ලංකාවේ අපේ ආහාර රටා නිසා ඇති වෙන මුඛ සෞඛ්‍ය ගැටලු.

ලංකාවෙ අපිට තියෙනවා අපිට ම ආවේණික සරුසාර ආහාර සංස්කෘතියක්. සහල්, එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග, ශාක කොටස්, මුහුදු ආහාර, සත්ව මාංශ මේ ආදී දේවල් රාශියක් එකතු වෙලා තමයි අපේ ආහාර ඉවුම් පිහුම් ක්‍රම නිර්මාණය වෙලා තියෙන්නෙ. රට වටේට ම තියන මුහුද වගේ ම, ඕන දෙයක් වැවෙන සරු පොළොවත් අපිට ආහාර සපයාගන්න උදව් වෙනවා. අතීතයේදි ලංකාව පෙරදිග ධාන්‍යාගාරය වෙලා තිබුණා කියලත් ඔබ අහල ඇති.

අපේ කෑම සැර, පැණි රස, ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස ඇතුළු ලොකු රස වට්ටෝරුවකින් සමන්විතයි. මේ රස වට්ටෝරුව හැරුණාම, ලෝකේ ආහාර රටා අතරින් ලංකාව කැපිලා පේන්න තවත් හේතුවක් තමයි, අපේ ආහාර වේල සමබල පෝෂ්‍යදායී එකක් බවට තියන පිළිගැනීම. මොකද අපි අපේ ආහාරවලට පාවිච්චි කරන අමුද්‍රව්‍යවල කාබෝහයිඩ්‍රෙට්, විටමින්, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ වගේ හැම පෝෂකයක් ම අඩංගු වෙනවා. ඉතින් සෞඛ්‍ය සම්පන්න සිරුරක් පවත්වාගන්න අපේ ආහාර වේල සෑහෙන උදව්වක්. 

ආහාර සහ සෞඛ්‍යය ගැන කතා කරද්දි මඟ හරින්න බැරි මාතෘකාවක් තමයි මුඛ සෞඛ්‍යය. මොකද අපි ගන්න ආහාර මුලින් ම බලපාන්නෙ අපේ මුඛයට නේ. අපිට තියන විවිධ ආහාර රටා සහ ආහාර පුරුදු, සෘජුව ම අපේ මුඛ සෞඛ්‍යයට බලපානවා. ඔබ දන්නව ද, ලංකාවේ ආහාර ක්‍රමයේ විශේෂත්වයන් තියනවා වගේ ම, ඒ විශේෂත්වයන් නිසා ම මුඛ සෞඛ්‍යයට නොයෙක් බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. 

අපේ ආහාර රටා මුඛ සෞඛ්‍යයට බලපාන්නෙ කොහොමද?

දැන් අපි කතා කරන්න හදන්නෙ ලංකාවේ අපේ ආහාර පුරුදුවලින් මුඛ සෞඛ්‍යයට ඇති වෙන්න පුළුවන් තර්ජන මොනවද කියන එක ගැන.

කෑම ජාති සකස් කරගන්න ප්‍රයෝජනයට ගන්න කුළුබඩුවලට ලංකාවේ කෑමවල ලොකු තැනක් ලැබෙනවා. ඔය අපිව යටත් කරගෙන හිටපු යුරෝපීයයන් එහෙමත් ලංකාවට වහ වැටෙන්න අපේ කුළුබඩු හේතු වුණාලු නේ. ඉතින් අපේ කෑමවල රස ලෝකෙ වෙනත් රටවල කෑමවලින් වෙනස් වෙන්න, අපි කුළුබඩු පාවිච්චි කරන විදිහ විශේෂයෙන් බලපානවා. විශේෂ අවස්ථාවලදි විතරක් නෙවෙයි, එදිනෙදා කෑම කනකොට වුණත් කටට සැරට කන්න තමයි අපි කැමති. සැර නැත්තං ‘අපෝ කෑම දිය රහයි’ කියල අපිට හිතෙනව නේ. ඉතින් හායිහූයි ගාලා කට දැවිල්ලට කන්න තමයි බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ.

සැර කෑම කන එකෙන් ඔබට ලැබෙන වාසි බොහොමයි. විශේෂයෙන් ලූනු කියන්නෙ බැක්ටීරියා නාශකයක්. විටමින් එහෙමත් බහුලයි. ඒ වගේ ම මිරිස් කුඩුවල අඩංගු විටමින් A ඔබේ විදුරුමස් සවිමත් කරනවා. කොහොම වුණත් ඔබ දන්නව ද, සැර කෑම කෑමෙන් මුඛයට ඇති වෙන්න පුළුවන් අයහපත් ප්‍රතිඵලත් තියනවා. අපේ දත් සාමාන්‍යයෙන් අම්ලවලට හුඟක් සංවේදීයි. සැර කෑම නිසා ඇති විය හැකි අම්ල ප්‍රතිවාහ (ඇසිඩ් රිෆ්ලක්ස්) හේතුවෙන් ඔබේ මුඛයේ එනැමලයට හානි සිදු විය හැකියි.

ඒ වගේ ම, ඔබට තියෙන්නෙ අධි සංවේදී දත් දෙපෙළක් නම්, දත් කුහරවලින් හෝ දත් දිරා යෑමෙන් ඔබ දැනටත් පීඩා විඳිනවා නම්, සමහර සැර කෑම කනකොට දත්වලින් වේදනාවක් දැනෙන්න පුළුවන්. කෑමවල සැර සහ අධික අම්ල ස්වභාවය කියන දෙක ම එකතු වෙලා, ඔබට දත් කැක්කුම වැළඳෙන්න ඉඩ තියනවා.

කෑම සැර වෙන්න යොදාගන්න ඇතැම් කුළුබඩු, දත් අවපැහැ වෙන්න බලපාන බව ඔබ දැනගෙන හිටිය ද? ලංකාවෙ අපි නිතර නිතර ආහාරයට ගන්නේ තුනපහ යෙදූ කෑම ජාති නේ. ඉතින් විශේෂයෙන් කහ වගේ කුළුබඩු දිගු කාලයක් දිගින් දිගට ම ආහාරයට ගැනීම නිසා දත් අවපාට වෙන්න පුළුවන්.

මීට අමතරව, අපි කෑම සැර කරගන්න දාන සමහර සෝස් වර්ගවල අධික සීනි ප්‍රමාණයක් අඩංගු වෙනවා. සැරට කන්න ආස නිසා නිතර මේ වගේ සෝස් වර්ග පාවිච්චි කරනවා නම් ඔන්න බලාගෙනයි. මේවයෙ තියන සීනි ප්‍රමාණය වගේ ම විනාකිරි, තක්කාලි, දෙහි වගේ අධික අම්ල සහිත අමුද්‍රව්‍යත් ඔබේ එනැමලයට ඒ තරං හොඳ නෑ.

සීනි ගැන කතා කරපු නිසා ඊළඟට අපි බලමු පැණි රස කෑම දත්වලට බලපාන්නේ කොහොම ද කියලා. මේ ගැන නං හුඟක් අයට අවබෝධයක් තියනවා ඇති. මොකද පැණි රස කෑවොත් දත් නරක් වෙනව කියල පොඩි කාලෙ දි ම අපිට අම්මල තාත්තල උගන්නනව නේ. ඉතින් ඒක වෙන්නෙ මෙහෙමයි.

අපේ මුඛයේ අපිට හිතකර වගේ ම අහිතකර බැක්ටීරියා වර්ග 700ක් විතර පිරිල තියනවා. මේ අහිතකර බැක්ටීරියා පෝෂණය වෙන්නෙ සීනිවලින් සහ පිෂ්ටයෙන්. මේවා එකතු වුණාම නිර්මාණය වෙන අම්ල, බැක්ටීරියා ආසාදන බවට පත් වෙන්න පුළුවන්. මේ වගේ බැක්ටීරියා ආසාදන නිසා ඔබේ දත්වල එනැමලයට හානි වෙනවා. ඒ වගේ ම බැක්ටීරියා ආසාදන කල් පැවතීමෙන් දත් කුහර හැදෙන්නත් පුළුවන්. කාලයක් ගියාම දත් කුහර නිසා දත් දිරා යන්න පටන්ගන්නවා. එතකොට දත්වලින් වේදනාව හට ගන්නවා. ඒ වගේ ම ඔබට අකාලේ දත් අහිමි වෙන්නත් ඉඩ තියනවා.

අපේ සංස්කෘතියේ පැණි රස කැවිලි පෙවිලි ගැන විශේෂ ඇල්මක් තියනව නේ. ඔය අවුරුදු කාලෙට එහෙම කෑම මේස පිරිල ඉතිරෙන්නෙ පැණි රස ජාතිවලින්. ඒ හැරුණාම අපි කොහොමටත් දවසට දෙතුන් පාරක් තේ බොනවා. නැත්තං කෝපි. මෙහෙම වෙලාවට සීනි අඩුවෙන් හෝ සීනි රහිතව තේ කෝපි හදනවා නම් ගැටලුවක් නෑ. හැබැයි අපි වැඩි දෙනෙක් ආස පොඩි පැණි රහක් එනවට නේ. පිටරටවල වගේ තිත්ත කෝපි බොන්න අපිට වැඩිය පුරුදු නෑනෙ. ඉතින් නිතර නිතර තේ කෝපිවලින් සිරුරට එකතු වෙන සීනි ඔබේ දත්වලට හොඳට ම අගුණයි.

අනෙක් කාරණය තමයි, අපි හිතන් ඉන්නෙ දත් නරක් වෙන්න බලපාන්නෙ සීනි විතරයි කියල වුණාට, අධික කාබෝහයිඩ්‍රෙට් පරිභෝජනයත් දත් දිරා යන්න බලපානවා කියන එක. අපි සාමාන්‍යයෙන් ‘බඩ පිරෙන්න’ කෑම කන්න පුරුදු වෙලා ඉන්න නිසා තුන් වේලට ම වගේ ආහාරයට ගන්නේ බත්, පාන්, ඉඳිආප්ප, රොටී, කොත්තු වගේ කාබෝහයිඩ්‍රෙට් අඩංගු කෑම ජාති. ඒ විතරක් නෙවෙයි, දැන් අපි ගෙවන කාර්යබහුල ජීවන රටාව නිසා හැමෝම වගේ වෙළෙඳපොළේ තියන ක්ෂණික ආහාරවලට, පැණි බීමවලට තියන නැඹුරුව ඉහළයි. මේ ක්ෂණික ආහාරවලත් අධිකව තියෙන්නෙ පිෂ්ටය. ඒ කියන්නෙ පිටි ජාති. ඉතින් අර කලින් කියපු බැක්ටීරියා සහ පිෂ්ටය එකතු වුණාම දත්වලට ලබන්නෙ හොඳ කලදසාවක් නෙමෙයි. පැණි බීම ගැන නං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

මේ කරුණු කාරණාවලට අමතරව, මුඛ සෞඛ්‍යයට බලපාන, අපේ ආහාර රටාවේ තවත් විශේෂත්වයක් තමයි උණු උණුවේ කන බොන එක. ‘කෑම ටික සීතල වෙලා’, ‘තේ එක ඇල්වතුර වෙලා’ වගේ කතා අපේ ගෙවල්වල එදිනෙදා සුලබව කියවෙන දේවල් නේ. ඒකට හේතුව තමයි අපි උණුවෙන් කන්න බොන්න කැමති වීම. හැබැයි ඇතැම් අයගෙ දත්වලට මේ උණු උණුවෙන් ආහාරපාන ගැනීම ඒ තරං හොඳ නැති වෙන්න ඉඩ තියනවා. අම්ල අධික ආහාර නිසා බොහෝ විට මේ දන්ත සංවේදීතාව ඇති වෙනවා. ඒ අයට උණුසුම් ආහාරපාන ගන්නකොට දත්වල වේදනාවක් හටගන්නවා දැනෙනවා ඇති. දැනටත් ඔබේ දත් දෙපෙළේ දත් කුහර තියනවා නම්, දිරාගිය දත් තියනවා නම්, එනැමලයට හානි වෙලා නම්, මුඛයේ ආසාදන හටගෙන නම්, මේ තත්ත්වය ඇති වෙන්න ඉඩකඩ බොහෝයි. උණුසුම් දේවල් විතරක් නෙවෙයි, අයිස්ක්‍රීම්, කූල් බීම වගේ සීතල ජාති කන බොන වෙලාවටත් මේ විදිහට ම වේදනාව ඇති වෙන්න පුළුවන්.

මේ ආහාර රටාවත් එක්ක දත් දෙපෙළ නිරෝගිමත් ව තබාගන්නේ කොහොමද?

අපි මේ කතා කරපු දත් කැක්කුම, දත් කුහර, දත් දිරා යෑම, බැක්ටීරියා ආසාදන, එනැමලයට හානි වීම, දත් අවපැහැ ගැන්වීම, අධි සංවේදීතාව වගේ විවිධ දන්ත ගැටලු වගේ ම, මුඛයේ ඇති වෙන තුවාල, දත්මුල් දිය වීම, විදුරුමස් ඉදිමුම සහ මුඛයේ දුර්ගන්ධය වැනි තවත් සංකූලතා රාශියක් අපි කන කෑම හේතු කොටගෙන උද්ගත වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට එන ප්‍රශ්නෙ තමයි, අපේ ආහාර පුරුදු එක්ක මේ ගැටලුවලට පිළිතුරු හොයාගෙන නිරෝගිමත් දත් දෙපෙළක් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක.

දත් සම්බන්ධ හුඟක් ගැටලු අවම කරගන්න තියන හොඳ ම සහ පහසු ම විසඳුම, දිනකට දෙවරක් ඉතා හොඳින් නිවැරදි ව දත් මදින එක. හුඟ දෙනෙක් උදේට දත් මැද්දත් රෑට දත් මදින්න කම්මැලියි. ඒත් දත් දෙපෙළ නිරෝගී ව තියාගන්න නම් නින්දට පෙරත් දත් මදින එක අනිවාර්ය පුරුද්දක් කරගන්න වෙනවා. ඒ වගේ ම දත් මදිනකොට හොඳින් කාලය අරගෙන සම්පූර්ණ දත් දෙපෙළ ම පිරිසිදු වෙන විදිහට මදින්න අමතක කරන්න එපා.

දත් මැදීම ගැන කතා කරද්දි, දත් මදින්න පාවිච්චි කරන්නෙ මොනවද කියල සැලකිලිමත් වෙන එකත් බොහොම වැදගත්. ඔබ දන්තාලේපයක් තෝරගන්නකොට එය මේ අපි කතා කරපු දන්ත ගැටලුවලට පිළිතුරු සපයන එකක් ද කියල හොයල බලන්න ඕනේ. මොකද කලින් කිව්ව වගේ, ලංකාවෙ අපේ ආහාර පුරුදු සහ එයින් උද්ගත වෙන මුඛ ගැටලු හොඳින් හඳුනන, ඊට විසඳුම් දෙන දන්තාලේපයක් තමයි ඔබ තෝරාගත යුත්තේ. අන්න එහෙම කියනකොට තමයි අපිට ක්ලෝගාඩ් මතක් වෙන්නේ.

ක්ලෝගාඩ්වල අඩංගු ප්‍රධාන ම ඖෂධීය අමුද්‍රව්‍යය කරාබුනැටි තෙල්. කරාබුනැටි තෙල් කියන්නෙ දත් දෙපෙළ නිරෝගී ව තියාගන්න පාවිච්චි කළ හැකි හොඳ ම ඔසුව. දත් ආශ්‍රිත රෝගවලින් මිදෙන්න අතීතයේ දි අපේ වැඩිහිටියො කරාබුනැටි තෙල් පාවිච්චි කළා. උදාහරණයක් විදිහට පිරිසිදු පුළුන් කැබැල්ලක් කරාබුනැටි තෙල් තේ හැන්දක පොඟවල දත්වල වේදනාව තියන තැන තැබීමෙන් දත් කැක්කුම නැති කරන්න පුළුවන්. කරාබුනැටි තෙල් තේ හැන්දක් උණුවතුරට මිශ්‍ර කරලා, දවසට දෙපාරක් එයින් කට සේදීමෙන් මුඛයේ හටගත් තුවාල සමනය වෙනවා. ඒ වගේ ම, දින කීපයක් රාත්‍රී නින්දට පෙර පිරිසිදු පුළුන් කැබැල්ලක් කරාබුනැටි තෙල්වල පොඟවල දත් කුහර ඇති තැන තියලා, පසුදා උදේ ඉවත් කිරීමෙන් දත් කුහර වර්ධනය වීම නවතාගන්න පුළුවන්.

මොනවද මේ කරාබුනැටි?

කරාබුනැටි කියන්නෙ වියළා ගත් මල් පොහොට්ටුවක්. කුළුබඩුවක් වගේ ම ඖෂධයක් විදිහටත් ප්‍රයෝජනයට ගන්නවා. කරාබුනැටි ගහකට වසර 150කට වැඩි ආයු කාලයක් තියනවා. කරාබුනැටි වගා කරන රටවල් අතරින් ලංකාවෙ කරාබුනැටිවලට විශේෂ තැනක් හිමි වෙනවා. ඒ ලංකාවෙ කරාබුනැටිවල අඩංගු ඖෂධීය ගුණ සහිත තෙල් ප්‍රතිශතය වැඩි නිසා. පරම්පරා ගණනක ඉඳන් කරාබුනැටිවල ආවේණික සුවඳ සහ ඖෂධීය ගුණය හඳුනන ක්ලෝගාඩ් ටූත්පේස්ට්වල මේ කරාබුනැටි තෙල් අන්තර්ගතයි.

කරාබුනැටි යහගුණයේ රහස තමයි එහි අඩංගු ඉයුජිනොල්. ඉයුජිනොල් කියන්නේ Phenylpropanoids කියන රසායනික සංයෝගය අයත් පවුලේ සාමාජිකයෙක්. ලා කහ පැහැයකින් හා ඊට ම ආවේණික සුවඳකින් යුතු ඉයුජිනොල් වැඩිපුර ම අඩංගු වෙන්නෙ කරාබුනැටිවල. කරාබුනැටිවල අඩංගු ඉයුජිනොල් සාන්ද්‍රණය 80% – 90% අතර වෙනවා. කරාබුනැටි කොළවල 82% – 88% අතර ඉයුජිනොල් සාන්ද්‍රණයක් තියෙනවා. කරාබුනැටිවල ඇති ඊට ම ආවේණික සුවඳ සහ රසය ලැබී තියෙන්නේ මෙන්න මේ ඉයුජිනොල් සංයෝගය නිසා. ඉයුජිනොල්වල රසායනික නාමය වෙන්නේ Eugenia caryophyllata. මේ රසායනික නාමය සකසාගෙන තියෙන්නෙ කරාබුනැටි සඳහා මින් පෙර භාවිත වුණ විද්‍යාත්මක නාමය ඇසුරින්.

මුඛ බැක්ටීරියා කියන්නේ හෘදයාබාධවලට පවා හේතු විය හැකි විෂබීජයක් නේ. කරාබුනැටි තෙල්වල අඩංගු ඉයුජිනොල් සමග සටන් කරන්න මෙන්න මේ අහිතකර බැක්ටීරියාවලට හැකියාවක් නෑ. මොකද ඉයුජිනොල් කියන්නේ ස්වාභාවික විෂබීජ නාශකයක්. ඒ නිසා, මුඛ විෂබීජ සමග සටන් කරලා දත් කුහර ඇති වීම වළක්වන්න ඊට හැකියි. දත්වල වේදනාවක් ඇති වුණාම මුඛ විෂබීජ මර්දනය කරලා, වේදනා නාශකයක් විදිහට ක්‍රියා කරලා, වේදනාව සහිත ස්නායු වසා දාන්න ඉයුජිනොල්වලට පුළුවන්. ඒ කියන්නේ ඉයුජිනොල් නිර්වින්දකයක් විදිහටත් ක්‍රියා කරනවා. ඒ නිසයි දත් කැක්කුමක දි කරාබුනැටිවලින් ක්ෂණික සහනයක් ලැබෙන්නෙ. 

ඔබ දන්නව ද, ඉයුජිනොල් සහ සින්ක් ඔක්සයිඩ් එක් ව ක්‍රියා කර නිපදවන ‘සින්ක් ඔක්සයිඩ් ඉයුජිනොල්’, දත් පිරවීමේ දී සංයෝගයක් ලෙසත් පාවිච්චි වෙනවා. අපේ මුඛය තුළ අහිතකර බැක්ටීරියා සඳහා ප්‍රතිජීවක නිෂ්පාදනය කරන්නත්, හිතකර බැක්ටීරියා පාලනය කරමින් සමබර ජෛවී පරිසරයක් නිර්මාණය කරන්නත් කරාබුනැටි තෙල්වලට පුළුවන්. ඒ වගේ ම, මුඛයේ දුර්ගන්ධයට එරෙහිව ක්‍රියා කරලා මුව නැවුම් ව තියන්නත්, බැක්ටීරියා මර්දනය කරලා දත් මුල් දිය වීම, විදුරුමස් ඉදිමුම වැනි මුඛ සෞඛ්‍ය ගැටලු සමනය කරන්නත් කරාබුනැටි තෙල්වල තියන ඉයුජිනොල් උපකාරී වෙනවා. ක්ලෝගාඩ් ටූත්පේස්ට් සහ මවුත්වොෂ් නිෂ්පාදනයේ දී කරාබුනැටි තෙල් යොදාගන්නේ මෙන්න මේ කියපු ඉයුජිනොල් සංයෝගය නිසා. 

ඉතින්, ලංකාවේ අපේ ආහාර ක්‍රමයේ තියන සුවිශේෂත්වයන් නිසා ම මුඛ සෞඛ්‍යයට ඇති වෙන්න පුළුවන් නොයෙක් බලපෑම් සහ තර්ජන ගැන අපි ඔබට පෙන්නලා දුන්නා. ඒ කියපු මුඛ ගැටලුවලින් මිදිලා නිරෝගී, දීප්තිමත් දත් දෙපෙළක් ලබාගන්න සහ ආරක්ෂා කරගන්න, ඉයුජිනොල් අඩංගු කරාබුනැටි තෙල් යොදාගනිමින් නිෂ්පාදනය කළ ක්ලෝගාඩ් පාවිච්චි කළොත් ඔබට හැකි වෙනවා සිකුරුයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide