ආයෙත් ලොක්ඩවුන් එකක් එයි ද? එහෙම වුණොත් කරන්න ඕන මොනවද?.

පහු වුණ මාර්තු මාසේ කොරෝනා නිසා ලංකාව ලොක්ඩවුන් කළාට පස්සෙ නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න මාස හතරක් පහක් විතර ගියා. ඒත් මේ සාමාන්‍ය තත්ත්වය කියන්නෙ කලින් තිබුණු තත්ත්වය නෙමෙයි කියල අපි හැමෝම දන්නවා. ඒත් කල් ගත වෙද්දි රෝගීන් වාර්තා වීම අඩු වීමත් එක්ක අපි හිතුවේ අවදානම ටික ටික පහ වෙලා කියලා. ඒත් අවාසනාවකට දැන් ලංකාව කොරෝනා දෙවෙනි රැල්ලට ගහගෙන යන්න පටන් අරං. නැවතත් ලොක්ඩවුන් එකක් අත ළඟ වගේ දැනෙනවා.

දෙවෙනි රැල්ල ගැන මුලින් ම වාර්තා වුණේ මිනුවන්ගොඩ, දිවුලපිටිය පැත්තෙන් වුණත් දැන් දැන් ලංකාව හැම තැනින් ම රෝගීන් එක්කෙනා දෙන්නා හමු වෙනවා. ඒ විදිහට පහු වුණ පැය 30 ඇතුළත හමු වුණ රෝගීන් සංඛ්‍යාව විතරක් 200කට අධිකයි.

නැවතත් රට ලොක්ඩවුන් කරයි ද? එහෙම වුණොත් අපි කරන්න ඕන මොනවද? මේ තත්ත්වය යටතේ අපි හැමෝගෙම හිතේ තියෙන්නේ මේ ප්‍රශ්නේ. 

කලබල වෙන්න එපා

මුලින් ම නවත්තගන්න ඕන දේ තමයි කලබල වෙන එක. ඔබ කළ යුතු එක ම දේ නිල සෞඛ්‍ය අංශවලින් ලබා දෙන ආරක්ෂක උපදෙස් අකුරට ම පිළිපැදීම විතරයි. COVID-19 රෝගය සහ ඒ සඳහා අනුගමනය කළ යුතු නිසි සෞඛ්‍ය පියවර ගැන නිවැරදි, නිල තොරතුරු සපයන මූලාශ්‍ර විතරක් ඇසුරු කරන්න. ඉන්ටනෙට් එකේ හම්බෙන හැම දේ ම විශ්වාස කරන්න හෝ ෂෙයාර් කරන්න යන්න එපා. ඔබේ කලබලය නිසා වැරදි තොරතුරු පැතිරෙන්න සහ ඉන් නැති ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියන බව මතක තියාගන්න.

අනික් දේ තමයි කලින් සැරේ නම් ලොක්ඩවුන් එකක් කියන්නෙ මොන වගේ අත්දැකීමක් ද කියලා අපිට අවබෝධයක් තිබුණෙ නෑ. ඒත් දැන් අපි දන්නවා කරන්න ඕන මොනවද, නොකරන්න ඕන මොනවද කියලා. කලින් සැරේ වගේ කෑම හදන්න, පැළ හිටවන්න, පොත් කියවන්න, ෆිල්ම් බලන්න, පවුලේ අය එක්ක කාලය ගෙවන්න, විවේක ගන්න මේකත් අවස්ථාවක් කරගමු. එහෙම ධනාත්මකව, ඉවසීමෙන් හිටියොත්, දුෂ්කර කාලය ගෙවිල යනකන් කලබල නොවී අපේ මානසික සෞඛ්‍යය හොඳින් පවත්වාගන්න අපිට පුළුවන්. මොකද ලොක්ඩවුන් එකක් එනව නම් එන්නේ අපේ ම ආරක්ෂාවටයි.

අපහාස නවත්තන්න

කොරෝනා වෛරසය ආසාදනය වුණු අයව විහිළුවට හෝ අපහාසයට ලක් කරන්න එපා! ඒ අය දැනුවත්ව රෝගය බෝ කරගත්තාවත්, කැමැත්තෙන් ඊට ගොදුරු වුණාවත් නෙමෙයි. ඒ නිසා ඔවුන්ව අපරාධකාරයන් විදිහට හඟවන දේවල් සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින්න. හෙට ඒ තත්ත්වයට පත් වෙන්නෙ අපි හෝ අපේ ළඟ ම කෙනෙක් වෙන්න පුළුවන්. රෝගීන්ට සහ වින්දිතයන්ට අපහාස කරනවා කියන්නෙ සමාජය බොහොම පහත් තැනකට ඇද වැටිලා කියන එක.

පැනික් බයිං

රටේ ම තියන සුපර්මාකට්වලට ගිහින් පොර කාලා එතන තියන රාක්ක ටික ඔක්කොම හූරගෙන එන්න එපා. බඩු හිඟයක් එනව කියල කටකතා පැතිරුණ පලියට සුපර්මාර්කට් හිස් කරන්න කලින්, තමන්ට අත්‍යවශ්‍ය මොනවද, අත්‍යවශ්‍ය නැත්තෙ මොනවද කියල විනාඩියක් නැවතිලා හිතන්න.

ඒ වගේ ම බඩුවක් ගන්න කලින් නිෂ්පාදිත දිනය, බර, මිල, කල් ඉකුත් වන දිනය, නිෂ්පාදකයාගේ තොරතුරු හා එහි අඩංගු ද්‍රව්‍ය පිළිබඳ විස්තර අදාළ ලේබලයේ සටහන්ව තියනවද කියල සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් දඩිබිඩියේ බඩු ගන්න කලින් අවම වශයෙන් කල් ඉකුත් වන දිනයවත් චෙක් කරන්න. ඔබ කලබලේට පිස්සුවෙන් අරං ගොඩ ගහ ගන්නෙ තව මිනිස්සු ගොඩකට පරිභෝජනය කරන්න තියන බඩුමුට්ටු බව, ඉවක් බවක් නැතුව බඩු ගන්න කලින් මතක තියාගන්න.

රෝගය ආසාදනය වෙලා ද?

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට රෝගය ආසාදනය වෙලා බවට සැකයක් තියනවා නම් හැංගෙන්න හෝ තොරතුරු වසන් කරන්න එපා. එහෙම කිරීමෙන් ඔබ මුළු රට ම අවදානමේ හෙළනවා. මුලින් ම රෝගියා අනෙක් අයගෙන් වෙන් කරන්න. ඔහු පාවිච්චි කළ දේවල් අතපත ගෑමෙන් වළකින්න. උණ, වියළි කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අපහසුතා, වෙහෙස බව වැනි රෝග ලක්ෂණ තියනවද කියලා හඳුනගන්න. 1990 අංකයෙන් සුවසැරිය ගිලන් රථ සේවයට කතා කරල දැනුම් දෙන්න. ඔවුන් රෝගියාව රෝහල්ගත කරයි.

ඔබේ නිවසට අහළ පහළ තියන නිවසක ඉන්න අයෙකුට රෝගය ආසාදනය වෙලා කියලා ඔබට සැකයක් තියනවා නම්, කලබල වෙලා ඒ ගෙදරට දුවන්න එපා. ඒ වගේ ම ඔවුන් එක්ක රණ්ඩුවට යන්නත් එපා. ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා, කලාප වසංගත රෝග විශේෂඥයෙකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු (පීඑච්අයි) අමතලා මේ ගැන දැනුම් දෙන්න. නැත්නම් 117 සහ 1999 – කොරෝනා ආශ්‍රිත ගැටලු සඳහා ම වෙන් කළ රජයේ දුරකතන අංකවලට අමතන්න.

රැකියා ප්‍රශ්න

කලින් වතාවෙත් ලොක්ඩවුන් කාලේ පාඩු ලැබුව ආයතන සහ සමාගම් තමන්ගේ සේවකයන් සේවයෙන් ඉවත් කරන්න කටයුතු කළා. දෙවැනි වතාවටත් ලොක්ඩවුන් එකක් ආවොත් තත්ත්වය තවත් භයානකයි. විශේෂයෙන් පෞද්ගලික අංශයේ හැමෝගෙම රැකියා තියෙන්නේ අවදානමක. මේ නිසා රැකියාව සම්බන්ධයෙන් එන ඕනෑ ම තත්ත්වයකට මූණ දෙන්න දැන් ඉඳල ම හිත ශක්තිමත් කරගන්න. ඔබේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, හිත මිතුරන් එක්ක මේ ගැන කතා කරලා අලුත් අවස්ථා හොයාගන්න ඔබට පුළුවන්. හදිසියේ හරි රැකියාව අහිමි වුණොත් ගත යුතු ඊළඟ පියවර ගැන කල් තියා සැලසුම් කරන්න මේ කාලේ යොදාගන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide