යූටියුබ් එකේ එකම දේ බලල එපා වෙලාද? මෙන්න වෙනස් ම විදියේ චැනල් ටිකක්.

සමහරු කියන විදියට මේ වෙද්දි පඳුරකට ගැහුවත් යූටියුබර්ස්ලා දෙතුන් දෙනෙක් විසිවෙන ගාණට ලංකාවේ යූටියුබර්ස්ලා ඉන්නවා. ඇත්තට මෙහෙම වැඩිවැඩියෙන් යූටියුබ් එකට දේවල් එකතුවෙන එක හොඳ දෙයක්; විශේෂයෙන් සිංහලෙන් යූටියුබ් බලන අයට. 

හැබැයි ඉතිං ලංකාවේ තියෙනව නෙ එක්කනෙක් අලුත් දෙයක් කරලා ඒක සාර්ථක වුණොත් අනිත් හැමෝමත් කිසිම දෙයක් අලුතින් හිතන්නෙ නැතුව අරක ම කොපිකරන්න සිරිතක්. මේ දවස්වල යූටියුබ් එකට ගියාමත් ඕක ම දකින්න පුළුවන්. කොමඩි චැනල් දෙක තුනක් නැගල ගියා ම හැමෝම ට්‍රයි කරනවා ඒ වගේ ම ඒවා කරන්න. ඉන්ටර්වීව් කරන චැනල් දෙක තුනක් නැගලා ගියා විතරයි දැන් ඒ ඉන්ටර්වීව්වලට සහභාගි වෙන මිනිස්සුන්ටත් එපාවෙන තරමට ඉන්ටර්වීව්. වෙන එකක් තියා එක චැනල් එකක් ජාත්‍යන්තරයට ගියාට පස්සෙ දැන් අර ගමේ විදියට ආච්චි අම්මලා කොස් පොලොස් උයන චැනල් ම තියෙනව බර ගාණක්. ‍

තරගකාරිත්වය නරක දෙයක් නෙවෙයි නෙ. ඉතිං ගොඩදෙනෙක් එකම දේ 28292829කරගෙන කරගෙන ටික දවසක් යද්දි මේවා අතරින් හොඳ ඒවා ටික ඉතුරුවෙලා අනිත් ටික හැලිලා යයි. ඒ නිසා ඒ ගැන ඕනවට වඩා වද වෙන්න ඕන නෑ. ඒත් ඉතිං එහෙමයි කියල දවස ගානෙ ඔය ටික ම බලබල ඉන්නත් අමාරුයි නෙ. විශේෂයෙන් සිංහලෙන් විතරක් යූටියුබ් බලන අයට. 

ඉතිං අපි පොඩ්ඩක් ට්‍රයි කළා මේ හැමදාම දකින එක ම දේ වෙනුවට ‍ටිකක් වෙනස් විදියේ දේවල් ටිකක් හොයාගන්න. මිලියන ගණං වීව්ස් නැති වුණාට බලන්න වටිනවා කියල අපිට හිතුණු සිංහල යූ ටියුබ් චැනල් කීපයක් තමයි මේ.

Patta History

මෑතක ඉඳන් අපේ රටේ ඉතිහාසය ගැන දැනගන්න ගොඩ දෙනකුට ලොකු උනන්දුවක් තියෙන බවක් පේනවා. මීට අවුරුදු 20-30කට කලින් ඉතිහාසය, සාහිත්‍ය දේවල් අලුත් පරම්පරාවට වැඩක් නෑ වගේ අදහසක් තිබුණත් දැන් ඉන්න පරම්පරාව ඔප්පු කරලා තියෙනවා ඒක එහෙම නෙවෙයි කියලා.

හැබැයි ගොඩදෙනකුට පිටු සිය ගණන් මූලාශ්‍ර  කියවලා ඉතිහාසය හදාරන්න වෙලාවක් නෑ. මේක නිසා ම සමහර වෙලාවට  එක එක්කෙනා එක එක අරමුණු වෙනුවෙන් හදපු මනස්ගාත තමයි ගොඩක් අය ඓතිහාසික කරුණු කියල හිතාගෙන ඉන්නෙ.

දැන් මෙහෙමයි; සම්පූර්ණ අපක්ෂපාතී, නිවැරදි ඉතිහාස කියල එකක් නෑ. ඉතිහාසය ලියන හැමෝම දැන හෝ නොදැන ඒකට තමන්ගේ දෘෂ්ටිකෝණයක් එකතුකරනවා. හැබැයි එ‍් වගේ අගතීන් සෑහෙන දුරට මගඇරගෙන සෑහෙන දුරට කරුණු මත පදනම් ව ඉතිහාසය කියල දෙන්න Patta History චැනල් එක උත්සාහ කරන බව පේනවා. ඒ වගේ ම ඒ ඉතිහාස කරුණු බෝරිං වෙන්නෙ නැති විදියට ග්‍රැෆික්, ඇනිමේෂන් එක්ක ඉදිරිපත්කරන්න තමයි මේගොල්ලො උත්සාහ කරන්නෙ. 

Agni

විද්‍යාව, තාක්ෂණය, දර්ශනය වගේ දේවල් ගැන චැනල් ගොඩක් තිබුණත් මේවයින් කීපයක් ඇර අනිත් ඔක්කොම වගේ කරන්නෙ  එහෙන් මෙහෙන් අහුලගත්ත කරුණු ටිකක් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ ටිකක්, වී‍ඩියෝ ටිකක් එක්ක කලවම් කරලා බාල විදියෙ ටයිට්ල් එකක් එක්ක යූටියුබ් දාන එක. මේවා අතර හිතාමතා ම බොරු සමාජගත කරන චැනල් වගේ ම, නොදැනුවත්කම, වීව්ස් වැඩිකරගන්න තියෙන‍ පෙරේතකම නිසා කිසිම පිළිගන්න පුළුවන් මූලාශ්‍රයක් නැතිව, එහෙම නැත්නම් විහිළුවට දාන බොරු නිවුස්වලට ම වෙන්වුණු වෙබ්සයිට්වල ගිය ප්‍රවෘත්ති ඇත්ත කියල හිතල දාන අයත් ඉන්නවා. 

හැබැයි අග්නි චැනල් එකේ විද්‍යාව, ගණිතය සහ ඊට සම්බන්ධ සමහර දාර්ශනික කාරණා පවා ඒ ගැන හොඳ හොයාබැලීමක් එක්ක ඉදිරිපත්කරන බව පේනවා. මේ වගේ සමහර කාරණා ගැන ලෝකේ විද්වතුන් අතර පවා එකඟතාවයක් නැති නිසා කවුරු මොනව කීවත් මේ වගේ දේවල් ගැන ටිකක් විවෘත මනසකින් බලන එක හොඳයි. හැබැයි ඔයා මේ වගේ දේවල් ගැන උනන්දුයි නම්, මේ චැනල් එක අනිවාර්යයයෙන් ‍දේවල් ගැන ඔයාගෙ  උනන්දුව තවත් අවුස්සන තැනක් වේවි.

පත්තරෙන් බිකක්

දැන් හැම ටීවී චැනල් එකක ම වගේ හැමදාම උදේට පත්තර කියනව නිසා ඒකේ කාටවත් ලොකු අමුත්තක් නෑ. හැබැයි මේ චැනල් එකේ පත්තර කියවන්නෙ ටිකක් වෙනස් විදියට.

ලංකාවේ සිංහලෙන් ස්ටෑන්ඩ් අප් කොමඩි කරන කීපදෙනා අතර ඉන්න කෙනෙක් තමයි හසලක තුෂාර. හසලකගේ සිංහල කොමඩි ක්ලබ් චැනල් එකේ ම එක අංගයක් හැටියට ඉදිරිපත් කරන පත්තරෙන් බිකක් එකේ, අපි දිනපතා පත්තරවල කියවන ප්‍රවෘත්ති ටිකක් වෙනස් විදියට කියවන්න ට්‍රයි කරනවා. දවසේ ප්‍රවෘත්ති දිහා කොමඩි ඈන්ගල් එකකින් බලන The Daily Show වගේ වැඩසටහන් ලෝකෙට අලුත් දෙයක් නොවුණට සිංහලෙන් යූටියුබ් බලන අයට මේක අලුත් අත්දැකීමක් වේවි. 

Me & My Jazz

කොයි තරම් මියුසික් ස්ට්‍රීමිං සර්විස් ආවත් ලංකාවේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන ගොඩක් දෙනා තාමත් සිංදුවක් අහන්න ඕන වුණාම යන්නෙ යූටියුබ් එකට. මේ අයගේ ඉල්ලුමට සැපයුම දෙන චැනලුත් ලොකු ප්‍රමාණයක් තියෙනවා. පරණ සිංදු, කවර් වර්ෂන්, සහ පැය ගාණක් එක දිගට අහගෙන ඉන්න පුළුවන් විදියට පෙළගස්සපු සිංදු තියෙන චැනල් ගොඩක් මේ අතර තියෙනවා. හැබැයි ඉතිං මේ චැනල් ගොඩක තියෙන්නෙ වෙනත් ප්‍රසංග, රූපවාහිනී වැඩසටහන්වලින් අරගත්ත ගීත. ගොඩක් කවර් වර්ෂන් පවා හැදෙන්නෙ එක ම ශෛලියකට. 

Me & My Jazz චැනල් එක ඊට වඩා ටිකක් වෙනස්. අපි අහලා තියෙන අපි කැමති සිංදු, ලංකාවේ ගොඩ දෙනකුට එච්චර හුරු නැති ජෑස් ශෛලියට ඉදිරිපත් කරන එක තමයි මේ ‍චැනල් එකේ විශේෂත්වය. සිංදුවලට අමතර ව මියුසික් ඉගෙනගන්න අයට වැදගත් කරුණු වගේ ම සංගීතය ගැන ටිකක් විවාදසම්පන්න අදහසුත් මේ චැනල් එකේ යනවා. මේ කියන සමහර විවාද සම්පන්න කාරණා ගැන ඔයා සමහර විට එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි ඔයා ලෝකයේ තියෙන එක එක සංගීත ප්‍රවණතා ගැන උනන්දුවක් තියෙන, වෙනස් විදියේ කණක් තියෙන කෙනෙක් නම් මේ චැනල් එකට පොඩ්ඩක් ගිහින් බලන එක වටිනවා. 

තව මේ වගේ වැඩි දෙනෙක් නොදන්න, ඒත් වෙනස් විදියේ රසවත් දේවල් තියෙන යූටියුබ් චැනල් ගැන ඔයා දන්නව නම්, කොමෙන්ට් එකක් දාලා අපටත් ඒ ගැන කියන්න. 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide