ගෙවුණු 2020 අවුරුද්දේ සිදු වුණු, අමතක කරන්න බැරි සිදුවීම් 9ක්.

ගෙවිලා ගිය 2020 අවුරුද්ද හොඳ දේවල්වලට වඩා නරක දේවල් සිද්ධ වුණු වසරක් විදිහටයි කවුරු කවුරුත් සලකන්නෙ. ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙ පුරා ම ගත්තත් 2020 අවුරුද්දේ ව්‍යසනකාරී සිදුවීම් තමයි වැඩි. 

කොහොම වුණත් අවුරුද්දේ අන්තිම දවසට ඇවිත් ඉන්න මේ වෙලාවේ අපි හිතුවා පහුගිය වසරේ ලෝකෙ පුරා සිද්ධ වුණු වැදගත් සිදුවීම් කීපයක් නැවත මතක් කරගත්තොත් හොඳයි කියලා. ඔක්කොම නෙවෙයි, මේ තියෙන්නේ ඒ අතරින් අපිට වැදගත් කියල හිතුණු සිදුවීම් 9ක්.

1 කොරෝනා

2020 කියද්දි ම ඉස්ඉස්සෙල්ලා ම මතක් වෙන්නෙ කොරෝනා. මාරාන්තික කොරෝනා වෛරසය ලෝකය පුරා ම ව්‍යාප්ත වෙන්න පටන්ගත්තෙ මේ අවුරුද්දේ මුල් භාගයේ ඉඳන්. මේ වෙද්දි කොරෝනා වැළඳීමෙන් ලංකාවේ 42000ක් රෝගී වෙලා, 200කට ආසන්නව මිය ගිහින් තියනවා. ලෝක පරිමාණව ගත්තොත් රෝගීන් මිලියන 83ක් හඳුනාගෙන තියනවා. සමස්ත මරණ සංඛ්‍යාව මිලියන 2කට ආසන්නයි.

ලංකාවට එහි බලපෑම මුලින් ම දැනුණේ මාර්තු මාසේ. එදා ඉඳන් මේ වෙනකන් අපේ රට ලොක්ඩවුන් දෙකක් පහු කළා. ඔෆිස්වල ඉඳන් වැඩ කරපු අය ගෙදර ඉඳන් වැඩ කරන්න පටන්ගත්තා. සමහරුන්ට රැකියා අහිමි වුණා. ආර්ථිකය කඩාගෙන වැටුණා. එළියට පහළියට යන එන එක අන්තරාදායක වුණා. මාස්ක්, සැනිටයිසර්, නිරෝධායනය වගේ අලුත් වචන ගොඩක් එදිනෙදා කතාබහට එකතු වුණා. ඉපදුණ දවසෙ ඉඳන් මේ වෙනකන් අපි අවුරුදු ගණනාවක් පුරුදු වෙලා හිටපු ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් කළේ 2020 අවුරුද්දේ ආපු කොරෝනා වෛරසය කියල කිව්වට වැරදි නෑ.

කොහොම වුණත් අවුරුද්දේ අවසානයට ආසන්න කාලේ මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කරන එන්නතක් නිපදවන්න විද්‍යාඥයින් සමත් වීමත් අමතක කරන්න බැරි කාරණයක්. මොකද සාමාන්‍යයෙන් ලෝකේ එන්නතක් නිපදවන්න වසර ගණනාවක් ගත වෙනවා. ඒත් කොරෝනාවල භයානකකම නිසා ම මාස කිහිපයක් තුළ එන්නතක් නිපදවීමට විද්‍යාඥයන් කටයුතු කරනවා.

2 ඇමරිකානු ජනාධිපතිවරණය

2017 ඉඳන් මේ වෙනකන් ලෝක බලවතා වෙලා හිටපු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති පුටුවෙන් බිමට දාන්න, 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ජෝ බයිඩන් සමත් වුණා. ඒ අනුව ලබන ජනවාරි 20 වෙනිදායින් ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වෙලා, ජෝ බයිඩන් ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතයි.

ඒ එක්ක ම ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව වශයෙන් ඉන්දියානු – ජැමෙයිකානු සම්භවයක් සහිත කමලා හැරිස් තෝරාගනු ලැබුවා. ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි ප්‍රථම කළු ජාතික සහ දකුණු ආසියාතික කාන්තාව ඇය වීම විශේෂ සිදුවීමක්.

3 ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ සිද්ධ වුණු විශාලතම ව්‍යසනයක් ලෙස සැලකෙන ලැව්ගින්නක් පහුගිය අවුරුද්දේ මුල භාගයේ අක්කර මිලියන 47ක භූමි භාගයක් විනාශයට පමුණුවමින් පැතිර ගියා. ඉන් ගොඩනැඟිලි දසදහසක් පමණ විනාශ වී මිනිසුන් දහස් ගණනක් අවතැන් වුණා වගේ ම, විශාල පිරිසක් මරණයට පත් වුණා. සිදු වූ වන විනාශයෙන් සතුන් විශාල සංඛ්‍යාවක් ද මියගියා. ලැව්ගින්නෙන් සිදු වූ සමස්ත හානිය ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 103ක වටිනාකමින් යුතු බව කියැවෙනවා.

4 බේරූට් පිපුරුම

ලෙබනනයේ බේරූට් අගනුවර අගෝස්තු 4 දා සිදු වූ හදිසි පිපිරීම ඔබට මතක ඇති. මේ පිපිරීමෙන් 200කට අධික පිරිසක් මිය ගොස් 6500කට අධික පිරිසක් තුවාල ලැබුවා. පුපුරන ද්‍රව්‍ය සහිත ගබඩා සංකීර්ණයක අපරික්ෂාකාරී ලෙස ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් මෙට්‍රික් ටොන් 2750ක් පිපිරීමට හේතු වුණු බව පසුව අනාවරණය වුණා. ලක්ෂ තුනක් පමණ ජනතාව අවතැන් වීමට හේතු වුණු මෙයින් සිදු වුණු දේපළ හානිය පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 15ක් පමණ වන බව ගණනය කර තිබෙනවා.

5 බ්ලැක් ලයිව්ස් මැටර්

ඇමරිකාවේ මිනෙපොලිස්හි පොලිස් නිලධාරියෙකු, ජෝජ් ෆ්ලොයිඩ් නම් ඇමරිකානු කළු ජාතිකයා ඝාතනය කිරීමත් සමග ලෝකය පුරා පැතිර ගිය ‘බ්ලැක් ලයිව්ස් මැටර්’ විරෝධතා මාලාවත් 2020 අවුරුද්දේ ලෝකය වෙනස් කරපු සිදුවීමක්. කළු ජාතිකයන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඇමරිකානුවන් විසින් ආරම්භ කරන ලද මේ විරෝධතා මාලාවට පසුව මුළු ලෝකය ම එක් වුණා. කළු – සුදු වර්ණභේදවාදය දෙස අලුත් ඇහැකින් බලන්න ලෝකය උනන්දු වීමේ ප්‍රතිඵලයක් විදිහට ‘ෆෙයාර් ඇන්ඩ් ලව්ලි’ වැනි සුප්‍රසිද්ධ වෙළෙඳ නාම පවා සිය නම වෙනස් කර ‘ග්ලෝ ඇන්ඩ් ලව්ලි’ බවට පත් වුණා.

6 හැරී මේගන් රජ පවුලෙන් එළියට

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය බිරිඳ මේගන් මාකල් සමග රජ පවුලෙන් ස්වාධීන වීමට කටයුතු කළේ මේ වසරේ මුලදී. ඒ අනුව එතැන් සිට තමන් කිසියම් වෘත්තියක යෙදී මුදල් උපයන බවත්, රජ පවුලෙන් නඩත්තු නොවන බවත් ඔවුන් ලෝකයට නිවේදනය කළා. මේ ප්‍රවෘත්තියෙන් රජ පවුල විතරක් නෙවෙයි, මුළු ලෝකය ම කැළඹුණා.

7 ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මරණ

2020 කියන්නෙ ලංකාවේ වගේ ම ලෝකයෙත් ප්‍රසිද්ධ, ජනප්‍රිය පුද්ගලයන් බොහොමයක් මරුමුවට පත් වුණු වසරක්. ලෝක ප්‍රකට ඇමරිකානු බාස්කට්බෝල් ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් ජනවාරි මාසයේ දී හෙලිකොප්ටර් අනතුරකින් මිය ගියා. ඉන්දීය සිනමාවෙන් ලෝක සිනමාවට පය තැබූ විශිෂ්ට රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන් අප්‍රේල් මාසයේ දී පිළිකාවකින් මිය ගියා. ඉන් දින කීපයකට පසුව ඉන්දීය සිනමාවේ තවත් දැවැන්තයෙකු වී සිටි රිෂි කපූර් මිය ගියා. ජුනි මාසයේ දී ජනප්‍රිය ඉන්දීය නළු සුශාන්ත් සිං රාජ්පුත් සිය දිවි නසාගත්තා.

කවුරුත් ආදරය කරපු බ්ලැක් පැන්තර් නළු චැඩ්වික් බෝස්මන් පිළිකාවකින් මරණයට පත් වුණේ අගෝස්තු මාසයේ දී. සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූ ශ්‍රීමත් ෂෝන් කොනරි පහුගිය ඔක්තෝබර් මාසයේ දී මිය ගියා. ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩක දියේගෝ මැරඩෝනා නොවැම්බර් මාසයේ දී මෙලොව හැර ගියා. දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂ කිම් කි ඩුක්, කොරෝනා වෛරසයෙන් මරුමුවට පත් වුණේ දැනට සති දෙකකට පමණ ඉහත දී.

මේ කිව්වේ 2020 සිදු වුණු ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මරණවලින් කීපයක් ගැන. ලංකාව පැත්තට හැරුණොත් තත්ත්වය තවත් දුක්මුසුයි. ප්‍රවීණ රංගන ශිල්පීන් වුණු ජයලත් මනෝරත්න, දයා තෙන්නකෝන්, ටෙනිසන් කුරේ, අනුලා බුලත්සිංහල, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, තිස්ස විජේසුරේන්ද්‍ර, චිත්‍රපට අධ්‍යක්ෂ පරාක්‍රම ජයසිංහ, ප්‍රවීණ සංගීතවේදීන් වුණු ජයන්ත රත්නායක, මොරිස් විජේසිංහ, ඩබ්. ඩී. ආරියසිංහ, ප්‍රවීණ ලේඛිකා, චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ, මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක, මාධ්‍යවේදී සිඩ්නි චන්ද්‍රසේකර, අර්නස්ට් පෝරුතොට පියතුමා ඇතුළු කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මේ අවුරුද්දේ අප හැර ගියා.

8 පකිස්තානු ගුවන් අනතුර

පහුගිය මැයි මාසයේ දී පකිස්තාන් ඉන්ටනැෂනල් එයාලයින්ස් ගුවන් යානයක් කරච්චිහි නිවෙස් කිහිපයක් මතට කඩා වැටී අනතුරට ලක් වුණා. ඉන් එහි සිටි මඟීන් ඇතුළු 97 දෙනෙකු මිය ගියා. දිවි බේරාගත හැකි වුණේ එහි සිටි මඟීන් දෙදෙනෙකුට පමණයි. 

9 දිල්ලි ගැටුම්

50 දෙනෙකුට පමණ ජීවිත අහිමි කළ නවදිල්ලි නුවර විරෝධතා මාලාව පෙබරවාරි මාසයේ ඉන්දියාව උණුසුම් කළා. ඉන්දීය රජය හඳුන්වා දුන් නව පුරවැසි නීතියට එරෙහිව ඇරඹුණු මේ විරෝධතා, පසුව හින්දු සහ මුස්ලිම් ජාතිකයන් අතර ගැටුමක් බවට පත් වීම නිසා දහස් ගණනක් ජනතාවට සිය නිවාස අහිමි වුණා. ගැටුම්වලින් 2000කට අධික පිරිසක් අත්අඩංගුවට පත් වුණා. දශක කීපයක් ඇතුළත දිල්ලියේ ඇති වූ දරුණුතම වාර්ගික ගැටුම ලෙස මෙය සැලකෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide