගන්නත් විශාල පිරිසක් බුක් ෆෙයා එකට එනවා. පාසල් යන පොඩ්ඩන්ගේ ලබන අවුරුද්දේ පොත් ලැයිස්තුව ගන්න එන අම්මලා තාත්තලා එහෙම මේ අතරෙ ඉන්නවා.

බොහොමයක් ස්ටේෂනරි කුටිවලත් 20% වට්ටම ම දෙන බව තමයි පේන්න තිබුණේ. හැබැයි H හෝල් එක පැත්තේ ගියොත්, සමහර අයිටම්ස්වලට විතරක් 30%, 50% වගේ වට්ටම් දෙන කුටියක් දෙකක් තියනවා.

4 ස්වර්ණ පුස්තක

2020 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත පොත් පහ ගැන සිංහල පොත් කියවන පාඨකයෝ හැමෝම උනන්දුයි නේ. මේ සැරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත්තෙ එරික් ඉලයප්ආරච්චිගේ ‘පේත’ නවකතාව. ඒ එක්ක ම අවසන් වටයට නිර්දේශ වුණු අනෙක් පොත් හතර තමයි සුරත් ද මැල්ගේ ‘තී හා තා’, ශමෙල් ජයකොඩිගේ ‘කුමර කොබෙයි’, සුනේත්‍රා රාජකරුණානායකගේ ‘නිෂ්ක්‍රාන්තිය’ සහ ලියනගේ අමරකීර්තිගේ ‘රතු ඉරි අඳින අත’. ප්‍රධාන පෙළේ ප්‍රකාශන ආයතන කීපයක් ම මේ පොත් පහ එක බන්ඩලයක් විදිහට අඩු මිලකට දෙනවා. විශේෂයෙන් D සහ M හෝල් දෙකේ ඉන්න සරසවි ප්‍රකාශකයින්ගේ කුටිය පැත්තේ ගියොත් ගන්න පුළුවන්.

5 ෂර්ලොක් හෝම්ස් 

හැදුණොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් පොත් කියවන පිස්සුව. ඔන්න මේ පාරත් පොත් සමය වෙනුවෙන් ඔහුගේ ෂර්ලොක් හෝම්ස් පොතක් එළිදැකලා. ඒ තමයි ‘රහසිගත ලිපිගොනු – 19’ විදිහට ප්‍රකාශයට පත් වෙන ‘මුහුදු ගිනිඅවිය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා’. මේකත් සිංහල පොත් සහිත කුටි බොහොමයක ඉස්සරහින් ම ප්‍රදර්ශනය කරලා තිබුණා.

6 වෙනත්

පොත් ප්‍රදර්ශනේ කිව්වට මේකේ තියෙන්නේ පොත් විතරක් ම නෙමෙයි නේ. එන්න එන්න ම බුක් ෆෙයා එක පොත්වලට අමතරව තවත් විශේෂ ක්‍රියාකාරකම් රැසක් සහිත සැණකෙළියක සිරිය ගන්න බව මේ පාරත් පේන්න තිබුණා. ඇට්ලස් ස්කිල් ෆැක්ටරි, නෙස්ලේ ෆැමිලි ක්ලබ් එහෙම ඒ වගේ වෙනත් කුටි අතරේ කැපිලා පෙනුණා.

ඊට අමතරව බුක් ෆෙයා එකේ කුටි අතර ටිකක් දුර්ලභ, ඒ නිසා ම බොහොම වැදගත් කුටියක් අපේ ඇහැ ගැහුණා. ඒ තමයි H හෝල් එකේ සකුරා ආට් ස්ටෝර් එක. චිත්‍ර ශිල්පය ප්‍රගුණ කරන අයට එහෙම මේ ස්ටෝල් එක පැත්තේ ගියොත් සෑහෙන ප්‍රයෝජනවත් වේවි.

ඉතින් හැමෝටම සුබ පොත් සමයක් වේවා!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide