බුක් ෆෙයා එකෙන් මඟ නොහැර මිල දී ගන්න.. 2020 අවුරුද්දේ සාහිත්‍ය සම්මාන දිනපු සිංහල කෘති.

අවුරුද්දකට වතාවක් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙවත් බුක් ෆෙයා එක ඊයේ ආරම්භ වුණා. මේක ඉතින් පොත්ගුල්ලන්ට සුබ ආරංචියක් නේ. මෙදා පාර බුක් ෆෙයා යද්දි දැනගෙන ඉන්න ම ඕන විශේෂ කරුණු කීපයක් ගැන අපි ඊයේ ඔබට කිව්වා. ඒ වගේ අද කියන්න යන්නේ මේ අවුරුද්දේ සාහිත්‍ය සම්මාන දිනාගන්න සමත් වුණ සිංහල නවකතා, කෙටිකතා සහ කවි පොත් ගැන. මේක සිංහල පාඨකයන්ට වැදගත් තොරතුරක් වෙයි කියල අපි හිතනවා. බුක් ෆෙයා යන්න හිතන් ඉන්නවා නම්, මේ පොත් ලැයිස්තුව කියවල බලලා, අදාළ ප්‍රකාශන ආයතනවලට අයිති කුටිවලට ගිහින් මේ පොත් ටික මිලට ගන්න ඔබට පුළුවන්.

කොහොම වුණත් සම්මානයට පාත්‍ර වුණු පමණින් ම පොතක් හොඳ පොතක් වෙන්නෙවත්, සම්මාන නොලැබුණු පමණින් පොතක් නරක පොතක් වෙන්නෙවත් නෑ කියලත් කියන්න ම ඕන!

ස්වර්ණ පුස්තක සම්මාන 

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මානය ලැබෙන්නේ වසරේ විශිෂ්ටතම සිංහල නවකතාවට. දැනට ලංකාවේ සාහිත්‍ය සම්මානයකට ලබා දෙන ලොකු ම ත්‍යාගය ලැබෙන්නේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලෙන්. ඒ මුදල රුපියල් ලක්ෂ හතහමාරක්. මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙල පහුගිය දා පැවැත්වුණා. එහිදී 2019 වසරේ ප්‍රකාශයට පත් වුණු විශිෂ්ටතම නවකතාව ලෙස සම්මාන හිමි කරගත්තේ එරික් ඉලයප්ආරච්චි ලියූ ‘පේත’ නවකතාව. මේක ගොඩගේ ප්‍රකාශනයක්.

එරික් ඉලයප්ආරච්චි කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටින ප්‍රවීණ සාහිත්‍යකරුවෙක්. ඔහු බගන්දරා, විතණ්ඩ සමය, ආදරයේ සිමෙන්ති, ලලිත සමය, පාද යාත්‍රා, පරදේසි, රතු පලස වැනි නවකතා පොත් වගේ ම, වඩදිය, මල් නැති උයන, ලංකා ගමන, අවනඩුවක සටහන්, කෛලාස කූටය, මිනිස් වටය, බැග්ඩෑඩ්, ලේ විල සහ ඩාන්ටේ, චයිනා ටවුම වැනි කෙටිකතා පොතුත් රචනා කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. කාව්‍ය කෘති, පරිවර්තන, තිරරචනා, ශාස්ත්‍රීය ග්‍රන්ථ, චරිතාපදාන ආදී පොත්පත් රැසක් ඔහු අතින් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද වී තිබෙනවා.

‘පේත’ නවකතාව එක්ක ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට තවත් නවකතා හතරක් නිර්දේශ වුණා. ඒ තමයි සරසවි ප්‍රකාශන වෙන සුරත් ද මැල්ගේ ‘තී හා තා’, සුනේත්‍රා රාජකරුණානායකගේ ‘නිෂ්ක්‍රාන්තිය’, විදර්ශන ප්‍රකාශන වෙන ශමෙල් ජයකොඩිගේ ‘කුමර කොබෙයි’ සහ ලියනගේ අමරකීර්තිගේ ‘රතු ඉරි අඳින අත’.

රජත පුස්තක සම්මාන 

ස්වර්ණ පුස්තක සම්මානය ලැබෙන්නේ වසරේ විශිෂ්ටතම සිංහල නවකතාවට නේ. රජත පුස්තක සම්මානය කියන්නේ වසරේ විශිෂ්ටතම කෙටිකතා පොතට සහ වසරේ විශිෂ්ටතම කවි පොතට ලබා දෙන සම්මානය. මේකත් සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය. මෙවර රජත පුස්තක සම්මානයෙන් වසරේ විශිෂ්ටතම කෙටිකතා පොත විදිහට පිදුම් ලැබුවේ අනුරසිරි හෙට්ටිගේගේ ‘මැරීන් ඩ්‍රයිව්’ කෘතිය. මේක ගොඩගේ ප්‍රකාශනයක්.

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ නවකතා සහ කෙටිකතා රචකයෙක් අනුරසිරි හෙට්ටිගේ. ඔහු කළුවරයි පුරහඳ, ස්මරණ, බැඳමාරිය වැනි නවකතා පොත්, සිංහබාහු එනකං, දිමියා, චේ කෝ සහ තවත් කතා වැනි කෙටිකතා පොත් වගේ ම, කොළඹ ළමයි, රන් සිරිමල්, පරෙවියෝ ඇවිල්ලා වැනි යොවුන් නවකතා කෘතිත් රචනා කර තිබෙනවා.

ඒ වගේ ම, මෙවර රජත පුස්තක සම්මානයෙන් වසරේ විශිෂ්ටතම කවි පොත විදිහට පිදුම් ලැබුවේ අනුරාධා නිල්මිණිගේ ‘රිදුම් පිරි පිරිමැදුම්’ පොත. මේක සන්ථව ප්‍රකාශනයක්. අනුරාධා නිල්මිණි යුගස්ත්‍රී, වත් සියපත්, මඳහසක මැදියම වගේ කාව්‍ය කෘති ලියලා සිංහල කාව්‍ය ක්ෂේත්‍රය වර්ණවත් කළ කිවිඳියක්. ඊට අමතරව ඇය ලාලි කෙළිය, සවරංපාලිය වැනි නවකතාත් ලියා තිබෙනවා.

ගොඩගේ සාහිත්‍ය සම්මාන

ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කෙරෙන ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ නවකතා අංශයේ ප්‍රථම ස්ථානය හිමි වුණේ සුනේත්‍රා රාජකරුණානායකගේ ‘නිෂ්ක්‍රාන්තිය’ පොතට.

ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ කෙටිකතා අංශයේ ප්‍රථම ස්ථානය එරික් ඉලයප්ආරච්චිගේ ‘විශ්‍රාමික පෙම්වතිය’ පොතට හිමි වුණා. කාව්‍ය අංශයෙන් ප්‍රථම ස්ථාන දෙකක් හිමි කරගෙන සම සම්මාන ලබන්නට කවිකිවිඳියන් දෙදෙනෙකුට හැකි වුණා. ඒ ‘සරමිණි සුමුගුව’ පොත වෙනුවෙන් කුමාර හෙට්ටිආරච්චි සහ ‘රන් වන් පත්’ කෘතිය වෙනුවෙන් සුනන්දා රණසිංහ.

ඒ වගේ ම මේ උළෙලේ වසරේ නිර්මාණශීලී නවක දායකත්වය වෙනුවෙන් සුරත් ද මෙල්ගේ ‘තී හා තා’ නවකතාවත්, සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්ගේ ‘ගඩ්නේවාලා’ කෙටිකතා සංග්‍රහයත්, තිසර නන්දන ඔයගාවගේ ‘පිපී එනවැති නුරා තරුපෙති’ කාව්‍ය සංග්‍රහයත් සම්මානයට පාත්‍ර වුණා. 

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කෙරෙන සම්මාන උළෙල තමයි විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල. 2020 වසරේ විද්‍යෝදය සම්මාන උළෙලේත් විශිෂ්ටතම නවකතාවට හිමි සම්මානය දිනාගත්තේ මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානය දිනපු එරික් ඉලයප්ආරච්චිගේ ‘පේත’ නවකතාවමයි.

ඒ වගේ ම විද්‍යෝදය සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානයට හිමිකම් කිව්වේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ කෙටිකතා අංශයේ ප්‍රථම ස්ථානය දිනපු එරික් ඉලයප්ආරච්චිගේ ‘විශ්‍රාමික පෙම්වතිය’ පොතමයි. විද්‍යෝදය සම්මාන උළෙලේ කාව්‍ය අංශයේ විශිෂ්ටතම කෘතිය ලෙස සම්මානයට පාත්‍ර  වුණේ අජිත් තිලකසේනගේ ‘මොන තරම් අවුලක් ද’ කවි පොත.

මේ උළෙලවල් තුනට අමතරව ලංකාවේ තවත් සාහිත්‍ය සම්මාන උළෙලක් තියනවා. ඒ තමයි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්වෙන දිනය හෝ සම්මානවලට නිර්දේශිත කෘති පිළිබඳව තවමත් ආරංචියක් නැති නිසා ඒ ගැන තොරතුරු කියන්න විදිහක් නෑ. ඉතින් පොත් ප්‍රදර්ශනයට ගොඩ වෙලා පොත්පත් තෝරද්දී අපි මේ කියපු තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතනවා.

මේ පොත් සමයේ හැමෝටම වැඩි වැඩියෙන් පොත් කියවන්න ලැබේවා!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide