ගෙවුණු 2010 – 2019 දශකයේ බිහි වුණු හොඳම හින්දි චිත්‍රපට 10ක්.

ගෙවුණු දශකය හින්දි සිනමාව සෑහෙන වෙනස්කම්වලට බඳුන් වුණ කාලයක් බව සිනමාලෝලියෝ දන්නව නේ. 2010 ඉඳන් ගිය අවුරුද්ද දක්වා නිර්මාණය වුණු හොඳ චිත්‍රපට රැසකට පුළුවන් වුණා හින්දි සිනමාවට අලුත් හැඩයක් අරන් එන්න. මේ තියෙන්නේ ඒ වගේ සිනමාපට 10ක් ගැන පොඩි හැඳින්වීමක්. මේවට අමතරව මේ කාලය තුළ නිර්මාණය වුණු තවත් හොඳ හින්දි චිත්‍රපට තියෙනවා. ඒවත් මතක් වුණොත් කමෙන්ට් එකක් දාන්නකො..

ගැන්ග්ස් ඔෆ් වාසිපූර් (2012)

දේව් ඩී, බ්ලැක් ෆ්‍රයිඩේ, මන්මර්සියාන්, සේක්‍රඩ් ගේම්ස් එහෙම අධ්‍යක්ෂණය කළ අනුරාග් කාශ්‍යප් අධ්‍යක්ෂණය කරපු, කොටස් දෙකකින් යුතු චිත්‍රපටයක් ගැන්ග්ස් ඔෆ් වාසිපූර්. මනෝජ් බජ්පායේ, රීමා සෙන්, පියුෂ් මිශ්රා, නවාසුද්දීන් සිද්දිකී, රිචා චඩ්ඩා, පංකජ් ත්‍රිපති වගේ පිරිසක් රංගනයේ යෙදෙනවා. අනුරාග් කාශ්‍යප්, සුනිල් බොහ්රා සහ වයාකොම් 18 මෝෂන් පික්චර්ස් එක්ව නිෂ්පාදනය කරපු ගැන්ග්ස් ඔෆ් වාසිපූර් අවුරුදු 50ක විතර කතාවක් පැය 5කට ලඝු කරනවා. කිසිදු සිනමාශාලාවක් පැය 5ක චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්නට සූදානම් නැති නිසා චිත්‍රපටය කොටස් දෙකක් වශයෙන් එළිදක්වන්නට සිදු වී තිබෙනවා. ආසියා පැසිෆික් සම්මාන උළෙලේ හොඳ ම චිත්‍රපටය, හොඳ ම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන රැසක් මේකට හිමි වුණා.

මසාන් (2015)

ඉන්දියාව සහ ප්‍රංශය එකතු වී නිෂ්පාදනය කරපු මසාන්, නීරජ් ඝේවන්ගේ පළමු අධ්‍යක්ෂණය. නීරජ් ඝේවන් ගැන්ග්ස් ඔෆ් වාසිපූර් චිත්‍රපටයේ අනුරාග් කාශ්‍යප්ගේ සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරලා තියනවා. වෙන වෙන ම දිවෙන කතා දෙකක් ක්‍රමයෙන් එකතු වෙන ආකාරය පෙන්වන මසාන් ටිකක් වෙනස් විදිහේ චිත්‍රපටයක්. රිචා චඩ්ඩා, විකී කෞෂාල් සහ ශ්වේතා ත්‍රිපති ප්‍රධාන චරිත නිරූපණය කරනවා. 

හේඩර් (2014)

විශාල් භාර්ද්වාජ් අධ්‍යක්ෂණය කළ හේඩර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ශාහිඩ් කපූර්. ඊට අමතරව තාබු, කේ කේ මෙනන්, ශ්‍රද්ධා කපූර් සහ ඉර්ෆාන් ඛාන් එහෙමත් මීට රංගනයෙන් දායක වෙනවා. විලියම් ශේක්ස්පියර්ගේ හැම්ලට් කතාව පාදක කරගෙන නිර්මාණය වුණු මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ විශාල් භාර්ද්වාජ් සහ සිද්ධාර්ත් රෝයි කපූර්. අයිති වෙන්නේ ක්‍රයිම් ඩ්‍රාමා ගණයට. රෝම සිනමා උළෙලේ පීපල්ස් චොයිස් සම්මානය දිනාගත්ත පළමුවෙනි ඉන්දීය චිත්‍රපටය වුණේ හේඩර්.

රොක්ස්ටාර් (2011)

මියුසිකල් රොමැන්ටික් ඩ්‍රාමා ගණයට අයත් මේ ෆිල්ම් එක, ජබ් වී මෙට්, ටමාෂා, ලව් ආජ් කල් එහෙම අධ්‍යක්ෂණය කරපු ඉම්තියාස් අලිගේ අධ්‍යක්ෂණයක්. රන්බීර් කපූර් සහ නර්ගීස් ෆක්රි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මිනිත්තු 159ක් පුරා දිවෙන මේ චිත්‍රපටයේ කැපී පෙනෙන විශේෂත්වයක් ඒ. ආර්. රහ්මන්ගේ සංගීතය. ජනාර්ධන් ජකාර් හෙවත් ජෝර්දන් නම් ගායකයෙකුගේ ප්‍රේම කතාව රොක්ස්ටාර් ඔස්සේ දැකගන්න පුළුවනි. ඉන්දීය රුපියල් මිලියන 600කින් නිර්මාණය වුණු මේක ඉන්දීය රුපියල් බිලියන එකකට වැඩි මුදලක් උපයන්න සමත් වුණා.

ඔක්ටෝබර් (2018)

මෑතකදි නිර්මාණය වුණු ලස්සන ම සිනමාපටයක් විදිහට බොහෝ දෙනාගේ අවධානය දිනාගත් ඔක්ටෝබර් ශූජිත් සිර්කාර්ගේ අධ්‍යක්ෂණයක්. ඔහු යහාන්, විකී ඩෝනර්, මැඩ්රාස් කැෆේ වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා ද වෙනවා. වරුන් ධවාන්, බනිටා සන්ධු මෙහි ප්‍රධාන චරිතවල රඟපානවා. බනිටා සන්ධු රඟපාන ප්‍රථම සිනමාපටයත් මෙයයි. සම්මාන රැසකට නිර්දේශ වෙන්න සමත් වුණු මේ ෆිල්ම් එක ලේසියෙන් දකින්න නොලැබෙන විදිහේ ආදර කතාවක් කියල කියන්න පුළුවන්.

ද ලන්ච්බොක්ස් (2013)

ඉර්ෆාන් ඛාන් රඟපාන ලන්ච්බොක්ස් නං නොබලපු කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒ තරමට සිනමා ප්‍රේක්ෂකයන් ආදරේ කරන චිත්‍රපටයක් මේ. අධ්‍යක්ෂණය කළේ රිතේෂ් බට්රා. ඉර්ෆාන් ඛාන්ට අමතරව නිම්රත් කෞර්, නවාසුද්දීන් සිද්දිකී එහෙම මේකේ රඟපානවා. කෑන්ස් සිනමා උළෙලේ පවා සම්මානයක් දිනාගන්න සමත් වුණ ද ලන්ච්බොක්ස්, රිතේෂ් බට්රාගේ පළමු අධ්‍යක්ෂණය වීමත් විශේෂත්වයක්. 2014 වසරේ උතුරු ඇමරිකාව, යුරෝපය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල වැඩි ම ආදායම ඉපයූ විදේශීය චිත්‍රපටය ලෙස මෙය වාර්තාවක් ද තැබුවා.

ලුටේරා (2013)

නෙට්ෆ්ලික්ස් එකේ ප්‍රථම ඉන්දීය සීරීස් එක, සේක්‍රඩ් ගේම්ස්හි සම අධ්‍යක්ෂවරයෙක් සහ, උදාන්, ට්‍රැප්ඩ් වගේ චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා වෙන වික්‍රමාදිත්‍ය මොට්වානිගේ දෙවෙනි චිත්‍රපටය තමයි ලුටේරා. රන්වීර් සිං එක්ක සෝනාක්ෂි සිංහා ප්‍රධාන චරිතවල පෙනී ඉන්නවා. ඕ. හෙන්රි කියන ලේඛකයාගේ ද ලාස්ට් ලීෆ් කතාව පාදක කරගෙනයි මේක නිර්මාණය වුණේ. සංගීතය නිර්මාණය කළේ අමිත් ත්‍රිවේදි.

බර්ෆි (2012)

ප්‍රියංකා චොප්රා එක්ක රන්බීර් කපූර් සහ ඉලේනා ඩි කෲස් රඟපාන බර්ෆි ෆිල්ම් එකේ කතාව, තිරරචනය සහ අධ්‍යක්ෂණය අනුරාග් බාසුගෙන්. සංගීතය ප්‍රීතම්ගේ. කොමඩි ඩ්‍රාමා ගණයට අයත් මේක 1970 දශකයේ කතාවක්. ඉන්දීය සම්මාන උළෙල රැසක සම්මානවලින් පිදුම් ලැබූ බර්ෆි, 85 වෙනි ඇකඩමි සම්මාන උළෙලේ ඉන්දීය නියෝජනය ද වුණා. 

හයිවේ (2014)

ආලියා භාත්, රන්දීප් හූදා රඟපාන හයිවේ, කලින් කියපු රොක්ස්ටාර් අධ්‍යක්ෂවරයා, ඉම්තියාස් අලිගේ ම අධ්‍යක්ෂණයක්. පැහැර ගැනීමකට ලක් වුණු ගැහැනු ළමයෙක් තමන්වම අවබෝධ කරගන්න විදිහ හයිවේ ඔස්සේ බලන්න පුළුවනි. සජීඩ් නදියද්වාලා සහ ඉම්තියාස් අලි එක්ව නිෂ්පාදනය කරපු හයිවේ චිත්‍රපටය ඒ. ආර්. රහ්මන්ගේ සංගීතයෙන් ආලෝකවත් වෙනවා.

පිකු (2015)

මේ ලිස්ට් එකේ උඩ තිබුණු ඔක්ටෝබර් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළ ශූජිත් සිර්කාර්මයි පිකුත් අධ්‍යක්ෂණය කළේ. මේකේ අමිතාබ් භච්චන්, දීපිකා පදුකෝන් සහ ඉර්ෆාන් ඛාන් රඟපානවා. කොමඩි ඩ්‍රාමා ගණයට අයත් මේක රචනා කළේ ජුහී චතුර්වේදි. නොකඩවා රණ්ඩු වෙන තාත්තෙකුයි දුවෙකුයි අතරෙ තියන බැඳීම දැකගන්න පුළුවන් පිකු බැලුවොත්. ඉන්දීය රුපියල් කෝටි 25කින් හැදුණු මේක ලොව වටා ප්‍රදර්ශනය අවසානයේ ඉන්දීය රුපියල් කෝටි 141ක මුදලක් උපයන්න සමත් වුණා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

Yamu Guide.

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide